ආගමික නීති සලාතය සියළු ලිපි

සලාතය – සුජූද් කිරිම

සුජූද් කිරීම රුකූඋ වල සිට නගිට රබ්බනා ලකල් හම්ද් කීමෙන් පසු අල්ලාහු අක්බර් කියා සජදා කළ යුතුවේ. සජදාවට යන විට දනහිස් දෙක පොළොවේ තැබීමට පෙර පළමුවෙන් අත් දෙක බිම තැබිය යුතුයි. “ඔබලා අතුරින් කෙනෙකු සජදා කරන විට තම අත් දෙක තැබීමට පෙර දනහිස් දෙක(බිම) නො තබන්නැ”යි නබි (සල්) තුමාණෝ ප‍්‍රකාශ කර ඇත.(සාක්‍ෂි : නාසඊ 1076). […]

සලාතය සියළු ලිපි

සලාතය – රුකූවලින් නැගිටින විට

රුකූවලින් නැගිටින විට රුකූවලින් නැගිටින විට “සමිඅල්ලාහු ලිමන් හමිදා – سمع الله لمن حمده ” (අර්ථය : ප‍්‍රසංශා කරන්නාගේ ප‍්‍රසංශාවට අල්ලාහ් සවන් දෙන්නේ ය.) යනුවෙන් පවසා අත් දෙක උරහිස දක්වා හෝ කන් දෙක දක්වා උස්සා පහත දැමිය යුතුවේ.(සාක්‍ෂි : බුහාරී 789, 735, මුස්ලිම් 642). සමිඅල්ලාහු ලිමන් හමිදා කියා ප‍්‍රකාශ කිරීමෙන් පසු පහත සඳහන් දුආවලින් එකක් […]

සලාතය සියළු ලිපි

සලාතය – රුකුඋ කිරීම

සූරතුල් ෆාතිහාව සහ තවත් සූරාවක් පාරායනය කළ පසු අල්ලාහු අක්බර් කියා පවසමින් අත් දෙකම කන් දෙකහි පහළ කොටස දක්වා හෝ උරහිස දක්වා උස්සා රුකූඋ කළ යුතු වේ. නැමී අත් දෙකෙන් දනහිසහ අල්ලා ගැනීම රුකූඋ කිරීම වේ. රුකූඋ කරන විට අත් දෙක ඉන ප‍්‍රදේශයේ නොගෑවෙන ආකාරයට කෙළින් තබා ගත යුතුයි. කොන්ද හා හිස සමානව තබාගත යුතුයි. […]

සලාතය සියළු ලිපි

සලාතය – තක්බීර් තහ්රීමා

සලාත වෙනුවෙන් නීයත් තියා (සිතින් සිතා) ක:බාව දෙසට හැරී සිට, පළමුවෙන්ම අල්ලාහු අක්බර් කියා කිව යුතු වේ. මෙම පළමු තක්බීරයට (තක්බීර් යනු අල්ලාහු අක්බර් කියා ප‍්‍රකාශ කිරීමයි.) තක්බීර් තහ්රීමා යනුවෙන් කියනු ලැබේ. “ඔබ සලාතය වෙනුවෙන් පරිපූර්ණව වුළු කොට, කිබ්ලා දෙසට හැරී අල්ලාහු අක්බර් කියා  කියන්න” යැයි නබි (සල්) තුමාණෝ පැවසූහ.(බුහාරී : 6667, මුස්ලිම් : 663) […]

සලාතය සියළු ලිපි

සලාතය – නීයත් නැමැති චේතනාව

මුස්ලිම්වරු කුමන නැමැදුම ඉටුකළත් අදාල නැමදුම ඉටුකරන බවට චේතනාව තිබිය යුතුයි. අදාල නැමැදුම ඉටුකරමි යන චේතනාව නොමැතිව නැමදුමේ සියළු අංගයන් ඉටුකළ ද එය නැමදුම ලෙස අල්ලාහ් විසින් පිළිගනු නොලැබේ. “සියළු අමල්(නැමදුම්)චේතනාව අනුවයි” යනුවෙන් නබි මුහම්මද් (සල්) තුමාණෝ ප‍්‍රකාශ කළහ.(සාක්‍ෂි : බුහාරී 1, මුස්ලිම් 3530) ඇතැමුන් නීයත් යන්න වැරදියට අවබෝධ කරගෙන එක එක් නැමදුම්වලට වෙන වෙනම […]

ආගමික නීති සලාතය සියළු ලිපි

සලාතය ඉටුකළ යුතු ආකාරය

සලාතයට ආදර්ශය වන්නේ නබි (සල්) තුමාණන්ය. එකම ගමක එකම දේවස්ථනයක සලාතය ඉටුකරන කිහිපදෙනෙක් ගැන අවධානය කළහොත් කෙනෙකුගේ සලාතයත් තවත් කෙනෙකුගේ සලාතයත් අතර විශාල වෙනසක් දැකිය හැක. නබි (සල්) තුමාණන් පෙන්වා දුන් ආකාරය ගැන නොදැනුවත් කම මෙයට හේතුවයි. බුහාරි ග‍්‍රන්ථයේ 631 වන හදීසයේ මෙසේ සඳහන් වේ. මම සලාතය ඉටුකිරීම ඔබ දුටුවේ කෙසේද එසේම ඔබත් සලාතය ඉටුකරන්න […]

සලාතය සියළු ලිපි

ක:බාවේ දිශාවට හැරී සලාතය ඉටුකිරීම

ක:බාවේ දිශාවට හැරී සලාතය ඉටුකිරීම සලාතය ඉටුකරන්නා ලෝකයේ කොතැන සිටියත් ඔහු ක:බාව දෙසට හැරී සලාතය ඉටුකළ යුතු වේ. ක:බාව යනු ලෝකයේ ඉඳි කරන ලද පළමු දේවස්ථානය යි. මෙය සවුදී අරාබියේ මක්කානගරයේ පිහිටා ඇත. ලංකාවේ සිට මෙම ක:බාව පිහිටි දිශාව මෙහි රූප සටහන ආකාරයට වේ. මේ (දිශාව පිලිබදව වැඩි විස්තර සදහා…) පිලිබදව වැඩි විස්තර  පහසු කරන […]

සලාතය සියළු ලිපි

සලාතයේ – අදාන් හා ඉකාමත්

අදාන් හා ඉකාමත් අනිවාර්ය වූ පස්වේල සලාතයට අදාන් හා ඉකාමත් කීම අනිවාර්ය වේ. “සලාතයේ වේලාව පැමිණි විට ඔබලා අතරින් කෙනෙකු අදාන් කියත්වා.” යනුවෙන් නබි (සල්) තුමාණෝ ප‍්‍රකාශ කර ඇත.(බුහාරී 631, මුස්ලිම් 1194. අදාන් වල වැදගත්කම ගැන කියවෙන තවත් හදීසයක් බුහාරී 608 හා මුස්ලිම් 633 අංකවල සඳහන් වේ.) අදාන් යනු සලාතය සඳහා ජනතාව කැඳවීමට ඇති වචන […]

සලාතය සියළු ලිපි

සලාතය සඳහා සුදුසු වස්ත‍්‍රය

සලාතය සඳහා සුදුසු වස්ත‍්‍රය පුරුෂයින්ගේ වස්ත‍්‍රය සලාතය ඉටුකරන විට වස්ත‍්‍රය සඳහා සීමාවන් ඇත.වැඩිපුර ඇඳුම් තිබෙන පිරිමීන් අනිවාර්යෙන්ම උරහිස ආවරණය කරගත යුතුයි.(සාක්‍ෂි : බුහාරී 359, මුස්ලිම් : 894). උරහිස වසා ගැනීමට තරම් වස්ත‍්‍ර නොමැති අය ඉනේ රෙද්දක් බැඳගෙන සලාතය ඉටුකළ යුතුයි.(බුහාරී : 631). සලාතය ඉටුකරන විට අනිවාර්යෙන්ම හිස් වැස්මක් පැලඳගත යුතුය යනුවෙන් සමාජයේ මතයක් පවතී. මෙයට […]

සලාතය සියළු ලිපි

වුළු හා තයමුම් බිඳෙන කරුණු

වුළු හා තයමුම් බිඳෙන කරුණු 1.මළ පහ කිරීම හා මුත‍්‍රකිරීම වුළු හා කයමුම් කර පසු මළ පහ කළ විට හෝ මුත‍්‍ර කර විට වුළු හා තයමුම් බ්ඳෙයි. සලාත් කරන්නේ නම් යළිත් වුළු කරගත යුතු වේ. තයමුම් කරන තත්වයක සිටින කෙනෙක් නම් තයමුම් කරගත යුතුයි.( අල් කුර්ආන් 4:43,5:6 තිර්මිදී 89, අහ්මද් 17396, නාසඊ 127, ඉබ්නු මාජා […]

සලාතය සියළු ලිපි

සලාතයේ වුළු දෝවනය හා තයමුම්

තයමුම් සලාතය සඳහා වුළු අනිවාරය බවත් ස්නානය අනිවාර්ය වූ පුද්ගලයා ස්නානය කළ යුතු බවත් ඉහත මාතෘකා යටතේ සාකච්ජා කළෙමු. නමුත් සමහර අවස්ථාවල වුළු කිරීමට නැත්නම් ස්නානය කිරීමට ජලය නැති වීමට ඉඩ ඇත. එසේම ජලය තිබුනද අධික ශිතල හෝ ලෙඩ රෝගයක් නිසා එය පාවිච්චි කළ නොහැකි තත්වයක් උදාවිය හැකිය. එසේ වුළු කිරීම නිසා හෝ අනිවාර්ය ස්නානය […]

සලාතය සියළු ලිපි

අනිවාර්ය ස්නානය

අනිවාර්ය ස්නානය ස්නානය අනිවාර්ය වූ විට, සලාත ඉටුකළ යුත්තේ ස්නානය කිරීමෙන් පසුවයි. ස්නානය අනිවාරය වූ පුද්ගලයා ස්නානය නොකර සලාතය ඉටුකිරීම නොකළ යුතුය. එසේ ස්නානය නොකර සලාතය ඉටුකලොහොත් එය පිළිගනු නොලැබේ. ස්නානය අනිවාරය වන්නේ කෙසේද? ස්නානය අනිවාරය වූ පුද්ගලයා ස්නානය කළ යුත්තේ කෙසේද? යන කරුණු විමසා බලමු.