User blogs

Tag search results for: "සලාත් හෙවත් වන්දනය"
ibnujameel

සලාතය ඉටුකරන්නා ලෝකයේ කොතැන සිටියත් ඔහු ක:බාව දෙසට හැරී සලාතය ඉටුකළ යුතු වේ. ක:බාව යනු ලෝකයේ ඉඳි කරන ලද පළමු දේවස්ථානය යි. මෙය සවුදී අරාබියේ මක්කානගරයේ පිහිටා ඇත. ලංකාවේ සිට මෙම ක:බාව පිහිටි දිශාව මෙහි රූප සටහන ආකාරයට වේ. මේ පිලිබදව වැඩි විස්තර  පහසු කරන නවීන උපාංග රුසක් ඇත. අල්කුර්ආනයේ 2:144වැනි වාක්‍යය මගින් කොතන සිටියත් සලාතය ඉටු කරන විට ක:බාව දෙසට මුහුණ හරවන මෙන් අණ කර ඇත. නබි (සල්) තුමාණන් ද සලාතය ඉටු කරන අවස්ථාවේ ක:බාව දෙසට හැරිය යුතු බවට අණ කර ඇත.(සාක්‍ෂි: බුහාරී 6667, මුස්ලිම් 663)

ක:බාවේ දිශාව නොදන්නා අවස්ථාවක :

සමහර අවස්ථාවල ක:බාව පිහිටන දිශාව සොයාගැනීමට නොහැකි අවස්ථා උදා විය හැකිය. එවැනි අවස්ථාවක  ... more

ibnujameel

අදාන් හා ඉකාමත්

 

අනිවාර්ය වූ පස්වේල සලාතයට අදාන් හා ඉකාමත් කීම අනිවාර්ය වේ. සලාතයේ වේලාව පැමිණි විට ඔබලා අතරින් කෙනෙකු අදාන් කියත්වා.යනුවෙන් නබි (සල්) තුමාණෝ ප‍්‍රකාශ කර ඇත.(බුහාරී 631, මුස්ලිම් 1194. අදාන් වල වැදගත්කම ගැන කියවෙන තවත් හදීසයක් බුහාරී 608හා මුස්ලිම් 633අංකවල සඳහන් වේ.) අදාන් යනු සලාතය සඳහා ජනතාව කැඳවීමට ඇති වචන පෙළකි. අනිවාර්ය වූ සලාතය තනියෙන් ඉටුකරන පුද්ගලයාද අදාන් හා ඉකාමත් කීම අනිවාර්ය වේ.(මෙයට සාක්‍ෂි වශයෙන් උක්බා බින් ආමිර් (රලි) තුමා දැනුම් දෙන හදීසයක් මුස්නද් අහ්මද් ග‍්‍රන්ථයේ සඳහන් වී ඇත.)

අදාන්

 

اَللهُ  أَكْبَرُ اَللهُ أَكُبَرُ

أَللهُ أَكْبَرُ اَللهُ أَكْبَرُ

أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللهُ

أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللهُ

أَشْهَدُ أَنَّ مُحَمَّدًا رَسُوْلُ اللهِ

أَشْهَدُ أَنَّ مُحَمَّدًا رَسُوْلُ اللهِ

حَيَّ عَلَى الصََّلاَةِ حَيَّ عَلَى الصَّلاَةِ

حَيَّ عَلَي الْفَلاَحِ حَيَّ عَلَي الْفَلاَحِ

اَللهُ  أَكْبَرُ اللهُ أَكْبَرُ

لاَ إِلَهَ إِلاَّ اللهُ

 

අල්ලාහු අක්බරුල්ලාහු අක්බර්

අල්ලාහු අක්බරුල්ලාහු අක්බර්

අෂ්හදු අල්ලාඉලාහ ඉල්ලල්ලාහ්

අෂ්හදු අල්ලාඉලාහ ඉල්ලල්ලාහ්

අෂ්හදු අන්න මුහම්මදර් රසූලූල්ලාහ්

අෂ්හදු අන්න මුහම්මදර් රසූලූල්ලාහ්... more

ibnujameel

සලාතය සඳහා සුදුසු වස්ත‍්‍රය

පුරුෂයින්ගේ වස්ත‍්‍රය

සලාතය ඉටුකරන විට වස්ත‍්‍රය සඳහා සීමාවන් ඇත.වැඩිපුර ඇඳුම් තිබෙන පිරිමීන් අනිවාර්යෙන්ම උරහිස ආවරණය කරගත යුතුයි.(සාක්‍ෂි : බුහාරී 359, මුස්ලිම් : 894). උරහිස වසා ගැනීමට තරම් වස්ත‍්‍ර නොමැති අය ඉනේ රෙද්දක් බැඳගෙන සලාතය ඉටුකළ යුතුයි.(බුහාරී : 631). සලාතය ඉටුකරන විට අනිවාර්යෙන්ම හිස් වැස්මක් පැලඳගත යුතුය යනුවෙන් සමාජයේ මතයක් පවතී. මෙයට හදීස්වල කිසිඳු සාක්‍ෂියක් නොමැත. කැමැති නම් හිස්වැස්මක් පැළඳ ගෙන සලාතය ඉටුකළ හැකි නමුත් එය සලාතයේ අංගයක් හෝ සුන්නතයක් නොවන අතර ඒ සදහා කුසලක් ද හිමි නොවේ.

කාන්තාවන්ගේ වස්ත‍්‍රය

කාන්තාවන් සලාතය ඉටුකරන විට මුළු ශරීරයම ආවරණය කරගත යුතුයි.(සාක්‍ෂි : බුහාරී 578, මුස්ලිම් 1133) මුහුණ, අතේ මැණික් කටුවෙන් පහළ පෙදෙස හා පාදය(වළලූ කරෙන් පහළ කොටස) ආවරණය කිරීමට අවශ්‍ය නැත.... more

Help

සමාජ සත්කාර සේවා
ඔබේ සදකාවන් ලබාදෙන්න...
යහමග පැරණි අඩවියට
ශ්‍රී-කුර්ආන් ශුද්ධ වූ අඩවිය

Racism

ජාතිවාදී ප්‍රහාර