User blogs

Tag search results for: "වන්දනය"
ibnujameel

වුළු හා තයමුම් බිඳෙන කරුණු

1.මළ පහ කිරීම හා මුත‍්‍රකිරීම

වුළු හා කයමුම් කර පසු මළ පහ කළ විට හෝ මුත‍්‍ර කර විට වුළු හා තයමුම් බ්ඳෙයි. සලාත් කරන්නේ නම් යළිත් වුළු කරගත යුතු වේ. තයමුම් කරන තත්වයක සිටින කෙනෙක් නම් තයමුම් කරගත යුතුයි.( අල් කුර්ආන් 4:43,5:6තිර්මිදී 89, අහ්මද් 17396, නාසඊ 127, ඉබ්නු මාජා 471යන කුර්ආන් වාක්‍ය වල හා හදීස් වල මේ සඳහා සාක්‍ෂි ඇත.)

2. වාතය පිටවීම

කෙනෙකුට වාතය පිට වූ විට වුළු හා තයමුම් බිඳෙයි. (සාක්‍ෂි : බුහාරී 135,176)

ඇතැමුන්ට වාතය පිට නොවුවද වාතය පිට වූවා සේ හැඟීමක් ඇති වේ. තවත් සමහරුන්ට මුත‍්‍ර බින්දුවක් පිටවූවා සේ හැඟීමක් ඇති වේ. නමුත් ඇඳුමෙහි ඒ සඳහා වූ කිසිදු සලකුණක් නොපෙනේ. මෙවැනි අය ඒ ගැන කලබල විය යුතු නැත.ඔහු නැවත වුළු කළ යුත්තේ වාතය පිටවූ බව හෝ මුත‍්‍ර පහ වූ බව පැහැදිලිවම තහවුරු වුනොත් පමණි. (සාක්‍ෂි: බුහාරී 137, මුස්ලිම් 589).... more

ibnujameel

සලාතයට ආදර්ශය වන්නේ නබි (සල්) තුමාණන්ය.

 

එකම ගමක එකම දේවස්ථනයක සලාතය ඉටුකරන කිහිපදෙනෙක් ගැන අවධානය කළහොත් කෙනෙකුගේ සලාතයත් තවත් කෙනෙකුගේ සලාතයත් අතර විශාල වෙනසක් දැකිය හැක. නබි (සල්) තුමාණන් පෙන්වා දුන් ආකාරය ගැන නොදැනුවත් කම මෙයට හේතුවයි. බුහාරි ග‍්‍රන්ථයේ 631වන හදීසයේ මෙසේ සඳහන් වේ.

صَلُّوا كَمَا رَأَيْتُمُونِي أُصَلِّي

මම සලාතය ඉටුකිරීම ඔබ දුටුවේ කෙසේද එසේම ඔබත් සලාතය ඉටුකරන්නයැයි නබි (සල්) තුමාණෝ ප‍්‍රකාශ කර ඇත. (http://sunnah.com/bukhari/78/39)... more

ibnujameel

اللَّهُمَّ لَكَ الْحَمْدُ، أَنْتَ نُورُ السَّمَوَاتِ وَالأَرْضِ وَمَنْ فِيهِنَّ، وَلَكَ الْحَمْدُ أَنْتَ قَيِّمُ السَّمَوَاتِ وَالأَرْضِ وَمَنْ فِيهِنَّ، وَلَكَ الْحَمْدُ، أَنْتَ الْحَقُّ وَوَعْدُكَ حَقٌّ، وَقَوْلُكَ حَقٌّ، وَلِقَاؤُكَ حَقٌّ، وَالْجَنَّةُ حَقٌّ، وَالنَّارُ حَقٌّ، وَالسَّاعَةُ حَقٌّ، وَالنَّبِيُّونَ حَقٌّ، وَمُحَمَّدٌ حَقٌّ، اللَّهُمَّ لَكَ أَسْلَمْتُ وَعَلَيْكَ تَوَكَّلْتُ وَبِكَ آمَنْتُ، وَإِلَيْكَ أَنَبْتُ، وَبِكَ خَاصَمْتُ، وَإِلَيْكَ حَاكَمْتُ، فَاغْفِرْ لِي مَا قَدَّمْتُ وَمَا أَخَّرْتُ، وَمَا أَسْرَرْتُ، وَمَا أَعْلَنْتُ، أَنْتَ الْمُقَدِّمُ وَأَنْتَ الْمُؤَخِّرُ لاَ إِلَهَ إِلاَّ أَنْتَ ـ أَوْ ـ لاَ إِلَهَ غَيْرُكَ ‏”‏‏.‏

උච්චාරණය -තහජ්ජද් අල්ලාහුම්ම ලකල්හම්දු අන්ත නූරුස්සමාවාති වල් අර්දි වර්දි වමන් ෆීහින්න වලකල් හම්දු , අන්ත කයියිමුස්සමාවාති වල් අර්දි වමන් ෆීහින්න වලකල් හම්දු, අන්තල් හක්කු වව:දුකල් හක්කු ව කවුලුකල් හක්කු, වලිකාඋකල් හක්කු වල් ජන්නතු හක්කුන් වන්නාරු හක්කුන් වස්සාඅතු හක්කුන් වන් නබීයූන හක්කුන් ව මුහම්මදුන් හක්කුන් අල්ලාහුම්ම ලක අස්ලම්තු වඅලෛක තවක්කල්තු වබික ආමන්තු වඉලෛක අනබ්තු වබික හාසම්තු වඉලෛක හාකම්තු ෆග්‍ෆිර්ලී මා කද්දම්තු වමා අහ්හර්තු වමා අ:ලන්තු අන්තල් මුකද්දිමු වඅන්තල් මුඅහ්හිරු ලා ඉලාහ ඉල්ලා අන්ත

 ... more