පසුගිය දිනක යහමඟ පාඨකයෙකු විසින් යහමඟ අඩවියට මෙහි පහත දැන්වෙන වීඩියෝව ලබාදී තිබුණි.
ඉස්ලාම් නමින් ශ්‍රී ලාංකීය මුස්ලීම් සමාජය තුල අතුරු සිදුරු නොමැතිව මිත්‍යාවන් පිරී ඇති සමයක විශේෂයෙන් ජනතා අනවබෝධය අවස්ථාවක් කරගෙන මුදල් උපයන පූජකවරුන් සිටින සමාජයක. විශේෂයෙන් පහත ආකාරයේ ක්‍රියාවන් පදනම් කරගෙන මුස්ලීම් නොවන පිරස් විසින් මුස්ලීම් සමාජය නොව ඉස්ලාම් දහම විවේචනයට ලක්වන වකවානුවක. මෙම “ගලේබණ්ඩා සොහොන්” වන්දනය පිලිබදව ලාංකීය සමාජයට කිසියම් අවබෝධයක් ලබාදීම හා එම සොහොනට පසුබිම් වී ඇති කාරණය ශ්‍රී ලාංකීය සමාජයට අනාවර්ණය කිරීම පිණිස මුස්ලීම් හා මුස්ලීම් නොවන සහෝදර සහෝදරියන්ගේ බුද්ධිමත් හා පලදායි සංවාදයන් හා කරුණු දැක්වීම් සදහා මෙම විඩියෝව මෙහි ඉදිරිපත් කරමි. මේ පිලිබදව ඔබගේ අදහස් යහමඟ ඉතා ඕනෑකමින් අපේක්ෂා කර සිටිමි.
(සැ: යූ: මුස්ලීම්වරුන් මෙම වීඩියෝව නරඹනවා සේම එහි පැවසෙන කාරණා පිලිබදව ද බුද්ධිමත් අවධානය යොමු කරන්න)
මේ පිලිබදව ඔබගේ අදහස් පහතින් සදහන් කිරීමට අමතක නොකරන්න …
අබූ අර්ශද්
ඉහත ලිපිය සම්බන්ධයෙන් පැරණි යහමඟ අඩවියේ පලවූ අදහස් දැක්වීම් කිහිපයක් පහතින් ඉදිරිපත් කරමි.
name:රිෂාන් 23-05-2011
මේ කොහේ එකක් ද ?
name:shanilka 24-05-2011
මේක දේවාලයක්ද ????
name:abu abdilla 24-05-2011
meya yaluvan ta hathunva thenne kohamatha? meya link or down karanna behene?
name:Abu Arshed 24-05-2011
“යහමඟ“ ට වාර්තා වූ ආකාරයට මෙය කුර්නෑගල ප්‍ර දේශයේ පිහිටි සියාරම් (හොහොනක්) එකක් මෙය හාස්කම් සහිත ස්ථානයක් යන්න ජනතා විශ්වාසයයි. ඉස්ලාම් දහමේ අව්ලියා (ශ්රේහෂ්ඨ මුස්ලීම්වරුන්) නම් පිරිසක් පිලිබදව සදහන් වේ. මේ ගලේබණ්ඩා ද එවන් අව්ලියාවරයෙකු යන්න මෙම ස්ථානයට පැමිණෙන පිරිසගේ විශ්වාසයලු. මේ පිලිබදව නිවරුදි විස්තර පාඨක ඔබෙන් මා අපේක්ෂා කර සිටිමි
name:jameel 26-05-2011
mewa pilebadawa islam kiyanne mokkde???
name:Jagath 26-05-2011
අෙප් මිනිස්සුන් ෙමාකක්ද ෙනාවැන්ෙද්
name:Yarsaad 26-05-2011
ගලේ බණ්ඩාර කියන්නේ කුරුණෑගල රජදනිය කාලේ පාලනය කරපු බුවනකබාහු රජතුමාගේ පුතා.අම්ම ඉරාන කාන්තාවක්.මේක හොද සාක්ෂියක් සිංහල රජෙක් මුස්ලිම් කාන්තවක් විවාහ කරපු එක. බුවනකබාහු අතු පිට යද්දී කුබුරේ වල පල ගලවමින් හිටිය මුස්ලිම් කාන්තාවක් දැක්ක.ඇගේ රු සපුවට වශී වෙලා.දෙමව්පියන්ට තෑගි බොදත් දීල අගමෙහෙසිය වුන.(විරුද්ද වුනොත් දන්නවනේ )පුතෙකුත් ඉපදුන. ගලේ බණ්ඩාර කියන්නේ එයාට.බුවනක බහුගෙන් පස්සේ රජකමට සුදුසු කෙනෙක් හිටියේ මෙයා විතරයි.මව මුස්ලිම් නිසා ඇමති මණ්ඩලේ කැමති වුනේ නැහැ.පස්සේ රජකම බාරගෙන මුස්ලිම් ඇමති මණ්ඩලයකුත් දැම්ම.ටික කාලයක් රට පාලනය කල.රට සෞභාග්ය්මත් වුන.මෙයට තරහකාරයෝ හිටිය මුස්ලිම් නිසා. මෙටව මරන්න ප්ලැන් කලා.දවසක් හාමුදුරුවෝ කිහිප දෙනෙක් ඇවිත් කිව්වා වැවකින් රන් සෙම්බුවක් මතු වෙනවා කියල,එක ගන්න බාරයක් වෙන්න කිව්වා.ඉතින් දේවාලේ තියෙන ගල උඩ තමයි බාරය වුනේ.බාරයක් කරන මුවාවෙන් එක හිමි නමක් මෙයාව ගල උඩ ඉදන් තල්ලු කලා.වැටිලා හිස කදීන් වෙන් වුණා.මැරිලා ආත්මයක් වෙලා ගලේ බණ්ඩාර තමන්ව මරපු හිමි වරුන්ව මැරුව.හිමි වරුන් ලේ වමනේ දාල පාපොච්චාරණය කලාලු.මිනිස්සු දැනගත්ත .පස්සේ මෙතනට මිනිස්සු බය වුණා.එදා ඉදන් මිනිස්සු බාර හාර කරන්න පටන් ගත්ත,එක පැත්තක් මුස්ලිම් අයත්,අනිත් පැත්තේ බෞද්ද අයත් දැන් මේක පාලනය කරනවා.ඉස්සර කාලේ ඉදන්ම මේක ප්ර්සිද්ධයි.මුස්ලිම් අය නම් වැඩිය මේවා කරන්නේ නැහැ. සිංහල බෞද්ද අය තමයි බාර හාර කරන්න එන්නේ. මේක ඉතිහාසය වළලු තවත් එක කතාවක්.මුස්ලිම් පිරිමින් සින්හල කන්ත්වන් විවාහ වුණා වගේම සිංහල රජවරු මුස්ලිම් කාන්තාවන් පවා විවාහ කරගෙන තියෙනවා.මේවා ඉතිහාසයෙන් අයින් කරලා තියෙනවා.ඇත්තම කියනවනම්, විජය ලංකාවට එන්න කලිනුත් අරාබි කාරයෝ මෙහෙ ඉදල තියෙනවා.ඉරානයේ ඉතිහාස පොත් වල ලංකාව ගැන සදහන් කරලා තියෙනවා.වැද්දෝ ගැනත් චර්යාවන් ගැනත්, ලංකාව පාලනය කරපු එකම මුස්ලිම් රජු තමයි ගලේ බණ්ඩාර.නියම නම මට මතක නැහැ.මැරුණට පස්සේ තමයි ගලේ බණ්ඩාර දෙය්යෝ කියල ප්රිසිද්ධ වුනේ. අර්ශඩ් මහත්තය වැඩි විස්තර ඕන නම්,දේවාලේ භාරකාර රෞෆ්දීන් මහත්තය අමතන්න.කුරුණෑගල තියෙන්නේ.ඕන කෙනෙක් දන්නවා.මේකේ වැරද්දක් මං දකින්නේ නැහැ.ඉස්ලාමය මේවට විරුද්දයි.නමුත් බෞද්ද අයගේ විශ්වාසයට අපි විරුද්ධ වෙන්න අවශ්යක නැහැ.
name:kumari 26-05-2011
abbu arshed tumani maya pawatagena yanne muslim kenekda?kohada istanaya
name:kumari 26-05-2011
alaha diyo kiyanne quruwan ake monade unat alahagen ahanna.ayage eman aka satanam ayma karanawa ista karala danawa anika poll gahanna aewa ape agame nati dawal.ai mawata ape aya virudawanne nate.oya sali walatada natam agama vinasa karannada maya karnne.alaha diyo kiyanne quruwan ake monade unat alahagen ahanna.ayage eman aka satanam ayma karanawa ista karala danawa anika poll gahanna aewa ape agame nati dawal.ai mawata ape aya virudawanne nate.oya sali walatada natam agama vinasa karannada maya karnne.
name:Abu Arshed 26-05-2011
Yarsaad සහෝදරයා, “මාෂාඅල්ලාහ්“ ඔබගේ කරුණු ඉදිරිපත් කිරීම පිලිබදව ස්තූති වන්ත වෙනවා. එසේම යහමඟ පාඨකයින්ගෙන් ඉල්ලා සිටින්නේ මෙහි සදහන් කරුණුවලට යමක් එක්කිරීමට හෝ සංශෝධනය කිරීමට අවශ්යන නම් කරුණාකර ඒ සටහන පහතින් තබන ලෙසයි.
name:kamil 28-05-2011
me zeyaram wandenaya kireema gen islam mokkde kiyanne
name:buddah 28-05-2011
me sinhala menissu karan gonkam walata bududahama pale naha
name:shakira 29-05-2011
islam agamate anuwa awliyawarun innate baride?
ඉහත විෂය කාරණය සම්බන්ධයෙන් ඉස්ලාමීය ස්ථාවරය දැනගැනීම සදහා ‘සොහොන් හා පිලිම වන්දනය පිලිබදව ඉස්ලාමීය විග්‍රහය‘ යන ලිපිය බලන්න.
මම දැක්කා අරුම පුදුම මුස්ලිම් විරෝධී වෙබ් සයිට් එකක්.මේක කරන්නෙ කාන්තා පිරිසක් බවයි කියන්නෙ.මගේ මුස්ලිම් මිතුරන්ට මේ ගැන දැනුවත් කළා.ඒ අය කියන්නෙ මේක ජාතිවාදී,ආගම්වාදී පිරිසක් කරනවා කියලා.මට නම් ඒක විශ්වාස නෑ.මම හිතන්නෙ නොමග ගිය මුස්ලිම් කාන්තාවන් පිරිසක් මේකට සම්බන්ධයි කියලා.මේකෙන් පෙරමුනේ රාල,ධර්මද්වීපයේ ඉරනම,මුසල්මානුවා වැනි සයිට් වලින් කලාට වඩා නින්දිත විදියට ඉස්ලාමයට අපහාස කරනවා.මේක හදලා තියන විදියට දකින කෙනෙක් පහසුවෙන් නොමග යනවා.සාමාන්‍යයෙන් මම කොමෙන්ට් දමන්නෙ සාගර,මනෝජ් හෝ මනෝජ් සමන් කියලයි.මම නීතියෙන් පීඩිත මුස්ලිම් කාන්තාව කියන ලිපියට කොමෙන්ට් එකක් දැම්මා මෙහෙම කියලා
මුස්ලිම් සමාජය ශක්තිමත් මුස්ලිම් කාන්තාවට උතුම් තැනක් මුස්ලිම් ආගමෙන් ලැබිලා තියනවා.බටහිර කාන්තා විමුක්තිය යටතේ ගර්භනී භාවයට සහ දරුවන්ට කිරිදීමටත් සැමියාගෙන් වන්දි ඉල්ලන තත්වයට උන් දෘනුවලා තියනවා.මේ සයිට් එක මානව විරෝධී එකක් කියලා ඒක අන්තවාදී ලිංගවාදයක් දේශනා කරන නිසා.මුන් දාපු කොමෙන්ට් එක මෙහෙමයි.මගෙ කොමෙන්ට් එක විකෘති කරලා මේ විදියට.ඉස්ලාම් පොළොං පැටවුට කිරි දෙනවටත් වන්දි ගන්න ඕන. ඉස්ලාම් පිරිමි විරෝධී වීම් හොඳ ආරම්භයක් බවයි මම හිතන්නෙ
මේක හොඳ සටනක්
mokakda e site eka