අල්-හදීස් වෙබ් අඩවිය


ඉස්ලාම් දහම දිව්‍යමය මඟපෙන්වීම මත ගොඩනැඟුණු දහමකි. එම දිව්‍යමය මඟපෙන්වීම ‘වහී’ යනුවෙන් ඉස්ලාම් හදුන්වන අතර ‘වහී’ ප්‍රධාන ආකාර දෙකකි. එනම්,
සෘජුවම පහල වන දේව වැකි – අල්කුර්ආනය
මුහම්මද් (සල්) තුමාණන්ගේ (අනුමත කිරීම්, වදන් සහ ක්‍රියාවන් යනාදී) ආදර්ශ – අල්හදීස්
ඉහත දෙකෙහි අන්තර්ගතය ඉස්ලාම් වන අතර ඉස්ලාමයේ මූලාශ්‍ර එම අල්කුර්ආනය හා අල්හදීසය පමණි. ඒ අනුව මෙම අඩවිය තුලින් ඉස්ලාමයේ මූලාශ්‍රයක් වන ‘අල්හදීසය’ හෙළ බසින් පරිවර්ථනය කොට ශ්‍රී ලාංකීය ප්‍රජාවගේ දැනගැනීම පිණිස ඉදිරිපත් කිරීම මෙම අඩවියේ අරමුණයි.