User blogs

Tag search results for: "සලාත් හෙවත් වන්දනය කොටස"
ibnujameel

නීයත් නැමැති චේතනාව

මුස්ලිම්වරු කුමන නැමැදුම ඉටුකළත් අදාල නැමදුම ඉටුකරන බවට චේතනාව තිබිය යුතුයි. අදාල නැමැදුම ඉටුකරමි යන චේතනාව නොමැතිව නැමදුමේ සියළු අංගයන් ඉටුකළ ද එය නැමදුම ලෙස අල්ලාහ් විසින් පිළිගනු නොලැබේ. සියළු අමල්(නැමදුම්)චේතනාව අනුවයියනුවෙන් නබි මුහම්මද් (සල්) තුමාණෝ ප‍්‍රකාශ කළහ.(සාක්‍ෂි : බුහාරී 1, මුස්ලිම් 3530)

ඇතැමුන් නීයත් යන්න වැරදියට අවබෝධ කරගෙන එක එක් නැමදුම්වලට වෙන වෙනම අරාබි වදන් පෙළක් (උසල්ලී පර්ලල් මග්රිබ්ලෙස)  සකසා ගෙන නැමදුම ඉටුකිරීමට පෙර නීයත් කියා එය කටින් උච්චාරණය කළ යුතු යැයි පවසති. මෙයට අල්කුර්ආනයේ හා නබිතුමානන්ගේ හදීස් වල කිසිඳු සාක්‍ෂියක් නොමැත. නීයත් නැමැති පදයේ තේරුම සිතින් සිතීම යන්නයි.

කටින් උචිචාරණය කිරීම යන තේරුම නැත. වුළු කරන විට හෝ සලාතය ඉටුකරන විට හෝ උපවාසය රකින විට නබි (සල්)තුමාණෝ නීයත් කියා වදනක් කටින් උච්චාරණය කළ බවට කිසිඳු සාක්‍ෂියක් නොමැත. හජ් ඉටුකරන විට පමණක් කටින් ප‍්‍රකාශ කර ඇත.... more

ibnujameel

තයමුම්

සලාතය සඳහා වුළු අනිවාරය බවත් ස්නානය අනිවාර්ය වූ පුද්ගලයා ස්නානය කළ යුතු බවත් ඉහත මාතෘකා යටතේ සාකච්ජා කළෙමු. නමුත් සමහර අවස්ථාවල වුළු කිරීමට නැත්නම් ස්නානය කිරීමට ජලය නැති වීමට ඉඩ ඇත. එසේම ජලය තිබුනද අධික ශිතල හෝ ලෙඩ රෝගයක් නිසා එය පාවිච්චි කළ නොහැකි තත්වයක් උදාවිය හැකිය. එසේ වුළු කිරීම නිසා හෝ අනිවාර්ය ස්නානය සඳහා නෑම නිසා පානය කිරීමට ජලය නැති වේ යැයි බියක් ඇති විය හැකිය. මෙවැනි අවස්ථාවක වුළු සඳහා ද අනිවාරය වූ ස්නානය සඳහාද ඇති විකල්පය තයමුම්කිරීමයි. අල්කුර්ආනයේ 4:43හා 5:6වාක්‍යවල තයමුම් පිළිබඳව සඳහන් වේ.

තයමුම් කරන ආකාරය

අත් දෙක පිරිසිදු පසෙහි එක්වරක් ගසා අතේ තැවරුනු දුවිලි කටින් පිඹ දමා නැතහොත් අත් දෙක ගසා දමා අත් දෙක මුහුණේ හා අත් දෙකේ මැණික් කට්ටෙන් පහළ කොටසෙහි පිරිමැදගැනීම තයමුම් වේ.(සාක්‍ෂි බුහාරී 338,347, මුස්ලිම් 602,)... more

Help

සමාජ සත්කාර සේවා
ඔබේ සදකාවන් ලබාදෙන්න...
යහමග පැරණි අඩවියට
ශ්‍රී-කුර්ආන් ශුද්ධ වූ අඩවිය

Racism

ජාතිවාදී ප්‍රහාර