අවිද්‍යාෙවන් මිදී විද්‍යාවේ සරණ පැතීම from Ibnu Saheer's blog

මෙම ලිපියේ පලමු කොටස - දේවවාදයට එරෙහි මතවාද


ඈත අතීතයේ පටන් පැවත එන බොහෝ අගම් තුල දකින්නට ඇත්තේ ඇදහිලි වත්පිලිවෙත් නමින් ජනතාව පීඩාවට පත්කිරීමය.  මෙලෙස ආගම් හා දර්ශනයන් නාමයෙන් පීඩාවට පත්කරන ලද මිනිසා, අවිද්‍යාවෙන් මිදෙන බවට වහසි බස් දොඩමින් විද්‍යාවේ සරණ පැතීය. ගින්දර යුගයේ සිට අගහරු යුගයටත් එතැනින් 21 වන සියවසයටත් පා තබන මිනිසා භෞතික වශයෙන් අනේක විධ යෝධ පියවරවල් තබමින් තාක්‍ෂණික ලොවට අවතීරණ විය. භෞතිකමය වශයෙන් දියුණුවේ ඉනිපෙත්තටම ගිය මිනිසා සිය සිත දියුණු කිරීමේලා එවැනි යෝධ පියවරවල් තබන්න අසමත් විය. මිනිස් දියුණුවේ සාර්ථකත්වය පවතින්නේ භෞතික මෙන්ම අධ්‍යාත්මිකව ලබාගන්නාවු දියුණුවේය. නමුත් මිනිසා තමා හා විශ්වය පිලිබදව ලබාගන්නා දැනුම අනුව සැලකීමේදී කිසියම් සීමාවක කොටුවී ඇති බවක් පෙනීයයි. එයට කදිම නිදසුනක් ලෙස 60 දශකයේ එනම්, 1961.04.12 දින ප්‍රථමයෙන් අභ්‍යාවකාෂය තරණයකල යුරි ගගාරින් (ජීවත්වු කාලය 1934-1968) නැවත පෘථිවියට පැමිණි අවස්ථාවේ පැවසු ප්‍රකාශය මෙහි මතක් කලහැක. 


‘මා අහස පුරාම දෙවියන් සෙව්වෙමි නමුත් එහි කිසිදු දෙවියකු දක්නට නොලැබුනි‘


එවකට පැවතී විද්‍යා දැනුමට සාපේක්ෂව මෙම ප්‍රකාශය අදේවවාදීන්ට එනම් දෙවියෙක් නැතැයි යන විශ්වාසය මත පමණක් පදනම් වුවන්ට සහා ස්වයං වාදය එනම් සියල්ල ඉබේ ඇතිවුවක් යනුවෙන් විශ්වාස කරන ජනයාහට මෙය ඉතා බුද්ධිමත් ප්‍රකාශයක් මෙන්ම දේවවාදය ප්‍රතික්ෂේප කිරීමට හොද සාක්ෂියක් ද විය. නමුත් මේ පිලිබදව බුද්ධිමත් ආකාරයෙන් අද සිතන විට එය නිවරුදි තර්කයක් නොවන බව සාමාන්‍ය බුද්ධියක් ඇති කෙනෙකුට වූවද පැහැදිලි වනු ඇත. විශ්වයේ විශාලත්වය සමග මොහු ගිය ගමන සැලකුවේ නම් එය සැලකිය නොහැකි තරම් කෙටිම කෙටි දුරකි. අදටත් විශ්වයේ විශාලත්වය විද්‍යාවට නිර්ණය කිරීමට නොහැකිව ඇත. එසේ තිබියදී ඔහු කල ප්‍රකාශය අද හාස්‍ය උපදවන්නක් පමණි. 


විශ්වයේ විශාලත්වය


විශ්වයේ විශාලත්වය පිලිබදව විද්‍යාවට පැහැදිලි නිර්වචනයක් තවම නැත. එහි විශාලත්වය පිලිබදව සරල අවබෝධයක් ලබාගැනීම පිණීස අප රටේ බහුතරය පිලිපදින බුදුදහමෙන් ගෙනහැර දැක්වීමට මෙහි අදහස් කරමි. එයට හේතුව මෙය බහුතරයක් බෞද්ධයන් සිටින රටක් වන නිසාත්, දෙවියන් පිලිබදව බහුතරයක් බෞද්ධයන් අතර ද ඇත්තේ ඉහත ආකාරයේ වු දුර්මවල මතවාදයක් වන නිසාත්ය. එසේනම්, විශ්වයේ විශාලත්වය සම්බන්ධයෙන් බුදුදහමේ ඉගෙන්වීම දැන් විමසා බලමු.


අංගුත්තර නිකායේ රෝහිතස්ස සුත්‍රයේ මෙසේ සදහන්වේ,


‘බුදුන්වහන්සේ ලගට පැමිණී රෝහිතස්ස බමුණා පවසනවා ‘ස්වාමිණි!, මම ඉස්සර ආත්මයේ රෝහිතස්ස නමින් තවුසෙක් වෙලා සිටියෙමි. මට ප්‍රබල සෘද්ධි බලයක් තිබුණි. එතකොට මට පුලූවන් වුනා දක්‍ෂ දුනු ශිල්පියකු තල් කොලයක් සිදුරුවෙන්න විදින්න කොයිතරම් කාලයක් ගතවේද?, ඒ තරම් සුඵ කාලයක් ඇතුළත එක් ලෝකදාතුවක් විනිවිද ගමන් කරන්න. ඉතින් මට හිතුනා විශ්වයේ කෙලවර සොයන්න. මම අවුරුදු 100 ක් අර වේගයෙන් විශ්වයේ උඩට ගමන්කලා අවසානයේ ඉම සොයාගන්න බැරුව මම උඩදීම මියගියා.’


මේක තමයි විශ්වයේ අවසානය සොයා ගිය ගමනේ වැඩිම දුරක් ගිය පැරණිතම වාර්තාවක් ලෙස අපට හමුවන්නේ. එයින් පෙනීයන්නේ බුදුදහමට අනුව බැලූවත් විශ්වයේ විශාලත්වය අනන්ත බවයි. ඉතින් එතරම් විශාල විශ්වයේ පවතින කෝටි ගනන් ග්‍රහ වස්තුවලින් එකක් වන මෙම පෘථිවියේ සිට ඉතා කෙටි දුරක් වන කිලෝමීටර් 327 ක් අහසට ගිය යුරි ගගාරීන් ගුවනේ රුදී සිටියේ ද ඉතා කෙටිම කෙටි කාලයක් වන විනාඩි 108 ක් පමණි. දියුණු තාක්‍ෂණ උපකරණ පවා නොමැති අවදියක විශ්ව ගවේෂණයේ යෙදුණු මොහුගේ ප්‍රකාශය දෙස බැලීමේදී මොහු බුද්ධිමතෙක් යයි පවසනවාද? එසේත් නැත්නම් අන්ඥානයෙක් යයි පවසනවාද?. 21 වන සියවසයේ අද ජීවත් වන ඔබට එය තීරණය කිරීම අපහසු නොවේ. එය කෙසේ වෙතත් මේ මොහොතේ සුප්‍රකට දාර්ශණයකු වන ප්‍රැරන්සිස් බැකම් කියු කියමනක් ඔබේ අවදානයට මෙහි ගෙන එන්නට කැමැත්තෙමි. එනම්,


‘විද්‍යාව සම්බන්ධයෙන් අවම දැනුමක් ඇති පුද්ගලයෙක් අදේවවාදයට තල්ලූවේ. නමුත් විද්‍යාව ගැඹුරින් අධ්‍යනය කල විද්‍යාඥයින් කිසිදු දිනක දේවවාදය ප්‍රතික්‍ෂේප නොකරයි.‘


මේ අනුව සැබෑ බුද්ධිමතෙකුගේ ස්ථාවරයන් කෙබඳු එකක් වියයුතු ද යන්න ඉහත ප්‍රකාශයෙන් පැහැදිලි වේ. ඒ අනුව දේවවාදය පිලිබදව විද්‍යාවේ ස්ථාවර විවිධ වූ පැතිකඩයන් ඔස්සේ එකින් එක මීලඟ ලිපියෙන් විමසා බලමු.


මීලඟ කොටස කියවන්න - දේවවාදය විද්‍යාව ප්‍රතික්ෂේප කරයිද?



ඉබුනු සහීර්



Share:
Previous post     
     Next post
     Blog home

The Wall

No comments
You need to sign in to comment

Help

සමාජ සත්කාර සේවා
ඔබේ සදකාවන් ලබාදෙන්න...
යහමග පැරණි අඩවියට
ශ්‍රී-කුර්ආන් ශුද්ධ වූ අඩවිය

Racism

ජාතිවාදී ප්‍රහාර