මුස්ලීම් ඔබේ ඇදුම් විලාසය කවර ආකාරයේ වියයුතුද ? - අල්කුර්ආනීය විමසුමක් from Ibnu Saheer's blog

කාන්තා හිංසනය, අපයෝජනය හා දූෂණය වත්මන් ලෝකයේ නිතර නිතර කථාබහට ලක්වන උග්‍ර ගැටළුවක් ලෙස හැදින්විය හැක. ඒ පිලිබදව ඉස්ලාම් දහමේ ස්ථාවර කුමක්ද? යන්න මෙහි කෙටි අවධානයක් යොමු කලේ නම්, ලොව අනිකුත් ආගම් මෙන්ම ඉස්ලාම් දහම ද මෙවැනි ක්‍රියාවන් දැඩිව හෙලාදකී. වර්ථමානයේ විවිධ සංගම්, සමිති, ආගමික ආයතන විවිධ තේමාපාඨයන් පෙරදැරිව මෙවැනි කාන්තා හිංසනයන් හෙලාදැකීමත්, ඊට එරෙහිව උද්ගෝෂණ ක්‍රියාත්මක කිරීමත් සෑම සමාජයකම සුලභ දකින්නට ඇත. එතැනින් ඔවුන්ගේ කාර්‍යභාරය අවසන් වේ. නමුත් ඉස්ලාම් එලෙස හෙලාදැකීමෙන් පමණක් නතර නොවී ඉන් පියවර ගනනාවක් ඉදිරියට ගොස් මෙවැනි තත්වයන් සමාජය තුල ඇති නොවන්න කටයුතු කරන්නේ කෙසේද? යන්නත්, මානව වර්ගයා එහි ක්‍රියාකල යුත්තේ කෙසේද? යන්නත් පැහැදිලිවම පෙන්වා දේ.


මෙහිදී කාන්තාව සදහා පමණක් නොව පිරිමියා සදහා ද විවිධ වූ නීතිරීති ඉස්ලාම් පනවයි. එය පහත දැක්වෙන 24-30 ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයෙන් ඔබට වටහාගත හැකිවනු ඇත.


“නබිතුමණි! විශ්වාසවන්ත (මූමීන්වරුන් වන) පිරිමීන්ට නුඹ පවසන්න, ඔවුන් ඔවුන්ගේ බැල්ම (කාන්තාවන් දෙස යොමු නොවී) පහත හෙලාගත යුතු බවත්. එසේම ඔවුන්ගේ රහස්‍ය (ලිංගික) පෙදෙස් (දුර්මාර්ගයන්ට යොමු නොවී) ආරක්ෂා කර ගතයුතු බවත්. එසේ කිරීමෙන් ඔවුන් බොහෝ පාරිශුද්ධත්වයට පත්වනු ඇති බවත්.



ඉහත වාක්‍යය මඟින් සෑම (වැඩිවියට පත්) පිරිමියෙකුම පිටස්තර (එනම්, මව, සහෝදරියන්, දැරියන් හෝ බිරිද හැර වෙනත්) කාන්තාවක් නෙත ගැටුනු විගස තම බැල්ම පහත හෙලා ගතයුතු යන්න අවධාරනය කරයි. මෙසේ මනුෂ්‍යා වරදට පොළඹවන මුල් පියවර “බැල්ම” පහත හෙලීමට අවවාද කිරීම තුලින් ඔහු වරදකට පෙළඹීමේ පලමු අවස්ථාව මඟහරවයි. ඉහත ආකාරයට පිරිමි පාර්ශවය සදහා නීති පනවමින් ඔහුව ආරක්ෂා කරන ඉස්ලාම් දහම එතැනින් නතර නොවී ඉහත වරදට පොළොඹ වන දෙවන අවස්ථාව වන කාන්තාවගේ ඇදුම් විලාසය පිලිබදව ඊළඟ වාක්‍යයෙන් එනම්, 24:31 මඟින් කථා කරයි. 


(නබියේ!) විශ්වාසවන්ත කාන්තාවන්ටද ඔබ මෙසේ පවසනු: ඔවුන්ද තමන්ගේ බැල්ම පහතට යොමු කොට තමන්ගේ පතිවතද ආරක්ෂා කර ගනු. (තවද, තමන්ගේ ශරීරයේ වැඩි හරියක්) පිටතට දැකිය හැකි දැය හැර, තමන්ගේ අලංකාරයද, (ඇඳුම් ආයිත්තම්, ආභරණ වැනි) පිටතට නොපෙන්වා සඟවා ගනු. තමන්ගේ හිස් වස්නා සේලයෙන් ලැමදද සඟවා ගනු. කාන්තාවන් තමන්ගේ ස්වාමිපුරුෂයින්, තමන්ගේ පියවරුන්, තමන්ගේ ස්වාමිපුරුෂයින්ගේ පියවරුන්, තමන්ගේ පුතුන්, තමන්ගේ ස්වාමිපුරුෂයින්ගේ පුතුන්, තමන්ගේ සහෝදරයින්, තමන්ගේ සහෝදරයින්ගේ පුතුන්, තමන්ගේ සහෝදරියන්ගේ පුතුන්, නැතහොත් (මුස්ලීම්වරුන් වන) තමන් (සමග සම්බන්ධකම් ඇති) තමන්ගේ කාන්තාවන්, තමන්ගේ දකුණු අත් හිමි කර ගත් අය, නැතහොත් කාන්තාවන්ගෙන් කැමැත්තක් නැතිව තමන්ව බලාපොරොත්තුවෙන් ජීවත් වන පිරිමින්, කාන්තාවන්ගේ සැඟවුණු අවයවයන් (පිලිබදව අවබෝධයක්) දැන නොගත් කුඩා වයසේ සිටින (පිරිමි) දරුවන් ආදී මොවුන් හැර, (අන් අයටද තමන් හැඳ සිටින ඇඳුම් ආයිත්තම්, ආභරණ වැනි) තමන්ගේ අලංකාරයද, ලක්ෂණද නොපෙන්වනු. තවද තමන්ගේ අලංකාරයෙහි සඟවා ඇති දැය දැනුම් දීමට (භූමියෙහි) තමන්ගේ පාදයන් හප්පමින් ගමන් නොකරනු. විශ්වාසවන්තයිනි! (මෙහි ඔබගෙන් යම්කිසි වරදක් ඇති වුවහොත්) ඔබ සියල්ලන්ම ජයග්‍රහණය කිරීම පිණිස අල්ලාහ් දෙවින්ගෙම පව් සමාව ඉල්ලා (ඔබගේ මනස) හරවා ගනු.


කාන්තාව තම වස්ත්‍රය මඟින් තමන්ව ආවර්ණය කිරීමේ සීමාවන් ඉස්ලාම් ඉතා පැහැදිලිව ඉහත 24-31 වාක්‍යයෙන් පවසයි. ඉස්ලාම් මේ සම්බන්ධයෙන් පනවන නීති මඟින් දැඩි පිලිවෙතක් අනුගමනය කරන්නේ එය තනිපුද්ගල වශයෙන් සැලකුවද සමාජයක් ලෙස සැලකුවද මූලික අවශ්‍යතාවයක් වන නිසාම යන්න 20 වන සියවසයේ ජීවත් වන ඔබට අවබෝධ කරගැනීම අපහසු නොවනු ඇත. ඉහත වාක්‍ය තුලින් ඉස්ලාම් කථා කරන කාන්තා ඇදුම් විලාසය ‘හිජාබ් හා අබායා‘ යනුවෙන් සමාජය තුල කථා කරයි. එසේ ඉස්ලාම් කථා කරන “හිජාබ්” නැමැති ඇදුම් විලාසය වචනාර්ථයෙන් නොව ඉස්ලාම් ඒ තුලින් අපේක්ෂා කරන අරමුණූ අවබෝධ කරගැනීමයි මෙහි වැදගත් වන්නේ. ඉස්ලාම් පවසන මෙම “හිජාබ්” ක්‍රමය පිලිබදව ද ශ්‍රී ලාංකීය මුස්ලීම් මෙන්ම මුස්ලීම් නොවන සමාජයට ද පැහැදිලි අවබෝධයක් නොමැති බවක් යම් යම් සිද්ධීන් දෙස බැලීමේ දී පෙනීයයි. එමනිසා එම කාරණය පිලිබදව තරමක් ගැඹුරින් සමාජය තුල කථා කිරීම කාලීන අවශ්‍යතාවයකි. 


ඉබ්නු සහීර්


Share:
     Next post
     Blog home

The Wall

No comments
You need to sign in to comment

Post

By Ibnu Saheer
Added May 12

Tags

Rate

Your rate:
Total: (0 rates)

Archives

Help

සමාජ සත්කාර සේවා
ඔබේ සදකාවන් ලබාදෙන්න...
යහමග පැරණි අඩවියට
ශ්‍රී-කුර්ආන් ශුද්ධ වූ අඩවිය

Racism

ජාතිවාදී ප්‍රහාර