‘යහමග’ පාඨක ඔබට ඉස්ලාම් දහම හෝ මෙම අඩවිය තුල ඉදිරිපත් කොට ඇති ලිපි සම්බන්ධයෙන් යම් පැනයක් ඇත්නම්, එය යොමු කරන්න. ඒ සදහා පිලිතුරු හෝ පැහැදිලි කිරීමන් ලබාදීමට හැක.
සැ: යු:- ඔබේ ඉදිරිපත් කරන කාරණය පැහැදිලිව හා සංවරව ඉදිරිපත් කිරීමට කාරුණික වන්න.
4 thoughts on “ඔබේ ගැටළු (ප්‍රශ්න හා පිලිතුරු)”
Leave a Reply
You must be logged in to post a comment.
කුර්බාන් කිරීමේදී රත්වූ යකඩ තැටියක් මත සිට කුර්බාන් කලයුතු යැයි කුර්ආනයේ හා හදීස් වල සඳහන් වන බව බෞද්ධ සහෝදරයෙක් පැවසුවා. මම ඒ ගැන Google කර බැලූ කල්හි ඒ ගැන මුස්ලිම් නොවන වෙබ්සයිට්වල ඒ අයුරින්ම සඳහන්ව තිබුනා. නමුත් මූලාශ්‍ර කිසිවක් සඳහන් නොවීය. ඔවුන් පවසන්නේ මෙය ඉස්ලාම් දහම සත්ත්ව ඝාතනයෙන් වළකින ලෙස වක්‍රව පැවසන බවයි. මේ පිළිබඳ ඔබේ අදහස කුමක්ද?
මෙය සත්‍යද? අසත්‍යද?
මාංශ හා නිර්මාංශ ප්‍රතිපත්ති පිලිබදව මෙම අඩවිය තුල විවිධ කෝණවලින් ප්‍රමාණවත් ලිපි ලියවී ඇත. එම ලිපි මෙහි පහතින් ලබාදී ඇති Link එක මඟින් ඔබට කියවීමට පුළුවන. කෙසේ වෙතත් ඔබ පවසන “රත්වූ තහඩු මත හිඳ…” යන නීතියක් ඉස්ලාම් දහමේ කිසිදු තැනක සදහන්ව නැත. එවැනි නීතියක් කිසිකලෙස ප්‍රයෝගික වන්නේද නැත. එවැනි ප්‍රායෝගික නොවන නිතී දිව්‍යමය මගපෙන්වීමක් තුල කිසිකලෙක පැවතිය ද නොහැක. මෙම ප්‍රකාශය මුස්ලීම් නොවන සමාජය තුල ඇති මතවාදයක් පමණි.
මාංශ අනුභවය පිලිබදව යහමග ලිපි
Jammu Kasru salathaya pilibandawa lipiyak idiripath karanna
Please write the article of jammu kasr salah
ඉන්ෂාඅල්ලාහ් ඉදිරියේ දී මේ විෂය පිලිබදව ද ලිපියක් මෙම අඩවිය තුල ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරමි.