මුහම්මද් (සල්) තුමාණන්ගේ උපන්දිනය - විමසුමක් from Yahamaga's blog

ඉස්ලාම් දහම තුල කිසියම් ක්‍රියාවක් 'ඉස්ලාම් අනුමත' යැයි පැවසීමට නම්, ඒ සදහා අනිවාර්‍ය අවශ්‍යතාවයක් ඇත. එනම්, එම ක්‍රියාව ශුද්ධ වූ කුර්ආනය මඟින්  හෝ හදීසය (මුහම්මද් (සල්) තුමාණන්ගේ වදන්) මඟින් අනුමැතිය ලබාතිබීම අත්‍ය අවශ්‍ය වේ. ඒ අනුව මුහම්මද් (සල්) තුමාණන්ගේ උපන්දිනය සැමරීමට ඉස්ලාම් දහම තුල එනම්, ඉහත කී මූලාශ්‍රයන් දෙක තුල කිසිදු අවසරයක් නැත. අවසරයක් නැතුවා පමණක් නොව මුස්ලීම්වරුන්ට උපන්දින සැමරීම නොහොබින ක්‍රියාවක් බවට ඉහත මූලාශ්‍රයන් දෙක අවදාරණය කරයි. 

එය එසේ වූවත්, ඉස්ලාමීය ඉගෙන්වීමන්ට ඉහලින් ගොස් වත්මන් මුස්ලීම් සමාජයේ බහුතරය සමරන මුහම්මද් (සල්) තුමාණන්ගේ උපන්දින කොතරම් බුද්ධිමත් ක්‍රියාවක්ද? යන්න දැන් විමසා බලමු.


මුහම්මද් (සල්) තුමාණන් සම්බන්ධයෙන් වූ ආදර්ශ, නියෝග හා අනුමත කිරීමන් ('හදීස්' ලෙස හදුන්වන මෙය) ලේඛන ගත වන්නේ එතුමාණන් වක්තෘත්වයට (නබි යන තත්වයට) පත්වූවායින් පසුවය. ඒ අනුව එතුමාගේ උපන්දිනය පිලිබදව පැහැදිලි ලිඛිත සාක්ෂි එහි හමු නොවේ. එසේම මුහම්මද් (සල්) තුමාණන්ට වක්තෘත්වය හෙවත් නබීත්වය හිමිවීමට පෙර පවා එතුමාණන්ට එම සමාජයේ ඉහල පිලිගැනීමක් ගෞරවයක් හිමිව තිබුණි. එ‍සේ වුවද එම සමාජයේ එය එතුමාණන්ගේ උපන්දිනය සැමරීමට තරම් සුවිශේෂි දිනයක් වී නැත. මේ හේතුව නිසා ද එතුමාගේ උපන්දිනය ‘පැහැදිලි සාක්ෂියක් නැති’ දිනයක් බවට අද පත්ව ඇත. මෙහිදී සදහන් කලයුතු වැදගත් කාරණයක් ඇත. එනම්, ‘එතුමාණන්ගේ උපන් දිනය අද මතභේදාත්මක වුවත්, උපන් වර්ෂය හා උපන් මාසය පිලිබදව මතභේදයක් නැත’ යන්නයි. එනම් එතුමාණන්ගේ උපන් වර්ෂය හා මාසය ඉතිහාසගත තොරතුරු පදනම් කරගෙන පැහැදිලිව නිර්ණය කිරීමට හැක. එය දැන් විමසා බලමු,

  • වර්ෂය  — නබිතුමාණන් ‘ඇත් වර්ෂයේ’ ඉපදුනු බවට හදීසයන් හි සදහන් වේ. ඉස්ලාමීය දින දර්ශනයක් ලොවට හදුන්වාදීමට පෙර වර්ෂයක් නම්කිරීම සදහා යොදාගත් උපක්‍රමය වන්නේ ඒ ඒ වර්ෂයන් හි සිදුවන සුවිශේෂි සිදුවීමන්ය. ඒ අනුව නබිතුමාණන් ඉපදුනු වර්ෂයේ අබ්බ්‍රහා නම් රජෙකු ශුද්ධ වූ දේව මැදුර වන කව්බාව (මක්කාවේ පිහිටි ලොව ප්‍රථම දෙව්මැදුර) විනාශ කිරීම ඇත් සේනාවක් යොදාගෙන උත්සාහ කරන ලදී. (මේ පිලිබදව විස්තර ශුද්ධ වූ කුර්ආනයේ “අල් ෆීල්” පරිච්ඡේදයේ සදහන් වේ) එම සිදුවීම පදනම් කරගෙන එම වර්ෂය ‘ඇත් වර්ෂය’ යනුවෙන් හදුන්වන අතර මෙම වර්ෂය නූතන ක්‍රිස්තු වර්ෂවලට අනුව 571 ලෙස ගනන් බලා ඇත.

  • මාසය — උපන් මාසය පිලිබදව පැවසීමේ දී නබිතුමාණන් රබියුල්අව්වල් (ඉස්ලාමීය දින දර්ශනයට අනුව 03 වන) මාසයේ ඉපදුනු බවට ඉතිහාසගත තොරතුරුවලින් හා හදීසයන් තුලින් පැහැදිලි සාක්ෂි දැකගත හැක.

  • දවස — නබිතුමාණන්ගේ උපන් දවස පිලිබදව ආගමික මූලාශ්‍රයන් තුල සොයා බලන විට ඒ පිලිබදව හදීස් දෙකක් ‘මූස්ලීම් හා අබීශෙයිබා’ නැමැති හදීස් ග්‍රන්ථවල හමුවේ. එහිදී නබිතුමාණන් පවසන්නේ ‘මම උපන්නේ සදුදා දිනයක’ යනුවෙනි.

මේ අනුව නබිතුමාණන් උපන් වර්ෂය ක්‍රි ව 571 යන්නත්, උපන් මාසය රබියුල්අව්වල් යන්නත්, උපන් දවස සදුදා යන්නත් තරමක් දුරකට හෝ පැහැදිලිය. ඒ අනුව දැඩි මතභේදයක් ඇත්තේ ‘උපන්දිනය කුමක්ද?’ යන කාරණය සම්බන්ධයෙන් පමණි. අද කිසියම් (ක්‍රිස්තු දින දර්ශනයට අනුව) කෙනෙකුගේ උපන් වර්ෂය මාසය හා දවස දන්නේ නම් ඔහු උපන්දිනය නිර්ණය කිරීම අපහසු කාර්යයක් නොවේ. නමුත් ඉස්ලාමීය දින දර්ශනයට අනුව එසේ තීන්දු කිරීම සිදුකල නොහැක. එයට ප්‍රධාන හේතුව ඉස්ලාමීය මාස නිර්ණය වන්නේ හඳ දැකීම අනුව වීමයි. (මේ පිලිබදව වැඩි විස්තර) ඒ අනුව මීට වසර දහසකට පෙර සිදුවූ සිදුවීමක් ඉස්ලාමීය දින දර්ශණයට අනුව නිර්ණය කල නොහැක. මීට වසර දහසකට පෙර නොව ලබන මාසයේ පලමු දිනය කවදාද යන්න පවා වර්ථමාන භාවිතයේ පවතින ලොව සම්මත දින දර්ශනයක් පදනම් කරගෙන නිර්ණය කිරීමට නොහැක. මන්ද මාසයේ ආරම්භය තීරණය වන්නේ හද හි නිරීක්ෂණය අනුව වීම නිසාය. මේ අනුව මීට සියවස් 13 කට පමණ පෙර ජීවත් වූ මුහම්මද් (සල්) තුමාණන්ගේ උපන්දිනය අද නිර්ණය කිරීම කොතරම් සංකීර්ණ කාරණයක්ද? යන්න ඔබට වටහා ගැනීම අපහසු නොවනු ඇත. කෙසේ නමුත් ‘එසේනම් නබිතුමාණන්ගේ උපන්දිනය පිලිබදව සමාජය තුල මතවාදයක් පවතිනවා නොවේද?’ යන සැකය ඔබට දැන් ඇතිවිය හැක. එම නිසා ඒ පිලිබදව ද දැන් විමසා බලමු.

ඉහතින් ඉදිරිපත් කොට ඇත්තේ මුස්ලීම් සමාජය තුල කථාබහට ලක්වන ජනප්‍රිය දිනයන්ය.  මීට අමතරව මෙවැනි තවත් අනාවැකි දින පැවතිය හැක. (මෙහි ඉහත දක්වා ඇත්තේ මාගේ අවධානයට හසුවූ දින කිහිපය පමණක් බවත් මීටත් වඩා පැවතිය හැකි බවත් කරුණාවෙන් සලකන්න) මෙහිදී ද සදහන් කලයුතු විශේෂ කාරණයක් ඇත. එනම් ඉන්දියාව, ශ්‍රී ලංකාව වැනි ආසියාතික රටවල නබිතුමාණන්ගේ උපන්දිනය රබියුල්අව්වල් මාස 12 වෙනිදා යනුවෙන් ජනප්‍රිය මතයක් පවතී. නමුත් ඉහත දින කිසිවකට ප්‍රබල සාක්ෂි කිසිවක් නොමැති බවත්, ඒ දින සියළු දින යම් යම් කරුණු කාරණා පදනම් කරගත් අනුමානයන් පමණක් බවත්, මෙහිදී වටහා ගතයුතුය. කෙසේ නමුත් ඉහත දින අතුරින් යම්තාක් දුරකට හෝ පිලිගත හැකි අනාවැකියක් ලෙස 18 දිනය පිලිබදව ඉස්ලාමීය විද්වතුන් මත පලකරයි. එයට හේතුව එම දිනය පිලිබදව අනාවැකි පවසන පුද්ගලයන් දෙදෙනා සුවිශේෂි පුද්ගලයන් දෙදෙනෙකු වීමයි. ඒ, ඉස්ලාමීය ඉතිහාසය වඩාත් නිවැරදිව මුස්ලීම් සමාජයට දායාද කල ඉතිහාසඥයින් අතර ප්‍රමුඛයන් දෙදෙනෙකු වන,

  • (ශුද්ධ වූ කුර්ආනයට විශිෂ්ඨ විවරණයක් ලියන ලද විද්වතෙකු වන) ඉබුනු කසීර් (රහ්) තුමා
  • (ශුද්ධ වූ හදීස් ග්‍රන්ථයක් වන බුහාරී හදීස් ග්‍රන්ථයට විශිෂ්ඨ විවරණයක් ලියන ලද විද්වතෙකු වන) ඉබුනු හජර් (රහ්) තුමාණන්

වීමය. ඒ අනුව නබිතුමාණන්ගේ උපන්දිනය පිලිබදව පවතින අනාවැකි අතර 18 යන්න ප්‍රබල තැනක් හිමිවේ. එසේ නමුත් නබිතුමාණන්ගේ ජීවිතය ආරම්භයේ සිට අවසානය දක්වා සවිස්තරව ඉදිරිපත් කරන ලොව ප්‍රකට ග්‍රන්ථය වන “අර්රහීකුල් මකුතූම්” නම් ග්‍රන්ථයේ නබිතුමාණන්ගේ උපන්දිනය ලෙස පවසන්නේ 09 වන දිනයයි. මෙවැනි පරස්පර කරුණුවලට අනුව පැහැදිලි වන එකම කාරණය නම් නබිතුමාණන්ගේ උපන්දිනය මුස්ලීම් සමාජයේ නොවිසදුණු පැනයක් යන්න පමණි.


උපුටා ගැනීම - යහමග



Share:
Previous post     
     Next post
     Blog home

The Wall

No comments
You need to sign in to comment

Post

By Yahamaga
Added Nov 30 '19

Tags

Rate

Your rate:
Total: (0 rates)

Archives

Write to Yahamaga

මෙහි Click කරන්න

Parallel Sites

Blogs

Ibnu Saheer
කල්මූනේ මහ්මුද් කාන්තා විදුහලේ ඉගෙනුම ලබන සිසුවිය වන ෆාතිමා ශෙරීන් ඉනාමුල්ලා ඉන්දුනීසියාවේ පැවති ජාත... more
Ibnu Saheer 12 hours ago
Ibnu Saheer
මිහිමත වෙසෙන ඕනෑම කෙනෙකුහට තම උපන් බිම කෙරෙහි ආදරයක්, ආකාර්ෂණයක් හා හැඟීමක් පැවතීම සාමාන්‍ය කාරණයකි.... more
Ibnu Saheer
ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් සුවිශේෂි දිනයන් පිලිබදව කරන ඉස්ලාමීය විමසුම මේ ලිපිය යටතේ පෙලගැසීම සිදු... more

Forum Topics

Ibnu Saheer
මෙය ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු, 2020/1/21 දින පාර්ලිමේන්තු සභාව ඉදිරියේ කල...
Ibnu Saheer 12 hours ago
Ibnu Saheer
සියළු සත්වයෝ සුවපත් වෙත්වා..! - මේ බෞද්ධ ප්‍රතිපදාවයි. නමුත් ලොව එකම බෞද්ධ රටේ එම ප්‍රතිපාදව... More
'':
fade
slide
Rating: