අලි බෙනාට් මරණය හා එ සදහා අපගේ සූදානම from Ibnu Saheer's blog

පසුගිය මැයි 29 (2018) දින ඕස්ට්‍රේලියාවේ සිදුවූ සහෝදර අලිබෙනාට් ගේ මරණය මුස්ලීම් ලෝකය පමණක් නොව සමස්ථ ලෝකයම කම්පා කරවන්නක් විය. ධනකුවේරයෙකු වූ ඔහු ඔහුට වැලදුනු පිලිකාවක් හේතුවෙන් වයස අවුරුදු 36 ක්ව පැවතිය දී පසුගිය දින මිය යන ලදී. මීට වසර දෙකකට පමණ පෙර ඔහුගේ රෝගය හඳුනාගත් වෛද්‍යවරුන් ඔහු උපරිම මාස 07 ක් පමණ කාලයක් ජීවත්වනු ඇතැයි පැවසුවත් ඔහු වසර දෙකකටත් වැඩි කාලයක් ජීවත් වී පසුගිය දින මියයන්නේ සමස්ථ ලෝකයටම හිතන්න බොහෝ දෑ ඉතිරි කරමිනි.

දෙවියන් මනුෂ්‍ය හට ලබාදී ඇති භාග්‍යයන් අතුරින් උතුම් ම භාග්‍යය වන්නෙ ඔහු මරණය ට සම්මුඛ වන්නේ කොයි මොහොතේ කොයි ආකාරයට යන්න ඔහුගෙන් වසන්කර තැබීමයි. එය මනුෂ්‍ය දැන සිටියානම් ඔහු කිසිදු දිනෙක සිනා නොවනු ඇත. නමුත් සහෝදර අලිබෙනාට් සම්බන්ධයෙන් මෙය තරමක වෙනස් ආකාරයට දෙවියන් තීන්දු කොට තිබුණි. ඔහුගේ මරණ මොහොත ඔහුට වසන් කොට තිබුණත් ඔහුගේ මරණය පෙනි පෙනි ජීවත්වීමට දෙවියන් සැලසුම් කොට තිබුණි. 


ධනකුවේරයෙකු වූ සහෝදර අලි බෙනාට් නියතව ම ලොව දකෂතම වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර ගන්නට ඇතැයි සිතමි. ඔවුන්ගේ නිගමනය ඔහු මාස 07ක් ඇතුලත මියයනවා යන්නයි. නමුත් ඔහු වසර 2 ක් නොඑසේ නම් මාස 24 කට වඩා ජීවිත්වීමට හැකිවුණි. 

තාරුණ්‍යයත් ධනයත් නොඅඩුව තිබූ අධිසුඛෝපභෝගි දිවියක් ගෙවූ සහෝදර අලිබෙනාට් තව මාස 07කින් මිය යනවා යන පණිවුඩය ඇසූ විට ඔහුට කුමක් සිතන්නට ඇත්තද?. එම මොහොත මොහොතකට ඔබ සිතා බලන්න. තෝරාගතයුතු මාර්ග දෙකක් ඔහු ඉදිරියේ තිබුණී. එනම්,

ජීවිතයේ ඉතුරු කාලය ඉතාම විනෝදකාමීව හා ජීවිතයේ  මෙතෙක් ලබන්නට බැරිවූ සියළු සැප විඳිමින් ගෙවාදැමීම,

ජීවිතයේ ඉතුරු කාලය ඉතා දැහැමි ලෙසත්, සමාජයට වැඩදායි ලෙසත් ගෙවාදැමීම,

මේ දෙකින් සහෝදර අලිබෙනාට් තෝරාගත්තේ දෙවන මාර්ගයයි. ජීවිතයේ ඉතිරි කාලය ඔහු ඉතා බුද්ධිමත්ව ගෙවාදැමීමට සූදානම් වූයේ ඉතා විශ්මිත අන්දමිනි. 

දෙවියන් ශුද්ධ වූ කුර්ආනයේ  67-2 මඟින් මනුෂ්‍යා හට ජීවය හා මරණය ලබාදීමේ අරමුණ පැහැදිලි කිරීමේ දී 


ඔබලාගෙන් කවුරුන් ක්‍රියාවන්ගෙන් ඉතාමත් අලංකාරවත් වන්නේ ද යන්න පරීක්ෂා කරනු පිණිස, ඔහු ජීවිතය ද මරණය ද (නුඹලාට) ලබාදී ඇත්තේය.


ඉහත වාක්‍යය නිවරුදිව වටහාගත් සහෝදර අලිබෙනාට් නිවැරදි මාර්ගය නිසිලෙස තෝරා බේරාගෙන තම මෙහෙවර ආරම්භ කරන ලදී. ඔහු මරණයේ පණිවුඩය ලැබූ විගස තම ඉතිරිව ඇති ආයුකාලය ඉතා ප්‍රයෝජනවත් ආකාරයෙන් සැලසුම් කොට ගෙවන ලදී. එහිදී දෙවියන් කෙරෙහි වඩාත් සමීපව සමාජ සුභසාධන කටයුතුවල නියලීම, ලොවපුරා දිළිදු ජනයාට සහනදායි වැඩසටහන් ක්‍රියාත්මක කිරීම වැනි පොදු කටයුතුවල තම ආයුකාලය ගෙවාදැමීමට කටයුතු කිරීම ලොවපුරා ජනතාවෙග් ආකර්ශනය දිනාගැනීමට ද හේතුවිය. රෝගියකුව සිටී ඔහු තම දිවියේ ඉතුරු කාලය කාලය සැලසුම් කරගෙන කටයුතු කිරීම නිසා ඔහුට විශාල වැඩ කොටසක් ඉටුකිරීමට ද හැකිවිය විශේෂයෙන් එහිදී ඔහු පිහිටුවන MATW ව්‍යාපෘතිය ඒයට කදිම නිදසුනකි. එපමණක් නොව ධනකුවේරයෙකු වූ ඔහු තම ධනය වැය කරමින් දිළිදු ජනතාවට දරුවාන්ට විශාල සේවාවක් කළ බවත් ඔහු පිලිබදව අන්තර්ජාලයේ කරුණූ සොයාන ඕනෑම කෙනෙකුට පහසුවෙන් දැකගත හැක. මෙසේ ඉතා සැලසුම් සහගතව තම දිවියේ ඉතුරු කාලය සහෝදර අලිබෙනාට් ගෙවා දැමු ආකාරය හා ඔහු කිසිදු කලබලයකින් තොරව ඉතා නිර්භීතව මරණයට මුහුණදුන් ආකාරය දෙස බලනවිට ඒය අපව මවිත කරවන්නකි. 



(ඉහතින් අලි බෙනාට් තමන් මියගිය පසු ප්‍රසිද්ධ කරන ලෙස ඉදිරිපත් කල වීඩියෝව..)


මේ මොහොතේ මාගේ සිහියට නැගෙන්නේ මුහම්මද් (සල්) තුමාණණ් මිනිස් සමාජයට කල අවවාදයකි. එනම්, 


මුහම්මද් (සල්) තුමාණන් වරක් මෙසේ පවසන ලදී, ‘අවස්ථා පහක් උදාවීමට මත්තෙන් අවස්ථා පහක් ප්‍රයෝජනවත් කරගන්න. ඒ, ඔබ මරණයට පත්වීමට පෙර ආයු කාලයද, ඔබ රෝගීවීමට පෙර නීරෝගි කාලයද, ඔබ කාර්යය බහුල වීමට පෙර විවේක කාලයද, ඔබ මහළු වීමට පෙර තරුණ කාලයද, ඔබ දිළිඳූ වීමට පෙර ධනය ද, ප්‍රයෝජනවත් කරන්න.’

                                                                                                        මූලාශ්‍ර ග්‍රන්ථය – මුස්නද් අහමද්


සහෝදර අලිබෙනාට් ට තවත් ජීවත්වීමට ඉතිරිව ඇත්තේ මාස 07 ක පමණ කාලයක් යැයි දැනගත් නිසා ඔහු තම ඉතුරු කාලය දෙවියන්ට කැමති ම ආකාරයට ගෙවාදැමීමට ජීවිතය කළමණාකරණය කරගන්නා ලදී. එසේම ඔහුට අල්ලාහ් වසර 02 කින් ආයුකාලය දීර්ඝ කොට ලබාදුන් නිසා තම ඉතුරු කාලය ඉතා හපත් ආකාරයට ගෙවා මියදුනා අල්ලාහ් ඔහුට ෆිර්දව්ස් නැමැති ස්වර්ගයේ ඉහල තැනක් ලබාදෙත්වා!. 

දැන් අප අපේ ජීවිතය දෙස මොහොතක් හැරී බැලිය යුතුව ඇත. සහෝදර අලිබෙනාට් ට අල්ලාහ් ඉතිරිව ඇති ආයුකාලය පිලිබදව ඉඟියක් ලබාදුන් නිසා එය ඔහු සාර්ථක අයුරින් කළමණාකරණය කරගත්තා. ඔබටත් මටත් එවැනි අවස්ථාවක් හිමි වේ කියා හෝ තව ජීවත්වීමට බොහෝ කාලයක් තිබෙනවා කියා හෝ සිතා ජීවත්වීමට අපට ඇති සහතිකය කුමක්ද?. මම තරුණයි මට මැරෙන්න තව කොච්චර කල් තියේද? මරණය අපෙන් බොහෝ දුරකය කියා සිතිය හැකිද?. සහෝදර අලිබෙනාට්ගේ මරණය අපි කරණ පලමු අනතුරු ඇඟවීම එයයි. අවසාන වශයෙන් සහෝදර අලිබෙනාට්ගේ මරණය තුලින් මිනිස් සමාජයට නැවත නැවතත් කියාපාන ප්‍රධානම පාඩම් 05ක් මා දකිමි. ඒ මීට වසර 1400 කට පෙර මුහම්මද් (සල්) තුමාණන්  මිනිස් සමාජයට අවවාද කල ඉහතින් සාකච්චා කල කරුණු පහයි. ඒ කෙරෙහි නැවතත් ඔබේ  බුද්ධිමත් අවදානය යොමු කරමින් මේ ලිපිය අවසන් කරමි. 


ඉබුනු සහීර්



Share:
Previous post     
     Next post
     Blog home

The Wall

No comments
You need to sign in to comment

Post

By Ibnu Saheer
Added Jun 6

Tags

Rate

Your rate:
Total: (0 rates)

Archives

Help

සමාජ සත්කාර සේවා
ඔබේ සදකාවන් ලබාදෙන්න...
යහමග පැරණි අඩවියට
ශ්‍රී-කුර්ආන් ශුද්ධ වූ අඩවිය

Racism

ජාතිවාදී ප්‍රහාර