සලාතය – නීයත් නැමැති චේතනාව

0

මුස්ලිම්වරු කුමන නැමැදුම ඉටුකළත් අදාල නැමදුම ඉටුකරන බවට චේතනාව තිබිය යුතුයි. අදාල නැමැදුම ඉටුකරමි යන චේතනාව නොමැතිව නැමදුමේ සියළු අංගයන් ඉටුකළ ද එය නැමදුම ලෙස අල්ලාහ් විසින් පිළිගනු නොලැබේ. “සියළු අමල්(නැමදුම්)චේතනාව අනුවයි” යනුවෙන් නබි මුහම්මද් (සල්) තුමාණෝ ප‍්‍රකාශ කළහ.(සාක්‍ෂි : බුහාරී 1, මුස්ලිම් 3530)

ඇතැමුන් නීයත් යන්න වැරදියට අවබෝධ කරගෙන එක එක් නැමදුම්වලට වෙන වෙනම අරාබි වදන් පෙළක් (උසල්ලී පර්ලල් මග්රිබ්… ලෙස)  සකසා ගෙන නැමදුම ඉටුකිරීමට පෙර නීයත් කියා එය කටින් උච්චාරණය කළ යුතු යැයි පවසති. මෙයට අල්කුර්ආනයේ හා නබිතුමානන්ගේ හදීස් වල කිසිඳු සාක්‍ෂියක් නොමැත. නීයත් නැමැති පදයේ තේරුම සිතින් සිතීම යන්නයි.

කටින් උචිචාරණය කිරීම යන තේරුම නැත. වුළු කරන විට හෝ සලාතය ඉටුකරන විට හෝ උපවාසය රකින විට නබි (සල්)තුමාණෝ නීයත් කියා වදනක් කටින් උච්චාරණය කළ බවට කිසිඳු සාක්‍ෂියක් නොමැත. හජ් ඉටුකරන විට පමණක් කටින් ප‍්‍රකාශ කර ඇත.

මම දැන් සලාතය ඉටුකරමී යන චේතනාව සිතේ ඇති විට එය නීයත් වේ. කිසිඳු වචනයක් නීයත් කියා කටින් උච්චාරණය නො කළ යුතුයි. එසේ කටින් උච්චාරණය කිරීම බිද්අත් නැමැති මහා පාපය වේ. බිද්අත් යනු මිනිසාව නිරයටම තල්ලූ කරන මහා පාපය කි.

ඉබුනු ජ‍මීල්

 

Ibnu Saheer

Ibnu Saheer - ලිපි සියල්ල පෙන්වන්න



අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *

SLMN (Social) Site

Sri-Quran (ML) Site

Nervali (Tamil) Site

Sri-Quran Site