User blogs

Tag search results for: "ඉස්ලාම්"
ibnujameel

හජ් ඉටුකළ යුතු ආකාරය

 

හජ් තමත්තවු

 

ඉහත සඳහන් කළ ආකාරයට උම්රාව අවසන් කොට යළිත්  හජ් සඳහා දුල් හිජ්ජා මස 8වන දින ඉහ්රාම් ඇඳ ඉටුකරන හජ් කර්තව්‍ය හජ් තමත්තවු වේ. මෙහිදී උම්රාව ඉටුකර ඉහ්රාමයෙන් මිදුනු පසු යළිත් දුල් හිජ්ජා මස 8වන දින හජ් කර්තව්‍ය සඳහා ඉහ්රාම් ඇඳගන්නා තුර ඉහ්රාමය නිසා තහනම් වූ සියල්ල කළ හැකි වේ.

 

හජ් කිරාන්

 

හජ් සහ උම්රාව එකම ඉහ්රාම් ඇඳුමකින් ඉටුකිරීම හජ් කිරාන් වේ. තමත්තවූ වලදී මෙන් ඉහ්රාමයෙන් මිදී යළි හජ් සඳහා ඉහ්රාම් ඇදීමක් මෙහි සිදු නොවේ. උම්රාවට ඇඳගත් එම ඉහ්රාමයෙන්ම හජ් කර්තව්‍යද ඉටුකළ යුතුය. කිරාන් යන්නෙහි අර්ථය එකතු කර ඉටුකිරීම නම් වේ.

 

කිරාන් ක්‍රමයට හජ් ඉටුකරන විට උම්රා කරන අවස්ථාවේ ස‍ෆා හා මර්වා අතර සඊ කළ පසු, හජ් කරන අවස්ථාවේ සඊ කිරීමට අවශ්‍ය නැත. එසේ නැත්නම් උම්රා කරන අවස්ථාවේ සඊ නො කරන හජ වලදී පමණක් සඊ කළ හැකිය.

 

තමත්තවූ හා කිරාන් යන ක්‍රම දෙකෙන් කුමන ක්‍රමයකට හජ් කර්තව්‍ය ඉටුකළද, ඔවුන් කුර්බාන් දිය යුතුය. එසේ කුර්බාන් දිය නොහැකි අය මක්කාවේදී දවස් තුනක් හා තම ගමට හැරුණු පසු දවස් හතක් උපවාසය රැකිය යුතු වේ.... more

ibnujameel

උම්රා ඉටුකළ යුතු ආකාරය

 

මක්කාවට ඇතුළුවීම

 

මක්කාවට ඇතුළුවීමට පෙර ස්නානය කර ගැනීමට අවස්ථාවක් ඇත්නම් ස්නානය කරගත යුතුයි. දවල් කාලයේ මක්කාවට ඇතුළුවීම ඉතා යෝග්‍ය වේ.(බුහාරී 1573) මක්කාවට ඇතුළු වන විට‍ මුඅල්ලාත් නැමැති ඉදිරිපසින් ඇතුළු විය යුතු යි.

 

ක:බාව පිහිටා ඇති මස්ජිදුල් හරමයට ඇතුළු වන විට ද අනිකුත් මස්ජිද් වලට ඇතුළු වන විට සිදුකරන්නාක් මෙන් වම්පාදය ඉදිරියට තබා ඇතුළු විය යුතු වේ. අනිකුත් මස්ජිද්වලට ඇතුළු වන අවස්ථාවේදී පාරායනය කරනු ලබන اللهم افتح لي أبواب رحمتك අල්ලාහුම්මෆ්තහ් ලී අබ්වාබ රහ්මතික් (දෙවියාණෙනී! කරුණාවේ දොරටුව මා හට විවෘත කරනු මැනව) නැමැති දුආවම පාරායනය කළ යුතු වේ.

 

තවාෆුල් කුදූම්

 

ක:බාවට ඇතුළු වූ විගස ඉටුකරනු ලබන පළමු තවාෆය තවාෆුල් කුදූම් යැයි හඳුන් වනු ලැබේ. තවාෆුල් කුදූම් යන්නෙහි තේරුම පැමි‍නීමේ තවාෆය යන්නයි. ක:බාවට පැමිණි විගස මෙම තවාෆය ඉටුකරන නිසා මෙයට තවාෆුල් කුදූම් යැයි කියනු ලැබේ.

 

තවාෆුල් කුදූම කළ යුතු ආකාරය

 

ශුද්ධ වූ ක:බාවහි වටේට සත් වතාවක් සක්මන් කිරීම තවාෆ් වේ. තවාෆුල් කුදූම් වලදී පමණක් පළමු වට තුන දිව ගොස් තවාෆ කළ යුතු අතර ඉතිරි වට හතර සක්මන් කළ යුතු වේ.(බුහාරී – 1644,1617)

 

තවාෆ් කරන අවස්ථාවේදී පුරුෂයින් තම දකුණු උරහිස ආවාරණය නොව ආකාරයට ඉහ්රාම් ඇඳුම සකසා ගත යුතු වේ.( සාක්ෂි තිර්මිදී 787,අබූදාවූද් 1607)

 ... more

ibnujameel

හජ් සහ උම්රා - ඉහ්රාම්

 

ඉස්ලාම් දහම මූලික වගකීම් නම් කුළුණු 05ක් මත ගොඩනැඟී ඇති දහමක් යන්න මෙම යහමඟඅඩවිය තුල ලිපි ගණනාවකින් සාකච්චා කොට ඇත. එම කුළුනු 05අතුරින් හජ් කර්තව්‍යය යනු ඉස්ලාම් දහමේ පස්වන කුළුනයි. (මේ පිලිබදව වැඩි විස්තර සදහා හජ්නම් ගොනුව මෙහි click කොට කියවන්න) වත්කම් හා නිරෝගී කමින් යුතු හජ් ඉටුකිරීමට හැකියාව ලත් සෑම මුස්ලිම් වරයෙක්ම ජීවිතයේ එක් වතාවක් මෙම කර්තව්‍ය ඉටුකිරීම අනිවාර්ය යුතුතමකි. මෙය සර්ව බලධාරී දෙවි තම ශුද්ධ වූ ග්‍රන්ථය වන පාරිශුද්ධ කුර්ආනයේ මෙසේ පවසයි.

 

එහි(මක්කා නගරයේ පිහිටා ඇති දේවස්ථානයෙහි) පැහැදිලි සංඥාද මකාමු ඉබ්රාහී (දේව වක්තෘ ඉබ්රාහී නැමදුම් කළ ස්ථානය) ද ඇත. එයට ඇතුළු වන කවරෙකු වුවද, ඔහු සුරක්ෂිත වන්නේ ය. (එබැවින්) එම (මක්කා නගරය) වෙත සැපවත් වීමට තරම් වත්පොහොසත් කම් ඇති මිනිසුන් කෙරෙහි අල්ලාහ් උදෙසා එම ගෘහය වෙත(ගොස්) හජ් වන්දනාව ඉටුකිරීම අනිවාර්ය වේ.

 

ශුද්ධ වූ කුර්ආනය  3-97

 

ඉහත කුර්ආන් වැකිය මගින් හජ් වන්දනාව කොතරම් වැදගත්ද යන්න මනාව පැහැදිලිවේ. ඒ අනුව ඉස්ලාම් අවදාරණය කරන අනිකුත් වත්පිළිවෙත් මෙන් හජ් සහ උම්රා ඉටුකළ යුතු ආකාරය ද නබි (සල්) තුමාණෝ ඉතා පැහැදිලිව ජනයාට පෙන්වා දී මෙසේ ප්‍රකාශ කොට ද ඇත.

 

ඔබලාගේ හජ් හා උම්රා නැමදුම (ඉටුකිරීමේ ක්‍රමවේදය) මාගෙන්ම ලබා ගන්න, මක්නිසාදයත් මාගේ මෙම හජ්වලින් පසු (නැවතත්)හජ් ඉටුකිරීමට නොලැබේ දැයි මම නොදනිමි

 

ග්‍රන්ථය සහීහ් මුස්ලිම්

 ... more

Ibnu Saheer

මුස්ලීම් දේවස්ථානයකට ගියත්, ඉස්ලාම් භක්තිකයෙකුගේ නිවසකට ගියත් එහි කිසිදු තැනක අල්ලාහ් (දෙවි)ගේ පිලිමයක් හෝ වෙනයම් පිංතූරයක් දක්නට නොලැබේ. එසේනම්, මේ මුස්ලීම්වරුන් වැඳුම් පිදුම් කරන දෙවියන් මොනවගේද?. මේ මුස්ලීම් නොවන බොහෝ පිරිස් මතු කරන පැනයකි. මෙම ප‍්‍රශ්නයට ඉස්ලාම් දහම අනුව දිය හැකි කෙටිම හා නිවරුදි ම පිලිතුර වන්නේ ද ‘නොදනිමි‘ යන්නයි. මෙසේ මා පැවසීමේදී මෙම ලිපිය කියවන මුස්ලීම් නොවන පිරිසට ගැටළුවක් මතුවිය හැක. එනම්,‘ඉස්ලාම් පරිපුර්ණ වු දහමක් බව පවසාගන්නා මුස්ලීම්වරුන්ට ඇයි මෙම ප‍්‍රශ්නයට පිලිතුරු නැත්තේ?‘ යන්නයි. මෙවැනි පැනයක් ඔවුන් මතුකිරීම සාධාරණය. නමුත් ඉස්ලාම් මෙම කාරණය මිනිස් සමාජයට වසන් කලේ ඇයිද? යන්න වටහා ගතයුත්තේ  ඉස්ලාමීය ඉගෙන්වීමන් තුලින්ම මිස අපගේ ස්වයං උපකල්පනයන් හා අනුමානයන් මතහිඳ නොවේ. ඒ අනුව මේ පිලිබදව ඉස්ලාමීය ඉගෙන්වීම කුමක්ද? යන්න මෙතැන් සිට විමසා බලමු.

  ... more

Ibnu Saheer

මිනිසාගේ බුද්ධීය දිනෙන් දින දියුණු වෙත්ම වඩ වඩාත් මත බේදයන්ට හා අභියෝගයන්ට තුඩුදෙන කාරණ බවට ‘දේවවාදය‘ පත්වෙමින් ඇත. එක් පසකින් දේව වාදයට පාක්‍ෂිකව පිරිසක් කරුණු ඉදිරිපත් කරද්දී තවත් පසෙකින් එයට විවේචනයන් හා අභියෝගයන් ද ඉදිරිපත් වෙමින් ඇත. මිනිස් බුද්ධියේ වර්ධනයත් සමග දේව විශ්වාසය හා බැදුනු මන:කල්පිතයන් හා පුරාවෘත්තයන් පිලිබදව මිනිසා වඩ වඩාත් බුද්ධිමත්ව සිතන්නට පටන්ගෙන ඇත. එසේ සිතීමේ ප‍්‍රථිපලයක් ලෙස එක් පසකින් එම විශ්වාසයන් ප‍්‍රශ්නාර්ථයක් වන ගමන් එම ආගම් ද ප‍්‍රශ්නාර්ථයක් බවට පත්වෙමින් ඇත. මෙහි අනිසි ප‍්‍රථිපලයක් ලෙස මිනිසා අදේව වාදයට තල්ලූවෙමින් ඇත.  මෙවැනි තත්වයකට මිනිසා තල්ලුවීමට අතීතයේ පැවතී මිත්‍යා විශ්වාසයන් වන හිරු, සඳු, ගස්, ගල්, ගින්දර… ආදී දෑ දේවත්වයෙන් සලකා වන්දනාමාන කිරීමත්, අද පවතින සමහරක් දේව වාදයන් ද බොහෝසේ පිටිවහලක් වී ඇත. උදාහර්ණයක් ලෙස එදා බ‍්‍රාහ්මණ සමාජයේ පැවතී විශ්වාසය වන බ‍්‍රාහ්මයාගේ කටින් මැවු පිරිස බ‍්‍රාහ්මණයෝ, අත්දෙකෙන් මැවු පිරිස ක්ෂත‍්‍රීයෝ, කලවාවලින් මැවු පිරිස වෛශ්‍යයෝ, හා යටිපතුලින් මැවු පිරිස ක්ෂුද්‍රයෝ යන විශ්වාසය ගෙනහැර දැක්විය හැක. මෙවැනි විවිධ ආකාරයේ දේව සංකල්පයන් හමුවේ වල්මත් වී ගිය සමාජය ඉස්ලාම් දහම පවසන දේව විශ්වාසයත් එවැනිම දේව සංකල්පයක් යයි උපකල්පනයේ හිද ඉස්ලාම් හි දේව විශ්වාසය ද විවේචනය කිරීම අවාසනාවන්ත තත්වයකි. මේ හේතුව නිසාම ‘ඉස්ලාම් පවසන දේව විශ්වාසය කුමක්ද? එය අවබෝධ කරගත යුත්තේ කෙසේද?‘ වැනි කරුණු පිලිබදව පුර්ණ අවබෝධයක් ලබාදීමේ අරමුණින් මෙම සාකච්චාව නොඑසේනම්, කරුණු දැක්වීම ආරම්භ කරමි. 

... more

Ibnu Saheer

මෙම ලිපියේ පලමු කොටස - දේවවාදයට එරෙහි මතවාද


ඈත අතීතයේ පටන් පැවත එන බොහෝ අගම් තුල දකින්නට ඇත්තේ ඇදහිලි වත්පිලිවෙත් නමින් ජනතාව පීඩාවට පත්කිරීමය.  මෙලෙස ආගම් හා දර්ශනයන් නාමයෙන් පීඩාවට පත්කරන ලද මිනිසා, අවිද්‍යාවෙන් මිදෙන බවට වහසි බස් දොඩමින් විද්‍යාවේ සරණ පැතීය. ගින්දර යුගයේ සිට අගහරු යුගයටත් එතැනින් 21 වන සියවසයටත් පා තබන මිනිසා භෞතික වශයෙන් අනේක විධ යෝධ පියවරවල් තබමින් තාක්‍ෂණික ලොවට අවතීරණ විය. භෞතිකමය වශයෙන් දියුණුවේ ඉනිපෙත්තටම ගිය මිනිසා සිය සිත දියුණු කිරීමේලා එවැනි යෝධ පියවරවල් තබන්න අසමත් විය. මිනිස් දියුණුවේ සාර්ථකත්වය පවතින්නේ භෞතික මෙන්ම අධ්‍යාත්මිකව ලබාගන්නාවු දියුණුවේය. නමුත් මිනිසා තමා හා විශ්වය පිලිබදව ලබාගන්නා දැනුම අනුව සැලකීමේදී කිසියම් සීමාවක කොටුවී ඇති බවක් පෙනීයයි. එයට කදිම නිදසුනක් ලෙස 60 දශකයේ එනම්, 1961.04.12 දින ප්‍රථමයෙන් අභ්‍යාවකාෂය තරණයකල යුරි ගගාරින් (ජීවත්වු කාලය 1934-1968) නැවත පෘථිවියට පැමිණි අවස්ථාවේ පැවසු ප්‍රකාශය මෙහි මතක් කලහැක. 

... more

Ibnu Saheer

මුස්ලීම් සමාජයේ ආගමික බෙදීම් පිලිබදව කථා කරන විට ශියාවරුන් මෙන්ම ලොව ප්‍රධාන තවත් බෙදීමක් වන්නේ අහ්මදියා හෙවත් කාදියානිවරුන්ය.  ඒ අනුව අද දවසේ ‘යහමග’ අඩවිය තුලින් සාකච්චා කිරීමට අදහස් කරන්නේ  ලොවපුරා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින ඉස්ලාම් යයි පවසා ගන්නා තවත් නිකායක් හෙවත් ආගමික කල්ලියක් පිලිබදවයි. ශීයාවරුන් මෙන්ම විටෙක ඊටත් වඩා සංවිධානාත්මක ලෙස හා සූක්ෂම සැලසුම් සහිතව ක්‍රියාත්මක වන මෙම සංවිධානය ‘අහ්මදියා’ හෙවත් ‘කාදියානිවරුන්’ ලෙස හැදින්වේ. ශ්‍රී ලංකාව තුලත් ඉතා ශක්තිමත්ව ක්‍රියාත්මක මෙම සංවිධානය පිලිබදව මුස්ලීම් සමාජයට මොවුන්ගේ මූලික ප්‍රතිපත්ති පිලිබදව නිසි අවබෝධයක් නැත. මේ හේතුව නිසා බොහෝ මුස්ලීම් ප්‍රජාව මෙම නිකාය වටා ඒකරාශි වීමත් ඔවුන්ගේ මතවාද පිලිගැනීමත් දක්නට ඇත. මෙම නිකායට විටෙක රාජ්‍ය අනුග්‍රහයන් පවා හිමිවන අවස්ථාවන් අප රට තුල දක්නට ලැබේ. එමනිසා මේ නිකාය පිලිබදව ශ්‍රී ලාංකීය සමාජය යම් අවබෝධයකින් සිටීම වැදගත්  යැයි සිතේ.  


මේ අහ්මදියාවරුන් කවුද ?, ඔවුන්ගේ ප්‍රතිපත්තිවල  වලංගු අවලංගුභාවය කොතරම්ද?. ඒ පිලිබදව ඉස්ලාමීය ස්ථාවරය කුමක්ද? යන්න පිලිබදව දැන් විමසා බලමු. 

... more

Pages: 1 2 »