කුර්බාන් කිරීමේදී රත්වූ යකඩ තැටියක් මත සිට කුර්බාන් කලයුතු ද?
— 0කුර්බාන් කිරීමේදී රත්වූ යකඩ තැටියක් මත සිට කුර්බාන් කලයුතු යැයි කුර්ආනයේ හා හදීස් වල සඳහන් වන බව බෞද්ධ සහෝදරයෙක් පැවසුවා. මම ඒ ගැන Google කර බැලූ කල්හි ඒ ගැන මුස්ලිම් නොවන වෙබ්සයිට්වල ඒ අයුරින්ම සඳහන්ව තිබුනා. නමුත් මූලාශ්‍ර කිසිවක් සඳහන් නොවීය. ඔවුන් පවසන්නේ මෙය ඉස්ලාම් දහම සත්ත්ව ඝාතනයෙන් වළකින ලෙස වක්‍රව පැවසන බවයි. මේ පිළිබඳ ඔබේ අදහස කුමක්ද?
මෙය සත්‍යද? අසත්‍යද?
මොහොමඩ් උමර්
මාංශ හා නිර්මාංශ ප්‍රතිපත්ති පිලිබදව මෙම අඩවිය තුල විවිධ කෝණවලින් ප්‍රමාණවත් ලිපි ලියවී ඇත. එම ලිපි මෙහි පහතින් ලබාදී ඇති Link එක මඟින් ඔබට කියවීමට පුළුවන. කෙසේ වෙතත් ඔබ පවසන “රත්වූ තහඩු මත හිඳ…” යන නීතියක් ඉස්ලාම් දහමේ කිසිදු තැනක සදහන්ව නැත. එවැනි නීතියක් කිසිකලෙස ප්‍රයෝගික වන්නේද නැත. එවැනි ප්‍රායෝගික නොවන නිතී දිව්‍යමය මගපෙන්වීමක් තුල කිසිකලෙක පැවතිය ද නොහැක. මෙම ප්‍රකාශය මුස්ලීම් නොවන සමාජය තුල ඇති මතවාදයක් පමණි.