ඉස්ලාම් දහම තුල නිකායවල් නොමැත. නිකායවලට බෙදීම මහා පාපයකි!!! from Saifullahil Maslool's blog

Narrated Hudhaifa bin Al-Yaman:

The people used to ask Allah's Messenger (ﷺ) about good, but I used to ask him about evil for fear that it might overtake me. Once I said, "O Allah's Messenger (ﷺ)! We were in ignorance and in evil and Allah has bestowed upon us the present good; will there by any evil after this good?" He said, "Yes." I asked, "Will there be good after that evil?" He said, "Yes, but it would be tained with Dakhan (i.e. Little evil)." I asked, "What will its Dakhan be?" He said, "There will be some people who will lead (people) according to principles other than my tradition. You will see their actions and disapprove of them." I said, "Will there by any evil after that good?" He said, "Yes, there will be some people who will invite others to the doors of Hell, and whoever accepts their invitation to it will be thrown in it (by them)." I said, "O Allah's Messenger (ﷺ)! Describe those people to us." He said, "They will belong to us and speak our language" I asked, "What do you order me to do if such a thing should take place in my life?" He said, "Adhere to the group of Muslims and their Chief." I asked, "If there is neither a group (of Muslims) nor a chief (what shall I do)?" He said, "Keep away from all those different sects, even if you had to bite (i.e. eat) the root of a tree, till you meet Allah while you are still in that state."

حَدَّثَنَا يَحْيَى بْنُ مُوسَى، حَدَّثَنَا الْوَلِيدُ، قَالَ حَدَّثَنِي ابْنُ جَابِرٍ، قَالَ حَدَّثَنِي بُسْرُ بْنُ عُبَيْدِ اللَّهِ الْحَضْرَمِيُّ، قَالَ حَدَّثَنِي أَبُو إِدْرِيسَ الْخَوْلاَنِيُّ، أَنَّهُ سَمِعَ حُذَيْفَةَ بْنَ الْيَمَانِ، يَقُولُ كَانَ النَّاسُ يَسْأَلُونَ رَسُولَ اللَّهِ صلى الله عليه وسلم عَنِ الْخَيْرِ، وَكُنْتُ أَسْأَلُهُ عَنِ الشَّرِّ مَخَافَةَ أَنْ يُدْرِكَنِي‏.‏ فَقُلْتُ يَا رَسُولَ اللَّهِ إِنَّا كُنَّا فِي جَاهِلِيَّةٍ وَشَرٍّ، فَجَاءَنَا اللَّهُ بِهَذَا الْخَيْرِ، فَهَلْ بَعْدَ هَذَا الْخَيْرِ مِنْ شَرٍّ قَالَ ‏"‏ نَعَمْ ‏"‏‏.‏ قُلْتُ وَهَلْ بَعْدَ ذَلِكَ الشَّرِّ مِنْ خَيْرٍ قَالَ ‏"‏ نَعَمْ، وَفِيهِ دَخَنٌ ‏"‏‏.‏ قُلْتُ وَمَا دَخَنُهُ قَالَ ‏"‏ قَوْمٌ يَهْدُونَ بِغَيْرِ هَدْيِي تَعْرِفُ مِنْهُمْ وَتُنْكِرُ ‏"‏‏.‏ قُلْتُ فَهَلْ بَعْدَ ذَلِكَ الْخَيْرِ مِنْ شَرٍّ قَالَ ‏"‏ نَعَمْ دُعَاةٌ إِلَى أَبْوَابِ جَهَنَّمَ، مَنْ أَجَابَهُمْ إِلَيْهَا قَذَفُوهُ فِيهَا ‏"‏‏.‏ قُلْتُ يَا رَسُولَ اللَّهِ صِفْهُمْ لَنَا فَقَالَ ‏"‏ هُمْ مِنْ جِلْدَتِنَا، وَيَتَكَلَّمُونَ بِأَلْسِنَتِنَا ‏"‏ قُلْتُ فَمَا تَأْمُرُنِي إِنْ أَدْرَكَنِي ذَلِكَ قَالَ ‏"‏ تَلْزَمُ جَمَاعَةَ الْمُسْلِمِينَ وَإِمَامَهُمْ ‏"‏‏.‏ قُلْتُ فَإِنْ لَمْ يَكُنْ لَهُمْ جَمَاعَةٌ وَلاَ إِمَامٌ قَالَ ‏"‏ فَاعْتَزِلْ تِلْكَ الْفِرَقَ كُلَّهَا، وَلَوْ أَنْ تَعَضَّ بِأَصْلِ شَجَرَةٍ حَتَّى يُدْرِكَكَ الْمَوْتُ وَأَنْتَ عَلَى ذَلِكَ ‏"‏‏.‏


Reference
 : Sahih al-Bukhari 3606

In-book reference : Book 61, Hadith 113

USC-MSA web (English) reference : Vol. 4, Book 56, Hadith 803


http://sunnah.com/bukhari/61/113




හදීසයේ සිංහල පරිවර්ථනය

මිනිසුන් නබි (සල්) තුමාණන්ගෙන් යහපත ගැන ඇසූහ.(අයහපත) මා වෙත ලගා වෙවි යැයි බිය නිසා මම එතුමාණන්ගෙන් අයහපත ගැනම අසන්නෙක් ලෙස සිටියෙමි. (වරෙක) මම “ අල්ලාහ්ගේ වක්තෘවරයාණෙනී! අපි ජාහිලීයා (නම් අවිද්‍යාත්මක යුගයෙ)හි ද, අයහපතෙහිද සිටියෙමු. එවිට අල්ලාහ් මෙම යහපත අප වෙත ගෙන ආවේ ය. මෙම යහපතට පසු අයහපතක් වේ දැයි ඇසුවෙමි.(එයට එතුමාණෝ) ඔව් යැයි පැවසූහ. එම අයහපතට පසු යහපතක් වේ දැයි මම අසුවෙමි. ඔව් නමුත් එ(ම යහපතෙ)හි දහ්න් (සුඵ අයහපතක් ) තිබෙනු ඇතැයි එතුමාණෝ පැවසූහ. එහි තිබෙන දහ්නය කුමක් දැයි මම ඇසුවෙමි. (එයට) එතුමාණෝ සමූහයක් මාගේ මාර්ගය නොවන මගක් වෙත මගපෙන්වනු ඇත. ඔවුන්ගෙන් යහපතද අයහපතද ඔබ දකිනු ඇත යැයි පැවසූහ. එම යහපතට පසු අයහපතක් වේ දැයි මම අසුවෙමි.(එයට එතුමාණෝ) ඔව්! නිරයේ දොරකොඩ වෙත කැඳවන්නන් බිහිවනු ඇත. ඔවුන්ගේ කැඳවීමට පිළිතුරු දෙන්නේ යමෙක් ද, ඔහුව ඔවුන් එ(ම නිර)යටම තල්ලු කරනු ඇතැයි පැවසූහ. අල්ලාහ්ගේ වකෘවරයාණෙනී! ඔවුන්ව අපට විග්‍රහ කරන්න යැයි මම පැවසුවෙමි. නබි (සල්) තුමාණෝ “ඔවුන් අපගෙන්ම වූ අයයි. අපගේ දිවවලින්ම කතා කරන්නෝ ය“ යි පැවසූහ. මාගේ ජීවිත කාලයේදී එය (එම අයහපත) සිදුවුවහොත් ඔබ තුමා මා හට අනකරන්නේ කුමක් දැයි මම ඇසුවෙමි. (එයට) එතුමාණෝ ජමාතුල් මුස්ලිමීනය(මුස්ලිම්වරුන්ගේ ජමාතය) හා එහි ඉමාම්ව (නායකයාව) තරයේ අල්ල ගන්නයි පැවසූහ. (මුස්ලිම්වරුන් වන) ඔවුන්ට ජමාඅතයක් හෝ ඉමාම්වරයෙක් නොවූ විට? යැයි මම ඇසුවෙමි. (එයට) එතුමාණෝ එම සියලු බෙදුම්වාදී කන්ඩායම් වලින් ඉවත් වනු! ඔබ ගසක මුල (දත්වලින්)  සප්පාගෙන එම තත්වයේම මරණය ලඟාවන තුරු සිටියත්... යැයි පැවසූහ.


Share:
     Blog home

The Wall

Ibnu Saheer
Jun 25
Hudhaifa bin Al-Yaman සහාබිවරයා පිලිබදව පොඩි හැදින්වීමක් කරන්නේ නම් හොදයි...
Saifullahil Maslool
Jun 29
හුදෛෆා ඉබ්නුල් යමාන් (රළි) තුමා
හුදෛෆා ඉබ්නුල් යමාන් (රළි) තුමා අස්හාබු සුෆ්ෆා වරුන්ගෙන් කෙනෙකි. මෙතුමාගේ පියා අල්යාමන් හස්ල් (හෝ හුසෛල්) ඉබ්නු ජාබිර් නැමැත්තාය. ඔහුද සහාබි වරයෙකි. මව අර් රබාබ් බින්ත් අෂ්හලීයා වූවා ය. හුදෛෆා (රළි) තුමා මක්කාවේ උපත ලද නමුත් එතුමාගේ කුඩා වියේදීම පියා මක්කාව අතහැර යස්රිබ් (මදීනා) නගරයට පදිංවියට ගිය නිසා මෙතු හැදී වැඩුනේ මදීනා නගරයේ ය.
නබි (සල්) තුමාණන්ගේ ප්රසචාරය ගැන ආරංචි වී යස්රිබ් (මදීනා) වැසියන් සමග පැමිණ හුදෛෆා (රළි) තුමාගේ පියා ද නබි (සල්) තුමාණන්ට බයියත් කර ඉස්ලාමය වැලඳගත් හ. එවිට ඔවුන් සමග (පුතා වූ) හදෛෆා (රළි) තුමා නොපැමිණි නමුත් නබි (සල්) තුමා ගැන ආරංචි වී නබි (සල්) තුමාව නොදැක මදීනාවේදී හිජ්රතයට පෙරම ඉස්ලාමය වැළදගත් හ.
නබි (සල්) තුමාණන් මදීනාවට හිජ්රත් පැමිණි පසු වරෙක හදෛෆා (රළි) තුමා නබි (සල්) තුමාණන්ගේ මෙසේ විමසුවේ ය “මම මුහාජිර් කෙනෙක් ද නොඑසේ නම් අන්සාරි කෙනෙක් ද අල්ලාහ්ගේ වක්තෘවරයාණෙනි.!“ එයට නබි (සල්) තුමා කීවේ ඔබ මුහාජිර් වෙන්නෙ කැමැති නම් එසේ කියන්න. අන්සාරි වෙන්න කැමැති නම් එසේ කියන්න. (මටනම්) ඔබේ ඒ දෙගොල්ලන්ගෙන්ම කෙනෙකි ලෙසයි.
හාෆිලු අස්රාරිර් රසූල් (රසූල් තුමාගේ රහස් රකින්නා) යන නාමයෙන් මෙතුමාව හඳහන්වනු ලැබේ. මදීනාවේ සිටින මුස්ලිම් යැයි රඟපාන මුනාෆික් වරු සියලු දෙනා පිළිබඳ විස්තර නබි (සල්) තුමාණෝ මෙතුමාට පවසා එය කිසිවෙකුටවත් නොකියන මෙන් ඉල්ලා ඇත. එම රහස් මෙතුමා තදින්ම රකින නිසා මෙසේ කියනු ලැබේ. උමර් (රළි) තුමා බොහෝ අවස්ථාවල තමන් ද එම මුනාෆික් ලයිස්තුවේ සමාජිකයෙක් දැයි විමසූ නමුත් එයට මෙතුමා කටවත් නොසැලවූ බව ඉතිහාසයේ සඳහන් වේ. උමර් (රලි) තුමා ජනාසා සලාතයකට ගිය විට මුලින්ම මෙතුමා එහි සිටිනවාදැයි දැඩි විමසිල්ලෙන් බලන බවත් මෙතුමා එහි නැති විටක මුනාෆික් ජනාසාවක් යැයි උපකල්පනය කර එය ඉටුනොකර පසුබසින බවත් ඉතිහාසයේ සඳහන් වේ.
ඉස්ලාමීය ඉතිහාසයේ සිදුවූ යුදවලින් බද්ර් හැර අනිකුත් සියලු යදවලට මෙතුවා සහභාගී වී ඇත. ඉහත අපි සඳහන් කළ හදීය ඇතුලුව හදීස් බොහෝමයක් මෙතුමා විසින් දන්වා ඇත. හිජිරි අවුරුදු 36 දී මෙතුමා මෙලොවින් සමුගත්හ(ඉන්නාලිල්ලාහි වඉන්නා ඉලෛහි රාජිඌන්).
හුදෛෆා ඉබ්නුල් යමාන් (රළි) තුමා
හුදෛෆා ඉබ්නුල් යමාන් (රළි) තුමා අස්හාබු සුෆ්ෆා වරුන්ගෙන් කෙනෙකි. මෙතුමාගේ පියා අල්යාමන් හස්ල් (හෝ හුසෛල්) ඉබ්නු ජාබිර් නැමැත්තාය. ඔහුද සහාබි වරයෙකි. මව අර් රබාබ්...See more
Ibnu Saheer
Jun 29
ඉතා වටිනා කරුණු දැක්වීමක්. මා අසා ඇති අකාරයට නබිතුමාණන්ගෙන් හරස් ප්‍රශ්න ඇසීමේ ද මෙම සහාභිවරයා ප්‍රසිද්ධය.
You need to sign in to comment

Help

සමාජ සත්කාර සේවා
ඔබේ සදකාවන් ලබාදෙන්න...
යහමග පැරණි අඩවියට
ශ්‍රී-කුර්ආන් ශුද්ධ වූ අඩවිය

Racism

ජාතිවාදී ප්‍රහාර