User blogs

Tag search results for: "වුඵෑ නැමැති දෝවනය"
ibnujameel

වුඵෑ නැමැති දෝවනය

සලාතය ඉටුකිරීමට  පෙර සමහරක් අවයව සෝදා පවිත‍්‍ර කරගැනීම අනිවාරය වේ. මෙම පවිත‍්‍රතාවය වුඵෑ යනුවෙන් හඳුන්වනු ලැබේ. වුඵෑ නැමැති පවිත‍්‍රතවයෙන් තොරව ඉටුකරනු ලබන සලාතය පිළිගනු නොලැබේ. සලාතය සඳහා වුඵෑ අවශ්‍ය බව අල්කුර්ආනයේ 5:6දේව වැකිය මගින් අණ කර ඇත. සහීහුල් බුහාරී ග‍්‍රන්ථයේ 135හදීසයෙන් ද සලාතය සඳහා වුඵෑ අනිවාර්ය බව අපට වටහාගත හැක.

ජලය

ඇල දොල ගංගා පොකුණු වැවි ආදියෙහි ජලයද වැසි ජලයද වුඵෑ කිරීම සඳහා භාවිතා කළ හැක. එසේම මුහුදු ජලය, වරක් භාවිතා කරන ලද ජලය, කෙනෙක් වුඵෑ කර ඉතිරි වූ ජලය ආදියේද වුඵෑ කිරීමට කුර්ආනයේ හෝ හදීස්වල කිසිඳු තහන්චියක් නැත. නිවසේ ඇති කරන බලළා කුකුලා වැනි සතුන් හා කපුටා බට්ටිච්චා වැනි සතන් පානය කර ඉතිරි වූ ජලයෙන්ද වුඵෑ කිරීමෙහි වරදක් නොමැත.(බල්ලා පානය කළ ජලයෙන් වුඵෑ කිරීමට අවසර නැත. එසේම සූර්ය රශ්නයට උණු වූ ජලයෙන්ද උණුවතුරෙන් වූඵෑ කළ හැකිය.

නිවසේදී වුඵෑ කිරීම

නිවසේදී වුඵෑ කිරීමට හැකි අය එසේ කරගෙන සලාතය සඳහා දේවස්ථානයට පිටත් වීම දේවස්ථානයේදී වුඵෑ කිරීමට වඩා උතුම් වූ ක‍්‍රියාවකි. කෙනෙක් වුඵෑ කරගෙන දේවස්ථානයට යන විට ඔහු ගමන් කිරීම පවා නැමදුමක් වේ.(බුහාරී 477)... more

Help

සමාජ සත්කාර සේවා
ඔබේ සදකාවන් ලබාදෙන්න...
යහමග පැරණි අඩවියට
ශ්‍රී-කුර්ආන් ශුද්ධ වූ අඩවිය

Racism

ජාතිවාදී ප්‍රහාර