මේ ඇරයුම ‘යහමඟ’ පාඨක ඔබටයි

ශ්‍රී ලාංකීය සමාජය තුල වසර ගණනාවක් මුළු‍ල්ලේ දහම මෙහෙවරක නිරතව සිටින ‘යහමඟ’ අඩවිය එදා මෙදා තුර පසුකල බාධක හා ජය කනු එකක් දෙකක් නම් නොවේ. කවදත් ඔබ ලබාදෙන ප්‍රශංසාවන් හමුවේ අමන්දානන්දයට පත්වනවාට වඩා නව අදහස්, යෝජනා හා විවේචන මෙම අඩවියේ සාර්ථකත්වයට ආශීර්වාදයක් කොට ගෙන අඛණ්ඩ මෙහෙවරක නිරතව සිටින ‘යහමඟ’ අඩවිය අද දිනයේ ඔබට ඇරයුමක් කරන්නට කැමැත්තෙමි.

මෙතෙක් කල් පාඨකයෙක් ලෙස හිද මා දිරිගන්වමින් සාර්ථක ගමන් මඟකට ‘යහමඟ’ මෙහෙය වූ ඔබේ වගකීම එයින් නිමා නොවේ. ඔබ ද ඉස්ලාම් දහම හා මුස්ලීම් සමාජය වෙනුවෙන් යමක් ලියන්නට හෝ කියන්න අපොහොසත් කෙනෙකු නොවේ යන්න මාගේ දැඩි විශ්වාසයයි. එසේම මාගේ අල්ප දැනුමක් තුල මෙතෙක් දුර ආ ‘යහමඟ’ ඉදිරයේ යෝධ පියවරයන් තැබීමට  නම් ඔබගේ සහය ‍එහි තීරණාත්මක සාධකයක් යන්නත් මාගේ දැඩි විශ්වාස යයි. විශේෂයෙන් වර්ථමානයේ රට තුල නිර්මාණය වෙමින් පවතින සමාජ තත්වයන් සමඟ ඉස්ලාම් දහමටත්,  මුස්ලීම් සමාජයටත් මෙම වගකීමෙන් බැහැර වීමට නොහැක.  එසේ නම් ඔබත් ඔබේ ශක්තියට හැකි පමණින් දහම් මෙහෙවරේ නිරත වියයුතුව ඇත. ඒ සදහා ‘යහමඟ’ සූදානම් ඔබට වේදිකාවක් සලසා දෙන්න.

  • ඔබත් ‘යහමඟ’ අඩවියට කාලීන මාතෘකාවන් ඔස්සේ (යුනිකෝඩ් ක්‍රමයට) ‘යහමඟ’ ට ලියන්න. ඔබේ ලිපි ඉස්ලාමීය ඉගෙන්වීමන්ට අනුකූල නම් එය ‘යහමඟ’ අඩවිය තුල ‘පාඨක නිර්මාණ’ යටතේ පලකරන්න සූදානම්,
  • වර්ථමාන සමාජයට කාලීන වශයෙන් වැදගත් යයි හැ‍ෙඟන ඉස්ලාම් දහම මූලික කරගත් වීඩියෝ, ඕඩියෝ, පිංතූර හෝ වෙනයම් දත්ත ඔබ සතුව තිබේ නම්, එය සදහා අන්තර්ජාලය ඔස්සේ පුළුල් සමාජ අවධානයක් ලබා ගැනීමට ඔබ අදහස් කරන්නේ නම්, ඒ සදහාත් ‘යහමඟ’ අවස්ථාව සලසා දෙන්න සූදානම්,
  • ‘යහමඟ’ අඩවියේ සාර්ථකත ඉදිරි ගමන සම්බන්ධයෙන්  ඔබට කිසියම් යෝජනාවත් අදහස් දැක්වීමක් හෝ දායකවීමක් ලබාදීමට අදහස් කරන්නේ නම් ඒ සදහාත් අවස්ථාවන් ලබාදීමට ‘යහමඟ’ සූදානම්,
  • ‘යහමඟ’ අඩවිය ආරම්භ කොට ඇති තවත් පුළුල් මෙහෙවරක් වන්නේ www.alquran.yahamaga.com නම් ශූද්ධ වූ කුර්ආනය පිලිබදව පුළුල් සංවාදයක් ශ්‍රී ලාංකීය සමාජය තුල ඇති කිරීමේ අඩවියයි. මෙම මෙහෙවර සාර්ථක කර ගැනීම සදහා ද පාඨක ඔබ සියළු දෙනාගේ පූර්ණ දායකත්වයක් ‘යහමඟ’ අපේක්ෂා කරමින් ආයාචනා කර සිටිමි. (වැඩි විස්තර සදහා එම අඩවිය බලන්න)

 

අබූ අර්ශද්

 

4 thoughts on “මේ ඇරයුම ‘යහමඟ’ පාඨක ඔබටයි

  1. සහෝදර අබු අර්ශාඩ්, ඔබගේ මෙහෙවර විශිෂ්ට්ය්. මෙම අගනා කර්තව්‍ය හොඳින් කරගෙනයාමට ඔබට අල්ලාහ්ගේ ආශීර්වාදය ලැබේවා. මට ඔබට කිනම් හෝ කළහැකි උදවුවක් තිබේනම් මට email කරන්න. අස්සලමු අලිකුම්

    1. ඔබ වැනි පිරිසගේ දිරිගැනීම මට ශක්තියක්, යහමඟ සදහා ඔබ වැනි අළුත් යෝජනා අපේක්ෂා කරමි

  2. අස්සලාමු අලෙෙකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු!

    සහෝදර අබු අර්ෂද්!

    ඔබ විසින් සිදු කරගෙන යනු ලබන මෙම උත්තම උත්සාහය කාලයක් තිස්සේ මම නිරීක්ෂණය කළෙමි. කාලයට උචිත සේවයක් පරාර්ථකාමීව සහ අර්ථාන්විතව දහසක් බාධක කම්කටොළු මාධ්‍යයේ සිදු කරන ඔබට අල්ලාහ්ගේ අාශිර්වාදය ලැබේවා යැයි ප්‍රාර්ථනා කරමි.

    ඒසේම ඔබේ වෙබ් අඩවියේ පාධක නිර්මාණවලට වර්තමානයේදීද ඉඩ ලබා දෙන්නේද යන්න දැන ගැනීමට කැමැත්තෙමි. ඒසේ ඉඩ ලබා දෙන්නේ නම් ඒ් සදහා පවතින නිර්ණායකයන් කවරේද යන්නත් දැන ගැනීමට කැමැත්තෙමි.

    ස්තූතියි

    1. වාල‍ෛකුම් සලාම් වරහ්මතුල්ලාහි වබරකාතුහු
      ප්‍රථමයෙන් පිලිතුරු ප්‍රමාදවීම පිලිබදව කණගාටුව ප්‍රකාශ කරනවා. සහෝදරයි ඔබේ උනන්දුවට බොහෝමත්ම ස්තූති. මෙම අඩවි්ය නිර්මාණවලට විවෘතයි. එහි ගැටළුවක් නැහැ. නමුත් කිසියම් කාරණයක් සාකච්චා කිරීමේදී හෝ කරුණු දැක්වීමකදී එය කුර්ආන් හදීසයට අනුකූලව වියයුතුයි. එසේම කිසිදු ආගමික නිකායකට පක්ෂග්‍රාහි නොවිය යුතුයි. එසේම පක්ෂ දේශපාලනය හෝ ජාතිවාදය වෛරය ඇති වන ආකාරයට කරුණු සාකච්චා නොකලයුතුයි.
      ඉහත කොන්දෙසිවලට එකඟව යහපත් මෙහෙවරකට යහමග ඔබට ආරාධනා කරමි.
      අබූ අර්ශද්

Leave a Reply