User blogs

Tag search results for: "වුළු හා තයමුම් බිඳෙන කරුණු"
ibnujameel

වුළු හා තයමුම් බිඳෙන කරුණු

1.මළ පහ කිරීම හා මුත‍්‍රකිරීම

වුළු හා කයමුම් කර පසු මළ පහ කළ විට හෝ මුත‍්‍ර කර විට වුළු හා තයමුම් බ්ඳෙයි. සලාත් කරන්නේ නම් යළිත් වුළු කරගත යුතු වේ. තයමුම් කරන තත්වයක සිටින කෙනෙක් නම් තයමුම් කරගත යුතුයි.( අල් කුර්ආන් 4:43,5:6තිර්මිදී 89, අහ්මද් 17396, නාසඊ 127, ඉබ්නු මාජා 471යන කුර්ආන් වාක්‍ය වල හා හදීස් වල මේ සඳහා සාක්‍ෂි ඇත.)

2. වාතය පිටවීම

කෙනෙකුට වාතය පිට වූ විට වුළු හා තයමුම් බිඳෙයි. (සාක්‍ෂි : බුහාරී 135,176)

ඇතැමුන්ට වාතය පිට නොවුවද වාතය පිට වූවා සේ හැඟීමක් ඇති වේ. තවත් සමහරුන්ට මුත‍්‍ර බින්දුවක් පිටවූවා සේ හැඟීමක් ඇති වේ. නමුත් ඇඳුමෙහි ඒ සඳහා වූ කිසිදු සලකුණක් නොපෙනේ. මෙවැනි අය ඒ ගැන කලබල විය යුතු නැත.ඔහු නැවත වුළු කළ යුත්තේ වාතය පිටවූ බව හෝ මුත‍්‍ර පහ වූ බව පැහැදිලිවම තහවුරු වුනොත් පමණි. (සාක්‍ෂි: බුහාරී 137, මුස්ලිම් 589).... more