අදාන් හා ඉකාමත්
අනිවාර්ය වූ පස්වේල සලාතයට අදාන් හා ඉකාමත් කීම අනිවාර්ය වේ. “සලාතයේ වේලාව පැමිණි විට ඔබලා අතරින් කෙනෙකු අදාන් කියත්වා.” යනුවෙන් නබි (සල්) තුමාණෝ ප්‍රකාශ කර ඇත.(බුහාරී 631, මුස්ලිම් 1194. අදාන් වල වැදගත්කම ගැන කියවෙන තවත් හදීසයක් බුහාරී 608 හා මුස්ලිම් 633 අංකවල සඳහන් වේ.) අදාන් යනු සලාතය සඳහා ජනතාව කැඳවීමට ඇති වචන පෙළකි. අනිවාර්ය වූ සලාතය තනියෙන් ඉටුකරන පුද්ගලයාද අදාන් හා ඉකාමත් කීම අනිවාර්ය වේ.(මෙයට සාක්ෂි වශයෙන් උක්බා බින් ආමිර් (රලි) තුමා දැනුම් දෙන හදීසයක් මුස්නද් අහ්මද් ග්‍රන්ථයේ සඳහන් වී ඇත.)
අදාන්
اَللهُ أَكْبَرُ اَللهُ أَكُبَرُ
أَللهُ أَكْبَرُ اَللهُ أَكْبَرُ
أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللهُ
أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللهُ
أَشْهَدُ أَنَّ مُحَمَّدًا رَسُوْلُ اللهِ
أَشْهَدُ أَنَّ مُحَمَّدًا رَسُوْلُ اللهِ
حَيَّ عَلَى الصََّلاَةِ حَيَّ عَلَى الصَّلاَةِ
حَيَّ عَلَي الْفَلاَحِ حَيَّ عَلَي الْفَلاَحِ
اَللهُ أَكْبَرُ اللهُ أَكْبَرُ
لاَ إِلَهَ إِلاَّ اللهُ
අල්ලාහු අක්බරුල්ලාහු අක්බර්
අල්ලාහු අක්බරුල්ලාහු අක්බර්
අෂ්හදු අල්ලාඉලාහ ඉල්ලල්ලාහ්
අෂ්හදු අල්ලාඉලාහ ඉල්ලල්ලාහ්
අෂ්හදු අන්න මුහම්මදර් රසූලූල්ලාහ්
අෂ්හදු අන්න මුහම්මදර් රසූලූල්ලාහ්
හයිය අලස් සලාහ්
හයිය අලස් සලාහ්
හයිය අලල් ෆලාහ්
හයිය අලල් ෆලාහ්
අල්ලාහු අක්බරුල්ලාහු අක්බර්
ලාඉලාහ ඉල්ලල්ලාහ්
අර්ථය :-
අල්ලාහ් අති ශ්‍රේෂ්ඨයා ය. අල්ලාහ් අති ශ්‍රේෂ්ඨයා ය.
අල්ලාහ් අති ශ්‍රේෂ්ඨයා ය. අල්ලාහ් අති ශ්‍රේෂ්ඨයා ය.
අල්ලාහ් හැර වෙනත් දෙවි කෙනෙක් නැතැයි මම සාක්ෂි දරමි.
අල්ලාහ් හැර වෙනත් දෙවි කෙනෙක් නැතැයි මම සාක්ෂි දරමි.
මුහම්මද් (සල්) තුමාණන් අල්ලාහ්ගේ වක්තෘ වරයා වේ යැයි මම සාක්ෂි දරමි.
මුහම්මද් (සල්) තුමාණන් අල්ලාහ්ගේ වක්තෘ වරයා වේ යැයි මම සාක්ෂි දරමි.
සලාතය (ඉටුකිරීම) සදහා පැමිණෙන්න.
සලාතයට (ඉටුකිරීම) සදහා පැමිණෙන්න.
ජය ලැබීමට පැමිනෙන්න.
ජය ලැබීමට පැමිනෙන්න.
අල්ලාහ් අති ශ්‍රේෂ්ඨයා ය. අල්ලාහ් අති ශ්‍රේෂ්ඨයා ය.
අල්ලාහ් හැර වෙනත් දෙවි කෙනෙක් නැත.
(සාක්ෂි : අබූදාවූද් 421)
අදාන්හි හයියාලස් සලාහ්, හයියාලල් ෆලාහ් කියන විට අදාන් කියන පුද්ගලයා දකුණට හා වමට ඔලූව හැරවූ බව හදීස් වල සඳහන් වේ.(සාක්ෂි : මුස්ලිම් 866).
ෆජිර් සලාතයට පමණක් අදාන් කියන විට
“හයියාලල් ෆලාහ් ” යැයි කීමෙන් පසු
الصَّلاَةُ خَيْرٌ مِنَ النَّوْمِ الصَّّلاَةُ خَيْرُ مِنَ النَّوْمِ
අස්සලාතු හයිරුම් මිනන් නව්ම් අස්සලාතු හයිරුම් මිනන් නව්ම් (නින්දට වඩා සලාතය උතුම් වේ) යැයි දෙවතාක් කිව යුතුවේ.(නාසඊ 643, අබූදාවූද් 425, අහ්මද් 14834.).
අද ලංකාවේ බොහෝ දේවස්ථානවල අදාන් කියන විට, අදානය පටන් ගැනීමට පෙර සලවාත් කීමත්, සුබ්හානල්ලාහි වල්හම්දුලිල්ලාහි… ආදී වදන් පෙළක් කීමත් ඇසිය හකිය. මෙසේ කීමට හදීස් වල කිසිඳු සාක්ෂියක් නැත. මුහම්මද් (සල්) තුමාණන් හඳුන්වා නො දුන් මෙවැනි දේ කිරීම බිද්අත් වේ. බිද්අත් අපව නිරයට යැවීමට තරම් බරපතල මහා පාපයකි. ඒ නිසා අපි වේවායින් වැළකී සිටිය යුතුය.
අදාන් ශබ්දය ඇසුනු විට
අදාන් ශබ්දයට සවන් දෙන විට, අදාන් කියන්නා (මුඅද්දින්) කියන ආකාරයටම අපිත් කිව යුතුයි. ඔහු (මුඅද්දින්) හයියාලස් සලාහ් හා හයියාලල් ෆලාහ් කියන විට,
لاَحَوْلَ وَلاَ قُوَّةَ إِلاَّ بِاللهِ
“ලාහව්ල වලා කුව්වත ඉල්ලා බිල්ලාහ්” (අල්ලාහ්ගේ උදව්වෙන් තොරව යහපතක් කිරීමට හෝ අයහපතින් වැළකී සිටීමට හෝ නොහැකිය.) යැයි කිව යුතුයි.(සාක්ෂි : බුහාරී 611, මුස්ලිම් 627,629)
මෙසේ මුඅද්දින් කියන ආකාරයටම කීමෙන් පසු නබි (සල්) තුමාණන් වෙනුවෙන් සලවාත් නැමැති ප්‍රාර්ථනාව කළ යුතුයි. සලවාත් කිහිපවක්ම සහීහ් වූ හදීස් වල සඳහන් වේ. ඒවායින් එකක් පමනක් මෙහිදී සඳහන් කරමි.
َللَّهُمَّ صَلَّ عَلَى مُحَمَّدٍ وَعَلَى آلِ مُحَمَّدٍ كَمَا صَلَّيْتَ عَلَى إِبْرَاهِيْمَ وَعَلَى آلِ إِبْرَاهِيْمَ َإِنَّكَ حَمِيْدٌ مَجِيْدٌ اَللَّهُمَّ بَارِكْ عَلَى مُحَمَّدٍ وَعَلَى آلِ مُحََّمدٍ كَمَا بَارَكْتَ عَلَى إِبْرَاهِيْمَ وَعَلَى آلِ إِبْرَاهِيْمَ إِنَّكَ حَمِيْدٌ مَجِيْدٌ.
අල්ලාහුම්ම සල්ලි අලා මුහම්මදින් වඅලා ආලි මුහම්මදින් කමා සල්ලයිත අලා ඉබ්රාහීම වඅලා ආලි ඉබ්රාහීම ඉන්නක හමීදුම් මජීද්.අල්ලාහුම්ම බාරික් අලා මුහම්මදින් වඅලා ආලි මුහම්මදින් කමා බාරක්ත අලා ඉබ්රාහීම වඅලා ආලි ඉබ්රාහීම ඉන්නක හමීදුම් මජීද්.
අර්ථය :-
“දෙවියනී! ඔබ ඉබ්රාහීම් (අලෛ) තුමා කෙරෙහිද එතුමාණන්ගේ පවුලේ අය කෙරෙහිද ආශිර්වාද කළාක් මෙන් මුහම්මද් (සල්) තුමා කෙරෙහිද එතුමාණන්ගේ පවුලේ අය කෙරෙහිද ආශිර්වාද කරනු මැනව! ඔබ ප්රසංශාවට සුදුස්සාය, ඉමහත් කීර්තියට සුදුස්සාය. දෙවියනී! ඔබ ඉබ්රාහීම් (අලෛ) තුමාණන්ටත් එතුමාණන්ගේ පවුලේ අයටත් සෞභාග්‍ය දැක්වූ ආකාරයට මුහම්මද් (සල්) තුමාණන්ට එතුමාණන්ගේ පවුලේ අයටත් සෞභාග්‍ය දක්වනු මැනිව!” (සාක්ෂි : බුහාරී 3370)
සලවාත් කීමෙන් පසු පහත සඳහන් දුආව උසුරිය යුතුයි.
اَللَّهُمَّ رَبَّ هذِهِ الدَّعْوَِةِ التَّامَةِ وَالصَّلاَةِ الْقَائِمَةِ آتِ مُحَمَّدًا الْوَصِيْلَةَ وَالْفَضِيْلَةَ وَابْعَثْهُ مَقَامًا مَحْمُوْدًا الَّذِيْ وَعَدْتَهُ
අල්ලාහුම්ම රබ්බ හාදිහිද් ද:වතිත් තාම්මා. වස්සලාතිල් කායිමා. ආති මුහම්මදනිල් වසීලත වල් ෆලීලත වබ්අස්හු මකාමන් මහ්මූදනිල්ලදී වඅද්තහ්.
අර්ථය :
“දෙවියනී! පරිපූර්ණ වු මෙම කැඳවීමේ හා ස්ථිර වූ සලාතයේ හිමිකරුවානනී! මුහම්මද් (සල්) තුමාණන්ට ‘වසීලා’ නැමැති පදවිය ද මහිමය ද ලබාදෙනු මැනව! ඔබ එතුමාණන්ට පොරොන්දු වූ ප්‍රසංශනීය ස්ථානයෙහි එතුමාණන්ව නැගිටවනු මැනව!”(සාක්ෂි : බුහාරී 614)
ඉහත සඳහන් දුආව වෙනුවට පාරායනය කළ හැකි තවත් දුආවක් සහීහ් මුස්ලිම් ග්‍රන්ථයේ සඳහන් වේ. එය මෙසේය.
أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلأَّ الله وَحْدَهُ لاَ شَرِيْكَ لَهُ وَأَنْ مُحَمَّدًا عَبْدُهُ وَرَسُوْلُهُ رَضِيْتُ بِاللهِ رَبًّا وَبِمُحَمَّدٍ رَسُوْلاً وَبِالإِْسْلاَمِ دِيْنًا
අෂ්හදු අල්ලාඉලාහ ඉල්ලල්ලාහු වහ්දහූ ලාෂරීක ලහු ව අන්න මුහම්මදන් අබ්දුහූ ව රසූලූහූ, රලීතු බිල්ලාහි රබ්බන් වබි මුහම්මදින් රසූලන් වබිල් ඉස්ලාමි දීනා.
අර්ථය :
“අල්ලාහ් හැර වෙනත් දෙවිකෙනෙකු නැතැ. ඔහු ඒකකයි. ඔහුට සමාන (වෙන) කිසිවෙක් නැත’ යැයි මම සාක්ෂි දරමි.මුහම්මද් (සල්) තුමාණෝ ඔහුගේ ගැත්තා සහ වක්තෘවරයා වේ යැයි මම සාක්ෂි දරමි. අල්ලාහ්ව අධිපති වශයෙන් ද මුහම්මද්ව (දේව) වක්තෘ වශයෙන්ද ඉස්ලාමය ආගම වශයෙන් ද මම පිළිගත්තෙමි.” (සාක්ෂි සහීහ් මුස්ලිම් 630)
අදාන් හා ඉකාමත්
අනිවාර්ය වූ පස්වේල සලාතයට අදාන් හා ඉකාමත් කීම අනිවාර්ය වේ. “සලාතයේ වේලාව පැමිණි විට ඔබලා අතරින් කෙනෙකු අදාන් කියත්වා.” යනුවෙන් නබි (සල්) තුමාණෝ ප්‍රකාශ කර ඇත.(බුහාරී 631, මුස්ලිම් 1194. අදාන් වල වැදගත්කම ගැන කියවෙන තවත් හදීසයක් බුහාරී 608 හා මුස්ලිම් 633 අංකවල සඳහන් වේ.) අදාන් යනු සලාතය සඳහා ජනතාව කැඳවීමට ඇති වචන පෙළකි. අනිවාර්ය වූ සලාතය තනියෙන් ඉටුකරන පුද්ගලයාද අදාන් හා ඉකාමත් කීම අනිවාර්ය වේ.(මෙයට සාක්ෂි වශයෙන් උක්බා බින් ආමිර් (රලි) තුමා දැනුම් දෙන හදීසයක් මුස්නද් අහ්මද් ග්‍රන්ථයේ සඳහන් වී ඇත.)
ඉකාමත්
අනිවාර්ය වූ සලාතය සමූහ (ජමාත්) වශයෙන් ඉටුකළ ද තනියෙන් ඉටුකළ ද, සලාතය ඉටුකිරීමට පෙර ඉකාමත් කීම අනිවාර්ය වේ. ඉකාමත් වල අදාන් වලට වඩා සුළු වෙනස්කමක් කිහිපයක් ඇත.
ඉකාමත්හි වාක්‍ය
اَللهُ أَكْبَرُ اَللهُ أَكُبَرُ
أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللهُ
أَشْهَدُ أَنَّ مُحَمَّدًا رَسُوْلُ اللهِ
حَيَّ عَلَى الصَّلاَةِ
حَيَّ عَلَي الْفَلاَحِ
قَدْ قَامَتِ الصَّلاَةُ قَدْ قَامَتِ الصَّلاَةُ
اَللهُ أَكْبَرُ اللهُ أَكْبَرُ
لاَ إِلَهَ إِلاَّ اللهُ
අල්ලාහු අක්බරුල්ලාහු අක්බර්
අෂ්හදු අල්ලාඉලාහ ඉල්ලල්ලාහ්
අෂ්හදු අන්න මුහම්මදර් රසූලූල්ලාහ්
හයිය අලස් සලාහ්
හයිය අලල් ෆලාහ්
කද්කාමතිස්සලාහ් කද්කාමතිස්සලාහ්
අල්ලාහු අක්බරුල්ලාහු අක්බර්
ලාඉලාහ ඉල්ලල්ලාහ්
අර්ථය :
අල්ලාහ් අති ශ්‍රේෂ්ඨයා ය. අල්ලාහ් අති ශ්‍රේෂ්ඨයා ය.
අල්ලාහ් හැර වෙනත් දෙවි කෙනෙක් නැතැයි මම සාක්ෂි දරමි.
මුහම්මද් (සල්) තුමාණන් අල්ලාහ්ගේ වක්තෘ වරයා වේ යැයි මම සාක්ෂි දරමි.
සලාතය (ඉටුකිරීම) සදහා පැමිණෙන්න.
ජය ලැබීමට පැමිනෙන්න.
සලාතය ආරම්භ වී ඇත. සලාතය ආරම්භ වී ඇත.
අල්ලාහ් අති ශ්‍රේෂ්ඨයා ය. අල්ලාහ් අති ශ්‍රේෂ්ඨයා ය.
අල්ලාහ් හැර වෙනත් දෙවි කෙනෙක් නැත.
ඉබුනු ජෙමීල්