මිනිස් මැවීමේ ආශ්චර්යය

ගවේෂණ විඩියෝ විද්‍යාව ශුද්ධ වු කුර්ආන් සියළු ලිපි

වර්ථමාන ආගම් හමුවේ ඇති ප්‍රබල වූ අභියෝගය නම් විද්‍යාත්මක හෙලිදරව්වන් හමුවේ තවදුරටත් “ආගම්” රදාපවතින්නේ කෙසේද? යන්නයි. මේ පිලිබදව මෙම අඩවිය තුල “බුද්ධිය හමුවේ අවලංගු වී යන ආගම්වලට අභීයෝගයක් වු අල්කුර්ආනය” යන ලිපිය මඟින් දීර්ඝ ලෙස සාකච්චා කොට ඇත. මෙවන් වූ අභියෝගයන් හමුවේ විකල්ප සොයන මිනිසා ඒ සදහා භාවිතා කරන එකම විකල්පය නම්, “සියල්ල ස්වභාදහමේ තේරීම” යනුවෙන් ස්වභාදහමේ පිහිට පැතීමයි. විශ්වයේ බුද්ධිමත්ම ජීවියා වන මිනිසා මෙලෙස අනුවනකාරී නිගමනයන්ට එළඹෙන්නේ ඔහුගේ තිබෙන අනවබෝධයට වඩා දෙවියන් පිලිගැනීමට ඇති අකමැත්ත හා චපලකම නිසාම පමණි.

සියල්ල ස්වභාදහමේ තේරීම ලෙස තීන්දු කරන මිනිසා හට තමාගේ විශ්ව සම්භවය පිලිබදව තවම ඇත්තේ නොවිසදු පැනයිකි. (මේ පිලිබදව ද “පෘථිවි මිනිස් සම්භවය පිලිබදව ඉස්ලාමීය දැක්ම” යන ලිපියෙන් මෙම අඩවිය තුල සාකච්චා කොට ඇත) සමහරක් ආගම් මෙම විෂය සම්බන්ධයෙන් විද්‍යාව හා සමාන්තරව ගමන් කිරීමේ අරමුණින් විවිධ වූ විග්‍රහයන් ඉදිරිපත් කල ද ඒවා කොතරම් නිවරුදි විග්‍රහයන්ද? යන්න තීරණය කිරීම පාඨක ඔබට බාර කරමින් අතීතයේ සිදුවූ මිනිසාගේ විශ්ව සම්භවය නොව වර්ථමානයේ ද සිදුවෙමින් පවතින “කළල විකාශනය” පවා ස්වභාදහමේ සැලැසුම්කරණයක් බව වහසිබස් දොඩන මිනිසා හට එහි සැබෑ විග්‍රහය ශුද්ධ වූ කුර්ආනය තුලින් ඔබගේ අවධානයට පහත ආකාරයට ඉදිරිපත් කරන්නේ ඔබගේ බිහිවීම “ස්වභාදහමේ මැදිහත්වීමද?” නොඑසේ නම් “දේව සැලසුම් කරණයද?” යන්න සාධාර්ණ ලෙස හා අවංක ලෙස ඔබට ම තීරණය කිරීම පිණිසය.

(එම තීරණය වඩාත් පහසු කරගැනීම සදහා පහත වීඩියෝ මෙන්ම මෙවැනි ගවේෂනාත්මක නිර්මාණ ලොවට දායාද කරන harunyahya වෙබ් අඩවිය ද ඔබට මහත් පිටුවහලක් වනු ඇත)

ඩිම්බ සෛලයෙහි ගමන
http://youtu.be/nUBtGxtXgD0

 

ශුක්‍රාණුවෙහි ආකෘතිය

http://youtu.be/rKX6SFmC3sI

 

ශුක්‍රාණුවෙහි ප්‍රබල ධාවනය

http://youtu.be/R92QHKvOIlk

 

විශිෂ්ඨ වූ සංයෝජනය

http://youtu.be/FBQMnycMD-Q

 

කළලය

http://youtu.be/UZFIUP4ZIh8

 

මවගේ ගර්භාෂය තුල සිදුවන නිර්මාණය

http://youtu.be/_ItDEkR1DyY

 

ශුද්ධ කුර්ආනයේ ආශ්චර්‍යය

http://youtu.be/lZ3VLbM7rJc

 

කළල බන්ධනය නොහොත් වැදෑමහ ආශ්චර්‍යය

http://youtu.be/X6vrGzelOAs

 

උපත

http://youtu.be/rcEUWAILE7M

 

(මෙම විඩියෝ “ඹ් බී ක්‍රියේෂන්” ආයතනයේ අනුමැතිය ඇතුව ඉදිරිපත් කරන ලදී)

 

අබූ අර්ශද්

 

Leave a Reply