අද ලොවපුරා බැලූ බැලූ තැන නොඅඩුව දක්නට ලැබෙන දෙයක් වේ නම්, ඒ ‘කුමන්ත්‍රණ’ යන්නයි. පුද්ගලික, සංවිධානාත්මක, දේශපාලනික, ආගම්වාදී, ජාතිවාදී… යනාදී ලෙස සෑම සියළු ක්ෂේත්රයක් තුල ම මෙම කුමන්ත්‍රණය අඩු වැඩි වශයෙන් දක්නට ඇත. විශේෂයෙන් වර්ථමාන අප රටේ සමාජ තත්වය සැලකූවිට ජාතිවාදී, ආගම්වාදී හා දේශපාලනික යනාදී අංශ තුන තුල මෙම ‘කුමන්ත්රණයේ’ සීඝ්‍ර වර්ධනයක් හා ඒවා එකින් එකට බද්ධව ක්‍රියාත්මක වන ආකාරයක් දකින්නට ඇත. එහිද ශ්‍රී ලාංකීය මුස්ලීම්වරුන්ට එරෙහිව සමහරක් බෞද්ධ සිංහල අන්තවාදීන් ක්‍රියාකරන අකාරය හා ඔවුනගේ ව්‍යාපාරයට වත්මන් රජය ලබාදී ඇති නිදහස මෙන්ම සමහරක් දේශපාලඥයින්ගේ ප්‍රකාශ මෙම සැකය වඩාත් තීවුර කරමින් ඇත. මෙවැනි සමාජ පසුබිමක තැති ගැන්මකට හා අසරණභාවයට පත්ව සිටින මුස්ලීම් ප්‍රජාවගේ අවදානයට මෙන්ම මුස්ලීම් නොවන අනිකුත් සහෝදර ප්‍රජාවගේ අවදානයට ඉස්ලාම් දහමේ දිව්‍යමය පුස්තකය වන ශූද්ධ වූ කුර්ආනය මෙවැනි ‘කුමන්ත්‍රණ’ පිලිබදව කුමක් පවසන්නේද? යන්න මේ ලිපිය තුලින් විමසා බැලීමට අදහස් කරමි. නමුත් ඊට ප්‍රථම මුස්ලීම් හා මුස්ලීම් නොවන ප්‍රජාවට වෙන වෙනම කිවයුතු විශේෂ කාරණයක් ඇත. එනම්,
- අද ශ්‍රි ලාංකීය මුස්ලීම්වරුන්ට එරෙහිව සිංහල ජාතිවාදීන් විසින් දියත් කරන ක්‍රමන්ත්‍රණ දිනෙන් දින දැඩි කරන්න එකම හේතුව මුස්ලීම්වරුන් වඩ වඩාත් ආගමික කරුණුවලට නැඹුරුවීම මිස සැබැවින්ම ඔවුන් අන්තවාදී හෝ ත්‍රස්ථවාදී කටයුතුවලට සම්බන්ධ වීම නම් නොවන බව සමස්ථ සමාජය හොදින් වටහා ගතයුතුව ඇත. එය මෙම අඩවිය තුල ලිපි ගණනාවකින්ම ඔප්පු කොට ද පෙන්වා ඇත.
- එසේම මුස්ලීම්වරුන්ට ද කිවයුතු කාරණයක් ඇත. එනම්, ඉස්ලාමීය ඉතිහාසය හොදින් විමසා බලන විට මුස්ලීම්වරුන්ට එරෙහිව අන්‍ය ආගමික පිරිස් කුමන්ත්‍රණය කල පලමු අවස්ථාව මෙය නොවේ. ඉතිහාසය පුරාවට මෙවැනි තත්වයන් නිතර දක්නට ලැබී ඇත. මෙවැනි අවස්ථාවල මුස්ලීම්වරුන් අතීත ආදර්ශයන් අනුව ඉතා බුද්ධිමත්ව කටයුතු කලයුතු ඇත.
ඒ අනුව මෙවැනි තත්වයන් හමුවේ මුස්ලීම්වරුන් වන අප සැලෙන්නට හෝ මුළුගැන්වීමට අවශ්‍ය නැත. අප එඩිතරව හා බුද්ධිමත්ව මේ තත්වයන්ට මුහුණදිය යුතුව ඇත. එපමණක් නොව මෙවැනි කුමන්ත්රණයන් මුස්ලීම්වරුන්ට එරෙහිව දියත්වීමට සමහරක් මුස්ලීම්වරුන්ගේ ක්‍රියාවන් ද බලපානවා යන්න ඉස්ලාමීය ඉගෙන්වීමයි. එසේනම් ඒ පිලිබදව අප සැලකිලීමත් වී එම කරුණු කාරණා නිවරුදි කරගැනීමට ද මුස්ලීම්වරුන් වන අප උනන්දු විය යුතුයි. එසේනම් මේ සියල්ල ඔබේ බුද්ධිමත් විමසුමට තබමින් ‘කුමන්ත්‍රණ’ යන විෂය පිලිබදව ශුද්ධ වූ කුර්ආනයේ ඉගෙන්වීම කුමක්ද? යන්න දැන් විමසා බලමු.
(නුඹගේ අභිමුඛයෙහි අපි ඔබට) කීකරු වෙමුයිඔවුහු පවසති. එහෙත් ඔවුන් නුඹගෙන් ඉවත්ව ගියවිට ඔවුන්ගෙන් පිරිසක්රාත්රියේදී රහසින් රැස්ව නුඹ පවසන දෙයට විරුද්ධව කුමන්ත්‍රණය කරති.අල්ලාහ් ඔවුන්ගේ රහස් සාකච්ඡා සියල්ලක්ම ලියා තබයි. එබැවින් ඔවුන්ට එසේමසිටින්නට ඉඩ හරිනු. තවද අල්ලාහ් කෙරෙහි විශ්වාසය තබනු. ආරක්ෂකයකු වශයෙන්අල්ලාහ් පමණක් ප්‍රමාණවත් වේ.
පරිච්චේද:004 – අන් නිසා (ස්ත්‍රීන්)
මෙලෙසින්ම සෑම ගමකම (එහි වෙසෙන) ප්රධානසාහසිකයින් එහි කුමන්ත්‍රණය කිරීම පිණිස (ඔවුන් එහි) පත් කළෙමු. ඔවුහුතමන්ටම මිස කුමන්ත්‍රණය නොකළෝය. (නමුත්) ඔවුහු (එය) නොදනිති.
පරිච්චේද:006 – අන් ආම් (ගවමහීෂාදීන්)
ඔවුන් වෙත ආයතය(අල්ලාහ්ගේ වදන සංඥාව)ක්පැමිණි විට අල්ලාහ්ගේ රසූල්වරුන්ට දෙනු ලැබූ දෙය වැනි දෑ අපටද දෙනු ලබනතෙක් අපි විශ්වාස නොකරන්නෙමුයි ඔවුහු කීවෝය. තම ධර්ම දූත මෙහෙවරය කෙසේපැවරිය යුතුද යන්න අල්ලාහ් ඉතා හොඳින් දනී. වැරදි කළ අයට තමන් කළකුමන්ත්රණය නිසා අල්ලාහ් අභියස නින්දාවද දරුණු වද හිංසාවද ඉතා ඉක්මනින්පැමිණෙන්නේය.
පරිච්චේද:006 – අන් ආම් (ගවමහීෂාදීන්)
මා නුඹලාට අවසර දෙන්නට පෙර නුඹලා ඔහු ගැනවිශ්වාස කළෙහිද. නියත වශයෙන්ම නීත්‍යානුකූල අයිතිකරුවන්(ගේ බලයෙන් ඔවුන්)එයින් බැහැර කරන්නට නගරයේ නුඹලා කළ කුමන්ත්රණයකි මේ. (ඒ කුමන්ත්රණයේවිපාක) ඉක්මනින් නුඹලා දැනගන්නාහුයැයි ෆිර්අවුන් කීවේය.
පරිච්චේද:007 – අල් අ:රාෆ් (උච්චස්ථානය)
ඔවුනට එමගින් ඇවිදීමට පාද තිබේද? නැතහොත්ඔවුනට එමගින් ඇල්ලීමට අත් තිබේද? නැතහොත් ඔවුනට එමගින් බැලීමට ඇස් තිබේද? නැතහොත් ඔවුනට එමගින් ශ්‍රවණය කිරීමට කන් තිබේද? නුඹලා (අල්ලාහ්ට සමාන කළ)නුඹලාගේ හවුල්කරුවන් කැඳවනු. පසුව නුඹලා මට විරුද්ධව කුමන්ත්‍රණය කරනු. මටකිසිම අවකාශයක් නොදෙනුයි (නබි මුහම්මද්) පවසනු.
පරිච්චේද:007 – අල් අ:රාෆ් (උච්චස්ථානය)
ප්‍රතික්ෂේප කළ අය නුඹ සිරකර ගැනීමට හෝනුඹ මරා දැමීමට හෝ නුඹ රටින් පිටුවහල් කිරීමට හෝ නුඹට එරෙහිව කුමන්ත්‍රණයකළ අවධිය ගැන (නබි මුහම්මද්) සිහි කරනු. ඔවුහු කුමන්ත්‍රණය කරති. තවදඅල්ලාහ්ද (තමාගේ උපාය මාර්ග සකස් කරමින්) කුමන්ත්‍රණය කරයි. තවද අල්ලාහ්සෙසු සියලූ කුමන්ත්‍රණකාරීන්ට වඩා ඉතා ශ්‍රේෂ්ඨ කුමන්ත්‍රණකරුවා වෙයි.
පරිච්චේද:008 – අල් අන්ෆාල් (යුද්දයේ දී අත්පත් වූ දෑ)
ඔවුනට පෙරවූ අය නියතවශයෙන් කුමන්ත්රණයකළහ. නමුත් තීරණාත්මක සියලු සැලස්ම අල්ලාහ්ටය. සෑම ආත්මයක්ම උපයන දැය ඔහුදනී. යහපත් අවසානයක් ඇත්තේ කා හට දැයි ප්රතික්ෂේපකරන්නෝ මතු දැනගන්නෝය.
පරිච්චේද:013 – රඅද් (ගිගුරුම)
(නබි මුහම්මද්) ඉවසනු! නුඹගේ ඉවසීම අල්ලාහ්ගේ පිහිටෙන් මිස නොවේ. ඔවුන් ගැන ශෝක නොවනු. ඔවුන් කුමන්ත්‍රණ කරන දෑ ගැනද දුක් නොවනු.
පරිච්චේද:016 – අන් නහ්ල් (මී මැස්සිය)
ඔවූහූ ඔහුට කුමන්ත්‍රණයක් (කිරීමට) අදහස් කළහ. නමුත් අපි ඔවුන් පරාජිතයින් බවට පත් කළෙමු.
පරිච්චේද:021 – අල් අන්බියා (නබිවරු)
(මෙසේ) ඔවුන් කුමන්ත්‍රණයක් කළහ. අපිත් කුමන්ත්‍රණයක් කළෙමු. ඔවුන්ට (එය) වටහා ගත නොහැකිය විය.
පරිච්චේද:027 – අන් නම්ලූ (කුහුඹුවා)
එබැවින් ඔවුන්ගේ කුමන්ත්රණයේ අවසානය කෙසේ වූවේද යන්න (නබියේ!) ඔබඅවධානය කර බලනු. නියත වශයෙන්ම අපි ඔවුන්වද, ඔවුන්ගේ ජනතාව සියල්ලන්වදසහමුලින්ම විනාශ කර දැමුවෙමු.
පරිච්චේද:027 – අන් නම්ලූ (කුහුඹුවා)
(නබියේ!) ඔවුන් ගැන ඔබ කණගාටු නොවනු. ඔවුන්ගේ කුමන්ත්‍රණ ගැනද ඔබගේ මනස බිඳී නොයායුතුය.
පරිච්චේද:027 – අන් නම්ලූ (කුහුඹුවා)
තවද (මේ අන්දමටම) අද්, සමූද් (සමූහයින්වද අපි විනාශ කර දැමුවෙමු).ඔවුන් ජීවත්ව සිටි ස්ථානයන්හි (ඇති සළකුණු)වලින් (ඔවුන් අත් කර ගත් අවසානය)ඔබට හොඳින් දැක ගත හැකිය. ඔවුන් (සියල්ලන්ටම) ඔවුන්ගේ (පාප) ක්රියාවන්ෂෙයිතාන් අලංකාරවත් කර පෙන්වා, ඍජු මාර්ගයෙහි නොගොස් ඔවුන්ව වළක්වා ගත්තේය.ඔවුන් හොඳ බුද්ධිමතුන් වශයෙන් සිටියා වුවද, (ෂෙයිතාන්ගේ කුමන්ත්රණයෙහිපැටළී මෙම ඉරණමට ගොදුරු වූහ).
පරිච්චේද:029 – අල් අන්කබූත්
“අල්ලාහ්ද ඔහුගේ දූතයාද අපට (කුමන්ත්‍රණ කර) රැවටීම සඳහාම (ජයග්රහණයඅපටම ලැඛෙන්නේය යයි) පොරොන්දු දුන්හ” යයි ඔවුන්ගේ හෘදයන්හි අසනීපයක්තිබුණේද ඔවුන්ද, වංචනිකයින්ද පැවසීමට ඉදිරිපත් වීම ගැන සිතා බලනු.
පරිච්චේද:033 – අල් අහ්සාබ් (ඒකාබද්ධ හමුදාව)
එයට බෙලහීනයන් වශයෙන් සිටියවුන් උඞඟූ වී සිටියවුන්ට ‘කිමෙක්ද! අපිඅල්ලාහ්ව ප්‍රතික්ෂේප කර දමා ඔහුට සමානයන් තබනමෙන් ඔබ අපව පොළඹවමින්, රෑදවල් තිස්සේ කුමන්ත්‍රණ කළේනැද්ද?’ යි පවසන්නාහ. එබැවින් මොවුන් (සියල්ලන්ම)දඬුවම (දෑසින්)දකින විට, තමන්ගේ දුක සඟවාගෙන (මෙසේ) පවසන්නාහ.නමුත්ප්රතික්ෂේප කරන්නන්ගේ බෙල්ලෙහි අපි විළංගු දමන්නෙමු. මොවුන් කරමින්තිබූ (නපුරු) ක්‍රියාවන්ට සරිලන ඵලවිපාක මිස, වෙන කිසිවක්දෙනු ලබන්නෙහුද?
පරිච්චේද:034 – අල් සබා
යමෙක් යශෝකීර්ති කැමැති වන්නේද, සියලු යශෝකීර්ති අල්ලාහ්ට බව (ඔහුදැනගත යුතුයි) ඔහු (අල්ලාහ්) වෙතය පිවිතුරු වදන් ආරෝහණය වන්නේ. දැහැමික්රියාද ඔහු ඉහළට ඔසවා ගන්නේය. නපුරු කුමන්ත්‍රණ කරන අයට දැඩි දඩුවම් ඇත.ඔවුන්ගේ කුමන්ත්‍රණ ඉබේම අහෝසි වී යයි.
පරිච්චේද:035 – අල් ෆාතිර්
මහපොලොව මත අහංකාර ලෙස හැසිරීමටත් අකුසල සැලසුම් කිරීමටත් (ඔවුහුපටන් ගත්හ.) නමුත් සැලසුම් කළ අකුසල් කුමන්ත්‍රණය එය කළ අය මිස හසුනොකරන්නේය. පෙර සිටි අයට (ජන කොටස්වලට) වූ පිළිවෙත මිස ඔවුහු බලාපොරොත්තුවන්නෝද? නියතවශයෙන් අල්ලාහ්ගේ පිළිවෙතෙහි කිසිම වෙනසක් නුඹ නොදකින්නේහිය.තවද අල්ලාහ්ගේ පිළිවෙතෙහි කිසිම මාරු කිරීමක් නුඹ නොදකින්නෙහිය.
පරිච්චේද:035 – අල් ෆාතිර්
ඔවුහු ඔහුට විරුද්ධව කුමන්ත්‍රණයක් කළහ. නමුත් අපි ඔවුන් අධමයන් කළෙමු.
පරිච්චේද:037 – අස් සාෆ්ෆාත් (අණිබදිනවුන්)
ඔහු ඔවුන් වෙත අපගේ සත්‍යය (වූ ප්රාතිහාර්යයන්) ගෙන ගිය සෑම විටමඑයට ඔවුන් “කවුරුන් (මූසා වන) ඔහු සමග විශ්වාසය තබන්නෝද, ඔවුන්ගේ පිරිමිදරුවන්ව වද දී, ඔවුන්ගේ ගැහැණු දරුවන්ව පණ පිටින් ජීවත් වන්නට ඉඩ හරිනු” යයි පැවසූහ. එබැවින් මෙම ප්‍රතික්ෂේප කරන්නන්ගේ කුමන්ත්‍රණය දුර්මාර්ගයේමිස, (වෙන කිසිවක) ගියේ නැත.
පරිච්චේද:040 – අල් මුඋමින්
(එසේය!) අහස් වලට ළඟා විය හැකි මාර්ගෝපායන්ය! (ඒ මාර්ගය ඔස්සේ ගොස්)මූසාගේ දෙවියන්ව මා බැලිය යුතුය. ඔහු බොරු කියන්නෙහි යයිම නියත වශයෙන්ම මාඅදහස් කරන්නෙමි” යයි කීවේය. මේ අන්දමටම ෆිර්අව්න්ට ඔහුගේ නපුරු කාරණාවන්අලංකාරවත් (ලෙස පෙන්වනු) ලැබ, (ඍජු) මාර්ගයෙන්ද ඔහුව වළක්වා දමනු ලැබීය.ෆිර්අව්න්ගේ කුමන්ත්රණයන් සියල්ල (පුහු) විනාශයන්හි මිස, (වෙන කිසිමආකාරයකට) අවසන් වූයේ නැත.
පරිච්චේද:040 – අල් මුඋමින්
එබැවින් ඔවුන් කළ කුමන්ත්‍රණයන්ගෙන් (රහසින් විශ්වාසය තබා තිබූ) ඔහුවඅල්ලාහ් බේරා ගත්තේය. ෆිර්අව්න්ගේ ජනතාව නපුරු දඬුවමෙන් වට කර ගත්තේය.
පරිච්චේද:040 – අල් මුඋමින්
(නබි! ඔබට කුමන්ත්‍රණ කිරීමට) ඔවුන් කිසියම් තීරණයක් ගනිමින් සිටින්නෙහුද? එසේ නම්, (එයට අයත් පිළියම) අපිද තීරණය කර තබා ඇත්තෙමු.
පරිච්චේද:043 – අස් සුක්රූෆ්
නැතහොත්, කුමන්ත්‍රණයක් සැලසුම් කිරීමට ඔවුහු සිතන්නේහුද? ප්‍රතික්ෂේප කරන්නන්ගේ කුමන්ත්‍රණය ආපසු එල්ල වන්නේ ඔවුන් වෙතමය.
පරිච්චේද:052 – අත් තූර් (තූර් කන්ද)
එදින ඔවුන්ගේ කුමන්ත්‍රණය ඔවුනට කිසිම ප්‍රයෝජනයක් නොවන්නේය. තවද (එදින) ඔවුහු උදව් නොලබන්නෝය.
පරිච්චේද:052 – අත් තූර් (තූර් කන්ද)
(නබියේ!) රහස්ම කතා නොකළ යුතුය යයි වළක්වා තිබියදී, වළක්වා තිබූ ඒදෙසටම නැවතත් ඔවුන් යාම ඔබ අවධානය කළෙහිද? පාපයටද, සීමාව ඉක්මවා යාමටද, (අපගේ) දූතයාට වෙනස්කම් කිරීමටම ඔවුන් රහසින් (කුමන්ත්‍රණ) සාකච්ඡාකරන්නාහ. පසුව ඔවුන් ඔබ වෙත පැමිණියහොත් නම්, අල්ලාහ් ඔබට ශුභ පැතුම් නොකළදැය මගින් (එනම් අස්සලාමු අෙලෙයික – ඔබ කෙරෙහි ශාන්තිය හා සමාදානය අත්වේවා! යයි පැවසීම වෙනුවට අස්සාමු අෙලෙයික – ඔබට මරණය අත් වේවා! යයි) ඔවුන්ඔබට ශුභ පැතීමෙන් අනතුරුව තමන් තුළ “(මොහු සත්‍ය දූතයෙකු වශයෙන් සිටින්නේනම්), අපි එසේ පැවසීම ගැන අල්ලාහ් අපට දඬුවම් නොකරාවිද?” යයිද (සමච්චලයෙන්මෙන්) පවසන්නාහ. නිරයම ඔවුන්ට ප්‍රමාණවත් වන්නේය. එහි ඔවුන්ව (ගින්නෙන්)දවාලනු ලබන්නාහ. එය, යන ස්ථානයන්ගෙන් ඉතාමත් නපුරුය.
පරිච්චේද:058 – මුජාදිලා
එබැවින් (එදිනදී ඔවුන්ට) “බේරීමට ඔබ වෙත යම්කිසි කුමන්ත්‍රණයක් තිඛෙන්නේ නම්, කර බලනු” (යයිද කියනු ලැබේ).
පරිච්චේද:077 – මුර්සලාත් (එවනු ලබන දැය)
නියත වශයෙන්ම ඔවුහු කුමන්ත්‍රණ කරමින් සිටිතී. තවද (අල්ලාහ් වන) මමද දැඩි ලෙස කුමන්ත්‍රණ කරමි.
පරිච්චේද:086 – තාරික් (තාරකාව)
අබූ අර්ශද්