යහපත් දිවියකට අත්‍යඅවශ්‍ය නින්ද from Ibnu Saheer's blog

අද දින මෙම ලිපිය තුලින් කථාකිරීමට අදහස් කරන්නේ මිනිසා තම ආයු කාලයෙන් 1/3 ක්ම ගෙවාදමන නින්ද පිලිබදවයි. නින්ද මිනිස් ජීවිතයට කොතරම් අත්‍යඅවශ්‍ය අංගයක් ද යන්නෙහි කිසිවෙකුටත් විවාදයක් පැවතිය නොහැක. එක් දිනයක් එසේත් නැත්නම් දිනෙන් කොටසක් නොනිදා සිටින කෙනෙකු කොතරම් අවුල් සහතගව හා අපහසුව එම දවස ගෙවාදමන්නේ ද යන්න අප අත්දැකීමෙන්ම හොදින් දන්නා කාරණයකි. කායික හා මානසික සුවයට නින්ද කොතරම් දුරකට අත්‍යඅවශ්‍ය කාරණයක් ද යන්න නූතන වෛද්‍ය විද්‍යාව පවා පැහැදිලි කරයි. මෙහිදී නින්ද තරමට ම එම නින්දේ ඉරියව්ව ද ඉතාම වැදගත් යන්න නූතන වෛද්‍ය විද්‍යා වේ පිලිගැනීමයි. නූතන වෛද්‍ය විද්‍යාව මෑතක අනාවර්ණය කොට පවසන මෙම කාරණයන් මීට වසර 1400 කට පෙර ඉස්ලාම් දහම ද අවදාරණය කර තිබීම මෙහිදී බුද්ධිමත් විමසුමකට ලක් කලයුතු කාරණයකි. මේ විමසා බැලීම ඒ පිලිබදවයි.   


නින්ද මිනිසාගේ මානසික සුවයට මෙන්ම කායික සුවයට ද තදින් බලපාන සාධකයක් බව ඉහතින් ද කථා කලෙමු. එම නින්දේ ඉරියව්ව කායික රෝග ගණනාවකට බලපාන ආකාරය වෛද්‍ය විද්‍යාව හොදින් විස්තර කරයි. එහිදී විශේෂයෙන් එක් පැත්තකට හැරී නිදාගැනීමේ ඉරියව්ව රුධිර පීඩනය,කායික වේදනා,ආහාර ජීර්ණය,පපුවේ දැවිල්ල,රුධිර සංසරණ ක්‍රියාවලිය... යනාදීයට සෘජුවම බලපාන බව අනාවර්ණය කොටගෙන ඇත. මීට අමතරව ගර්භණී මව්වරුන් සදහාද නිදාගැනීමේ ඉරියව්ව ඉතා වැදගත් කාරණයක් යන්න නූතන අණාවර්ණයයි. වෛද්‍ය විද්‍යාව පවසන එම නිවැරදි ඉරියව්ව මෙහි පහත රූපයෙන් දැක්වේ.

ඉහත ආකාරයට නිදාගන්නා විට කොඳුඇට පෙල සෘජුව පිහිටන ආකාරය ඔබට දැකගත හැක. මෙලෙස නිදගෙන අවදි වූ විට දැනෙන කායික සුවය වෙනත් ඉරියව්වලින් නොලැබෙන බව වෛද්‍ය විද්‍යාව පවසයි. එපමණක් නොව නූතන සොයාගැනීමකට අනුව නිදාගැනීමේ ඉරියව්ව සෘජුවම රුධිර පීඩනය කෙරෙහි ද බලපානවා යන්නයි. ඒ වගේම, රුධිර සංසරණය විදිමත් කරවන නිදාගැනීමේ ඉරියව්වක් ලෙස ද ඉහත රූපයේ ආකාරය හදුන්වයි.

මීට අමතරව ආහාර ජීරණය ඉතා හොදින් සිදුවීමටත්,පපුවේ දැවිල්ල නොහොත් ‘ගෑස්ට්‍රයිටීස්‘ වැනි රෝගි තත්වයන් ඇති නොවීමටත් ඉහත ඉරියව්ව ඉතා වැදගත් බව පැවසේ. ඉහත රූපයේ ආකාරයට පැත්කට හැරී නිදාගැනීමේ දී එය වම්පසට හැරී නිදාගැනීම තවත් සුවිශේෂි වේ. එහිදී ආමාශය තුල නිපදවෙන ‘ආමාෂ යුෂ‘ ගලනාලය ඔස්සේ ඉහලට ඇවිත් පපුවේ දැවිල්ල ඇතිවීම වලක්වයි. මෙය පහත රූපය තුලින් ඔබට පැහැදිලි වනු ඇත.

මේ ආකාරයට වම්පසට හැරී නිදාගන්නවා නම් එහිදී නියමාකාර ආහාර ජීර්ණයක් පවත්වාගන්නට පුළුවන් වන අතර උදරය වම්පසට වන්නට පිහිටන නිසා ඔබ වම්පසට හැරී නිදාගැනීමෙන් ගුරුත්වාකර්ෂණ බලපෑම මගින් ආහාර ජීර්ණය වේගවත් කරගන්නට ද පුළුවන් වෙනවා යන්න වෛද්‍ය විද්‍යාවේ අනාවර්ණයයි. මීට අමතරව ඉහතින් සදහන් කලාසේ අද ලොව මහත් පීඩාකාරී සෞඛ්‍ය ගැටලුවත් ලෙස සැලකෙන පපුවේ දැවිල්ල නොහොත් ‘ගෑස්ට්‍රයිටීස්‘ සදහා ද මෙහි පිලියමක් ඇත. ඔබත් මේ සෞඛ්‍ය ගැටලුවෙන් පීඩාවිඳින කෙනෙකු නම්,ඔබ වම්පසට හැරී නිදාගත් විට ඔබට පහසුවෙන්ම පපුවේ දැවිල්ල සුවකරගන්නට හැකි වේ යන්න වෛද්‍ය විද්‍යාවේ නිර්දේශයයි.

එපමණක් නොවේ වෛද්‍යවරයෙකු විසින් ගර්භනී කාන්තාවකට නිර්දේශ කරනු ලබන සුදුසුම නිදාගැනීමේ ඉරියව්ව වන්නේ ද පැත්තකට හැරී නිදාගැනීම හෙවත් SOS (Sleep on side) ක්‍රමයයි. ගර්භනී මවක් වම්පසට හැරී නිදාගැනීම මගින් වැඩි සුවපහසුවක් දැනෙන බවත්,ඔබ ගර්භනී සමයේදී වම්පසට හැරී නිදාගැනීම මගින් වැදෑමහට සහ කුස තුළ සිටින දරුවාට නිසිලෙස රැධිරය සංසරණය වීමත් අවශ්‍ය කරන වෙනත් පෝෂක ලෙහෙසියෙන්ම ගමන් කිරීමත් සිදුවෙන බවත් නූතන වෛද්‍ය විද්‍යාව පවසයි.

21 වන සියවසයේ කරගෙන ඇති මෙම අනාවර්ණයන් මීට සියවස් 07 කට පෙර ඉස්ලාම් පැවසීම විශ්මය ජනක කාරණයක් වේ. ඉස්ලාම් දහම පරිපූර්ණ ජීවන මඟපෙන්වීමක් යන්නටත්, දිව්‍යමය අනාවර්ණයක් යන්නටත් මෙය තවත් හොද නිදසුනකි. එම ඉස්ලාමීය මඟපෙන්වීම කෙරෙහි දැන් අවදානය යොමු කලේනම්,


මුහම්මද් (සල්) තුමාණන් නිදියහනට පැමිණීමට පෙර සලාතය සඳහා වුළු දෝවනය කරන්නා සේ (මුහුණ කට, අත පය හොදින් සොදා) වුළු කරගන්නේය. පසුව නිදියහනයේ දකුණු පසට හැරී “අලිෆ් ලාම් මීම් තන්සීලූල්’’යන (අල්-කුර්ආන් 32වැනි පරිච්ඡේදය) හා “තබාරකල්ලදී බියදිහිල් මුල්කු’’ යන (අල්-කුර්ආන් 67වැනි පරිච්ඡේදය) පාරායනය කරන්නේය.

මූලාශ්‍ර ග්‍රන්ථය - තිර්මිදි, නසාඊ

 

මුහම්මද් (සල්) තුමාණන් නිදාගැනීමට සූදානම් වූ විට තම දකුණූ අත කම්මුල යට තබා ‘අල්ලාහුම්ම කිනී අදාබක යව්ම තබ්අසු ඉබාදක (තුන්වරක්)’ පවසයි.

اللَّهُمَّ قِنِيْعَذَابَكَيَوْمَتَبْعَثُعِبَادَكَ

මූලාශ්‍ර ග්‍රන්ථ - අබූ දාවූද්, තිර්මිදි


ඉහත හදීස් හෙවත් නබිතුමාණන්ගේ ආදර්ශය තුලින් මනුෂ්‍යයෙකු නිදාගැනීමට පෙර කලයුත්තේ කුමක්ද? යන්නත් එහි ඉරියව්වන් කවර ආකාරය වියයුතු ද? යන්නත් පැහැදිලි වේ. ලෞකික දිවියට මෙන්ම ලෝකොත්තර දිවියේ සාර්ථකත්වයට මඟපෙන්වන මෙම ඉස්ලාමීය ආදර්ශය නිසිලෙස පිලිපැද යහපත් මුස්ලීම්වරයෙකු ලෙස ජීවත්වීමට අල්ලාහ් (දෙවි) උපකාර කරත්වා ! යන ප්‍රාර්ථනයෙන් මෙම ලිපිය අවසන් කරමි.



ඉබුනු සහීර්



Share:
Previous post     
     Next post
     Blog home

The Wall

No comments
You need to sign in to comment

Post

By Ibnu Saheer
Added Jun 30

Tags

Rate

Your rate:
Total: (0 rates)

Archives