යහමඟ වෙබ් අඩවිය ආරම්භ කල කාලයේ පටන් පාඨක බොහෝ පිරිසකගේ ඉල්ලීමක් වුයේ අරාබි භාෂාවෙන් තිබෙන ශුද්ධ වූ කුර්ආනය පහසුවෙන් පාරායනය කලහැකි ආකාරය සරලව පැහැදිලි කරන ලිපියක් ඉදිරිපත් කරන්න යන්නයි. මේ හේතුව නිසාම මේ පිලිබදව යහමඟ දිගින් දිගටම උනන්දු වූ අතර ‘ශුද්ධ වූ කුර්ආනය පාරායනය කරමු‘ යන එහි එක් ප්රථිපලයකි. මේ ආකාරයට මේ විෂය පිලිබදව දිගින් දිගටම උත්සාහ කිරීමේ ප්රතිපලයක් ලෙස ශුද්ධ වූ කුර්ආනය සරලව පාරායනය කිරීමට පමණක් නොව අරාබි භාෂාව ද සරලව ඉගෙන ගැනීමට හැකිවන පරිදි මෙතැන් සිට ලිපි මාලාවක් ‘අපි අරාබි ඉගෙන ගනිමු’ යන මාතෘකාව යටතේ ඉදිරිපත් කිරීමට අදහස් කොට ඇත. එහි ප්රථම හා මූලික අදියර වශයෙන් අරාබි අකුරු හෝඩිය හදුන්වාදීම මේ ලිපිය යටතේ සිදු කෙරේ
අරාබි භාෂා අකුරු හෝඩියේ අකුරු 28 ක් ඇත. ලොව අනිකුත් භාෂාවන්ට වඩා තරමක වෙනස් ස්වරෑපයක් ගන්නා අරාබි හෝඩිය අනිකුත් අකුරු හෝඩීන් සමඟ වෙනස් වන්නේ කෙසේ ච යන්න මෙම ලිපිය දිගින් දිගටම කියවීම තුල ඔබට පහසුවෙන් අවබෝධ කරගත හැකිවනු ඇත. මෙහිදී මාතෘකාවට යොමුවීමට ප්රථම සදහන් කලයුතු තවත් සුවිශේෂි කාරණයක් ඇත. එනම් අරාබි වචන උච්චාරණයේ දී මුව හසුරුවන ආකාරය ඉතා වැදගත් අංගයකි. එම නිසාම පහත අකුරු හෝඩිය හදුන්වාදීමේ දී මුව තුල දිව (රතු පාටින් දැක්වේ) ක්රියා කලයුතු ආකාරය ද පහතින් රූපරාමු මඟින් ඉදිරිපත් කොට ඇත. එමනිසා ඒ පිලිබදව ද දැඩි අවදානය යොමු කිරීම තුලින් ඉතා පහසුවෙන් මෙම භාෂා උච්චාරණය හුරු කරගත හැක.
එසේනම් අරාබි හෝඩිය දැන් හදුනාගනිමු,
1. මෙම අක්ෂරය අරාබි හෝඩියේ පළමු අක්ෂරය වේ. මෙම අක්ෂරයේ නම ‘අලිෆ්’ ය. (අක්ෂරයේ නම අලිෆුන්)
![]() |
![]() ‘ඉ’‘උ’‘අන්’‘ඉන්’‘උන්’
|
2. මෙය අරාබි හෝඩියේ දෙවන අක්ෂරයයි.මෙය ‘බ’ වේ.(අක්ෂරයේ නම ‘බාඋන්’)
![]() |
![]() ‘බ’ – ‘බි’ – ‘බු’ – ‘බන්’- ‘බින්’- ‘බුන්’- යන ශබ්ද මෙම අක්ෂරයෙන් ලැබේ.
|
3. අරාබි හෝඩියේ තුන් වන අක්ෂරය වන මෙය ‘ත’ වේ. (අක්ෂරයේ නම ‘තාඋන්’)
![]() |
![]()
|
4. අරාබි හෝඩියේ සතර වන අක්ෂරය වන මෙය ‘ස’ වේ. ( අක්ෂරයේ නම ‘සාඋන්’
![]() |
![]() උච්චාරණය කළ යුතුය. (සැ:යු සිංහල ‘ස’ අකුර හා මෙම අරාබි අක්ෂරයේ උච්චාරණය අතර විශල වෙනසක් ඇත. මෙම අකුරේ උච්චාරණයට යම් සමාන කමක් දක්වන එකම සිංහල අකුර ‘ස’ වේ. ඕඩියෝවට සවන් දී නිවැරදි උච්චාරණයට හුරුවන්න. )
|
5. අරාබි හෝඩියේ පස්වන අක්ෂරය මෙයයි. ‘ජ’ ශබ්දය මෙමගින් නියෝජනය වේ.( අක්ෂරයේ නම ‘ජීම්’)
![]() |
![]()
|
මෙම ලිපිය ඉදිරියට බලාපොරොත්තු වන්න…