ඉස්ලාම් පවසන දේව විශ්වාසය

0

මිනිසාගේ බුද්ධීය දිනෙන් දින දියුණු වෙත්ම වඩ වඩාත් මත බේදයන්ට හා අභියෝගයන්ට තුඩුදෙන කාරණයක් බවට “දේවවාදය” පත්වෙමින් පවතී. එක් පසකින් දේව වාදයට පාක්‍ෂිකව පිරිසක් කරුණු ඉදිරිපත් කරද්දී තවත් පසෙකින් එයට විවේචනයන් හා අභියෝගයන් ඉදිරිපත් වෙමින් පවතී. මිනිසා බුද්ධියේ වර්ධනයත් සමග දේව විශ්වාසය හා බැදුනු මන:කල්පිතයන් හා පුරාවෘත්තයන් පිලිබදව මිනිසා වඩ වඩාත් බුද්ධිමත්ව සිතන්නට විය. එසේ සිතීමේ ප‍්‍රථිපලයක් ලෙස එක් පසකින් එම විශ්වාසයන් ප‍්‍රශ්නාර්ථයක් වන ගමන් එම ආගම් ද ප‍්‍රශ්නාර්ථයක් බවට පත්විය. මෙහි අනිසි ප‍්‍රථිපලයක් ලෙස මිනිසා අදේව වාදයට තල්ලූවිය. මෙවැනි තත්වයකට මිනිසා පත්වීමට අතීතයේ පැවතී විශ්වාසයන් වන හිරු, සදු, ගස්, ගල්, ගින්දර… ආදී දෑ දේවත්වයෙන් සලකා වන්දනාමාන කිරීම මෙන්ම අද පවතින දේව වාදයන් ද බොහෝසේ පිටිවහලක් විය. උදාහර්ණයක් ලෙස එදා බ‍්‍රාහ්මණ සමාජයේ පැවතී විශ්වාසය වන බ‍්‍රාහ්මයාගේ කටින් මැවු පිරිස බ‍්‍රාහ්මණයෝ, අත්දෙකෙන් මැවු පිරිස ක්ෂත‍්‍රීයෝ, කලවාවලින් මැවු පිරිස වෛශ්‍යයෝ, හා යටිපතුලින් මැවු පිරිස ක්ෂුද්‍රයෝ යන විශ්වාසය ගෙනහැර දැක්විය හැක. මෙවැනි විවිධ ආකාරයේ දේව සංකල්පයන් හමුවේ වල්මත්වී ගිය සමාජය ඉස්ලාම් දහම පවසන දේව විශ්වාසයත් එවැනිම දේව සංකල්පයක් යයි උපකල්පනයේ හිද ඉස්ලාම් හි දේව විශ්වාසය ද විවේචනය කිරීමට අද සමාජය පෙළඹී සිටි. එම නිසා මෙවැනි පදනම් විරහිත විවේචකයන් හට ඉස්ලාම් පවසන දේව විශ්වාසය කුමක්ද? එය අවබෝධ කරගත යුත්තේ කෙසේද? වැනි කරුණු පිලිබදව පුර්ණ අවබෝධයක් ලබාදීමත් සමාජයට මේ පිලිබදව දැනුවත් කිරීමත් මුස්ලීම්වරුන්ට පැවරෙන අනිවාර්‍ය වු වගකීමකි.

එසේම දේව විශ්වාසය පිලිගන්නා සමාජයේ සිටින බහුතරයක් තම දහම කෙරෙහි තිබෙන අනවබෝධය නිසාත් දේව විශ්වාසය කෙසේ වෙතත් අන්‍ය ආගමිකයින් සමග තමාගේ ඇති සාමුහිතක්වය පෙන්වීම සදහාත් ජනප‍්‍රිය මතයක් ඉදිරිපත් කරයි. එනම් “සියලූ ආගම් එකයි හැම ආගමේම කියන්නේ එකම දේ තමයි” යනුවෙන් පවසයි. මෙය බැලූ බැල්මට සත්‍යයක්සේ පෙනුනත්, අද ලොව පවතින ආගම්වල විශ්වාසයන් පිලිබදව මධ්‍යස්ථව හිද අවධානයක් යොමුකලේ නම්, ඉහත වාදය කිසිසේත් ප‍්‍රයෝගික විය නොහැකි හිස් වචනයක් පමණක්ම බව හොදින් පැහැදිලි වේ. මන්ද එක් ආගමක් බහුදේව වාදය පවසද්දී තවත් ආගමක් ඒකදේව වාදය ඉදිරිපත් කරයි. එසේම තවත් දහමක් “දෙවියන් යනු බලයක් නොමැති දුර්වල වු මැවීමක්, ඒ දෙවියන්ට ප‍්‍රබලවු ශක්තීන් නැත. විටෙක ඔවුන් මිනිසුන්ට වඩා දුර්වලයි. කොතරම් දුර්වලද යයි පවසනවා නම් මිනිසුන්ගෙන් ලැබෙන පිං අනුවයි ඔවුන් ජීවත් වන්නේ.” යනුවෙන් පවසයි. “සියල්ලෙහිම බලධාරියා ඔහුයි, ඔහු සුපිරි බලයක්, සර්වඥානියෙක්” යයි තවත් දහමක් පවසයි. ඉහත මතයන් සියල්ල වර්ථමාන ලාංකීය සමාජයේම දක්නට ඇත. මෙම මතයන් සියල්ල එකින් එකට පරස්පරය. එසේම ඉහත මතයන් දරණ කිසිදු දහමක් තවත් දහමක ප‍්‍රතිපත්තීන් නිවරැදි  යයි ද නොපවසති. එනම් සෑම ආගමක්ම තමන්ගේ මාර්ගය හරියයි පවසනවා මිස, සියලූ මාර්ගයන් නිවරැදි  දි යයි කිසිසේත් නොපවසයි. එවන් තත්වයක අප ඉදිරියේ බැරෑරුම් ප‍්‍රශ්නයක් ඇත. එනම්,

මේවා අතුරින් නිවරැදි මාර්ගය කුමක්ද? එය දෙමාපියන්ගෙන් උරුම වු මාර්ගයද?

අද අපට බොහෝ විට පිලිපදින්නේ මා පියන්ගෙන් උරුම වු මාර්ගයයි. මෙය අන්ධ වු භක්තියක. තවදුරටත් එලෙසම ජීවත්වී මියයනවාද? එසේත් නැත්නම් නිවරැදි මාර්ගය අවබෝධ කරගන්න උත්සාහ කරනවාද? මෙම ගැටලූව විසදා නොගන්නේ නම් අප කුමණ දහම අනුගමනය කලත් මරණින් මතු ජීවිතය ප‍්‍රශ්නාර්ථයක් වනවා නියතය. මේ හේතුව නිසා දේව ව්ශ්වාසය කෙරෙහි බුද්ධිමත් අවධානය යොමුකිරීම මිනිසාගේ මුලිකම අවශ්‍යතාවයක් වී ඇත. මෙවැනි අවස්ථාවක ඉස්ලාම් හි දේව විශ්වාසයේ ස්ථාවරය කුමක්ද? යන්නත්, එසේ ඉස්ලාමීය දේව විශ්වාසය ඉදිරිපත් කරද්දී එයට විරුද්ධව එල්ලවන චෝදනාවන් කුමක්ද? යන්නත්, එම චෝදනාවල ඇති සාධාර්ණත්වය කොපමණද? යන්නත් පිලිබදව සමාජය දැනුවත් කිරීමේ අනිවාර්‍ය වගකීම මුස්ලීම්වරුන් වෙත පැවරී තිබේ.

ඉස්ලාම් පවසන දේව වාදය

ඉස්ලාම් දහමේ විශ්වාසය අනුව දෙවියන් “අල්ලාහ්”, “Allah” යනුවෙන් හදුන්වයි. අද අප සමාජය විශ්වාස කරන විවිධ දෙවිවරුන් විවිධ භාෂාවලින් විවිධ ආකාරයට හදුන්වනු ලබයි. නමුත් ඉස්ලාම් දහම පවසන දෙවියා ඕනෑම භාෂාවකින් හදුන්වනු ලබන්නේ “අල්ලාහ්” යනුවෙන් පමණි. මෙම “අල්ලාහ්” යන පදය වෙන කිසිවක් සදහා නොයෙදෙන එසේම යෙදිය නොහැකි වචනයකි. මන්ද දෙවියන් “God” යන පදය සැලකුවිට දෙවිවරුන් ^Gods&යන බහුවචනයක්ද, දේවතාවිය “Goddess” යන ස්ත‍්‍රි ලිංග බේදයක්ද ඇත. නමුත් “අල්ලාහ්” යන පදයට බහු වාචික පදයක් හෝ ලිංග බේදයක් හෝ නැත. මෙය දෙවියන්ගේ අසමසම බවට එක් නිදසුනකි. එම අසමසම දෙවියන් වු අල්ලාහ් දෙවියන් තමා හදුන්වාදීමේ දී ශුද්ධ වු කුර්ආනයේ 40:64,65 හි මෙසේ පවසයි.

“අල්ලාහ් (දෙවියන්) නුඹලාට පොළොව වාසස්ථානයක්ද අහස වියනක්ද කලේය. තවද ඔහු නුඹලාව මුර්තිමත්කොට නුඹලාගේ ස්වරූපය අලංකාර කොට යහදෙයින් නුඹලාට සම්පාදනය කලේය. ඔහුයි නුඹලාගේ හිමි අල්ලාහ්. සියලූ ලොවෙහි අල්ලාහ් අති ශ්‍රේෂ්ඨය. ඔහු සදාතනිකය, ඔහු හැර වෙන දෙවියෙක් නැත.”

ඉහත කුර්ආන් වාක්‍යයෙන් දෙවියන් තමා “අල්ලාහ්” යනුවෙන් හදුන්වාදීමෙන් නතර නොවී තවත් සුවිශේෂ වු කරුණක් ඒ හා බද්ධ කොට පවසයි. එනම් “මා හැර වෙන දෙවියෙක් නැත” යන්නයි. ඉස්ලාම් ඒකදේව වාදය මුලික පදනමක් කරගත්, බහුදේව වාදය ප්‍රතික්ෂේප කරන දහමකි. ඉස්ලාමයේ ඉගෙන්වීමට අනුව “අල්කුර්ආනය” යනු දෙවියන්ගේ වාක්‍යයන් පමණක් අන්තර්ගත වු ශුද්ධවු ග‍්‍රන්ථයකි. එහි සදහන් ආකාරයට ආරම්භ මිනිසාගේ පටන් දහස් ගනන් වක්තෘවරුන් (දුතයන්) එවන ලද්දේ මෙම ඒකදේව වාදය පොළොවෙහි ස්ථාපනය කිරීම සදහාය. එය ශුද්ධවු කුර්ආනයේ 21:25 හි මෙසේ සදහන් වේ.

“මා හැර වෙන දෙවියෙක් නැත, යන්න පවසා මිස දේව දුතයකු නොඑව්වෙමු. ”

මෙසේ ඉස්ලාම්, දේව වාදය ඉදිරිපත් කරද්දී ඉස්ලාම් හි දේව විශ්වාසය කුමන ආකාරයේ ද යන්න අවබෝධ කරගැනීම ද ඉතා වැදගත් කාරනයකි. මන්ද ඉස්ලාම් පවසන දේව වාදය පිලිබදව කිසිදු අවබෝධයක් නොමැති තමන් විද්වතුන් යයි පවසා ගන්නා ඇතම් පිරිස් එදා අතීත නොදියුණු මිත්‍යාවන් හි ගිලී පැවති බ‍්‍රාහ්මණ සමාජයේ විශ්වාසයන් වන මිනිස් මැවීම මහා බ‍්‍රහ්මයාගේ මුඛයෙන්, අත් දෙකෙන්, කලවාවලින් හා යටිපතුලෙන් යන එම මිත්‍යා විශ්වාසය ඉස්ලාම් දහම ද පවසන බව උපකල්පනය කරමින් ඉස්ලාම් දහමේ දේව වාදය විවේචනය කරයි. මෙසේ විවේචනයන් ඉදිරිපත් කරන්නන් අතර බෞද්ධයින් ප‍්‍රධාන තැනක්ගනී. බෞද්ධයින් එසේ විවේචනය කිරීමට ප‍්‍රධාන හේතුන් 02ක් ද ඇත. එනම්,

  • දේව වාදය කෙරෙහි බෞද්ධයින් තුල තිබෙන දුර්වල වු විශ්වාසය. (එනම් දෙවිවරුන්ට වඩා උතුම් වු ස්ථානයක් තමා බුදුබව ලැබීම. එම තත්වය ලබාගැනීම සදහා දෙවිවරුන් ද පෙරුම් පුරයි. එසේම දෙවිවරුන් ජීවත්වීම සදහා මිනිසුන්ගේ පිං ද අවශ්‍ය වේ)
  • බ‍්‍රහ්මණ සමාජයේ මහා බ‍්‍රහ්ම විශ්වාසය එදා ගෞතම බුදුන් කාල වකවානුවේ ඉන්දියාවේ පැවතී අන්ධ විශ්වාසයකි. එදා ගෞතම බුදුන්හට කරන්නට සිදුවුයේ මෙම මිත්‍යා මතයෙන් ජනයා මුදවා ගැනීමයි. ඒ සදහා එම මහා බ‍්‍රහ්ම විශ්වාසය දැඩිව විවේචනය කිරීමටද සිදුවිය.

ඉහත සදහන් හේතුන් නිසා අද බහුතරයක් බෞද්ධයින් තුල ඇත්තේ දුර්වලූ වු දේව විශ්වාසයකි. නමුත් බුදු දහම පවසන දේව වාදය හා එදා බ‍්‍රහ්මණ සමාජයේ පැවති දේව විශ්වාසය ඉස්ලාම් දහම පවසන දේව වාදයට වඩා පරස්පර වු එකකි. එම නිසා ඉස්ලාම් හි දේව වාදය විවේචනය කිරීමට නම් ඊට ප‍්‍රථමයෙන් ඉස්ලාම් පවසන දේව විශ්වාසය කුමක්ද? යන්න පිලිබදව අධ්‍යනය කිරීම කල යුතු අනිවාර්‍ය කාරණයකි.

ඉස්ලාම් දහම උගන්වන දේව විශ්වාසය වන්නේ “දෙවියා” යනු “සර්වබලධාරීයා” යන්නයි. එනම් සියල්ල කෙරෙහි බලය ඔහු සතුය ඔහු සර්වපාලකයාය එනම් මුළු විශ්ව පාලනයම ඔහු සතුය, ඔහු සර්වඥානියාය, එනම් සියල්ල කෙරෙහි (අතීතය, වර්ථමානය හා අනාගතය පිලිබදව) ඥානය ඔහු සතුය, ඔහු මැව්ම්කරුවාණන්ය, එනම් සියල්ල මවන ලද්දේ ඔහු විසිනි, ඔහු සදාකාලිකය, එනම් ඔහුට ආරම්භයක් මෙන්ම අවසානයක්ද නැත, ඔහුට කිසිවක් (පිං, ළමයි, බිරිද, දෙමාපියන්, ආහාර…) කෙරෙහි අවශ්‍යතාවයක් නැත්තේය, ඔහුව කිසිවකටත් සමකල නොහැක. එසේම කිසිවක් ඔහුට සමකල නොහැක. ඔහු ජාතක නොකරන්නේය, ඔහුද ජාතක කරනු නොලැබීය, ඔහු මහා කාරුණිකය, පරම දයාලූය… මේ ආකාරයට පෙලගස්සාගෙන යාහැකි වුවත් ලිපිය දීර්ඝ වීම සැලකිල්ලට ගෙන ප‍්‍රධානම කරුණු කිහිපයක් පමණක් ඉහතින් සදහන් කර ඇත්තෙමු. සියල්ල කෙටිකොට පවසනවා නම් සියල්ලෙහිම ශ්‍රේෂ්ඨතමයා “දෙවියාය”. ඉහත සදහන් මුලික කරුණු කෙටිකොට ශුද්ධ වු කුර්ආනයේ කුඩා පරිච්ඡේදයක එනම් 112:1 සිට 4 දක්වා දෙවියන් මෙසේ පවසයි.

“ඔහු ඒකීය යයි කියව. ඔහු සදාකාලිකය. ඔහුගේ බලය අසීමිතය. ඔහු ජාතක නොකරන්නේය. ඔහුද ජාතක කරනු නොලැබීය. ඔහුට සමාන වන කිසිවක් නැත.”

මෙසේ ඉස්ලාම් හි දේව විශ්වාසය ඉදිරිපත් කරද්දී, අතීතයේ මෙන්ම වර්ථමානයේද සමාජය මතුකරන ජනප‍්‍රිය ප‍්‍රශ්න කිහිපයක් ඇත. එනම්,

  • දෙවියන් බිහිවුයේ කෙසේද ?
  • දෙවියන්හට දරුවන්, බිරිදක් (පවුලක්) නොවුයේ මන්ද ?
  • සියල්ල එකම දෙවියන් ඉටුකිරීම ප‍්‍රායෝගිකද ?
  • බහුදේව වාදය ඉස්ලාම් ඇයි ප්‍රතික්ෂේප කරන්නේ ?
  • දෙවියන් මොනවගේද ?
  • මිනිසුන් අතරින්ම දෙවියන් නොආවේ ඇයි ?

ඉහත ප‍්‍රශ්නයන්වල ඇති සාධාර්ණ බව කොපමණද? යන්නත් ඉස්ලාම් දහම මේ පිලිබදව කුමක් පවසනවාද? යන්නත් දැන් අවධානය යොමු කරමු.

දෙවියන් බිහිවුයේ කෙසේද ?

මෙය අදේව වාදීන් මතුකරන ජනප‍්‍රිය ප‍්‍රශ්නයකි. ඉස්ලාම් දහමේ උගන්වීමට අනුව දෙවියන්හට ආරම්භයක් මෙන්ම අවසානයක්ද නැත. ඔහු සදාකාලිකය. මේ නිසා එම ප‍්‍රශ්නයටම ඉස්ලාම් දහම තුල ඉඩක් නැත. මෙවැනි ප‍්‍රශ්නයක් මිනිසුන්හට ඇතිවන්න ප‍්‍රධාන හේතුවක් ඇත. එනම් මිනිසා, මිනිසාට සාපේක්‍ෂව දෙවියන් දෙස බැලීමයි. නමුත් දෙවියන් යනු සියලූම ආකාරයේ දුර්වලතාවයන්ගෙන් බැහැර වු සුපිරි ශක්තියකි. අද මිනිසුන් බිහිවීමට හේතුවන දෙමව්පියන් සිටිනවාසේ ඇයි දෙවියන්හට දෙමව්පියන් නැත්තේ? යන්න මොවුන්ගේ ප‍්‍රශ්නවල පසුබිමයි. දෙවියන්හට දෙමවපියන්ගේ අවශ්‍යතාවය ඇත යන්න දුර්වලතාවයකි. මන්ද අවශ්‍යතාවයක් ඇත යන්න එහි දුර්වලතාවයක් තිබේ යන්නයි. දුර්වලතාවයක් ඇත්තෙකු දෙවියෙක් විය නොහැක. මේ අනුව දෙවියන් යනු දුර්වලතාවයන් හා අවශ්‍යතාවයන්ගෙන් බැහැර වුවකි. එම නිසයි ශුද්ධවු කුර්ආනයේ,

“ඔහු ජාතක නොකරන්නේය. ඔහුද ජාතක කරවනු නොලැබීය’”

යනුවෙන් පවසන්නේ.

මෙවැනි ප‍්‍රශ්නයන් සමාජය තුල බුද්ධිමත් තර්කයන් ලෙස මතූකල ද ඉන් පෙනී යන්නේ මිනිසාට දෙවියන් කෙරෙහි තිබෙන අනවබෝධයයි. මෙවැනි ප‍්‍රශ්න මතු කරන්නන් අතර ශ‍්‍රී ලාංකීය බෞද්ධයිනගෙන් ද සැලකිය යුතු පිරිසක් සිටි. බෞද්ධයින් මතු කරන මෙම ප‍්‍රශ්නය සදහා ඔවුන් පිලිගන්නා දහම තුලම මෙම ප‍්‍රශ්නයට පිලිතුරු ඇත. එනම් බුදුදහමට අනුව ජීවි උපත් ආකාර 04කට සිදුවේ. එනම් අණ්ඩජ, ජලාබුජ, සංසේදජ හා ඕපපාතික යන්නයි. මෙහි ඕපපාතික අවස්ථාව යනු දෙමාපියන් නොමැතිව ජීවියකු පහලවන අවස්ථාවයි. බෞද්ධ විශ්වාසයට අනුව මේ ඝනයට දෙවියෝ, භූතයෝ හා බ‍්‍රහ්මයෝ අයත්බව විශ්වාස කෙරේ. ඒ අනුව බුදුදහමේ සදහන් ආකාරයට බැලූවත් දෙවියන් යන්න දෙමාපියන්ගෙන් තොරවු නිර්මාණයකි. ඉස්ලාම් දහම, බුදුදහමේ පවසන ආකාරයේ දෙවියන්ගේ බිහිවිම තරයේ ප‍්‍රතික්‍ෂේප කරන අතර ඉස්ලාමයේ විශ්වාසය වන්නේ දෙවියන් යනු ආරම්භයක් මෙන්ම අවසානයක් නැති “ඔහු සදාකාලීන” යන්නයි.

දෙවියන්හට පවුලක් නොවුයේ මන්ද ?

මෙයද ඉතහ ප‍්‍රශ්නයට සමාන ප‍්‍රශ්නයකි. මෙම ප‍්‍රශ්නයටද හේතුව මිනිසාට දෙවියන් පිලිබදව තිබෙන අනවබෝධය හා මිනිසා, මිනිසාට සාපේක්‍ෂව දෙවියන් දෙස බැලීමයි. මිනිසාට බිරිදක් පවුල් ජීවිතයක් තිබෙනවාසේ ඇයි දෙවියන්ට නැත්තේ?. යන්න මෙම ප‍්‍රශ්නයේ පසුබිමයි. මුලින්ම මිනිසාට පවුලක් එසේත් නැත්නම් ඇයි බිරිදකගේ හා දරුවකුගේ අවශ්‍යතාවය ඇතිවන්නේ?. යන ප‍්‍රශ්නයට අවධානය යොමු කලේ නම් ප‍්‍රධාන වශයෙන් මිනිසාට රාගය නැමති දුර්වලතාවය ඇතිවේ. එවිට කාමසේවනයේ යෙදීමට අවශ්‍ය වේ. ඒ සදහා බිරිදකගේ අවශ්‍යතාවය ඇතිවේ. තමන් මහලූවියට පත්වන විට තමාව රුකබලා ගැනීම සදහා දරුවකුගේත් එම දරුවා බිහිකිරීම සදහා බිරිදකගේත් අවශ්‍යතාවය ඇතිවේ… මේ ආකාරයට අනන්තවු දුර්වලතාවයන් හේතු කොටගෙන ඇතිවු අවශ්‍යතාවයන් සදහා මිනිසාට පවුලකගේ අවශ්‍යතාවය ඇතිවේ. නමුත් ඉස්ලාම් දහමේ විශ්වාසයට අනුව දෙවියන් දුර්වලතාවයන්ගෙන් බැහැර වුවකි. එමනිසා පවුලකගේ අවශ්‍යතාවය දෙවියටන්ට ඇති නොවේ.

ලාංකීය සමාජයේ තවත් ප‍්‍රධාන දහමක් වන ක‍්‍රිස්තියානිවරුන්ගේ ද ඉස්ලාම් දහම පවසන ආකාරයේ දේව විශ්වාසයක් පැවතුනත්. එහි ද සමහරක් නිකායවාදිහු දෙවියන්ගේ දරුවෙකි යේසුස් (නබි ඊසා (අෙලෙ)) තුමා යයි පැවසීම තුල. ඔවුන් හා ඉස්ලාම් අතර පරස්පරතාවයක් ඇති වේ. එනම් ඔවුන් ත‍්‍රීත්වය නම් සංකල්පයක් ඉදිරිපත් කරමින් යේසුස් (නබි ඊසා (අෙලෙ) තුමා දෙවියන්ගේ පුත් බව විශ්වාස කරයි. මෙම ක‍්‍රිස්තියානිවරුන්ගේ විශ්වාසය ශුද්ධ වු කුර්ආනය 4-171 දේව වාක්‍ය මගින් තරයේ ප‍්‍රතික්‍ෂේප කරයි. එනම්,

“අල්ලාහ් (දෙවියන්) ගැනද, ඔහුගේ රසුල්වරයා (වක්තෘ) ගැනද විශ්වාස කරවු. (දෙවියන්) ‘තිදෙනෙකු’ යයි නොකියවු. ඇත්තෙන්ම අල්ලාහ් එකම දෙවියෙක්මය. ඔහුට දරුවකු සිටීමෙන් ඔහු සුවිශූද්ධය.”

ඉහත කිතු දහමේ විශ්වාසය වන දෙවියන්ට දරුවකු සිටී යන්නත්, ඔහුටද දේව ශක්තීන් තිබුනා යන්නත්, ඉස්ලාම් ප‍්‍රතික්‍ෂේප කරන අතර ඔහු එම දුර්වලතාවයෙන් සුවිශුද්ධ බවද ඉස්ලාම් තරයේ පවසා සිටී.

සියල්ල එකම දෙවියන් ඉටුකිරීම ප‍්‍රායෝගිකද ?

මෙවැනි ප‍්‍රශ්නයක් ද ඉදිරිපත්වීමට ප‍්‍රධාන හේතුව දෙවියන් පිලිබදව මිනිසාට තිබෙන අනවබෝධයයි. එනම් දෙවියන්ට ද ඇත්තේ මිනිසුන්ට සමාන ශක්තීන් හා හැකියාවන් පමණක් යයි උපකල්පනය කරගෙන සිටීමයි. මිනිසාට කුමක් කලහැකිද, එයම තමා දෙවියන්ටත් කල හැක්කේ යයි අප සිතන්නේ නම් එවැනි දෙවියෙකුගේ අවශ්‍යතාවය මිනිසාට ඇති නොවේ. මන්ද මිනිසා දෙවියන්ගෙන් බලාපොරොත්තු වන්නේ තම ශක්තියෙන් ඉටුකල නොහැකි, තම හැකියාවෙන් පමණක් ලබාගත නොහැකි යම් කාර්‍යයක්, ඉලක්කයක් දෙවි පිහිටෙන් ඉටුකර ගැනීමයි. එසේ එය සිදුවීමට නම් දෙවියා යනු මිනිස් ශක්තීන්, හැකියාවන් හා බුද්ධීන් ඉක්ම වුවක් වියයුතුය.

සුපිරි නිර්මාණයක් යයි පවසන මිනිසා සැබැවින්ම එක් අන්තයකින් සුපිරි වුවත් තවත් අන්තයකින් දුර්වලයෙකි. ඔහුගේ පෙනීම, ඇසීම… මේ සියල්ල ඇත්තේ සැබැවින්ම දුර්වල මට්ටමකය. මිනිසාගේ පෙනීම දෙස අවධානය යොමු කලේ නම් ඔහුට වඩාත් දුර මෙන්ම වඩාත් සමීපවද දැකිය නොහැක. උදාහර්ණයක් ලෙස වඩා දුරයන අහස් යානයක් දැකිය නොහැක. එසේම තම ඇස්කන්නාඩියේ ඇති කුණු කන්නාඩිය ගලවා බැලීමෙන් මිස දැකිය නොහැක. එසේ නම් මිනිසාගේ දැකීම සීමා සහිතයි. ඇසීම වුවද එසේමය යම් සංඛ්‍යාතයකට වඩා වැඩි වුවත් අඩුවුවත් ඇසිය නොහැක. එසේම දරුවන් දෙදෙනෙකු එක් ස්ථානයක දබරවේ නම්, එසේත් නැත්නම් කථා කරමින් සිටීනම්, ඒ දෙදෙනාගේ ක‍්‍රියාවන් අප එකවිට අධීක්‍ෂණය කරන්නෙමු. එසේම ඒ මොහොතේ දුර ප‍්‍රදේශයක සිදුවන සිදුවීමක් අධීක්‍ෂණය කිරීමට හෝ සවන්දීමට අපට නොහැක. නමුත් ඉස්ලාමීය විශ්වාසය අනුව දෙවියන් මේ විශ්වයෙහි සියල්ල එකවිට අධීක්‍ෂණය කිරීමටත් සියලූ දෙනාගේ ප‍්‍රාර්ථනයන් එකවිට සවන්දීමටත් ශක්ති සම්පන්නය.

මෙය ඇසු පමණින් මුස්ලීම් නොවන්නන් හට එය පිලිගැනීමට තරමක් අපහසු වනු ඇත. එයට හේතුව ඉස්ලාම් භක්තිකයින් හැර අන් සියලූම ආගමිකයින් දෙවියන් අවබෝධ කරගෙන සිටින්නේ මිනිසාට සාපේක්‍ෂව වීමයි. එනම් මිනිසා දෙවියන් දකින්නේ “මිනිසාට කල නොහැකි දෑ දෙවියන්ටත් කල නොහැක” යන පදනමේ හිදයි. මිනිසා, දෙවියන් සම්බන්ධයෙන් ඉහත සදහන් ආකාරයේ ශක්තීන්, බලයන් ඇති බව අවබෝධ කරගන්න මැලිවුවත්, දෛනික කටයුතුවල දී මිනිසා මෙය ප‍්‍රායෝගිකව අවබෝධ කරගෙන සිටී. උදාහර්නයක් ලෙස අෆ්ගනිස්ථානයේ තිබෙන අවිආයුද ඇමරිකාව “චන්ද්‍රකා” මගින් නිරීක්‍ෂණය කරන බව කිසිවෙක් පැවසුවා නම්. ඒ සැනින් එය අවබෝධ කරගන්නේමු. එසේ අවබෝධ කරගන්නා අපහට මේ සංකීර්ණ වු විශ්වය මවා එහි මෙම චන්ද්‍රිකා පවා නිර්මාණය කල හැකි බුද්ධිමත් වු මිනිසාව මැවු දෙවියන්හට මෙම ශක්තිය නැතැයි සිතීම දෙවියන් පිලිබදව හා දේව ශක්තිය පිලිබදව තිබෙන අනවබෝධය හා කෙසේ හෝ දේව වාදය ප‍්‍රතික්‍ෂ්ප කලයුතුයි යන අන්තවාදීත්වය පැහැදිලි කරනවා මිස දේව විශ්වාසය හෝ දේව ශක්තිය ප‍්‍රතික්‍ෂේප කිරීමක් මින් සිදු නොවේ.

බහුදේව වාදය ඉස්ලාම් ප‍්‍රතික්‍ෂේප කරන්නේ ඇයි ?

ආදී මිනිසාගේ පටන් මිනිසා සෑම කලකම ප‍්‍රීය කලේ සාමුහිකව ජීවත් වීමටයි. මන්ද මිනිසාට ජීවත්වීම සදහා අන් අයගේ සහයෝගය ද අවශ්‍ය විය. මේ නිසා තනිව ජීවත්වීම මිනිසාහට දුෂ්කර වු කාර්‍යයක් විය. මිනිසාගේ එම දුර්වලතාවය හි ප‍්‍රතිඵලයක් ලෙස මිනිසාට සාපේක්‍ෂව දෙවියන් දෙස බැලූ මිනිසාහට, එකම දෙවියෙක් සියල්ල ඉටුකරන්නේ කෙසේද? යන සැකය ඇතිවිය. එහි ප‍්‍රතිඵලයක් ලෙස බහුදේව වාදය සමාජයේ ස්ථාපනය විය.

ඉස්ලාම් පවසන දේව වාදය අවබෝධ කරගැනීමට නම් ප‍්‍රථමයෙන් දෙවියන්, සාපේක්‍ෂව බැලීමෙන් බැහැර විය යුතුයි. මිනිස් මැවීම යනු දෙවියන්ගේ අනන්තවු මැවීමන්වලින් එකක් පමණි. ඒ අනුව මිනිසාට සාපේක්‍ෂව බැලීම යන්න තාර්කිකව බැලූවත් එය වැරදිය. එසේ නම් දෙවියන්ගේ සැබෑවටම අවබෝධ කරගත හැක්කේ කෙසේද?. මේ පිලිබදව බුද්ධිමත් ආකාරයට අවධානය යොමු කරමු. එනම් වඩාත් ප‍්‍රායෝගික වන්නේ ඒක දේව වාදයද? බහු දේව වාදයද?

ප‍්‍රථමයෙන් බහුදේව වාදයේ අවශ්‍යතාවය කුමක්ද?, යන්න පිලිබදව අවධානය යොමු කලේ නම්, එයට ප‍්‍රධානම හේතුව “සියල්ල එකම දෙවියෙකු විසින් ඉටුකල නොහැක” යන විශ්වාසයයි. එය එසේ නම් දෙවියන්හට දුර්වලතාවයක් ඇත. ඉස්ලාමීය විශ්වාසය අනුව දුර්වලතාවයන් හා අවශ්‍යතාවයන් ඇත්තෙකු දෙවියෙක් විය නොහැක. එසේම දෙවියෙක් නම් නියත වශයෙන්ම ඔහු දුර්වලතාවයන්ගෙන් හා අවශ්‍යතාවයන්ගෙන් බැහැරවුවකි. දුර්වලතාවයන් හා අවශ්‍යතාවයන් නොමැති නම් තවත් දෙවියෙකුගේ අවශ්‍යතාවයක් ඇති නොවේ. ඒ අනුව විශ්ව පාලනය සදහා තවත් දෙවිවරුන්ගේ අවශ්‍යතාවය ඇති නොවේ. එසේ නම් ප‍්‍රායෝගික වන්නේ ඒකදේව වාදය මිස බහුදේව වාදය නොවේ.

තර්කයක් සදහා බහුදේව වාදය නිවරුදි යයි සැලකුවේ නම්. දෙවියන් යනු සුපිරි බලයකි. මෙවන් සුපිරි බලයන් කිහිපයක් එකවිට මෙම විශ්වය පාලනය කරන්න අවශ්‍ය වේ යයි උපකල්පනය කලානම්. පෘථිවිය සදහා එක දෙවියෙක්, සුර්්‍යා සදහා වෙනත් දෙවියෙක්, වෙනත් ග‍්‍රහයින්ට හා මන්දාකිණී සදහා වෙන වෙනම දෙවිවරුන් නම් ඇති වන තත්වය මොහොතක් සිතා බලන්න. එම මොහොතේම එහි පාලනයන් අවුල්වී එකින් එක ගැටී ලෝක විනාශය ඒ මොහොතේම සිදුවනු ඇත. මෙය පහසුවෙන් අවබෝධ කරගැනීම සදහා ස්වාධිනව කටයුතු කරන දුම්රිය පාලකවරන් දෙදෙනෙකු පිලිබදව එසේත් නැත්නම් වාහන තදබදයක් පවතින හතරමං හන්දියක එක ස්ථානයක වාහන හසුරවන පොලිස් මහත්වරුන් දෙදෙනෙකු පිලිබදව උපකල්පනය කර බලන්න. ප‍්‍රථිපලය කුමක්ද? එම වාහන එකින් එක ගැටී මහා විනාශයක් සිදුවනු ඇත. මේ සාමාන්‍ය මාර්ගයක සිදුකරන වාහන පාලනයකම තත්වය මෙයනම් සංකීර්ණ ගමන් මාර්ගයන් පවතින විශ්වයේ ක‍්‍රියාකාරීත්වයට කුමක් වේද?. මේ අනුව විශ්ව පාලනය සදහා වුවද ප‍්‍රායෝගික වන්නේ ඒකම දේවියා යන සංකල්පය පමණි. මෙය තවදුරටත් අවබෝධ කරගැනීම සදහා රටක් එකවිට පාලනය කරන ජනාධිපතිවරුන් දෙදෙනෙකු උපකල්පනය කර බලන්න. එසේත් නැත්නම් පාසලක විදුහල්පතිවරුන් දෙදෙනෙකු, එසේත් නැත්නම් සාමාන්‍ය ග‍්‍රාමීය සමිතියක සභාපතිවරුන් දෙදෙනෙකු ප‍්‍රතිඵලය කුමක් වේද?. එහි තත්වය මා අමුතුවෙන් පැහැදිලි කිරීමට අවශ්‍ය නොවේ. සාමාන්‍ය මිනිසුන්ගේ තත්වය මෙය නම්. සුපිරි බලයන් හා ශක්තීන් ඇති දෙවියන් අතර ගැටුමක් ඇතිවනුයේ නම්. තත්වය කොතරම් භයානක වනු ඇත්ද? බහුදේව වාදය පවසන සමහර ආගම්වල දෙවිවරුන් අතර ගැටුම්, දෙවිවරුන්ගේ බිරින්දෑවරුන් අතර ගැටුම්, දෙවියන්ගේ දරුවන් වන දේව දරුවන් අතර ගැටුම් මේ ආකාරයේ විවිධ ගැටුම් අප අසා ඇත්තෙමු. එවැනි ගැටුමන් සැබැවින්ම සිදුවුයේ නම් මුලූ විශ්වයේම ක‍්‍රියාකාරිත්වය අවුල්වී මහා විනාශයන් සිදුවෙනු ඇත. මෙය ශූද්ධ වු අල්කුර්ආනයේ 21-22 මෙසේ පවසයි.

” ඒ දෙතැන (අහස , පොළොව) අල්ලාහ් (දෙවියන්) හැර තවත් දෙවිවරුන් සිටියෙය් නම්, ඒ දෙතැනම ව්‍යාකූල වන්නේය.”

එසේ ව්‍යාකූල තත්වයක් ඇති නොවීමට නම් ප‍්‍රායෝගික වන්නේ “එකම දෙවියා” යන සංකල්පය මිස බහුදේව වාදී සංකල්පය නොවේ. ඉහත ශූද්ධවු කුර්ආන් වාක්‍යයෙන් මනාව එය පැහැදිලි කරයි. මෙම ඒකදේව සංකල්පය ඉස්ලාම් දහම පමණක් නොවේ ක‍්‍රිස්තියානි බයිබලයේද අවධාරනය කරයි. එනම්,

“…ස්වාමින් වහන්සේ මෙසේ කියන සේක. මම පළමුවෙනියා ය, අන්තිමයාත් මම ය. මා හැර වෙන දෙවිකෙනෙක් නැත.”

යෙසායා 44-6

ඒකදේව සංකල්පය පවසන ඉහත බයිබල් වාක්‍යයට අමතර බයිබලයේ තවත් බොහෝ තැන්වල මෙම ඒකදේව සංකල්පය අවධාරනය කරයි. එවැනි ස්ථාන කිහිපයක් නම් ද්විතීය කථාව 4-39, ද්විතීය කථාව 6-4, යෙසායා 43-10,11,යෙසායා 45-18, කොරිත්ති 8-4, තිමෝති 2-5,6… යන්නයි. බයිබලයේ මෙන්ම බොහෝ ස්ථානවල, බයිබලයට වඩා අධික ස්ථානවල මෙම ඒක දේව සංකල්පය ශුද්ධ වු කුර්ආනයේ දැඩිව අවධාරනය කරයි. සියලූම දේව වක්තෘවරුන් (නබි ඊසා(අෙලෙ) තුමා, නබි මුහම්මද්(සල්) තුමා ඇතුලූ සියලූ වක්තෘවරුන්) මගින් ද ජනයාට දෙවියන් අවධාරනය කලේ මෙම ඒක දේව සංකල්පයයි. එය ශූද්ධ වු අල්කුර්ආනයේ,

“ඔහු (දෙවියන්) එක්කෙනෙකි. ” (112-1)
” ඇත්තෙන්ම මා හැර දෙවියෙක් නැත. ” (20-14)
” මා හැර වෙන දෙවියෙක් නැත. යන්න පවසා මිස දේව වක්තෘවරයෙකු නොඑව්වෙමු ” (21-25)

යනාදී වශයෙන් පවසයි. මේ අනුව බහුදේව වාදය යනු කිසිසේත් ප‍්‍රායෝගික නොවන මන:කල්පිතයක් පමණක් වන අතර ඒකදේව වාදය යනු සදාකාලික වු ප‍්‍රායෝගික සත්‍යක් යන්න හොදින් පැහැදිලි වේ.

දෙවියන් මොනවගේද?

මෙම ප‍්‍රශ්නයට ඉස්ලාම් දහම අනුව දිය හැකි කෙටිම හා නිවරුදිම පිලිතුර වන්නේ “නොදනිමි” යන්නයි. මෙසේ පැවසීමේදී මෙම ලිපිය කියවන ඉස්ලාම් නොවන්නන් හට ගැටලූවක් මතුවිය හැක. එනම් “ඉස්ලාම් පරිපුර්ණ වු දහමක් බව පවසාගන්නා මුස්ලීම්වරුන් හට ඇයි මෙම ප‍්‍රශ්නය සදහා පිලිතුරු නැත්තේ?”. එවැනි ගැට`එවක් මතුවීම සාධාරණ වුවත් ඉස්ලාම් මෙම කාරණයට පිලිතුරු ලබානොදීමට ද හේතු කිහිපයක් ඇත. ඒවා එකින් එක අවධානය යොමු කිරීමට ප‍්‍රථම මෙම තත්වය එනම් “පිලිතුරු ලබාදිය නොහැක” යන්න ඉස්ලාම් දහමේ පමණක් ඇති තත්වයක් නොවේ. වෙනත් ආගම්වල ද දක්නට ඇත. උදාහර්ණයක් ලෙස ශ‍්‍රී ලාංකීය බහුතරය පිලිපදින බුදුදහම සැලකුවත් එහිද ඨපනීය ප‍්‍රශ්න හෙවත් අව්‍යකෘත ප‍්‍රශ්න නම් පිලිතුරු කිසිදවසක සොයාගත නොහැකි ප‍්‍රශ්න සදහන් වේ. එමනිසා ඉස්ලාම් දහමේ පිලිතුරු නැත යන්න මෙම දහමේ වලංගුභාවයට ප‍්‍රශ්නයක් ඇති නොවේ. මන්ද එම ප‍්‍රශ්න සදහා ඉස්ලාම් පිලිතුරු ලබා නොදෙන්නේ කාරණා කිහිපයක් හේතු කොට ගෙනය. එනම්,

  • එය ඉස්ලාම් දහම පැවසුවත් අවබෝධ කරගැනීමේ ශක්තිය මිනිසාට නොමැතිවීම.
  • මිනිසාගේ ලෞකික මෙන්ම ලෝකෝත්තර ජය සදහා මෙම කරුණු කිසිසේත් බලනොපෑම.

මිනිස් ශක්තියට දෙවියන් අවබෝධ කරගැනීම කල නොහැකි කාර්‍යක් බව ශුද්ධ වු කුර්ආනය පැහැදිලිවම පවසයි. එනම් ශුද්ධ වු කුර්ආනයේ 112-4 හි එය මෙසේ සදහන් වේ.

“ඔහුට සමාන කිසිවක් නැත. ”

දෙවියන් යනු විශ්වයේ ඇති ශ්‍රේෂ්ඨතමයාය. එම ශ්‍රේෂඨතමයා අවබෝධ කරගැනීම සදහා සුපිරි බුද්ධියක් අවශ්‍ය වේ. නමුත් දෙවියන් අවබෝධ කරගත හැකි සුපිරි වු බුද්ධියක් මිනිසාට නැත. මිනිසාට යම් වස්තුවක ස්වරූපය, හැඩය අවබෝධ කරගැනීම සදහා එම වස්තුව මිනිසාගේ පංචේන්ද්‍රයන්ට ගෝචර විය යුතුය. එනම් දැකීම, ඇසීම, සුවද දැනීම, රසය දැනීම හා සමට සංවේදී වීම. වැනි ඒවායින් එකක් හෝ කිහිපයක් තිබිය යුතුය. එසේ නොවේ නම් අන්ධයා ඇතා දුටුවාසේ වනු ඇත. දෙවියන් සම්බන්ධයෙන් ඉහත පංචේද්‍රයන්ගෙන් කිසිවකටත් දෙවියන් ගෝචර නොවේ. මිනිසාටම සුවිශේ්ෂවු සයවන බුද්ධිය හෙවත් විඥානය තුලින් අවබෝධ කරගැනීමට නම් දෙවියන්ට සමාන ආදර්ශණයක් තිබිය යුතුය. උදාහර්ණයක් ලෙස පරිඝනකයක් නොදුටු කෙනෙකු හට පරිඝනකය දුටු කෙනෙකු කෙසේද අවබෝධ කරදෙන්නේ? දෙදෙනාම රූපවාහානිය දැක ඇත්නම් රූපවාහිනිය ආදර්ශයක් ලෙස ගෙන යම්තාක් දුරට හෝ එය පැහැදිලි කල හැක. නමුත් පංචේද්‍රයට හසුනොවන දෙයක් පවසයි නම්. උදාහර්ණයක් ලෙස අගහරු ග‍්‍රහයා මත ජීවියකු දුටු බව පමණක් කිසිවකු පවසයි. දැන් එම ජීවියාගේ ස්වරූපය හැඩරුව තීරණය කරන්නේ කෙසේද?. එය මිනිස් රුවට සමානද? එසේත් නැත්නම් සතුන් වගේද?, එසේත් නැත්නම් මේවාට වෙනස් වු ආකාරයේ එකක්ද?, යන්න තීරණය කරන්නේ කෙසේද?. එසේ තීරණය කිරීම සදහා කරුණු කිහිපයක් අවශ්‍ය වේ. එයින් ප‍්‍රධානම සාධකය වන්නේ එය දැක තිබිය යුතුයි. එසේම එයට සමාන යමක් පැවතිය යුතුයි. එනම් එම ජීවියා දුටුවත් එම ජීවියාගේ අත මොනවගේද? යන්න පැවසීමට එම අතට සමාන අතක් මෙහි තිබිය යුතුයි. ඇස මොනවගේද යන්න පැවසීමට එම ඇසට සමානවු ඇස් මෙහි තිබිය යුතුයි. මේ ආකාරයට එම ජීවියාගේ අංග ලක්‍ෂණවලට සමාන අංග ලක්‍ෂණ ඇති වස්තුවක් මෙහි පැවතුනොත් පමණක් යම්තාක් දුරකට එම ජීවියාගේ ස්වරූපය අවබෝධ කරගත හැකි වන්නේ.

මෙම පදනමේ හිද දෙවියන් පිලිබදව සිතුවේ නම්. ඉස්ලාමීය විශ්වාසය අනුව මේ දක්වා දෙවියන් දුටු කිසිවෙක් නැත. එසේම ඉහත 112-4 ශුද්ධ වු කුර්ආන් වාක්‍යයේ ආකාරයට “ඔහුට සමාන කිසිවක් නැත” දැන් කොහොමද දෙවියන්ගේ ස්වරූපය අවබෝධ කරගන්නේ?. මෙයට දියහැකි පිලිතුර “නොදනිමි” යන්න මිස වෙන කිසිවක් නැත. එසේම දෙවියන් සම්බන්ධයෙන් මෙසේ නොදන්නවා යන්නම දෙවියන්ගේ මහිමය හා අසමසම බව තවත් ඉහල නංවනවා මිස කිසිසේත් අවතක්සේරුවට ලක් නොවේ. මෙහිදී එක් කරුණක් දෙවියන් සම්බන්ධයෙන් බැවින් උපකල්පනය කල හැක. එනම් “මේ විශ්වයේ සියල්ල අලංකාර ස්වරූපයේ මවා එහි ඉතා අලංකාර ස්වරූපයේ මිනිසාද මැවු දෙවියන් නියත වශයෙන්ම මේ සියල්ලටම වඩා ඉතාමත්ම අලංකාරවනු ඇත”. එම නිසයි නබිතුමානන් පැවසුවේ. “විනිශ්චය දිනයේ දෙවියන් දැකීම මිනිසා ලද ලොකුම භාග්‍යක්” බව.

මේ මොහොතේ වර්ථමාන දියුණු මිනිස් සමාජයේ ඉස්ලාම් නොවන්නන්ගේ දේව විශ්වාසයේ ස්ථාවරය පිලිබදව කෙටි අවධානයක් යොමු කිරීම සුදුසු යයි හැගේ. අලංකාර ස්වරූපයෙන් මිනිසාව මැවු දෙවියන්හට අද සමාජය ලබාදී ඇති හැඩයන් හා ස්වරූපයන් මොහොතක් සිතා බලන්න. ඇතෙකුගේ මුහුණක් සහිත දෙවියෙක්, අත් කිහිපයක් සහිත දෙවියෙක්, ඔලූ කිහිපයක් සහිත දෙවියෙක්… මෙම ස්වරූපයන් මිනිසුන් වන අපට තිබුණේ නම් අප සතුටු වන්නෙමුද?. නියත වශයෙන්ම ඔබේ පිලිතුර “නැත” යන්නයි. එසේනම් අපව මැවු දෙවියන්හට මේ ස්වරූපය ගැලපෙන්නේ යයි උපකල්පනය කලේ කෙසේද?. මේ අනුව ද පැහැදිලි වන්නේ දෙවියන්ගේ ස්වරූපය යන්න මිනිස් මනසින් උපකල්පනය කල නොහැක යන්න නොවේද?. මෙම කාරණයේ දී ඉස්ලාම් අලංකාර විසදුමක් පවසයි. එනම් දෙවියන් පිලිබදව ඔබට අවබෝධයක් ලබාගැනීමට අවශ්‍ය නම් දෙවියන්ගේ මැවීමන් දෙස බුද්ධිමත් ලෙස අවධානය යොමුකොට බලන්න එවිට ඔබට දෙවියන් පිලිබදව හා දේව ශක්තිය පිලිබදව අවබෝධයක් ලබාගත හැකි වනු ඇත යනුවෙන් පවසයි. දෙවියන් මනුෂ්‍යයන්ගෙන් බලාපොරොත්තු වන්නේද එයයි. යමක් දැකීමෙන් තමා විශ්වාස කලහැක්කේ යන්න සැබෑ විශ්වාස කිරීමක් නොවේ. මෙයට සරල උදාහර්ණයක් ගෙනහැර දැක්විය හැක. එනම් යමෙකු තම පියා හදුනාගන්නේ, පියාම බව විශ්වාසකරන්නේ දැකීම පදනම් කරගෙන නොව මවගේ එසේත් නැත්නම් වෙනත් කව්රුන් හෝ පවසන කරුණු පදනම් කරගෙනය. එසේ දරුවා තම පියාව හදුනාගැනීම පියාගේ සතුටටද පියාගේ ආදරය දිනා ගැනීමටද හේතුවක් වේ. එසේ නොමැතිව දරුවෙක් පියා සම්බන්දයෙන් බුද්ධිය යොදවා තර්කයන් ඉදිරිපත් කරයි නම්. පියෙකු වශයෙන් ආඩම්බර වනු ඇත්ද? එසේත් නැත්නම් එම දරුවා පිලිබදව පියාට කෝපයක් පිලිකුලක් ඇතිවේද?. සාමාන්‍ය පියෙකුගේ තත්වය මෙයනම් මේ විශ්වය මවා එහි මිනිසාට අවශ්‍ය සියල්ල අලංකාර ලෙස මවා එහි අලංකාර ස්වරුපයෙන් මිනිසාද මැවු දෙවියන් තමාව නොදැක ම විශ්වාස කලයුතු යයි බලාපොරොත්තු වීම වරදක්ද?. ඉස්ලාම් දහම ගොඩනැගී ඇත්තේ විශ්වාස කිරීමේ කරුණු 06ක් මුලික පදනම් කරගෙනය. එහි පළමු වැන්න දෙවියන් පිලිබදව විශ්වාස කිරීමයි. ඒ අනුව දෙවියන් යන්න විශ්වාස කිරීම තුලින් අවබෝධ කරගත යුත්තක් මිස දැකීමෙන් අවබෝධ කරගත යුත්තක් නොවේ. මේ අනුව දෙවියන් මොනවගේද? මුස්ලීම්වරුන්ට කිසිදු දිනයක මතු නොවු ගැටඑවක් වන අතර එයට පිලිතුරු සෙවීමද සැබෑ විශ්වාස වන්තයෙකු හට නිෂ්පලවු කාර්‍යයකි.

මිනිසුන් අතරින් දෙවියන් නොආවේ ඇයි ?

බහුතරයක් විමසන මෙම ජනප‍්‍රිය ප‍්‍රශ්නය වැරදි ප‍්‍රශ්නයකි. මන්ද මිනිසුන් පාලනය කිරීම සදහා මිනිසෙක්ම අවශ්‍ය යන්න ප‍්‍රායෝගික වු බුද්ධිමත් තර්කයක් නොවේ. එය එසේ වුවානම් එය සියල්ල සදහාම සත්‍ය විය යුතුයි. එසේ නම් ගොවිපලක සිටින ගවයින්, කුකුලන් වැනි සතුන් පාලනය කිරීම සදහා එම සතුන්ගෙන්ම සතෙක් ඉදිරිපත් කල යුතුවේ. නමුත් එය ප‍්‍රායෝගික නොවේ. එසේම එම සතුන් පාලනය කිරීම සදහා මිනිසුන් එම සත්ව ස්වරූපය ගැනීමටද අවශ්‍ය නොවේ. එසේ කිසියම් ආකාරයකට එම ස්වරූපය ගත්ත ද අපට අවශ්‍ය ආකාරයට එම සතුන් මෙහෙයවීමටද නොහැකිවනු ඇත. තවදුරටත් පැහැදිලි කරන්නේනම් අපට එම ස්වරූපය ගතහැකි වුවත් එසේ නොකරමු. මන්ද එසේ කලේ නම් මිනිසාට වු සුවිශේෂි හැකියාවන් අහිමි කරගන්නට සිදුවෙනු ඇත.

අප එම සතුන්ගේ තිබෙන දුර්වලකම් නිසා එම තත්වයට පත්වන්න අකමැති වන්නෙමු. එසේ නම් මේ කිසිදු දුර්වලතාවයක් නොමැති සියල්ල කෙරෙහි සුපිරි ශක්තියක් වු දෙවියන් මේ තත්වයට පත්වන්න කැමතිවනු ඇත්ද?. රටක ජනාධිපතිවරයෙක් රට පාලනය කරනවා මිස නගරසභාවේ අපද්‍රව්‍ය ඉවත් කිරීමට කැමැති වේද?. එසේ කලයුතු යයි රටේ ජනතාවට පැවසිය හැකිද? මනුෂ්‍යයෙකුගේ තත්වය මෙය නම් මේ සියල්ල මවා පරිපාලනය කරන සර්වබලධාරී දෙවියන්ගේ ස්ථාවරය කුමක් විය යුතුද?. එමනිසා දෙවියන්, දෙවියන් ලෙස සිටීමයි වඩාත් සුදුසු වන්නේ.

එසේ නොමැතිව මිනිස් ස්වරූපය ගත්තේනම් එයින් සමාජයට ඇතිවන බලපෑම අති විශාලය. දෙවියන්ගේ නම පවසමින් අදටත් පොදු ජනයා රවටා මුදල් හම්බකරන පුජකවරුන් හට මෙය විශාල වරප‍්‍රසාදයක් වනු ඇත. “තමා දෙවියෙක්” යයි පවසමින් ඕනෑම පහත් ක‍්‍රියාවක් කරන්න වංචකයින් පෙලෙඹෙනු ඇත. මේ පිලිබදව තවත් කෝනයකින් සිතුවේ නම් මිනිස් වෙසින් දෙවියන් මේ ලොවට පැමිණියා නම් එම දෙවියන්හට මිනිසුන් මෙන් ජීවත්වීමට සිදුවෙනු ඇත. ආහාර, පාන, නින්ද, බිරිද, දරුවන්… වැනි අවශ්‍යතාවයන් ඇතිවනු ඇත. එසේම ඒවා භූක්තිවිදීමට ද සිදුවනු ඇත. එසේ වුවානම් අද මිනිසුන් මෙන්ම දේව දරුවෝ ද මේ ලොව සැරිසරන ඇත. එසේ වුවානම් දෙවියන් හට ඇති මහිමය කුමක්ද? දෙවියන් හා මිනිසුන් අතර ඇති වෙනස කුමක්?. මේ නිසා දෙවියන් මිනිස් වෙස් ගැනීම හා මනුෂ්‍යන්ගෙන් වීම ප‍්‍රායෝගික නොවන දෙවියන් කෙරෙහි ඇති අනවබෝධය නිසා ඇතිවන තර්කයක් පමණි. ඉස්ලාම් දහම මෙය තරයේ ප‍්‍රතික්‍ෂේප කරයි.

අබූ අර්ශද්

Ibnu Saheer

Ibnu Saheer - ලිපි සියල්ල පෙන්වන්න



අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *

SLMN (Social) Site

Sri-Quran (ML) Site

Al-Hadees Site

Sri-Quran Site