අල්කුර්ආනයේ ඉතිහාසය 05 – වහී පහලවීම හා ලේඛනගත කිරීම

2

(මෙම ලිපිය ‘අල්කුර්ආනය ග්‍රන්ථාරූඪ වූ ඉතිහාසය‘ යන මාතෘකාව යටතේ කථා කරන ලිපි පෙලෙහි තවත් කොටසකි.)

මීට වසර 1430 කට පමණ පෙර අරාබි දේශයේ ප්‍රකාශ අල්කුර්ආන් ඉගෙන්වීමන් වසර 23 ක් මුළුල්ලේ කුඩා කොටස් වශයෙන් පහල වී ඒ සියල්ල ඒ ආකාරයට 100%ක් අදටත් ආරක්ෂා වී පවතිනවා යන්න පැවසීම බොහෝ දෙනෙකු තුල අවිශ්වාසයන් සැකයන් ඇති කරන්නක් විය හැක. නමුත් මෙම ලිපිය ඉදිරියට කියවීමේ දී ඔවුන් තුල මතු වූ එම අවිශ්වාසයට සැකයට පැහැදිලි පිලිතුරක් ලැබෙනු ඇතැයි සිතමි. ඒ සදහා විවෘත හා බුද්ධිමත් මනසින් මෙතැන් සිට මෙම ලිපිය විමසා බලන ලෙස ප්‍රථමයෙන් ආරාධනා කරමි.

කිසියම් දහමක් හෝ දර්ශනයක් පිලිබදව විශේෂයෙන් එහි ඉගෙන්වීමන් පිලිබදව කථා කිරීමේ දී උපකල්පනයන් හා මනක්කල්පිතයන් මත හිඳ කථා නොකොට පිලිගත හැකි සාක්ෂි හා තර්ක මත හිඳ කථා කිරීම අනිවාර්‍ය මෙන්ම සාධාර්ණ ක්‍රමවේදයක් වේ. එසේ සාධාර්ණව කථා කිරීමට නම්, එම දහම හෝ දර්ශනයේ ඉගෙන්වීමන් පිලිගත හැකි ලෙස ආරක්ෂා වී පැවතීමත් අත්‍යඅවශ්‍ය වේ. මුල සිට ආරක්ෂා වූ මූලාශ්‍රයක් නොමැතිව කිසියම් දහමක හෝ දර්ශනයක ඉගෙන්වීමන් කථා කිරීම කිසිදු පදනමක් නොමැති හිස් වචන පමණක් වනු ඇත. ඒ අනුව ඉස්ලාම් දහමේ ඉගැන්වීමන් දරා සිටින අලකුර්ආනය ආරම්භයේ පටන් මේ දක්වා සිදුව ඇති විකාශනය කවරේද? එම විකාශනයේ ආරම්භය මොනවාගේද? යන්න පිලිබදව මෙතැන් සිට අවදානය යොමු කරමු.

මීට පෙර සදහන් කලාසේ අල්කුර්ආන් වාක්‍යයන් පහල වීම මක්කා නම් නගරය ආසන්නයේ පිහිටී ‘හීරා’ නම් ගල් ගුහාවක් තුල ඇරඹුණි. මෙසේ දේව පණිවුඩ මනුෂ්‍යයකුට ප්‍රකාශ වීම අරාබි භාෂාවෙන් ‘වහී’ යනුවෙන් හදුන්වයි. ඒ අනුව දෙවියන්ගේ පණිවුඩය මනුෂ්‍යයෙකුට පහල වී ඔහු තුලින් සමස්ථ සමාජයටම එය ප්‍රකාශ වීම වක්තෘ මෙහෙවර යනුවෙන් ඉස්ලාම් හදුන්වයි. එම මෙහෙවරයි වසර 23 ක් මුළුල්ලේ මුහම්මද් (සල්)තුමාණන් ඉටු කලේ. මෙතැනදී තවත් කාරණයක් කිවයුතුව ඇත. දේව පණිවුඩ පහල වීම යන්න මුහම්මද් (සල්) තුමාණන්ට පමණක් සිදු වු සිද්ධියක් නොවේ. ඉස්ලාමීය ඉගෙන්වීමට අනුවත්, බයිබලයේ සදහන් සමහරක් කරැණුවලට ද අනුවත් ආරම්භ මිනිසා (වන ආදම්‍)ගේ පටන් මෙම වහී හෙවත් දෙවියන්ගේ පණිවුඩ මිනිස් සමාජයට ප්‍රකාශ වීම සිදුව ඇත. ඉස්ලාමීය ඉගෙන්වීමට අනුව මුල්ම මිනිසා වන ආදම් (අලෛ) තුමාණන්ගේ පටන් අවසාන වක්තෘවරයාණන් වන මුහම්මද් (සල්) තුමාණන් දක්වා විවිධ කාලවල, විවිධ ජන ගෝත්‍රවලට මේ ආකාරයට වක්තෘවරුන් හෙවත් නබිවරුන් ලක්ෂයකටත් අධික සංඛ්‍යවක් මේ පොළොව මත දෙවියන් විසින් තොරා පත්කොට මෙම මෙහෙවර එනම් දේව පණිවුඩ මිනිස් සමාජයට ප්‍රකාශ කිරීම සිදුව ඇත. එසේ දෙවියන් විසින් තෝරා පත්කරන ලද වක්තෘවරුන් කිහිප දෙනෙකුගේ නම අල්කුර්ආනයේම සදහන් වේ. එනම්,

  • ඉබ්බ්‍රහීම් (ඒබ්බ්‍රහාම් (අලෛ))
  • ඉස්මායිල් (අලෛ)
  • ඉසහාක් (අලෛ)
  • යාකුබ් (අලෛ)
  • ලූත් (ලොත් (අලෛ))
  • දාවුද් (ඩෙවිඩ් (අලෛ))
  • නුහ් (නෝවා (අලෛ))
  • මූසා (මොසස් (අලෛ))
  • ඊසා (යේසුස් (අලෛ))

ඉහතින් දක්වා ඇත්තේ අල්කුර්ආනයේ (සහ බයිබලයේ) නම සදහන් වක්තෘවරුන් කිහිප දෙනෙකුගේ නමයි. මේ සියළුම වක්තෘවරුන් හට පැවරී තිබු ප්‍රධාන රාජකාරීය වූයේ දෙවියන්ගේ පණිවුඩය මිනිස් සමාජයට ප්‍රකාශ කොට එකම දෙවියා වන ‘අල්ලාහ්’ වෙත සමස්ථ මිනිස් සමාජය කැදවීමයි. මෙය අල්කුර්ආනයේ 21-25 වාක්‍යය මඟින් මෙසේ පවසයි.

“මා හැර වෙන දෙවියෙක් නැත. යන්න පවසා මිස දේව දුතයන් (වක්තෘවරුන්) නොයැව්වෙමු.”

මේ අනුව සෑම වක්තෘවරයෙකුම යවන ලද්දේ එකම දෙවියා වන ‘අල්ලාහ්’ වෙත මිනිස් සමාජය කැදවීම පිණිස යන්න ඉහත වාක්‍යයෙන් පැහැදිලිය. එසේම සෑම සමාජයකට ම වක්තෘවරයෙකු පහල කලා යන්නත්, එහි අවසාන වක්තෘවරයා මුහම්මද් (සල්) තුමාණන් යන්නත් ඉසල්මයේ ඉගෙන්වීමයි. එම අවසාන වක්තෘවරයාණන් වන මුහම්මද් (සල්) තුමාණන්ට පහල කල ‘වහී’ වල එකතුවයි වර්ථමාන මුස්ලීම්වරුන් ‘අල්කුර්ආනය’ ලෙස හදුන්වන්නේ. වසර 23ක් මුළුල්ලේ පහල වූ වාක්‍යයන් හි එකතුව වන මෙම අල්කුර්ආනයේ ආගමික මූලාශ්‍රයක තිබිය යුතු අනිවාර්‍ය අංග තිබේද? යන්නත් එය කොතරම් දුරට ආරක්ෂිතද? යන්නත් පහත කරුණු යටතේ දැන් විමසා බලමු.

  • ලිඛිත ග්‍රන්ථයක් පැවතීම,
  • ලිඛිත ග්‍රන්ථය එහි මුල් භාෂාවෙන් පැවතීම,
  • මුල් භාෂාව අදටත් ආරක්‍ෂා වී පැවතීම,
  • ආරම්භයේ සිට සංශෝධනයන් සිදුනොවී පැවතීම,
  • දේශනා කල කාලය හා ග්‍රන්ථාරූඩ වු කාල අතර අන්තරයක් නොතිබීම,
  • ලිඛිත ග්‍රන්ථයක් පැවතීම,

මෙහි පලමු අවශ්‍යතාවය වෙත අවදානය යොමු කලේනම්, ලොව සෑම දහමකට ම වාගේ අද වනවිට මූලාශ්‍ර ග්‍රන්ථයක් තිබීම දක්නට ඇත. ශ්‍රී ලාංකීය සමාජය සැලකුවත් එහි ප්‍රධාන ආගම් වන බුදුදහමට ත්‍රපිටකය, කිතුණු දහමට බයිබලය, හින්දු දහමට බගවත්ගීතය ලෙස තිබීම දක්නට ඇත. සුළු සුළු මිත්‍ය ඇදහිලි පවත්වාගෙන යන පිරිස් හැර අන් සෑම දහමකම ලිඛිත ග්‍රන්ථයක් තිබෙනවා යන්නෙහි විවාදයක් නැත. නමුත් එසේ තිබෙන ග්‍රන්ථයන් ඉහත අනිකුත් අවශ්‍යතාවයන් වන ලිඛිත ග්‍රන්ථය එහි මුල් භාෂාවෙන් පැවතීම, මුල් භාෂාව අදටත් ආරක්‍ෂා වී පැවතීම, ආරම්භයේ සිට සංශෝධනයන් සිදුනොවී පැවතීම, දේශනා කල කාලය හා ග්‍රන්ථාරූඩ වු කාල අතර අන්තරයක් නොතිබීම යන අවශ්‍යතාවයන් සපුරනවාද? යන්නයි මෙහි ඇති ගැටළුව.

ඒ පිලිබදව මෙම ලිපි පෙල තුල තවදුරටත් ඉදිරියේ දී ‘යහමග’ ඔස්සේ කථා කිරීමේ පොරොන්දු මත මේ ලිපියට විරාමය තබමි.

(මෙම ලිපියේ තවත් කොටසක් ඉදිරියට බලාපොරොත්තු වන්න…)

මෙම ලිපි පෙල ප්‍රධාන මාතෘකා කිහිපයක් ඔස්සේ ඉදිරියට කථා කිරීමට අදහස් කරමි. එනම්,

ඉබුනු සහීර්

Ibnu Saheer

Ibnu Saheer - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *

SLMN (Social) Site

Sri-Quran (ML) Site

Al-Hadees Site

Sri-Quran Site