මුස්ලීම් නොවන පිරිස් ප්‍රතික්ෂේප කලයුතු යයි ඉස්ලාම් පවසනවාද?

1

ඉස්ලාම් දහමට සහ මුස්ලීම් සමාජයට මුස්ලීම් නොවන සමාජයෙන් එල්ල වන චෝදනාවන් අතර ‘ඉස්ලාම් ජාතිවාදය දරුණුවට අවදාරණය කරන දහමක්. එම දහම මනුෂ්‍යයන් අතර තිබෙන සහෝදරත්වය පළුදු කරනවා. එය ශුද්ධ වූ කුර්ආනයේම උගන්වනවා’ යන්න ඔවුන් ඉදිරිපත් කරන ප්‍රධාන චෝදනාවකි. මෙතැනදී ඔවුන් පවසන එක් කාරණයක් මුස්ලීම්වරුන් වන අපට පිලිගන්න සිද්ධ වෙනවා. එනම් ‘මුස්ලීම් නොවන්නන් මිතුරන් ලෙස නොගන්න’ යයි අල්කුර්ආනයේ තිබෙනවා යන්න අපට පිලිගන්න වෙනවා. සැබෑවටම එවැනි වාක්‍යයන් අල්කුර්ආනයේ තිබෙනවා.

නමුත් එම වාක්‍යයන් තුලින් ඉස්ලාමය කථා කරන්නේ කවර සමාජ තත්වයක්ද? යන්නත්, මෙම විෂය එනම් ‘මුස්ලීම් නොවන ජනතාව සමඟ මිත්‍රත්වයක් නොපවත්වන්න’ යයි ඉස්ලාම් පවසන්න‍ේ ඇයිද? යන්නත් මෙතැන් සිට විමසා බලමු.

ඉහතින් පවසන මතභේදාත්මක අල්කුර්ආන් පාඨයන් මෙසේය…

මුඃමින්(මුස්ලීම්වරුන්)වරුන් මුඃමින්වරුන් මිස (ඉස්ලාමය)ප්‍රතික්ෂේප කරන්නා(වූ මුස්ලීම් නොවන)පිරිස් මිතුරන් ලෙස නොගත යුතුය.

ශුද්ධ වූ කුර්ආනය  3-28, 4-89, 4-144, 5-51, 5-80, 9-23…

මෙම වාක්‍යය කියවන විට ඉහතින් ඉස්ලාමයට එරෙහිව ඉදිරිපත් වන චෝදනාවේ සාධාර්ණයක් පවතින බව කෙනෙකුට සිතෙන්නට පුළුවනි. නමුත් මෙතැනදී තේරුම් ගතයුතු මූලික කාරණයක් ඇත. එනම්, ශුද්ධ වූ කුර්ආනයේ ඉගෙන්වීමන් අවබෝධ කරගැනීමට යෑමේදී ඒ තුල අනුගමනය කලයුතු ප්‍රධාන නීති 04ක් තිබෙන අතර එම නීතිවලට යටත්ව අල්කුර්ආනය තේරුම් ගැනීම සිදුකල යුතු බවත්ය. එනම්,

  • ශුද්ධ වූ කුර්ආනයේ වාක්‍යයක් කෙරෙහි අවදානය යොමු කිරීමේ දී ඊට පෙර හා පසු වාක්‍යයන් තුල පවසන කාරණය ද විමසා බැලිය යුතුය.
  • කිසියම් විෂයකට අදාල වූ වාක්‍යයක් අධ්‍යනයට බදුන් කිරීමේදී එම විෂය සම්බන්ධ ශුද්ධ වූ කුර්ආනයේ පැවසෙන අනිකුත් වාක්‍යයන් ද විමසා බැලිය යුතුය. (ශුද්ධ වූ කුර්ආන් පාඨයකට ශුද්ධ වූ කුර්ආනයේම වෙනත් පාඨයක් හෝ පාඨයන් ගණනාවක් මඟින් විවරණය ලබාදෙන අවස්ථාවන් ඕනෑතරම් ඇත.
  • ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයකට හදීසයක් (නබිතුමාණන්ගේ ආදර්ශයක්) විවරණය ලබාදෙන අවස්ථා අනන්තවත් ඇත. ඒ පිලිබදව විමසා බැලිය යුතුය.
  • ශුද්ධ වූ  කුර්ආනයෙන් ගවේෂණයට බඳුන් කරන වාක්‍යය පහල වූ අවස්ථාව හා එයට පසුබිම් වූ සිද්ධිය හා එවකට සමාජ පසුබිම පිලිබදව ද සැලකිල්ලක් දැක්විය යුතුය.

(මෙම විෂය පිලිබදව මෙම අඩවිය තුල දීර්පිඝ ලෙස මීට ඉහත සාකච්ලිචා කොට ඇත. එම ලිපි මෙතැනින් කියවන්න.)

මේ අනුව ඉහත 3-28, 4-89, 4-144, 5-51, 5-80, 9-23… වාක්‍යයන් නිවරුදිව ම අවබෝධ කරගීමට නම්, ඒ සදහා ඉහත කොන්දේසි 04ට යටත්ව ශුද්ධ වූ කුර්ආනය අධ්‍යනය කලයුතුය. ඒ අනුව මෙතැන් සිට එලෙස මෙම විෂය විමසා බලමු.

මුහම්මද් (සල්)තුමාණන් මඟින් ඉස්ලාම් ප්‍රකාශ වූ සමාජය, බහුදේව සංකල්පය තදින්ම පිලිගන්නා සහ ඉස්ලාමයේ ඉගෙන්වීමන්ට පරස්පර වූ සම්ප්‍රදායන් පැවතී යුදෙව් සමාජයක් විය. එවන් වූ සමාජයන් තුලින් ඉස්ලාමය වෙත ජනතාව ඇදී එන්නට පටන් ගන්නවාත් සමඟ එය නොරුස්සන යුදෙව්වන් ඇතුළු පිරිසගෙන් එවකට සුළුතරයක් වූ මුස්ලීම්වරුන්ට එරෙහිව නිතර නිතර යුද ප්‍රහාරයන් ක්‍රියාත්මක විය. කෙසේ හෝ මුස්ලීම්වරුන් සමූල ඝාතනය කොට ඉස්ලාමය නැති කලයුතුයි යන්න ඔවුන්ගේ එකම අරමුණ විය.

මෙවන් වකවානුවක ඔවුන් අතුරින් ඉස්ලාමය පිලිගත්තත් පිරිස් තවදුරටත් ජීවත් වූයේ මුස්ලීම් නොවන බහුතරය වෙසෙන ප්‍රදේශවල එම පිරිස් අතරමය. එමනිසා ඔවුන් සමඟ මිත්‍රත්වයෙන් කටයුතු කිරීමට ඔවුනට සිදුවිය. එය අවස්ථාවක් කරගත් ඉස්ලාම් විරෝධීන් මුස්ලීම්වරුන්ට එරෙහිව කුමණ්ත්‍රණයන් සැලසුම් කිරීමට අවශ්‍ය තොරතුරු මුස්ලීම්වරුන්ගෙන් සූක්ෂමව ලබාගන්නට කටයුතු කලේය. එවන් පසුබිමක එනම්, මුස්ලීම්වරුන්ට එරෙහිව යුධ කුමණ්ත්‍රන සිදුවෙමින් තිබෙන මොහොතක එම සමාජය ආරක්ෂා කරගැනීම පිණිස මුස්ලීම්වරුන් අනුගමනය කලයුතු පියවරයක් ලෙසයි අල්ලාහ් (දෙවි) ශුද්ධ වූ කුර්ආනය මඟින් ‘මුස්ලීම් නොවන්නන් මිතුරන් ලෙස නොගන්න’ යන නියෝගය පනවන්නේ. මෙය ඉස්ලාමයට පමණක් නොව රටක් වශයෙන් ගත්තද රටකට එරෙහිව ක්‍රමණ්ත්‍රනයක් සිදුවෙමින් තිබෙන අවස්ථාවක රටේ ආරක්ෂා වෙනුවෙන් අනුගමනය කලයුතු උපක්‍රමයකි. එම කාරණය ඔබේ බුද්ධිමත් විමසුමට තබමින් ඉදිරියට යොමුවෙමි.  

ඉහතින් ‘මුස්ලීම් නොවන්නන් සමඟ මිත්‍රත්වයක් ඇති කර නොගන්න’ යයි පැවසූ ඉස්ලාමය එතැනින් නතර වූයේ නැත. එසේ මිත්‍රත්වයක් නොපැවැත්විය යුත්තේ කවුරුන් සමඟ ද යන්න ශුද්ධ වූ කුර්ආනයේ වෙනත් වාක්‍යයන් මඟින් විස්තර කරයි. එසේ විස්තර කරන වාක්‍යයන් කිහිපයක් වෙත දැන් අවදානය යොමු කරමු.

…නුඹලාගේ දහම සමච්ඡලයට හා හාස්‍යයට ගන්නා වූ අයද, ප්‍රතික්ෂේප කරන්නන්ද මිතුරන් ලෙස නොගන්න… (5-57)

…නුඹලාගේ සතුරන්ව සිටින පිරිසත්, තමන්ගේ අත්වලින් හා දිවෙන් නුඹලාට හානියක් පමුණුවන්න සිතන පිරිසත් මිතුරන් ලෙස නොගන්න… (60-2)

…නුඹලාගේ සතුරන් ලෙස හිඳ නුඹලාව සහ නුඹලාගේ දූතයාණන් (වන මුහම්මද් (සල්) තුමාණන්)ව උපන් බිමින් පිටුවහල් කරපු පිරිස මිතුරන් ලෙස නොගන්න… (60-1)

…ආගමික කටයුතුවල නුඹලා සමග සටන් වදින, නුඹලාව නුඹලාගේ නිවෙස්වලින් පිටුවහල් කරන, එසේ පිටුවහල් කිරීමට උපකාර කරන ඔවුන්ව සමීපත ම මිතුරන් ලෙස නොගන්න. එසේ නොවන පිරිස් සමඟ මිතුරන් ලෙස සිටීම අල්ලාහ් (දෙවි) නොවලක්වයි. නියත වශයෙන්ම අල්ලාහ් (දෙවි) සාධාරණව කටයුතු කරන්නන් ප්‍රිය කරන්නේය. (60-8,9)

…ද්වේශය ඔවුන්ගේ මුවින්ම පිටවූවත්, ඔවුන්ගේ හදවත් තුළ සඟවාගෙන ඇති දෑ ඊට වඩා බොහෝ සේ දරුණුය. එවන් පිරිස මිතුරන් ලෙස නොගන්න… (3-118)

ඉහත වාක්‍යන් තුලින් මුස්ලීම්වරුන් මිතුරන් ලෙස නොගතයුතු කණ්ඩායම් කවුරුන්ද යන්න පැහැදිලිව පවසයි. එයින් ද නතර නොවන අල්කුර්ආනය තවදුරටත් පවසන පහත කාරණයන් වෙත ඔබේ බුද්ධිමත් අවදානය යොමු කරන්න.

…(නසාරා නොහොත්) කිතුනුවන් මුස්ලීම්වරුන් සමඟ ආදරයෙන් බැඳී සිටින්නන්ය… (5-82)

…කිසියම් සමාජයක් නුඹලාට කල සතුරුකමක් වෙනුවට නුඹලා ඔවුනට අයුක්තියක් නොකරන්න… (5-8)

…නුඹලා සමඟ (මුස්ලීම් නොවන) මුෂ්රික්වරුන් ගිවිසුම් ගත වී එය නිසිලෙස පිලිපදින තුරු ඔවුන් සමඟ ඔබත් ගිවිසුම නිසිලෙස පිලිපදින්න… (9-4)

…(මුස්ලීම් නොවන) මුෂ්රික්වරුන්ගෙන් කෙනකු නුඹලාගෙන් ආරක්ෂාව පතා පැමිණියේ නම්, ඔහුට ආරක‍ෂාව සලසා දෙනු… (9-6)

…(ඔබේ මාපියන් මුස්ලීම් නොවුනත්) ඔබ ඔවුන් දෙදෙනා සමග ඉතාමත් ආදරයෙන් යුතුව කටයුතු කරනු… (31-15) (29-8)

ඉහත වාක්‍යයන් මඟින් මුස්ලීම් නොවන පිරිස් හා සුහඳව කටයුතු කරන ලෙසත්, කිසිවකුටත් අයුක්තියක් නොකරන ලෙසත්, ඔවුන් හා ගිවිසුම් ඇති කරගත්තේ නම් එය ආරක්ෂා කර ලෙසත්, ඔවුන්ගේ ආරක්ෂාව සලසාදෙන ලෙසත්, තම දෙමාපියන් මුස්ලීම් නොවුනත් ඔවුනට ආදරය දැක්වීම අවශ්‍ය බවත් අල්කුර්ආනය මුස්ලීම් සමාජයට අවදාරණය කරයි.

දැන් මෙහි ඉහතින් ඉදිරිපත් කොට ඇති වාක්‍යයන් සියල්ල බුද්ධිමත්ව විමසා බලන්න. එහි පලමු වාක්‍යය වන ‘මුඃමින්(මුස්ලීම්)වරුන් මුඃමින්වරුන් මිස (ඉස්ලාමය)ප්‍රතික්ෂේප කරන්නා(වූ මුස්ලීම් නොවන)පිරිස් මිතුරන් ලෙස නොගත යුතුය.’ යන ශුද්ධ වූ කුර්ආනයේ  3-28, 4-89, 4-144, 5-51, 5-80, 9-23… වාක්‍යයට පරස්පර ලෙස මුස්ලීම් නොවන පිරිස් සමඟ ඉතා සුහඳව කටයුතු කරන ලෙස පවසන වාක්‍ය ගණනාවක් මෙහි දක්වා ඇත. අන්තවාදී නොවී ඉහත වාක්‍යයන් සියල්ල බුද්ධිමත්ව විමසා බලන්නේ නම්, එයින් පැහැදිලි වන්නේ,

‘මුස්ලීම්වරුන්ට එරෙහිව එදිරිවාදිකම් නොකරන පිරිස් සමඟ මුස්ලීම්වරුන් සුහඳව කටයුතු කිරීමට ඉස්ලාම් උනන්දු කරන බව නොවේද?’.

ඉහත ශුද්ධ වූ කුර්ආන් පාඨයන් තුල පමණක් නොව ‘හදීස්’ හෙවත් මුහම්මද් (සල්) තුමාණන්ගේ මඟපෙන්වීම තුලත් එම ආදර්ශය දකින්නට ලැබේ. හදීස් ග්‍රන්ථ අතුරින් ප්‍රධාන ම හදීස් ග්‍රන්ථය වන ‘සහීහ් බුහාරී’ ග්‍රන්ථයේ මෙවැනි හදීස් විශාල ප්‍රමාණයක් දක්නට ලැබේ. එම හදීසයන් කියවන විට මුහම්මද් (සල්) තුමාණන් සහ සහාභාවරුන් මෙන්ම මුස්ලීම් නොවන ජනයා ද සමාජය තුල සියළුම අයිතීන් භුක්ති විඳිමින් ඉතා සමඟියෙන් හා සුහදව ජීවත් වූ බව පෙනේ.

මුහම්මද් (සල්) තුමාණන්ට සේවය කරමින් සිටී. යුදෙව් කෙනෙකු අසනීප වූ මොහොතේ මුහම්මද් (සල්) තුමාණන් ඔහුගේ සුවදුක් විමසීමට යන ලදී. එහිදී අසාද්‍ය තත්වයෙන් පසුවන ඔහු දෙස බලා ‘ඉස්ලාමය පිලිගන්න!’ යනුවෙන් පවසන ලදී. එවිට ඔහු තම පියාදෙස බැලීය. එවිට ඔහුගේ පියා ‘අබූල් කාසීම් (මුහම්මද් තුමාණන්)ගේ ඉල්ලීමට අවනත වන්න’ යයි පවන ලදී. ඒ අනුව ඔහු ඉස්ලාමය වැලදගන්නා ලදී. ඒ මොහොතේ මුහම්මද් (සල්) තුමාණන් ‘මොහුව නිරයෙන් ආරක්ෂා කල අල්ලාහ් (දෙවි)ටමය සියළු ප්‍රශංසා’ යයි පවසන ලදී.  

මූලාශ්‍ර ග්‍රන්ථය- බුහාරී 1356

මුහම්මද් (සල්) තුමාණන් යුදෙව් කෙනෙකු ලඟ තම යුධ ඇදුම් කට්ටලය ඇපයට තබා ආහාරයට ගැනීමට අවශ්‍ය ධාන්‍ය ටිකක් ණයට ලබගන්නා ලද තත්වයේ මියගිය බව එතුමාණන්ගේ බිරිද වන ආයිෂා (රලි) තුමිය පවසයි.

මූලාශ්‍ර ග්‍රන්ථය- බුහාරී 2068

යුදෙව් කාන්තාවක් නබිතුමාණන්ට ලබාදුන් භෝජන සංග්‍රහය භාරගෙන බුක්තිවිදින ලදී. නමුත් එහි ඇය විෂ කවලම් කර ඇති බව දැනගත් (මුහම්මද් (සල්) තුමාණණ්ගේ අනුගාමික පිරිස වන) සහාභාවරුන් ඇයව මරණ්නට නබිතුමාණන්ගෙන් අවසර ඉල්ලුවත් එයට අවසර ලබානොදෙන ලදී.

මූලාශ්‍ර ග්‍රන්ථය- බුහාරී 2617

මුහම්මද් (සල්) තුමාණන් සිටින සභාවක් මධ්‍යයට යුදෙව්වරුන් පැමිණ ‘නබිතුමණි! අපට සාධාර්ණය විනිශ්චයක් ලබාදෙන්න’ යයි විමසූ අවස්ථාවන් ඇත.

මූලාශ්‍ර ග්‍රන්ථය- බුහාරී 2412

මෙම ලිපිය ආරම්භයේ ඉදිරිපත් කල ශුද්ධ වූ අල්කුර්ආන් වාක්‍යය වන ‘මුඃමින්(මුස්ලීම්)වරුන් මුඃමින්වරුන් මිස (ඉස්ලාමය)ප්‍රතික්ෂේප කරන්නා(වූ මුස්ලීම් නොවන)පිරිස් මිතුරන් ලෙස නොගත යුතුය.’ යන ශුද්ධ වූ කුර්ආනයේ  3-28, 4-89, 4-144, 5-51, 5-80, 9-23… වක්‍යයට පරස්පර වන ලෙස මුස්ලීම් නොවන විශේෂයෙන් යුදෙව්වරුන් සමඟ මුහම්මද් (සල්) තුමාණන් ඉතා සුහඳව හා විශ්වාසයෙන් යුතුව කටයුතු කර ඇති ආකාරය ඉහත හදීසයන් තුලින් දැන් පැහැදිලිය.

තවදුරටත් පවසනවා නම්, මුනාෆික්වරුන් එනම් ප්‍රසිද්ධියේ හා ප්‍රජාව තුළ තමා මුස්ලිම්වරයකු බව පෙන්වා ගන්නා  අතර ඉස්ලාමය ප්‍රතික්ෂේප කොට ඉස්ලාමයට එරෙහිව කටයුතු කරන සතුරන් අතර ප්‍රචාරය කරන පිරිස ප්‍රසිද්ධියේ ඉස්ලාමයට හෝ මුස්ලීම්වරුන්ට එරෙහිව යුධ ක්‍රියාවන්ට යොමූ නොවූ නිසා ඔවුන් සමඟ ද මුස්ලීම්වරුන් සුහඳ ව කටයුතු කරන ලදී. මේ හේතුව නිසයි එදා මක්කා මදීනා ජනයාව ඉස්ලාම් පහසුවෙන් දිනාගත්තේ. එපමණක් නොව ලොවපුරා මෙතරම් පුළුල්ව ඉස්ලාම් ව්‍යාප්තවීමට මූලික අඩිතාලම වූයේ ද මෙම සහෝදරත්ව දෑත් දිගු කිරීමයි.

ඉබුනු සහීර්

Ibnu Saheer

Ibnu Saheer - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *

SLMN (Social) Site

Sri-Quran (ML) Site

Al-Hadees Site

Sri-Quran Site