බුවනෙකබාහු රාජ සභා මණ්ඩපය ඩෝසර් කිරීම

0

බුවනෙකබාහු රජතුමාගේ රාජ සභා මණ්ඩපය කඩා බිඳදැමීම අද අප රටේ උණුසුම් මාතෘකාවක් වී ඇත. මෙය මැතිවර්ණ සමයක් වන නිසා එම සිද්ධිය පුරාවිද්‍යා දෘෂ්ඨියෙන් සාකච්චා වනවාට වඩා ඉහලින් දේශපාලන දෘෂ්ඨියෙන් කථාබහ සිදුවීම දක්නට ඇත. මෙහි හාස්‍ය ජනක කාරණය නම්, ‘සෙක්කු බැඳි ගොනා’ මෙන් මෙම සිද්ධියත් අද වනවිට ජාතිවාදී දිශාවකට යොමු වෙමින් තිබීමයි. බුවනෙක භාහු මුස්ලීම් කාන්තාවක් විවාහ කොට සිටි බව පවසමින් ඉහත සිද්ධිය සාධාර්ණීකරණය කරන විහිළුවක් දැන් රඟ දක්වමින් ඇත.

ඉහත රාජ සභා මණ්ඩපය ඩෝසර් කිරීමේ සිද්ධිය දැනගත් මොහොතේම මගේ සිතේ ඇති වූ කාරණය නම් ‘මේක මුස්ලීම්වරුන්ට කොහොම හරි ගාවනවා’ යන්නයි. මොකද ශ්‍රී ලාංකීය සමාජයෙන් හිතාමතා වසන් කොට ඇති ඉතිහාසයන් අතර බුවනෙක භාහු රජුගේ මුස්ලීම් කාන්තා විවාහය ද ප්‍රධාන එකකි. මේ පිලිබදව ඉතිහාස ගවේෂකයන් ගැඹුරින් කරුණූ ඉදිරිපත් කොට ඇතත් එය සමාජ ගතවීම සිදු නොවන ලෙස වසන් කොට ඇත. මෙම ‘යහමග’ අඩවිය තුල පවා අවස්ථා ගණනාවකදී මෙම ඉතිහාසය සාකච්චා කොට ඇත. (බුවනෙක භාහු රජතුමාගේ මුස්ලීම් ජාතික බිරිද හා ඔහුගේ පුතා වන වත්හිමි (ගලේබණ්ඩාර) පිලිබදව ලියන ලද ලිපි මෙහි Click කොට කියවීමට පුළුවන)

මෙලෙස ලියවුණු තවත් ලිපියක් සමාජ මාධ්‍යය තුල මාගේ නෙත ගැටුණු අතර එම ලිපිය ද ‘යහමග’ පාඨක ඔබේ බුද්ධිමත් අවදානය පිණිස මෙලෙස පහතින් ඉදිරිපත් කරන්නට අදහස් කලෙමි. එයට ප්‍රථම මෙම සිද්ධිය සම්බන්ධයෙන් සමාජ ජාල අඩවීන් තුල ඉදිරිපත් වී තිබූ හාස්‍යජනක පිංතූරු කිහිපයක් ද ඔබේ බුද්ධිමත් අවදානයට ඉදිරිපත් කරමින් අදාල ලිපිය වෙත යොමු වෙමි.

සමාජ ජාලවල පලවී තිබූ පිංතූරු කිහිපයක්…

.

එම ලිපිය ‍මෙතැන් සිට…

කුරුණෑගල රජ කළ මුස්ලිම් රජ ගලේ බණ්ඩාර නොහොත් වත්හිමි රාජා.

ඉතිහාසය යනු අනාගතයේ යතුරයි. එය මානව වංශ කතාවේ වර්තමාන ස්ථාවරය මැනවින් පැහැදිලි කරයි. ඒ ආකාරයට සහශ්‍රකයක වූ ජන වාර්ගික සහජීවනය මැනවින් විදහාපාන සිදුවීමක් ලෙස එවක කුරුණෑගල රාජධානිය පාදක කොට ගත් අතීත සිදුවීමක් මෙලෙස ඔබ හට ගෙනහැර පාන්නෙමු. අප දන්නා ලංකා ඉතිහාසය තුල බිහි වූ සිංහල රාජධානි තුල රජ කල සිංහල රජ දරුවන් විටෙක තම අග මෙහෙසියන් දකුණු ඉන්දියාවේ සිට සිය රාජධානිය කරා ගෙනවිත් සරණ පා ගත් කතාන්දර අප ඕනෑ තරම් අසා ඇත. නමුත් ඉතිහාසයේ එක්තරා දිනයක වූ සිංහල රජ දරුවකු හා මුස්ලිම් මෙහෙසියකගේ සරණ පාවා ගැනීමක් ගැන නම් අප අසා නැති තරම්ය. අසා ඇතත් ඒ නම් කලාතුරකිනි. ඇතැම් ඓතිහාසික මූලාශ්‍ර ඒ කාරණයේදී නිහඬ පිළිවෙතක් අනුගමනය කර ඇති නිසාම එය එසේ වන්නට ඇතැයි අප සිතමු.

කෙසේ නමුත් සෙරන්ඩිබ් දේශයේ සිංහල රජ දරුවන් පිළිබඳ සටහනක් තබමින් මොරොක්කෝ දේශයේ සිට පැමිණි සංචාරකයෙකු වූ ඉබ්න් බතූතා තම දේශාටන වාර්තාවක සටහන් කරන්නේ කුරුණෑගල රාජධානියේ වූ සිංහල-මුස්ලිම් වාර්ගිකයන් අතර වූ අපූරු සහසම්බන්දිත ඓතිහාසික වෘතාන්තයකි. එනම් එවක රජ කළ දෙවන බුවනෙකබාහු රජ සිය මෙහෙසිය ලෙස කුරුණෑගල අස්වැද්දුම නම් වූ ගම්මානයේ විසූ මැදගෙඩිය කුමාරිහාමි නම් කාන්තාව සරණපාවා ගැනීමයි. ඇතැම් විටෙක ඇගේ නාමය සොහාරා බීබී ලෙසද සඳහන් බව ඇතැම් මූලාශ්‍ර සඳහන් කරයි. කෙසේවෙතත් වාර්ගිකත්වය මත විවිධාකාර ගැටුම් උත්ගත වන වර්තමානය වැනි අවධියකට අතීතයේ වූ එම සබඳතා නිහඬ පාඩමක් කියා දේ.

ඇතැම් මූලාශ්‍ර වල සඳහන් වන්නේ සිය රාජ සභාවේ වූ ප්‍රබල මුස්ලිම් අමාත්‍යවරයෙකුගේ දියණියක් සේ ඇය එසේ රජු හා සරණ ගිය බවයි. එතුලින් එවක රජුගේ මුස්ලිම් අමාත්‍යවරුන් සිය රජු කෙරෙහි වූ රාජ පාක්ෂික බව මැනවින් විදහා දැක්වේ. සිය රාජ සභාව තුල මුස්ලිම් අමාත්‍යවරුන්ගේ නියෝජනයක් ද පැවති එවන් අවධියක ඔවුන්ගේ ආධාර උපකාර මත අරාබිය සමග වෙළෙඳ සබඳතා ද යහමින් පවත්වාගනිමින් සිය රාජධානියේ සමෘද්ධිය කරා රජු කටයුතු කර ඇත. එම ප්‍රදේශවලින් හමු වූ ඉපැරණි කාසි, සොහොන් කොත් ඒවාට සාක්ෂි සපයයි. තවද රජතුමාගේ සේනාංකයේ මුස්ලිම් හේවායන් ද සේවය කළ බවත් රජුට පක්ෂපාතී අවංක මුස්ලිම් හේවායෙකු විටක සටන් වලදී නායකත්වය සැපයූ බවත් ලෝනා දේවරාජගේ ඉතිහාසය පිළිබඳ වූ සටහන් වල සඳහන් වේ. එසේ සුලුතරයක් වූ තමන් හා රජූ අතර වූ එකී අවංකබාවය හා විශ්වාසනීයත්වය නූතන ලාංකීය මුස්ලිම්වරුන්ට තම මුතුන්මිත්තන්ගෙන් උකහා ගත හැකි මනා ආදර්ශයන් රැසක් වේ. 

ඒ ආකාරයෙන් රජු හා සිය මෙහෙසිය දාව උපන් වත්හිමි බණ්ඩාර නම් වැඩිමහල් කුමරු රජුගෙන් පසු සිහසුනට උරුමක්කරු විය. (ඇතැමුන් ඔහුව ඉස්මායිල් වත්හිමි බණ්ඩාර නමින් ද හඳුන්වනු ලැබේ) කුඩා කල සිටම ඉස්ලාමීය දිවිපෙවතක් තුල හැදුන වැඩුන මේ කුමරු සිය පිය රජුගේ ඇවෑමෙන් පසු වසර දෙකක් රට පාලනය කළ බව සඳහන්ය. පසුකාලීනව ඔහුගේ රජකමට පත් වීම කෙරෙහි නොරිසි වූ ඇතැම් ප්‍රභූන් හා ආගමික සංස්ථා කුමන්ත්‍රණයක් කොට ඔහු මරා දැමූ බවත් පසුව රජුගේම සිංහල බිසවක දාව උපන් බාල කුමරුවන් ලෙස තුන් වන පරාක්‍රමබාහු රජ සිහසුන්ගත කර ඇත. 

ඇතුගලෙන් පහලට ඇද දමා ඝාතනය කළ වත්හිමි බණ්ඩාර රජුගේ දේහය එම ස්ථානයේම භූමදානය කර ඇති අතර අදටත් “ගලේ බණ්ඩාර ඔෟලියාගේ සොහොන් කොත” නමින් කොතක් එම ස්ථානයේ දක්නට ලැබේ. එය එකී ප්‍රදේශවල සිංහල මුස්ලිම් යන සියලු ජන කොටස් අතර ගෞරවයට පාත්‍ර වූ ස්ථානයක් සේ අදටත් දැක ගත හැකිය. තවද එම ප්‍රදේශයේ අදටත් මුස්ලිම්වරුන් බහුතරයක් සේ දිවිගෙවයි.

Description: https://1.bp.blogspot.com/-piuiP_NGrrQ/XxXOCcM0ZjI/AAAAAAAAAyk/izjmR6RUc68WsjXd8pRWabk3WcqwFAMdwCLcBGAsYHQ/s320/22-19-09-17-galebandara-dewalaya-1.jpg

Description: https://1.bp.blogspot.com/-7eAfXDvEYgs/XxXOOtVlprI/AAAAAAAAAys/3B8QQizdhCUf26kkSSgj4kY5RXfI1xe4gCLcBGAsYHQ/s320/IMG_20200720_222240.jpg

ඒ අතරම ලංකාවේ වූ එකම මුස්ලිම් කාන්තාවකගේ සොහොන් කොත වූ සොහාරා බීබී නම් අයගේ සොහොන් කොතද අදටත් දැක ගත හැකිය. සාමාන්‍යයෙන් මුස්ලිම් සාන්තුවරයන්ගේ සොහොන් කොත් තැනීම මෙරට සාම්ප්‍රදායික සූෆි මුස්ලිම්වරුන්ගේ සිරිත වුවත් කාන්තාවගේ සොහොන් කොතක් ඉදිකිරීම අහඹු සිදුවීමකි. නමුත් ඇගේ රාජකීයත්වය මතම ඇගේ වැසියන් එලෙස සොහොන් කොතක් නිර්මාණය කරන්නට ඇති බව අනුමාන කළ හැකිය.

Description: https://1.bp.blogspot.com/-vqLCsmnV3Z0/XxXOIWosDuI/AAAAAAAAAyo/4bu-9FE4H3A7mLlSAoPeDJOb9R2h2YCWwCLcBGAsYHQ/s320/IMG_20200720_222257.jpg

ඇතැම් විද්වතුන්ට අනුව පැවසෙන්නේ මේ පිළිබඳව විවිධ උදවිය විවිධ මතිමතාන්තර දැරීම නිසාත් ඒ පිළිබඳ පැහැදිලි ඒකමතික මතයක් නොවීම නිසාත් නූතන කතුවරුන් මෙම ඓතිහාසික කතාන්දරය සිය ලේඛන තුලින් මග හරින බවයි. නමුත් මෑත කාලයේ බුවනෙකබාහු රජුගේ රාජ සභා මණ්ඩපය කඩා දැමීමත් සමග ඇරඹි කතාන්දර සමග මෙයද කතා බහට ලක් වුන මාතෘකාවක් විය. 

( විවිධ සටහන් සහ තොරතුරු ආශ්‍රයෙන් සකස් කර ඇත ) 

✍️ මොහොමඩ් මිනාස්. 

දෙවන වසර – ශ්‍රී ලංකා අග්නිදිග විශ්ව විද්‍යාලය. 

උපුටා ගැනීම – වියතුන්ගේ අඩවිය

ඉදිරිපත් කිරීම – යහමග

Ibnu Saheer

Ibnu Saheer - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *

SLMN (Social) Site

Sri-Quran (ML) Site

Al-Hadees Site

Sri-Quran Site