මනුෂ්‍යත්වය අගයන නිදහසක් – නිදහස අර්ථවත් කරමු.

0

මානවයාගේ මහිමය ඔහු නියෝජනය කරන ජාතිය මත හෝ ඔහු පැවත එන කුලය මත තීරණය වන සාධකයක් නොවේ. ඔහු කොතරම් දුරට මනුෂ්‍යත්වය අගයමින් එයට ගරු කොට ජීවත් වන්නේද ඒ තුල ඔහුගේ මහිමය, ශ්‍රේෂ්ඨත්වය, හැදියාව හා නිදහස තහවුරු වේ. නමුත් අවාසනාවන්ත ලෙස අප රටේ ඉහල සිට පහල දක්වා සෑම සියළු ක්ෂේත්‍රයක්ම අද මනුෂ්‍යත්වය වෙනුවට ජාතිවාදය නම් පිලිලය ඔඩු දුවා ඇත. සමහරක් පාර්ශව මේ ජාතිවාදය කටු ඔටුන්නක් කොටගෙන ජාතීන් අතර විරසකය ගොඩනඟන්න කටයුතු කරන ආකාරයක්ද දකින්නට ඇත. ඔවුනට මේ ජාතිවාදී පටු සීමාවන්වලින් මිදීමට තරම් බුද්ධිමත් දැක්මක් හෝ ඒ සදහා විවෘත මනසක් හෝ නැත. එවන් සමාජයක් අභියස අප සමරණ මේ ජාතික නිදහස සැබෑම නිදහස් සැමරුමක් වේද?.

නූතන මිනිසා ජාතිවාදය නම් මඩ ගොහොරේ ගිලී උතුම් මනුෂ්‍ය ගුණාංග අත්හලමින් ඇත. ඔහු මනුෂ්‍යයකු ලෙස සමාජය කෙරෙහි තම පරම යුතුකම හා වගකීම ප්‍රතික්ෂේප කොට ඒ වෙනුවට ජාතිවාදය නම්, මළකුණ උරමත තබා අරමුණක් නොමැති විකෘතියෙන් වල්මත් වී ඇත. එවැනි විකෘතීන් ඉවත් කොට මනුෂ්‍යත්වයට ගරු කරන යහපත් පුවැසියන් ලෙස යහමග ගැන්වීමේ මෙහෙවර යලිත් සමාජය තුල ආරම්භ කලයුතුව ඇත. ඔහුගේ ජීවිත ගමනේ අරමුණ හා එහි ඇති මූලික පාඩම යලිත් වරක් මුල සිට මේ නිදහස් දිනයේ කියාදීමට සිදුව ඇත.

ජාතිවාදය නම් කටු ඔටුන්න දරා සිටින පාර්ශවයන්ට ‘ජාති’ හා ‘කුල’ යන්න ඉතා සරලව ශුද්ධ වූ කුර්ආනය පහතින් මෙසේ පැහැදිලි කරයි.

මනුෂ්‍යයණි!, අපි නුඹලා එක ම පුරුෂයෙක් හා ස්ති‍්‍රයක් තුළින් නිර්මාණය කළෙමු. පසුව නුඹලා එකිනෙකා හඳුනාගනු පිණිස ගෝත‍්‍රයන් හා ජාතීන් බවට පත් කළෙමු. සැබැවින්ම, ඔබලා අතරින් දෙවියන් හමුවේ වඩාත් ම ගෞරවයට පත් තැනැත්තා වන්නේ සදාචාර සම්පන්න පුද්ගලයාය.

ශුද්ධ වූ කුර්ආනය 49-13

ජාති, කුල මනුෂ්‍යා තුල විවිධත්වය ඇති කිරීම සදහා මිස මනුෂ්‍යා තුල උස්-පහත් භේදයක් ඇති කිරීම සදහා නොවන බව ඉස්ලාමීය ඉගෙන්වීමයි. විශ්ව ගම්මානයක් වී ඇති නූතන ලෝකය තුල එකම ජන සමූහයක්, පවුලක් ලෙස ගොඩනැ‍ගීමේ අවශ්‍යතාවය ඇත. එහිදී සියළුදෙනා එකසේ සිතන-පතන හා ක්‍රියා කරන රොබෝවරුන් මෙන් වියයුතු යයි මා නොපවසමි. වාද-විවාද, තර්ක-විතර්ක අත්‍යඅවශ්‍යය. වියයුත්තේ මතවාදීව ද එකින් එකා ගරු කරන සමාජ පසුබිමක් නිර්මාණය වීමයි. එසේ නොමැතිව කිසියම් ජාතියක් නොඑසේ නම් කණ්ඩායමක් දරණ මතවාදය බලෙන් තවත් ජාතියක් හෝ ජන කණ්ඩායමක් මත පැටවීම හෝ ඔවුන් පිලිගැන්වීමට සැලැස්වීම ජාතික සමඟිය හෝ සදාචාර සම්පන්න ක්‍රියාවක් නොවේ.

ලෝක ස්වභාවය

සෑම විටම එක් මතයකට විරුද්ධව තවත් මතයක් හෝ කිහිපයක් ඉදිරිපත් වීම ලෝක ස්වභාවයකි. එවන් මතවාදය ඔස්සේ පොදු ජනයා මෙන්ම විද්වත් ප්‍රජාව බෙදී තම මතවාදය සාධාර්ණීකරණය කිරීම පිණිස විද්වත් තර්ක විතර්ක ගොඩනැඟීමත්, විරුද්ධ මතධාරීන් වැරදි බව සනාථ කිරීමට උත්සාහ කිරීමත්, සියල්ලෙහි නිවැරදි විසදුම ඇත්තේ තමන් ඉදිරිපත් කරන මාර්ගයේ යයි සිතීමත්, සියළු අවුල්වලට හේතුව විරුද්ධ මතවාදයන් දරණ පිරිස බව සිතීමත්, එයට එරෙහිව තර්ක විතර්ක ඉදිරිපත්වීමත් ලෝක ස්වභාවයකි.

මෙතැනදී ද බොහෝ දෙනෙකුට අතපසු වන කාරණයක් ඇත. ඒ ඉහත දෙපාර්ශවයම සෑමවිටම නිවරුදි විය නොහැක්කා සේම විටෙක වැරදි වීමට ද නොහැක යන්නයි. මන්ද, මේ දෙපාර්ශවයම වැදගත් කාරණයන් අතපසු කර තිබෙන්නට ද පුළුවන. එසේම තම මතවාදය කෙරෙහි තිබෙන අනවබෝධය හා අන්ධ භක්තිය නිසා අනිකුත් මතවාදයන් වැරදි ලෙස පෙනෙන්නට ද පුළුවන. එසේම අනිකුත් මතවාදයන් කෙරෙහි තිබෙන අනවබෝධය නිසා පුර්ව නිගමනවල හිද තර්ක කරා වන්නට ද පුළුවන. සරලවම පවසනවා නම් කෙනෙකුට එක් ‍ක්ෂේත්‍රයක ඉහල කුසලතාවයක් පැවතිය හැක. ඒ නිසාම ඔහු සියළු ක්ෂේත්‍රයන් හි දක්ෂයකු යයි පැවසිය නොහැක. ඒ අනුව කිසියම් මතවාදයක් සැලකූවිට ඒ තුල හොද කරුණු පැවතිය හැක. නමුත් ඉන් අනිකුත් මතවාදයන් සියල්ල ප්‍රතික්ෂේප කලයුතුයි යන්න අදහස් නොවේ. නමුත් අප රටේ අවාසනාව බහුතර මතවාදය සුළුතර පිරිස මත බලෙන් පැටවීමටත් එයට අවනත කර ගැනීමටත් ඒ ඔස්සේ විරුද්ධ මතවාදීන් ප්‍රබල මතධාරීන්ගෙන් බැගෑපත්විය යුතු වහලුන් ලෙස පත්කිරීමටත් වර්ථමාන සමාජයේ සමහරක් පිරිස් ක්‍රියා කරන අවාසනාවන්ත තත්වය දක්නට ඇත.

දියුණු සංස්කෘති හා ශිෂ්ටසම්පන්න ඉතිහාසයන් පිලිබදව පුලපුලා කථා කරන අප, ජාතිවාදය වැපිරීම හා අනිකුත් මතවාද ගැරහීම තුල සනාථ කොට ඇත්තේ ‘මනුෂ්‍යත්වය හා ආත්ම ගරුත්වය ඔවුන්ගෙන් උදුරාගන්නවා’ යන්න පමණි. අවසාන වශයෙන් අකමැත්තෙන් වුවද කිවයුතු කාරණයක් ඇත. එනම්, මානවයාගේ මූලික අවශ්‍යතාවයන් වන මනුෂ්‍යත්වය හා ආත්ම ගරුත්වය පවා ආරක්ෂා කරන්නට තරම් විනයක් දහමකින් නොලබන්නේ නම් එහි කිසියම් වරදක් ඇති බව තේරුම් ගතයුතුය. එනම්,

  • ඒ දහමෙහි ඉගෙන්වීමන් හි දුර්වලතාවයක්
  • දහම අවබෝධ කරගත් පිරිස තුල දුර්වලතාවයක්

ඉහත අවස්ථා දෙකින් වරද කොතැන පැවතුනත් එහි බලපෑම රටක් ලෙස සමස්ථ ජාතියටමය. අද සමහරක් ආගම වෙනුවෙන් පෙනීසිටිනවා, එම දහමේ උන්නතිය වෙනුවෙන් කටයුතු කරනවා, දහම පතුරුවනවා යයි පවසන බොහෝ විද්වතුන් හා පූජකයින්ගේ ක්‍රියාකලාපය බලන විට එහි තමන් නියෝජනය කරනවා යැයි පැවසෙන එම ආගමික ඉගෙන්වීමන් හැර අන් සියළු දෑ එහි අන්තර්ගතය. විශේෂයෙන් වෛරය, වියරුව, අපහසය, මුසාව, අවලාද… යනාදී එකීනොකී සියල්ල එහි නොඅඩුව ඇත. මේවා තුලින් නම් දැහැමි සමාජයක් නිර්මාණය කරන්නට යන්නේ එය මේ සමස්ථ ජාතීයම දෙවරක් සිතාබැලිය යුතු අවාසනාවන්ත තත්වයකි.

එසේම මෙවැනි විකෘති සමාජයක් තුල නම් අප ජාතික නිදහස සමරන්නේ එය අර්ථවත් සැබෑ නිදහසක් වේවිද? යන්නත් දෙවරක් නොව දහස් වරක් සිතා බැලිය යුතුය. අවසාන වශයෙන් නැවතත් පවසන්නේ මේ නිදහස සමරන්නේ ජාතීන් අතර සමානාත්මකතාවය විවෘත මනසින් පිලිගත් එසේම විරුද්ධ මතවාද ගරු කරන සමාජ පසු යුණු සංස්කෘති හා ශිෂ්ටසම්පන්න ඉතිහාසයන් පිලිබදව පුලපුලා කථා කරන අප, ජාතිවාදය වැපිරීම හා අනිකුත් මතවාද ගැරහීම තුල සනාථ කොට ඇත්තේ ‘මනුෂ්‍යත්වය හා ආත්ම ගරුත්වය ඔවුන්ගෙන් උදුරාගන්නවා’ යන්න පමණි. බිමකද? එසේ නම් මේ නිදහස සෑබෑ නිදහසක් වනු ඇත. නොඑසේ නම් මෙය තවත් අර්ථ ශුන්‍ය නිදහස් උත්සවයක් පමණක් වනු ඇත.

ඉබුනු සහීර්

Ibnu Saheer

Ibnu Saheer - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *

SLMN (Social) Site

Sri-Quran (ML) Site

Al-Hadees Site

Sri-Quran Site