User blogs

Tag search results for: "හජ්"
Ibnu Saheer

මීට පෙර ‘ශුද්ධ වූ දේවස්ථානය හා එහි පාරිශුද්ධත්වය‘ නම් ලිපියකින් අප මක්කාවේ පිහිටි ශුද්ධ වූ දේවස්ථනය වන ‘බක්කාව‘ පිලිබදව කරුණු සාකච්චා කලෙමු. එම ශුද්ධ වූ ගොඩනැඟිල්ල හා බැඳුනු තවත් සුවිශේෂි ස්ථාන කිහිපයක් තිබේ ඒ පිලිබදව ද මෙහිදී කෙටි හැදින්වීමක්  කරන්නට අදහස් කරමි. ඒ අනුව එම දේවස්ථානය හා බැඳුනු,

... more

Ibnu Saheer

ලෝක වාසී මුස්ලීම් ජනතාවට සුවිශේෂි වූ දිනයක් වන ‘හජ්’ උත්සව දිනය තව දින කිහිපයකින් උදාවීමට නියමිතය. මේ හජ් උත්සව සමය උදාවීමත් සමඟ මුස්ලීම් ජනතාව අතර නිතර කථාබහට ලක්වන මාතෘකාවක් ඇත. ඒ ‘හජ් වන්දනා ගමන සහා එහි මහිමය’ යන්නයි. මේ පිලිබදව ඉස්ලාමීය ඉගෙන්වීමන් පිලිබදව විමසා බැලීමේ දී එහි මහිමය කියවන හදීසයක් නොහොත් මුහම්මද් (සල්) තුමාණන්ගේ දිව්‍යමය වදනක් මෙලෙස දැකිය හැකි වේ. එනම්, 


‘කිසියම් කෙනෙකු ඉස්ලාම් දහම වැලඳ ගැනීම, හිජ්රත් කිරීම (ඉස්ලාම් විරෝධීන්ගෙන් තමන්ට හෝ තම ආගමික බැදීමට හානීයක් වේවි යන බියනිසා උපන්බිම අතහැර වෙනත් ප්‍රදේශයකට පලායෑම) හෝ හජ් වන්දනය යන තුනෙන් එකක් ඉටුකිරීම යන්න තුලින් එය ඉටුකිරීමට පෙර පැවතී සියළු පාපයන් එමඟින් විනාශ කර දැමීමට එය හේතුවක් වනු ඇත.


මූලාශ්‍ර ග්‍රන්ථය – මුස්ලීම්


... more

ibnujameel

හජ් ඉටුකළ යුතු ආකාරය

 

හජ් තමත්තවු

 

ඉහත සඳහන් කළ ආකාරයට උම්රාව අවසන් කොට යළිත්  හජ් සඳහා දුල් හිජ්ජා මස 8වන දින ඉහ්රාම් ඇඳ ඉටුකරන හජ් කර්තව්‍ය හජ් තමත්තවු වේ. මෙහිදී උම්රාව ඉටුකර ඉහ්රාමයෙන් මිදුනු පසු යළිත් දුල් හිජ්ජා මස 8වන දින හජ් කර්තව්‍ය සඳහා ඉහ්රාම් ඇඳගන්නා තුර ඉහ්රාමය නිසා තහනම් වූ සියල්ල කළ හැකි වේ.

 

හජ් කිරාන්

 

හජ් සහ උම්රාව එකම ඉහ්රාම් ඇඳුමකින් ඉටුකිරීම හජ් කිරාන් වේ. තමත්තවූ වලදී මෙන් ඉහ්රාමයෙන් මිදී යළි හජ් සඳහා ඉහ්රාම් ඇදීමක් මෙහි සිදු නොවේ. උම්රාවට ඇඳගත් එම ඉහ්රාමයෙන්ම හජ් කර්තව්‍යද ඉටුකළ යුතුය. කිරාන් යන්නෙහි අර්ථය එකතු කර ඉටුකිරීම නම් වේ.

 

කිරාන් ක්‍රමයට හජ් ඉටුකරන විට උම්රා කරන අවස්ථාවේ ස‍ෆා හා මර්වා අතර සඊ කළ පසු, හජ් කරන අවස්ථාවේ සඊ කිරීමට අවශ්‍ය නැත. එසේ නැත්නම් උම්රා කරන අවස්ථාවේ සඊ නො කරන හජ වලදී පමණක් සඊ කළ හැකිය.

 

තමත්තවූ හා කිරාන් යන ක්‍රම දෙකෙන් කුමන ක්‍රමයකට හජ් කර්තව්‍ය ඉටුකළද, ඔවුන් කුර්බාන් දිය යුතුය. එසේ කුර්බාන් දිය නොහැකි අය මක්කාවේදී දවස් තුනක් හා තම ගමට හැරුණු පසු දවස් හතක් උපවාසය රැකිය යුතු වේ.... more

ibnujameel

උම්රා ඉටුකළ යුතු ආකාරය

 

මක්කාවට ඇතුළුවීම

 

මක්කාවට ඇතුළුවීමට පෙර ස්නානය කර ගැනීමට අවස්ථාවක් ඇත්නම් ස්නානය කරගත යුතුයි. දවල් කාලයේ මක්කාවට ඇතුළුවීම ඉතා යෝග්‍ය වේ.(බුහාරී 1573) මක්කාවට ඇතුළු වන විට‍ මුඅල්ලාත් නැමැති ඉදිරිපසින් ඇතුළු විය යුතු යි.

 

ක:බාව පිහිටා ඇති මස්ජිදුල් හරමයට ඇතුළු වන විට ද අනිකුත් මස්ජිද් වලට ඇතුළු වන විට සිදුකරන්නාක් මෙන් වම්පාදය ඉදිරියට තබා ඇතුළු විය යුතු වේ. අනිකුත් මස්ජිද්වලට ඇතුළු වන අවස්ථාවේදී පාරායනය කරනු ලබන اللهم افتح لي أبواب رحمتك අල්ලාහුම්මෆ්තහ් ලී අබ්වාබ රහ්මතික් (දෙවියාණෙනී! කරුණාවේ දොරටුව මා හට විවෘත කරනු මැනව) නැමැති දුආවම පාරායනය කළ යුතු වේ.

 

තවාෆුල් කුදූම්

 

ක:බාවට ඇතුළු වූ විගස ඉටුකරනු ලබන පළමු තවාෆය තවාෆුල් කුදූම් යැයි හඳුන් වනු ලැබේ. තවාෆුල් කුදූම් යන්නෙහි තේරුම පැමි‍නීමේ තවාෆය යන්නයි. ක:බාවට පැමිණි විගස මෙම තවාෆය ඉටුකරන නිසා මෙයට තවාෆුල් කුදූම් යැයි කියනු ලැබේ.

 

තවාෆුල් කුදූම කළ යුතු ආකාරය

 

ශුද්ධ වූ ක:බාවහි වටේට සත් වතාවක් සක්මන් කිරීම තවාෆ් වේ. තවාෆුල් කුදූම් වලදී පමණක් පළමු වට තුන දිව ගොස් තවාෆ කළ යුතු අතර ඉතිරි වට හතර සක්මන් කළ යුතු වේ.(බුහාරී – 1644,1617)

 

තවාෆ් කරන අවස්ථාවේදී පුරුෂයින් තම දකුණු උරහිස ආවාරණය නොව ආකාරයට ඉහ්රාම් ඇඳුම සකසා ගත යුතු වේ.( සාක්ෂි තිර්මිදී 787,අබූදාවූද් 1607)

 ... more

ibnujameel

හජ් සහ උම්රා - ඉහ්රාම්

 

ඉස්ලාම් දහම මූලික වගකීම් නම් කුළුණු 05ක් මත ගොඩනැඟී ඇති දහමක් යන්න මෙම යහමඟඅඩවිය තුල ලිපි ගණනාවකින් සාකච්චා කොට ඇත. එම කුළුනු 05අතුරින් හජ් කර්තව්‍යය යනු ඉස්ලාම් දහමේ පස්වන කුළුනයි. (මේ පිලිබදව වැඩි විස්තර සදහා හජ්නම් ගොනුව මෙහි click කොට කියවන්න) වත්කම් හා නිරෝගී කමින් යුතු හජ් ඉටුකිරීමට හැකියාව ලත් සෑම මුස්ලිම් වරයෙක්ම ජීවිතයේ එක් වතාවක් මෙම කර්තව්‍ය ඉටුකිරීම අනිවාර්ය යුතුතමකි. මෙය සර්ව බලධාරී දෙවි තම ශුද්ධ වූ ග්‍රන්ථය වන පාරිශුද්ධ කුර්ආනයේ මෙසේ පවසයි.

 

එහි(මක්කා නගරයේ පිහිටා ඇති දේවස්ථානයෙහි) පැහැදිලි සංඥාද මකාමු ඉබ්රාහී (දේව වක්තෘ ඉබ්රාහී නැමදුම් කළ ස්ථානය) ද ඇත. එයට ඇතුළු වන කවරෙකු වුවද, ඔහු සුරක්ෂිත වන්නේ ය. (එබැවින්) එම (මක්කා නගරය) වෙත සැපවත් වීමට තරම් වත්පොහොසත් කම් ඇති මිනිසුන් කෙරෙහි අල්ලාහ් උදෙසා එම ගෘහය වෙත(ගොස්) හජ් වන්දනාව ඉටුකිරීම අනිවාර්ය වේ.

 

ශුද්ධ වූ කුර්ආනය  3-97

 

ඉහත කුර්ආන් වැකිය මගින් හජ් වන්දනාව කොතරම් වැදගත්ද යන්න මනාව පැහැදිලිවේ. ඒ අනුව ඉස්ලාම් අවදාරණය කරන අනිකුත් වත්පිළිවෙත් මෙන් හජ් සහ උම්රා ඉටුකළ යුතු ආකාරය ද නබි (සල්) තුමාණෝ ඉතා පැහැදිලිව ජනයාට පෙන්වා දී මෙසේ ප්‍රකාශ කොට ද ඇත.

 

ඔබලාගේ හජ් හා උම්රා නැමදුම (ඉටුකිරීමේ ක්‍රමවේදය) මාගෙන්ම ලබා ගන්න, මක්නිසාදයත් මාගේ මෙම හජ්වලින් පසු (නැවතත්)හජ් ඉටුකිරීමට නොලැබේ දැයි මම නොදනිමි

 

ග්‍රන්ථය සහීහ් මුස්ලිම්

 ... more

Ibnu Saheer

මුස්ලීම් සමාජයට සුවිශේෂි වූ මාසයක් ඉදිරි දින කිහිපය තුල උදාවීමට නියමිතය. ඉස්ලාමීය දින දර්ශනයට අනුව ‘දුල්හජ්‘ (හජ්) නම්  වූ එම මාසය ආරම්භ වීමට නියමිත අතර එය ඉස්ලාමීය දින දර්ශනයට අනුව වර්ෂයේ අවසාන මාසය ද වේ. වර්ෂයක් පාසා මෙම මාසයේ උදාවත් සමඟ එම මාසයේ මහිමය හා එම මාසයේ මුස්ලීම්වරුන් කෙරෙහි අනිවාර්‍ය වගකීමක් වූ හජ් වන්දනය පිළිබඳව විවිධ පැති ඔස්සේ සමාජය තුල පුළුල් සංවාදයන් සිදු වේ. නමුත් සාම්ප්‍රදායක එම සංවාදයන්ගෙන් තරමක් බැහැරව යමක් ඔබට ලබා දීමට උත්සාහ කරන අඩවියක් ලෙස මීට පෙර ලිපියෙන් මෙම විෂයට අදාලව  ‘බක්කාව නොහොත් ලොව ප්‍රථම දෙව් මැදුර‘ යන ලිපිය ඉදිරිපත් කරන ලදී. එහි තවත් අදියරක් ලෙස ‘හජ් නැමදුම හා නබි ඉබ්බ්‍රාහීම් තුමා‘ යන මාතෘකාව ඔස්සේ මෙම විෂය පිලිබදව තවත් කරුණු මෙම ලිපිය තුලින් ගෙන එන්න අදහස් කරමි.

... more

Ibnu Saheer
 ඉස්ලාම් දහම මුස්ලිම්වරයෙකු කෙරෙහි අනිවාර්‍ය වගකීම් 05 ක් අවධාරනය කරයි. ඒ අතුරින් එකක් ‘හජ් නැමදුමයි‘. ඉස්ලාමීය දින දර්ශනයට අනුව දුල්හජ් නම් මාසයේ  මෙම හජ් වන්දනය ඇරඹේ. එහි දී සිදු කෙරෙන්නේ ලොව පුරා වෙසෙන මුස්ලිම්වරුන් (ඉස්ලාම් නියම කර ඇති) නියමිත දින කිහිපයේ මක්කා නම් නගරයේ පිහිටි ‘මස්ජිදුල් හරම්‘ (‘හරම්’ නම් දේවස්ථානය) වෙත ගොස් (ඉස්ලාම් පෙන්වාදෙන ආකාරයට) ආගමික කටයුතුවල නිරත වීමයි. මෙය සෑම මුස්ලීම්වරයෙකු කෙරෙහිම අනිවාර්ය වන නමුත් එලෙස අනිවාර්ය වීම සදහා විවිධ කොන්දේසි ද සපුරා තිබිය යුතු බව ඉස්ලාම් පවසයි. (මේ පිළිබඳව ලිපියක් ඉදිරියේ දී ඉදිරිපත් කිරීමට බලාපොරතේතු වෙමි) මෙලෙස හජ් වන්දනයේ නිරතවන හා නිරත වූ එසේම මෙතෙක් එම ස්ථානයට නොගිය සෑම මුස්ලිම්වරයෙකු තුලම මෙන්ම ලොව පුරා සිටින මුස්ලීම් නොවන ප්‍රජාවගේ දැඩි අවධානයට ලක් වන විටෙක කුතුහලයක් පවා උපදවන සුවිශේෂි ස්ථාන කිහිපයක් ඇත. එයින් ද කළු හතරුස් ගොඩනැඟිල්ලක් ප්‍රධාන තැනක් ගනී. ඒ නමින්  ‘ක:බාව‘ (kabah) නම් වූ කළු හතරැස් ගොඩනැඟිල්ලයි. අවාසනාවකට මේ ගොඩනැඟිල්ල පිළිබඳව මුස්ලිම් නොවන සමාජයට පමණක් නොව මුස්ලිම් සමාජයේ බහුතරයකට පවා ඇත්තේ අවම වූ දැනුමකි. මේ හේතුව නිසා එම ගොඩනැඟිල්ල පිළිබඳව යහමග තුලින් පාඨක ඔබට කිසියම් අවබෝධයක් ලබා දීමට අදහස් කරමි. 

 ... more