හෆ්සා (රලි) තුමිය

2

මුහම්මද් (සල්) තුමාණන් තම ජීවිත කාලය තුල සිදුකල විවාහයන් පිලිබදව ඉස්ලාම් පවසන බහුවිවාහය හා මුහම්මද් (සල්) තුමාණන් කල විවාහයන් යන මාතෘකාව ඔස්සේ සාකච්චා කරමින් එන ලිපි මාලාවේ මේ වන විට පලමු බිරිද කතීජා (රලි) තුමිය, දෙවන බිරිද සව්දා (රලි) තුමිය හා තෙවන බිරිද ආයිෂා (රලි) තුමිය පිලිබදව වෙන වෙනම සාකච්චා කලෙමි. එම ලිපි පෙලෙහි නබිතුමාණන් සිදුකල හතර වන විවාහය වන හෆ්සා (රලි) තුමිය පිලිබදව මෙහිදී සදහන් කිරීමට අදහස් කරමි.

ඉස්ලාමීය රාජ්‍ය යේ දෙවන කලීෆා (පාලකයා) වන උමර් (රලි) තුමාගේ දියණිය වන හෆ්සා (රලි) තුමිය ඉස්ලාමීය ආරම්භ කාලයේදීම ඉස්ලාම් දහම වැලදගත් විවාහක කාන්තාවකි. එතුමිය හුදාෆා (රලි) තුමාණන්ගේ ආදරණීය බිරිද වූවාය. මේ යුවල ඉස්ලාමීය ආරම්භ කාලයේ එනම් ඉස්ලාම් දහමට එරෙහිව සියළු එදිරිවාදිකම් ක්‍රියාත්මක වන අවධියක ඉස්ලාම් දහම වැලදගත් වීර චරිත දෙකක් විය. මා මෙහිදී මේ දෙපල වීර චරිත බව සදහන් කිරීමට හේතූ රාශියක් ඇත. එහි විශේෂයෙන් සදහන් කලයුතු කාරණය නම් ඉස්ලාමීය ඉතිහාසයේ තිරණාත්මක අවස්ථාවන් වන බද්ර් හා උහුද් යන සටන් දෙකේදීම මේ යුවල සහභාගි වී සිටීමයි. මේ දෙදෙනා ඉස්ලාම් දහම වැලදගැනීම හේතුකොටගෙන මක්කාවාසීන්ගේ දැඩි හිංසනයන්ට දිගින් දිගටම ගොදුරු වීම නිසා මුහම්මද් (සල්) තුමාණන්ගේ ආශිර්වාදය මත නබිතුමාණන් වක්තෘත්වය ලැබී වසර 06 කට පසු (එතුමාණන්ගේ වයස අවුරුදු 46 දී) පලමු “හිජ්රත්” ය (එනම් තම උපන්බිම වන මක්කාව හැර පලායාම) සිදුකරන ලදී. (පලමු හිජ්රතය සිදුවුයේ මක්කාවේ සිට ඇබීෂීණියාව (වර්ථමාන ඉතියෝපියාව)ටය) මෙසේ හිජ්රත් කල හුදාෆා (රලි) තුමා මුහම්මද් (සල්) තුමාණන් (මක්කාවේ සිට මදීනාවට) දෙවන හිජ්රතය සිදුකාලාට පසුව මදීනාවට පැමිණ එතුමාණන් සමඟ එකතු වී ඉස්ලාම් දහමේ උන්නතිය සදහා බොහෝ සේවයන් කල අතර උහ්ද් සටනේ දී තුවල ලබා ඒ හේතුවෙන් මියදෙන ලදී.

හුදාෆා (රලි) තුමාගේ මරණය හේතුවෙන් වැන්දඹු කාන්තාවක් බවට පත්වන හෆ්සා (රලි) තුමිය හිජ්රි 03 දී මුහම්මද් (සල්) තුමාණන්ව විවාහ කරගන්නේ මුහම්මද් (සල්) තුමාණන්ගේ වයස අවුරුදු 56 ව තිබියදීය. මෙම විවාහය තුලින් ද අබුබක්කර් (රලි) (අයිෂා (රලි) තුමියගේ පියා) සේම උමර් (රලි) තුමා ද නබිතුමාණන්ගේ ඥාතීත්වය ලබාගැනීමට හේතුවක් විය. ආරම්භයේ පටන් වයොවෘද්ධ වැන්දඹූ කාන්තාවන් විවාහ කරගත් නබිතුමාණන් හට අයිෂා (රලි) තුමිය මෙන්ම හෆ්සා (රලි) තුමියගේ විවාහයන් කිසියම් ආකාරය කෙලිලොල් මෙන්ම සුන්දර වූ එකක් බවට පත්ව තිබූ බවක් යම් යම් හදීසයන් පරිශීලනය කරන විට පැහැදිලි වේ. එවන් එක් සිදුවීමක් සදහන් කරන්නේ නම්,

“ආයිෂා (රලි) තුමිය මෙසේ පවසයි, නබිතුමාණන් තම බිරින්දෑවරුන් අතුරින් සෙයිනබ් බින්තු ජහ්ෂ් (රලි) තුමිය වෙත ගියේ නම්, එහි මී පැණි පානය කොට අධික කාලයක් නතර වේ. මෙයට අකමැති වූ මා (අයිෂා (රලි)) සහා හෆ්සා (රලි) තුමිය එකතු වී අපි තීරණයකට එළඹුනෙමු. එනම් අපි දෙදෙනා අතුරින් කව්රුන් හමුවට නබිතුමාණන් පැමිණියත් ‘ඔබ තුමා ලඟ දුර්ගධක් හමනවා මොනවාද? කෑවේ’ යනුවෙන් විමසිය යුතු යන්නයි. ඒ ආකාරයටම නබිතුමාණන් මාගේ නිවසට පැමිණි විට පෙර කථා කරගත් ආකාරයට නබිතුමාණන්ගෙන් විමසුවෙමි. එයට එතුමාණන් ‘මම සෙයිනබ් (රලි) තුමිය නිවසේ මී පැණි තමා අනුභව කලේ දුර්ගද කිසිවක් කෑවේ නැහැ’ යනුවෙන් පවසා තවදුරටත් ‘මින් මතුවට කවරදාකවත් මම මී පැණි අනුභව නොකරන බවට දිව්රමි’ යනුවෙන් පවසන ලදී…”
(දීර්ඝ හදීසයක්)

මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී

ඉහත ආකාරයට නබිතුමාණන් පවා අසරණ කරන විහිළු තහළු කරමින් කෙලිලොල් ක්‍රියාවල නිරත වූ ඉහත බිරින්දෑවරු දෙපලගේ එම ක්‍රියාව කොතරම් බරපතල තැනකට යොමු වුනාද? යන්න පවසනවා නම් ඉහත නබිතුමාණන්ගේ ප්‍රකාශය අවවාදයට ලක්කරමින් අල්ලාහ් (දෙවියන්) ශුද්ධ වු කුර්ආනයේ 66-1 වාක්‍යය පවා පහල කරන ලදී. මේ කෙලිලොල් බිරින්දෑවරුන් දෙපල අතුරින් හෆ්සා (රලි) තුමියගේ ජීවිත කථාව තුල මීට වඩා කිසිවක් සදහන් කිරීමට නොවූයේ එම බිරිද පිලිබදව මුස්ලීම් සමාජය තුල පමණක් නොව මුස්ලීම් නොවන සමාජය තුල පවා කිසිදු මතභේදයක් නොපැවතුණු බැවිණි. එනමුත් මෙම විවාහය තුල ඉතිහාසගත සත්‍යයක් ලොවට කියාපෑම බොහෝ දෙනෙකුගේ අවධානයට හසුනොවී පවතී. එම කාරණය ඔබගේ අවධානයට යොමු කිරීමට මා අදහස් කරන අතර ඊට පෙර ඉහත ආකාරයට විවිධ වූ අවස්ථාවන් සදහා කාල රාමු ඉදිරිපත් කල මා ඇයගේ මරණය සිදුවූයේ තම වයස අවුරුදු 60 දී වන අතර මියගියේ හිජ්රි 45 දී යන්නත් සටහන් තබමින් ඇයගේ ජීවිත කථාව තුල එලිවෙන ඉතිහාසගත සත්‍යය වෙත යොමු වෙමි.

එහි ආරම්භක අධියර ලෙස ඉහත කරුණු දැක්වීමන් තුල ඉදිරිපත් කල කාලරාමු සහා ඉස්ලාමීය ඉතිහාසයේ සදහන් සුවිශේෂි කාල වකවානු සාරාංශ කොට පවසනවා නම්,

  • මුහම්මද් (සල්) නබීත්වය හෙවත් වක්තෘභාවය හිමිවීම වයස අවුරුදු 40 දී සිදුවිය
  • පලමු හිජ්රතය සිදුවූයේ නබීත්වයෙන් වසර 06 කට පසුවයි
  • එනම් මුහම්මද් (සල්) තුමාණන්ගේ වයස අවුරුදු 46 දීය
  • මුහම්මද් (සල්) තුමාණන් මක්කාවේ සිට මදීනාවට පලාගිය අවස්ථාව (දෙවන) හිජ්රත් නම් වේ
  • එය සිදුවූයේ නබීත්වය හෙවත් වක්තෘභාවය ලැබී වසර 13 කට පසුවය
  • හිජ්රි යන නම ඉස්ලාමීය දින දර්ශනයට පදනම් වන්නේ මේ සිදුවීම පදනම් කරගෙනය
  • ඒ අනුව හිජ්රි වර්ෂ ඇරඹෙන්නේ නබිතුමාණන්ගේ වයස අවුරුදු 53 සිටය
  • නබිතුමාණන් හෆ්සා (රලි) තුමිය විවාහ කරගන්නේ හිජ්රි 03 දීය
  • එනම් නබිතුමාණන්ගේ වයස අවුරුදු 56 (53+3) දීය
  • හෆ්සා (රලි) තුමිය මියගියේ වයස අවුරුදු 60 දීය
  • හෆ්සා (රලි) තුමිය මියදෙන්නේ හිජ්රි 45 දීය

දැන් ඉහත දත්තයන් පදනම් කරගෙන මුහම්මද් (සල්) තුමාණන් විසින් හෆ්සා (රලි) තුමිය විවාහ කරගන්නා විට එතුමියගේ වයස කීයද? යන්න විමසා බලමු.

ඇය මියගියේ හිජ්රි 45 දී නිසාත්, (නබිතුමාණන් හා) විවාහ වුයේ හිජ්රි 03 දී නිසාත්, ඇය මියගියේ වයස අවුරුදු 60 දී නිසාත් ඇය නබිතුමාණන් විවාහ කරගන්නා විට වයස වන්නේ,

  • නබිතුමාණන් හා විවාහ වීමෙන් අනතුරුව එතුමිය ජීවිත් වූ කාලය – 45-3 = අවුරුදු 42 යි
  • ජීවත් වූ කාලය – 60 යි
  • ඒ අනුව විවාහ වූ වර්ෂය – 60-42 = අවුරුදු 18 ය

මුහම්මද් (සල්) තුමාණන් විසින් හෆ්සා (රලි) තුමිය ඇයගේ වයස අවුරුදු 18 දී නම් විවාහ කරගත්තේ ඒ වනවිටත් වැන්දඹු කාන්තාවක් වූ ඇයගේ පලමු විවාහය සිදුවූයේ කවදාද යන කාරණය විමසා බලුවේ නම්,

  • මුහම්මද් (සල්) තුමාණන් එතුමිය විවාහ කරගත්තේ හිජ්රි 3 දී නිසා එදා එතුමියගේ වයස :- අවුරුදු 18 යි.
  • ඉස්ලාමීය පලමු හිජ්රතය සිදුවන්නේ දෙවන හිජ්රතයට :- අවුරුදු 07 කට පෙරය
  • එනම් මුහම්මද් (සල්) තුමා විසින් එතුමිය විවාහ කරගන්න වසර 10 කට පෙරය
  • ඒ අනුව පලමු හිජ්රතය සිදුවන විට ඇයගේ වයස අවුරුදු :- 18-10 = අවුරුදු 08 යි.

ඉස්ලාම් දහම වැලදගන්නා විටත් ඇය විවාහකව සිටී බව සදහන් වන නිසා නියත වශයෙන්ම වයස අවුරුදු 08 ටත් අඩු කාලයක දී තමා ඇයගේ විවාහය සිදුවී ඇත්තේ.

(ඉහත තොරතුරු අනාවරණය කරගැනීම සදහා සහය වූ පාඨක පිරිස මෙහි කෘතවේදීව සිහිකරමි.)

මුහම්මද් (සල්) තුමාණන් විසින් ආයිෂා (රලි) තුමිය අඩු වයසින් විවාහ කරගැනීම පිලිබදව පහත් අන්දමින් වාද විවාද කරන පිරිස් මෙම කාරණය එනම් ඇය (හෆ්සා (රලි) තුමිය) ඉස්ලාම් දහම වැලද ගන්නා විටත් අඩු වයසින් විවාහකව සිටී බව පැහැදිලි වේ. ඒ අනුව අඩු වයසින් විවාහ කරගැනීම යන්න ඉස්ලාමීය ආදර්ශයක් නොව එවකට පැවතී සමාජ සම්ප්‍රදායක් යන්න ද පැහැදිලි වේ.

අබූ අර්ශද්

ඉබුනු සහීර්

ඉබුනු සහීර් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



ප්‍රතිචාර ගනන 2 යි.

  1. upananda 2012-05-06 at 12:12

    MUHAMMAD nabitumata bharyawan 11(ekolos)denek sitiyada?awasana birindage wayasa aurudu 8(ata)da?mea gana pahadili kireemak karanna.

අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *

Contact Person WhatsApp