සලාතයේ වුළු දෝවනය හා තයමුම්

තයමුම්

සලාතය සඳහා වුළු අනිවාරය බවත් ස්නානය අනිවාර්ය වූ පුද්ගලයා ස්නානය කළ යුතු බවත් ඉහත මාතෘකා යටතේ සාකච්ජා කළෙමු. නමුත් සමහර අවස්ථාවල වුළු කිරීමට නැත්නම් ස්නානය කිරීමට ජලය නැති වීමට ඉඩ ඇත. එසේම ජලය තිබුනද අධික ශිතල හෝ ලෙඩ රෝගයක් නිසා එය පාවිච්චි කළ නොහැකි තත්වයක් උදාවිය හැකිය. එසේ වුළු කිරීම නිසා හෝ අනිවාර්ය ස්නානය සඳහා නෑම නිසා පානය කිරීමට ජලය නැති වේ යැයි බියක් ඇති විය හැකිය. මෙවැනි අවස්ථාවක වුළු සඳහා ද අනිවාරය වූ ස්නානය සඳහාද ඇති විකල්පය “තයමුම්” කිරීමයි. අල්කුර්ආනයේ 4:43 හා 5:6 වාක්‍යවල තයමුම් පිළිබඳව සඳහන් වේ.

තයමුම් කරන ආකාරය

අත් දෙක පිරිසිදු පසෙහි එක්වරක් ගසා අතේ තැවරුනු දුවිලි කටින් පිඹ දමා නැතහොත් අත් දෙක ගසා දමා අත් දෙක මුහුණේ හා අත් දෙකේ මැණික් කට්ටෙන් පහළ කොටසෙහි පිරිමැදගැනීම තයමුම් වේ.(සාක්‍ෂි බුහාරී 338,347, මුස්ලිම් 602,)

සලාතය ඉටුකළ පසු ජලය ලැබුනහොත් එම සලාතය නැවතත් ඉටුකිරීමට අවශ්‍ය නැත. එසේම එකවතාවක් තයමුම් කර, සලාතය ඉටුකළ පසු, අනික් සලාතය සඳහා වූ වේලාව එලඹනු විට, ජලයද නොලැබී (වුළු) තයමුම් බිඳෙන ක‍්‍රියා කිසිවක් සිදු නොවූ විට එම තයමුම සමගම දෙවන සලාතයත් ඉටුකළ හැකිය. අනිවාරය වූ ස්නානය සඳහාද තයමුම් කළ යුත්තේ වුළු වෙනුවෙන් තයමුම් කරන ආකාරයටමයි.

ඉබුනු ජමීල්

 

Leave a Reply