IS භීතිය හා ප්‍රීතිය – විමසුම 2

5

යහමඟ අඩවිය තුල මීට ඉහත ඉදිරිපත් කල ‘IS භීතිය හා ප්‍රීතිය – විමසුමක් 1‘ නම් ලිපියෙහි තවත් කොටසක් ලෙස මෙම ලිපිය ඉදිරිපත් කෙරේ…

අද අප රටේ තිබෙන ඉස්ලාමීය සංවිධාන අති බහුතරයක්, එසේම අන්තවාදී හා ජාතිවාදී (ඉස්ලාම් විරෝධි) මුස්ලීම් නොවන සංවිධාන සෑම එකක්ම පාහේ මේ IS සංවිධානය පිලිබදව තම ස්ථාවරය විවේචනාත්මකව ප්‍රකාශ කොට අවසන් කර ඇත. ඊට අමතරව තවත් පිරිසක් මෙම IS සංවිධානයේ ක්‍රියාකලාපයන් දැක මාන්නෙන් උදම් අනන ආකාරයක් ද දකින්නට ඇත. මේ සියල්ල හමුවේ ඉතාම සුළු පිරිසක් මේ IS සංවිධානය සම්බන්ධයෙන් තවම නිහඬ පිලිවෙතක් අනුගමනය කිරීමක් ද දක්නට ඇත. මෙලෙස කවුරුන් කවර ආකාරයකට කටයුතු කලත් මේ සියළු පාර්ශවයන් (එනම්, මුස්ලීම්, මුස්ලීම් නොවන හා ආගමික නොවන විද්වතුන්)ට මේ සංවිධානය සම්බන්ධයෙන් තවම පැහැදිලි කරගත නොහැකි ගැටළු රාශියක් ඇති බව නම්, මෙහි අමතක නොකලයුතුය. එවැනි කිහිපයක් ඔබේ විමසුමට තබන්නේ නම්,

  • ඇත්තටම මේ සංවිධානය කුමක්ද?,
  • ඔවුන්ගේ සැබෑ අරමුණ කුමක්ද?,
  • ඔවුන්ගේ සැඟවුණු න්‍යායපත්‍රයක් ති‍බේද?,
  • ඔවුන් සම්බන්ධයෙන් මාධ්‍යයන් තුලින් වාර්ථා වන කරුණු කොතරම් දුරකට සත්‍යද?,

මෙවැනි පැනයන් රාශියක් සදහා පැහැදිලි විග්‍රහයක් තවම ලබාගත නොහැකිවීම තුල ලොවපුරා සිටින බොහෝ විද්වතුන් නිහඬව බලා සිටිය දී අප රටේ සමහරක් මුස්ලීම් සංවිධාන හා ජාතිවාදී කණ්ඩායම් මේ IS පිලිබදව පැහැදිලි නිගමනයන් ට එළඹුණේ කෙසේද? යන්න බුද්ධිමත් සමාජය බුද්ධිමත්ව විමසා බැලිය යුතු කාරණයකි.

ලොවපුරා බොහෝ පිරිසකට කුතුහලයක් වී තිබෙන ඉහත සංවිධානය සම්බන්ධයෙන් අද අප රටේ සමහරක් සංවිධාන තීන්දු තීරණ ප්‍රකාශ කිරීම තුල පැහැදිලිව පෙනෙන ප්‍රධාන කාරණයක් ඇත. ඒ, තම කල්ලියේ හෝ කණ්ඩායමේ පටු න්‍යායපත්‍රය ඉදිරියට ගෙනයාම හා එය සමාජගත කිරීම මිස මුස්ලීම් සමාජයට සත්‍යය අණාවර්නය කිරීම නම් නොවන බව පැහැදිලිය. රටේ දේශපාලන පක්ෂ හා දේශපාලඥයින්‍ සතුටු කිරීමටත්, මේ රටේ මුස්ලීම් විරෝධී ජාතිවාදී කල්ලි හා කණ්ඩායම් සතුටු කිරීමටත්, එසේම තමන් ගැතිකම් දක්වන රටවලට එරෙහිව ‘IS’නම් ඉහත මතභේදාත්මක සංවිධානය කරන ප්‍රකාශවලට එරෙහි වී තමන්ගේ අවනත බව එම රටවලට පෙන්වීමටත්… යනාදී පටු අරමුණු තුල හිඳ ඔවුන් අවසන් තීන්දු තීරණ ප්‍රකාශ කිරීමට සමහරක් පිරිස් ඉක්මන් වූවත් මේ මතභේදාත්මක සංවිධානය පිලිබදව පැහැදිලි අවබෝධයක් ඔවුන්ට නැත යන්න මාගේ දැඩි විශ්වාසයයි. එය ඔවුන්ගේ නිළ ප්‍රකාශයන් හොදින් අධ්‍යනය කරන විට ද මනාව පැහැදිලි වේ.

මතභේදයට තුඩු දී ඇති එම සංවිධානය සම්බන්ධයෙන් එක් පාර්ශවයක් එලෙස එරෙහි වෙද්දී එයට පක්ෂව කථා කරන පාර්ශවයන් ද අප අවට දක්නට ලැබේ. මෙහි විශ්මය ජනක කාරණය වන්නේ මෙහි ඉහතින් සදහන් විරුද්ධ පාර්ශවයට මෙන්ම එකඟ පාර්ශවයට ද බොහෝ විට ‘තම කැමැත්ත අකැමැත්තට’ පදනම් වී ඇත්තේ විවිධ මාධ්‍යයන් තුලින් ප්‍රකාශ කරන පුවත් හා අන්තර්ජාලයේ සමාජ ජාල අඩවීන් වන Youtube (වීඩියෝ), Facebook (පිංතූර හා පණිවුඩ) Blog Site (ලිපි) Tiwitte (පණිවුඩ)… යනාදීය මිස නිළ හෝ තහවුරු කරගත් තොරතුරු නම් නොවේ. මේ තුලින් ම ඉහත දෙපාර්ශවයේම පදනම නිවරුදි නොවන බව ඔබට පැහැදිලිය. දෙවන පාර්ශවය වන එනම්, ඉහත මතභේදාත්මක සංවිධානය අනුමත කරන පාර්ශවය එලෙස අනුමත කිරීමට හේතු වන මනෝවිද්‍යාත්මක සාධකයක් ද ඇති බව අප මෙහි අමතක නොකලයුතුය. එනම්, ඉස්ලාමීය ලෝකය අසාධාර්ණ ලෙස විවිධ පාර්ශවයන්ගේ දරුණු ආක්‍රමණයන්ට ගොදුරු වෙමින් පවතින යුගයක, එසේම එවැනි අවස්ථාවල මැදිහත් විය හැකි මුස්ලීම් ලෝකයේ සමහරක් පාර්ශවයන් පවා නිහඬව බලා සිටින යුගයක මේ මතභේදයට තුඩු දී ඇති IS වැනි සංවිධාන මුස්ලීම්වරුන් සම්බන්ධයෙන් මැදිහත් වීමක් සිදු කරමින් සිටින බවට ප්‍රචාරයන් සිදු කිරීම තුල ලොවපුරා මුස්ලීම්වරුන්ගේ ආකර්ශනය ඔවුන් දිනාගැනීම විශ්මයට කාරණයක් නොවේ. නමුත් එය හැඟීමන්ට වහල් වූ ආකර්ශනයක් මිස බුද්ධිමත් නීරීක්ෂන හා අධ්‍යන තුලින් ලබාගත් පැහැදිලි නිගමනයක් නම් නොවන බව මෙතැන දී පැහැදිලිව සටහන් කලයුතුය.

මේ ලිපිය මෙන්ම මීට පෙර පල කල ‘IS භීතිය හා කැමැත්ත‘ යන ලිපිය කියවීම තුල ඔබට මේ විෂය සම්බන්ධයෙන් ‘යහමඟ’ අඩවියේ ස්ථාවරය කුමක්ද?. යන්න පැහැදිලි වියයුතුය. දෙස් විදෙස් මාධ්‍යයන් මතභේදයට තුඩු දී ඇති මේ IS සංවිධානය සම්බන්ධ‍යෙන් කුමන අන්දමේ ප්‍රකාශ නිකුත් කලත්, එයට පක්ෂව විපක්ෂව කවුරුන් කුමන ස්ථාවර පැහැදිලි කලත්, පැහැදිලි අවබෝධයකින් තොරව අපගේ ස්ථාවරයන් හා නිගමනයන් සමාජයට ප්‍රකාශ කිරීමට අප ඉක්මන් නොවිය යුතු යන්න ‘යහමඟ’ ස්ථාවරයයි. විශේෂයෙන් වර්ථමාන දෙස් විදෙස් ජන මාධ්‍ය ඒ සදහා කොහෙත්ම පදනම් කරගත නොහැකි බව පැහැදිලිව අවබෝධකර ගතයුතුය. එහිද විශේෂයෙන් මුස්ලීම්වරුන් සම්බන්ධ ගැටළුවල දී අප රටේ මාධ්‍යයන් ක්‍රියා කරන ආකාරය ද කිසිසේත් පිලිගත හෝ අනුමත කලහැකි තත්වයේ නැත. ඒ සදහා නිදසුනක් ලෙස පහත වීඩියෝව ඔබේ විමසුමට තැබිය හැක.

ඉහත වීඩියෝව තුල එකම පුවත විවිධ පාර්ශවයන් විවිධ ආකාරයට විකෘති කොට ප්‍රකාශ කරන ආකාරය දැකගත හැක. මෙවැනි පසුබිමක මාධ්‍යය පදනම් කරගෙන තීන්දු තීරණවලට එලඹීම කොතරම් දුරකට බුද්ධිමත් ක්‍රියාවක් වන්නේද?. එපමණක් නොව අප රටේ මාධ්‍යයන් කටයුතු කරන ආකාරය දෙස බැලුවත් එම මාධ්‍යයන් තුල ඉදිරිපත් වන කරුණු පදනම් කරගෙන ද තීන්දු තීරණවලට එළඹිය නොහැකි බව ඔබට පැහැදිලි වියයුතුය. ඊට සමීපතම නිදසුනක් පවසනවා නම්,

ලොව ඉතා කුඩා රටක් වන ශ්‍රී ලංකාව තුල කුඩාම කුඩා නගරයක් වන අලුත්ගම පසුගිය 2014/06/15 දින සිදුකල විනාශය මාධ්‍යයන් විටෙක විකෘති කොටත්, තවත් විටෙක එකින් එකට පරස්පරවත් වාර්ථා කල ආකාරය අප ප්‍රායෝගිකව දුටුවෙමු. එපමණක් නොව සමහරක් මාධ්‍යයන් ඒ සිද්ධිය හමුවේ නිහඬ පිලිවෙතක් අනුගමනය කල ආකාරයත් අප ප්‍රායෝගිකව දුටුවෙමු. එපමණක් නොව එම සිදුවීම ඉහතින් සදහන් Youtube (වීඩියෝ), Facebook (පිංතූර හා පණිවුඩ) Blog Site (ලිපි) Tiwitte (පණිවුඩ)… යනාදීය වාර්ථා කල ආකාරයත් අන්තර්ජාලය තුල අප දුටුවෙමු. එම ප්‍රදේශයේ සැරිසැරූ හා ඒ ඛේදවාචකයට මුහුණදුන් ජනතාව සමඟ කථා කල (අළුත්ගම සිදුවූයේ කුමක්ද? හා අළුත්ගම ජනතාවට සාධාර්ණය ඉටු කරන්න) පිරිසට හැර එහි සැබෑවට සිදුවූයේ කුමක්ද? යන්න තවම සමාජයෙන් වසන් වූ සිද්ධියක් යන්නත් අප දුටුවෙමු.

මේ අනුව අන්තර්ජාලය හෝ පුවත් මාධ්‍යයන් පදනම් කරගෙන ඉහතින් සදහන් මතභේදයට තුඩු ඇති සංවිධාන සම්බන්ධයෙන් තීන්දු තීරණ ප්‍රකාශ කිරීම බුද්ධිමත් ක්‍රියාවක් නොවේ. මේ හේතුව නිසා පැහැදිලි තොරතුරක් අනාවර්ණය කරගන්නා තුරු නිහඬ පිලිවෙතක් අනුගමනය කිරීමයි මෙහි බුද්ධිමත් ම ක්‍රමවේදය වන්නේ. ඒ අනුව මෙම සංවිධානය සම්බන්ධයෙන් ‘යහමඟ’ අඩවියේ අදට ස්ථාවරය වන්නේ,

‘මෙම මතභේදයට තුඩු දී ඇති සංවිධානය සම්බන්ධයෙන් නිගමනයන් ප්‍රකාශ කිරීමට ‘යහමඟ’ ඉක්මන් ‍නොවන අතර පක්ෂව හෝ විපක්ෂව ප්‍රකාශ නිකුත් කල පාර්ශවයන්ගේ පදනම් විරහිත නිගමනයන් අනුමත කරන්නේ ද නැත.’ යන්නයි.

අවසාන වශයෙන් සටහන් කරන්නට ඇත්තේ අද ලොවපුරා මුස්ලීම්වරුන්ට එරෙහිව සූක්ෂම ලෙස සැලසුම් සැකසෙද්දී හා ඒවා ක්‍රියාත්මක වෙද්දී මෙවැනි සංවිධානවල පිඹිදීම මුස්ලීම් ලෝකයේ දැවෙන අවශ්‍යතාවයක්. නමුත් එය ඉස්ලාමීය රාමුවක් තුල ක‍ටයුතු කරන සංවිධානයක් වියයුතු මිස හුදෙක් ඉස්ලාම් විරෝධීන් පලිගන්නා අන්තවාදී සංවිධානයක් නොවිය යුතුය. එසේම මෙම සංවිධානයේ අවසාන ඉලක්කය මේ පොළොව මත ඉස්ලාමීය ‘කිලාෆා’ එකක් නිර්මාණය කිරීම නම්, එය යුද වාදී අරඟලයක තුල පමණක් නොව චින්තනවාදී අරඟලයක් තුල ද ගොඩනඟා ගතයුතු කාරණයකි. විශේෂයෙන් ඉස්ලාමීය ඉගෙන්වීමන් හා නබිතුමාණන්ගේ ආදර්ශයන් නොසලකා හැර ගොඩනඟන ‘කිලාෆා’ එකක් මුස්ලීම් ලෝකය කිසිදු දිනක අපේක්ෂා නොකලයුතු අතර එය ඉස්ලාම් අනුමත ක්‍රමවේදයක් ද නොවේ.

මේ ලිපියෙහි කොටස් වන්නේ…

 

අබූ අර්ශද්

 

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



ප්‍රතිචාර ගනන 5 යි.

  1. Brother 2014-09-28 at 06:36

    මේ ලිපිය තුලින් මට අවබෝධ වන දේ නම්,

    01. කිලාෆතය යනු යම් සංවිධානයක්, පුද්ගල කණ්ඩායමක් හෝ රටක් විසින් බිහි කල හැක්කක් නොවන අතර එයට සමස්ත මුස්ලිම් සමාජයේම දායකත්වය අවශ්‍ය වේ.

    02. අනාගත කිලාෆතය සඳහා වූ ඒ සමාජීය ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය වර්තමානයේ සිටම ආරම්භ කල යුතුය.

    03. කිලාෆතයට ප්‍රථම මුස්ලිම් රටවල් පොදු අනන්‍යතාවයක් ඔස්සේ සංවිධානාත්මක විය යුතුයි. උදා: යුරෝපා සංගමය වැනි. එය විසින් මුස්ලිම් රටවල් වලට අවසන් කිලාෆතයක් කරා ගමන් කල හැකිද? හැකි නම් ඒ මාර්ගය කෙසේ විය යුතුද? යන්න තීරණය කරනු ලබයි.

    04. පොදු විකල්ප ප්‍රබල මාධ්‍ය භාවිතයක් ඇති කල යුතුයි. එය රටවල්වල ජාතික අභිලාෂයන්ට ඔබ්බට ගමන් කල යුතුයි.

    05. ඇතැම්විට මෙහිදී බටහිර රටවල් වල අවසන් ඉලක්කය .ISIS. සංවිධානය නොවී අනාගත කිලාෆතය නම් ඒ අභියෝගය මුස්ලිම් සමාජය හොඳින් අධ්‍යයනය කල යුතු වේ.

    06. බිහිවන කිලාෆතය පටු නිකාය භේදයකින් තොර (ෂියා, සුන්නි ) විය යුතුය.

    07. බිහිවන කිලාෆතය මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදයට ගරුකරන කිලාෆතයට ආවේණික ලක්ෂණ වලින් යුත් ‘නවීන පාලන ක්‍රමයක්’ විය යුතුයි.

    08. ඒ සඳහා ආගමික මූලාශ්‍රවලට අලුත් අර්ථකතනයක් දිය යුතුයි. එනම් පදානුගත අර්ථවලට වලට වැඩි බරක් නොයොදවා ඉජ්මා, කියාස්, ඉජ්තිහාද් වැනි තෙවැදැරුම් අනු මූලාශ්‍රයන් ප්‍රධාන කොට ගත යුතුයි.

    09. මුස්ලිම් සමාජය තුල් පවතින ව්විධත්වය පිලිගෙන එය හැකිතාක් අවම කිරීමට උත්සුක විය යුතුයි.

    10. අවසාන වශයෙන් කිලාෆතය ජාත්‍යන්තරයෙන් හුදෙකලා නොවී ජත්‍යන්තරයේම කොටසක් ලෙස ක්‍රියාත්මක විය යුතුයි.

අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *