09 පාඩම – අර්රහ්මාන් – අර්රහීම් ( අපරමිත දයාන්විතයා, අසමසම කරුණාන්විතයා)

හදීස් අංක 0024 සිට 0026 දක්වා…

0024

නබි (සල්) තුමාණන්ගේ කීමට තමන් සවන් දුන් බව අබූ හුරෛරා (රළි) තුමා ප්‍රකාශ කළේය. “අල්ලාහ් ආදරය කොටස් සියයකට බෙදුවේ ය. (එයින්) කොටස් අනූ අවයක් තමා සතුවම තබාගත්තේ ය ” (ඉතිරි එකම) එක කොටසක් මහපොලොවට පහළ කළේ ය. එම කොටස නිසාවෙනි ඔහුගේ මැවීම් (වන ජීවීන්) තමන් අතර අන්‍යයෝන්‍ය ආදරය දක්වන්නේ. එය කොතරම් ද යන්න පවසනවා නම්, අශ්වයෙකු තම පැටියා පෑගේ  යැයි බියෙන් තම (කකුල්) කුරය ඔසවාගනී. (මෙයත් එම ආදරයේ බලපෑමකි)

(මුතෆකුන් අලෛහි – බුහාරි – 6000 / මුස්ලිම් – 2756)

(බුහාරි සහ මුස්ලිම් යන) එතුමාණ්ලා දෙදෙනාගේ තවත් දැනුම් දීමක මීට වඩා වැඩියෙන් මෙස් සඳහන් වේ. “ අල්ලාහ් සතු ආදරයේ සියල්ල (ඒකක දෙවිව ප්‍රතික්ෂේප කරන) කාෆිර් පුද්ගලයා දැන සිටියේ නම් ඔහු ස්වර්ගය පිළිබඳ බලාපොරොත්තුව අත නොහරින්නට තිබුණි. (එසේම) දඬුවම පිළිබඳ අල්ලාහ් සතු සියල්ල මූමින් (දේව විශවාසවන්තයෙක්) කෙනෙක් දැනගෙන සියියේ නම් ඔහු නිරය පිළිබඳ බියෙන් තොරව සිටින්නට ඉඩ තිබුණි.

(බුහාරි – 6469 /මුස්ලිම් 2755)


ق)  عَنِ أبي هُرَيْرَةَ، قَالَ سَمِعْتُ رَسُولَ اللَّهِ صلى الله عليه وسلم يَقُولُ ‏ “‏ جَعَلَ اللَّهُ الرَّحْمَةَ مِائَةَ جُزْءٍ، فَأَمْسَكَ عِنْدَهُ تِسْعَةً وَتِسْعِينَ جُزْءًا، وَأَنْزَلَ فِي الأَرْضِ جُزْءًا وَاحِدًا، فَمِنْ ذَلِكَ الْجُزْءِ يَتَرَاحَمُ الْخَلْقُ، حَتَّى تَرْفَعَ الْفَرَسُ حَافِرَهَا عَنْ وَلَدِهَا خَشْيَةَ أَنْ تُصِيبَهُ ‏”‏‏.

زاد في رواية لهما (فَلَوْ يَعْلَمُ الْكَافِرُ بِكُلِّ الَّذِي عِنْدَ اللَّهِ مِنَ الرَّحْمَةِ لَمْ يَيْأَسْ مِنَ الْجَنَّةِ، وَلَوْ يَعْلَمُ الْمُؤْمِنُ بِكُلِّ الَّذِي عِنْدَ اللَّهِ مِنَ الْعَذَابِ لَمْ يَأْمَنْ مِنَ النَّارِ.

0025

අල්ලාහ්ගේ වක්තෘ (සල්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෛරා (රළි) තුමා ප්‍රකාශ කළේ ය. “අල්ලාහ් මැවීම් (සියල්ල මවා) අවසන් කළ විට ඔහු සතුව අර්ෂ්ය(නම් ඔහුගේ සිංහාසනෙය) මත තිබෙන තම පොතෙහි නියතවශයෙන්ම මාගේ ආදරය මාගේ කෝපය මැඩපැවෙත් වූයේ යැයි  ලිව්වේ ය. ”

(මුතෆකුන් අලෛහි – බුහාරි – 3194 – මුස්ලිම් – 2751)

‏و في رواية لهما :   سَبَقَتْ غَضَبِي

(බුහාරි සහ මුස්ලිම් වන) එතුමාණ්ලා දෙදෙනාගේ තවත් දැනුම් දීමක “මාගේ කෝපය අභිබවා ගියේය” යැයි සඳහන් වේ.

(බුහාරී – 7422)

عَنْ أَبِي هُرَيْرَةَ ـ رضى الله عنه ـ قَالَ قَالَ رَسُولُ اللَّهِ صلى الله عليه وسلم ‏ “‏ لَمَّا قَضَى اللَّهُ الْخَلْقَ كَتَبَ فِي كِتَابِهِ، فَهْوَ عِنْدَهُ فَوْقَ الْعَرْشِ إِنَّ رَحْمَتِي غَلَبَتْ غَضَبِي ‏”‏‏.‏

0026

(වරෙක) සලාතය (යාක්ච්ඥාව) සඳහා නබි (සල්) තුමාණෝ සිටගත්හ. එතුමාණෙන් සමග අපිත්  සිටගත්තෙමු. එවිට සලාතයේ යෙදී සිටී කාත්තාරවාසී අරාබි ජාතිකයෙක් “ දෙවිඳුනී! මා හට හා මුහම්මද් හට (පමණක්) ආශිරවාද කරනු මැනව.! අප සමග වෙන කිසිවෙකු හට ආශිර්වාද නොකරනු මැනව!” යැයි  (ප්‍රාර්ථනා කරමින්) ප්‍රකාශ කළේ ය. නබි (සල්) තුමාණෝ සලාම් දුන් විට‍ (එනම් යාක්ච්ඥව අවස්න කළ විට)  , එම කාත්තාරවාසී අරාබි ජාතිකයා හට “අති විශාල දෙය එනම් අල්ලාහ්ගේ ආශිර්වාදය ඔබ සීමා කළේ ය” යැයි ප්‍රකාශ කළහ.

(බුහාරී – 6010)


٢٦ – (خ) – عن أَبَي هُرَيْرَةَ قَالَ قَامَ رَسُولُ اللَّهِ صلى الله عليه وسلم فِي صَلاَةٍ وَقُمْنَا مَعَهُ، فَقَالَ أَعْرَابِيٌّ وَهْوَ فِي الصَّلاَةِ اللَّهُمَّ ارْحَمْنِي وَمُحَمَّدًا، وَلاَ تَرْحَمْ مَعَنَا أَحَدًا‏.‏ فَلَمَّا سَلَّمَ النَّبِيُّ صلى الله عليه وسلم قَالَ لِلأَعْرَابِيِّ ‏ “‏ لَقَدْ حَجَّرْتَ وَاسِعًا ‏”‏‏.‏ يُرِيدُ رَحْمَةَ اللَّهِ‏

...>>>