හේතු පල වාදය හා දෙවියන් පිලිබද අවසාන නිගමනය from Ibnu Saheer's blog

විශ්වයේ සම්භවය


පොල් වත්තක ඇවිද යනවිට පොල් ගසක් පාමුල තිබී කාසියක් හමු වේ යයි සිතන්න. මෙම කාසිය දුටුවාම මෙය පොල් ගසින් වැටුණු කාසියක් යයි සිතා පොල් ගස දෙස බලන්නෙමුද?. එසේත් නැත්නම් මෙම කාසිය ඉබේ ඇති වුවක් එනම් ස්වයංව ඇති වුවක් යයි සිතන්නෙමුද? අපගේ බුද්ධි අපට කුමක් පවසයිද?.


හේතුවක් නොමැතිව කාර්‍යයක් නැත


මෙම විශ්වය හා එහි පිලිවෙල හොදින් නිරීක්‍ෂණය කලේනම්, එය මනුෂ්‍යා මවිතයට පත්කරවන්නකි. කොතරම් විශාල තරු සංඛ්‍යාවක් තිබෙනවාද? ඒවා කොතරම් දුරක පිහිටා තිබෙනවාද? ඒවායි සමහරක් පෘථිවියට වඩා කොතරම් විශාලද? ඒවා සියල්ල විශ්වයේ අධික වේගයෙන් ගමන් කලත් එකින් එකට නොගැටී පවතිනවාද?.  බුද්ධිමත් යයි පවසාගන්නා මනුෂ්‍යා රිය පැදවීමේදී කොතරම් මාර්ග නීතිද? එයින්ද පාලනය කිරීමට බැරි තැන රතු, කොල, කහ වීදිලාම්පු. එයින්ද නතර නොවී නීතිය පාලනයට පොලිස් නිලධාරීන් එහෙත් විශ්වයේ අධික වේගයන්ගෙන් ගමන් කරන මෙතරම් විශාල ග්‍රහ වස්තුන් පාලනය කරන්නේ කව්රුන්ද?. සියල්ල තුල පිලිවෙලක් හා විනයක් ඇති වූයේ කෙසේද?. ලෝක ධර්මතාවය නම්, කොතැනක විනයක් පවතින්නේද?. එතැන විනය ක‍්‍රියාවට නගන්නෙකු සිටිනවා යන්නයි.


බුද්ධියක් නැති තැන විනයක් නැත


යමක් ඉටුකරන්න කිසිවකු නොවේ නම් එහි කිසිවක් ඉටුනොවේ. මෙය සියලූ දෙනා පිලිගන්නා සත්‍යයකි. එසේනම් මේ මහා විශ්වයත් එහි ඇති ග්‍රහ වස්තුන් හා පෘථිවියත් ඇති වුනේ කෙසේද?. ඒවා ඉබේ එසේත් නැත්නම් ස්වයංව ඇති වුවක් යයි පවසන්නේ කුමන පදනමෙන්ද?. මිනිසා විසින් කක්‍ෂගත කරන චන්ද්‍රිකාවන්  අහසේ රැදී සිටීමත් යම් ක්‍රමවත් පිලිවෙලකට ක්‍රියාත්මක වීමත් ස්වයංව සිදුවෙනවාද?  නොඑසේ නම්, ඒවා පාලනයකට යටත්ව පවතිනවාද?. ඩොලර් බිලියන ගනන් වියදම් කර සකස් කල මෙයටම පාලනයක් අවශ්‍ය නම්. ඉතා සංකීර්ණ වු මෙම විශ්වය බිහි කරන්න හා පාලනය කරන්න බලයක්, බුද්ධියක් ඇයි අනවශ්‍ය යයි ඔබ සිතන්නේ?.


ඉටුකරන්නෙකු නොමැතිව ඉටුවුවක් නැත – හේතුවක් නොමැතිව කාර්‍යයක් නැත

බුද්ධියක් නැතිතැන විනයක් නැත – නිර්මාපකයෙක් නැති තැන නිර්මාණයක් නැත


ඉහත ධර්මතාවය සකල මිනිස් සමාජය ම ඒකමතිකව පිලිගන්නා සත්‍යයකි. විශ්වය ඇල්පෙනෙති හිසකටත් වඩා කුඩාව පැවතී බවත්, අධික ඝනත්වයක් සහිත වු එම වස්තුව අධික තෙරපීම නිසාත් රසායනික ප්‍රතික්‍රියාව නිසාත් පිපිරී යන ලද බවත් විද්‍යාවේ මතයයි. එසේ පිපිරීමෙන් මුළු විශ්වයම දුවිල්ලෙන් වැසීයන ලද බවත්, පසුව එම දුවිලි හා වායු ගුරුත්වාකර්ෂණය හේතුවෙන් ටික ටික ගොනුවී මෙම පෘථිවිය හා අනිකුත් ග්‍රහලෝක, තාරකා, මණ්දාකිණි හා ග්‍රහ වස්තුන් නිර්මාණය වූ බවත් විද්‍යාවේ පිලිගැනීමයි. මෙම විද්‍යාත්මක මතවාදය හමුවේ මාහට පැනයන් කිහිපයක් ඇත. එනම්,


> පිපිරීයාමට හේතුවුයේ කුමක්ද ?

> තෙරපීම හා රසායනික ප්‍රතික්‍රියාව පිපිරීමට හේතුව යයි පැවසුවත් එම තෙරපීම කෙසේ ඇතිවුවක්ද?.

> එම තෙරපීමට හේතුව කුමක්ද?

> එම තෙරපුමේ ස්වභාවය කුමක්ද?

> එම තෙරපුමට පෙර අවස්ථාව කුමක්ද?

> එම රසායනික ප්‍රතික්‍රියාව ඇතිවුයේ කෙසේද?

> එම ප්‍රතික්‍රියාවට භාජනය වු මුලද්‍රව්‍යයන් කුමක්ද?

> එම ප්‍රතික්‍රියාව කුමක්ද?

> එම ප්‍රතික්‍රියාවට හේතුව කුමක්ද?

> එම ප්‍රතික්‍රියාවට පෙර අවස්ථාව කුමක්ද?

එසේම මෙම තෙරපුමට හා රසායනික ප්‍රතික්‍රියාවට භාජනය වු...

> එම වස්තුව කුමක්ද?

> එහි ස්වභාවය කුමක්ද?


විශ්වයේ බිහිවීම පිලිබදව විද්‍යාවේ විග්‍රහය දකින විට මෙවැනි ප්‍රශ්න ගණනාවක්  ඒ තුල පැනනැගේ.  මේ පැනයන් සියල්ල හමුවේ විද්‍යාව තවමත් නිරුත්තරය. එය පැහැදිලි කලානම් ඉහත සදහන් තෙරපුමෙන් හා රසායනික ප්‍රතික්‍රියාවෙන් එම වස්තුවට


> බලපෑමක් ඇතිකරයිද?

> එයට එම ශක්තිය තිබේද?

> එය මනුෂ්‍ය බුද්ධියට ගෝචරද?

යන්න අධ්‍යනය කල හැක. නමුත් මේ කිසිවකට පිලිතුරු නැතිව විද්‍යාව මුනිවත රුකීම තුල එවැනි ප්‍රශ්නයන්  තවත් බොහෝමයක් තවම  ඉදිරිපත් නොකොටම පවතී. විශ්වය කෙසේද බිහිවුනේ යන්නට තවම පැහැදිලි පිලිතුරක් විද්‍යාව නොමැති පසුබිමක 


විශ්වය බිහිවුනේ ඇයිද?


යන දෙවන ප්‍රශ්නය ද තවම ඉදිරිපත් නොවී ඉතිරිව පවතී. මෙවැනි ප්‍රශ්නයන් හමුවේ අසරණවී සිටින මහා පිපිරුම් න්‍යාය බුද්ධියට ගෝචරවු න්‍යායක්ද?. හේතුවක් නොමැතිව පලක් නැත ලෝක ධර්මතාවයයි. මෙය බුදු දහමේ පවා ඉගෙන්වෙන සත්‍යයක්. හේතුවක් නොමැතිව කාර්‍යයක් නැත යන්න විද්‍යාව ද පිලිගන්නා න්‍යායක්. එසේනම් මෙම මහා පිපුරුම් න්‍යායට හේතුව කුමක්ද? හේතුවක් නොමැතිව පිපිරීමක් ඇතිවිය නොහැක. මෙයට දෙන පිලිතුර කුමක්ද?. 

වදුරෙකු පෑනක් ගෙන කුරුටු ගෑමේදී කවියක් ලියවුනා යයි කිසිවකු පවසයි නම් එය පිලිගත හැක. මන්ද එම වදුරා පෑනක් අත ඇතිව සිටී නිසා සහා කුරුටු ගෑමක් කලනිසා. නමුත් කිසිවකු අත නොගා පෑන කවියක් ලිව්වායයි කව්රුන්හෝ පවසයි නම් එය පිලිගත හැකිද?.


යන්ත්‍රයක් බිහිවීමට නම් ඉන්ජිනේරුවකු අවශ්‍යය. කවියක් බිහිවීමට නම් කවියකු අවශ්‍යය. එසේ නොමැතුව එක් යකඩයක ඇති වු තෙරපුම හේතුවෙන් එය පිපිරී විවිධ යන්ත්‍රයන් ඇතිවුවා යනුවෙන්ද එසේත් නැත්නම් මුද්‍රණාලයක ඇතවු පිපිරීමක් හේතුවෙන් එහි අකුරු විසිවී ගොස් ශේක්‍ෂ්පියර්ගේ කවි නිර්මානය වුවා යයිද කිසිවකු පවසයි නම්. එය විහිළුවක්  නොවේද?. එසේ පවසන්නන් බුද්ධිමතුන්, විද්‍යාඥයින්, ඉන්ජිනේරුවරුන් හා කවියන් යයි ඔවුන්ද ඔවුන්ව පිලිනොගනු ඇත. බුද්ධිය ඇති කිසිවකු මෙය අනුමත නොකරනු ඇත. ඉන්ජිනේරුවකු දන්නවා යමක් නිර්මානය කිරීම සදහා බුද්ධියත්, උත්සාහයත්, ශ්‍රමයත් අවශ්‍ය බව. ඒවා නොමැතිව නිර්මාණයක් කල නොහැක. කරුණු එසේ තිබිය දී ඉතා නිවරුදි ආකාරයට ක්‍රියා කරමින් පවතින මෙම සංකීර්ණ වු විශ්වය ඉතා බලවත් ශක්තියකින් තොරව නිර්මාණය වී ක්‍රියා කරනවා යන්න බුද්ධිමත් තර්කයක්ද?. එය තර්කාණුකූලද?.


මෙහිදී මා මහා පිපිරුම් න්‍යාය සහමුලින්ම ප්‍රතික්‍ෂෙප නොකරමි. නමුත් එම පිපිරුම කුමක් නිසා ඇතිවුනේද? එම පිපිරුම පසුපස කිසිදු හේතුවක් දක්නට නොලැබෙන්නේ ඇයි? මෙයයි මගේ තර්කය. හේතුවක් නොමැතිව පලයක් නැත යන විද්‍යාත්මක වාදයට මෙහි සිදුවුණේ කුමක්ද?. නිශ්චය වශයෙන්ම මහා පිපිරුමට හේතු කාරණයක් තිබිය යුතුයි. එම හේතු කාරණය ඇතිකලේ ඉතා ප්‍රබල ශක්තියකින් විය යුතුයි. එම ශක්තිය සියල්ල කෙරෙහි තම බල පරාක්‍රමය මෙහෙයවිය හැකි ශක්තියක් හා බුද්ධියක් තිබෙන යමක් වියයුතුයි. එවැනි ශක්තියකට පමණයි  මෙවැනි සංකීර්ණ වු විශ්වය සැලසුම් කොට මවන්නත්, පරිපාලනය කරන්නත් හැකිවන්නේ. ඒ අනුව මෙම විශ්වයට පසුපසින් එක් සුවිශේෂ වු ශක්තියක් හා සැලසුම් කරනයක් තිබේ යන්නත්. මෙම විශ්වය තුල ඇති වස්තුන් නිසි ලෙස මවා පරිපාලනය කරන්න සුවිශේෂ බුද්ධියක් ඇති යම් ශක්තියක් ක්‍රියා කරන බවත් නියතය. එම ශක්තියයි දේව ශක්තිය ලෙසත් එම ශක්තිය ක්‍රියා කරවන්නා සර්ව බලධාරී දෙවියන් ලෙසත්  මුස්ලීම්වරුන් විශ්වාස කරන්නේ.


මේ මතෘකාව යටතේ ලියවුණූ ලිපි කියවන්න - දේව විශ්වාසය




ඉබුනු සහීර්



Share:
Previous post     
     Next post
     Blog home

The Wall

No comments
You need to sign in to comment

Post

By Ibnu Saheer
Added Jul 9

Tags

Rate

Your rate:
Total: (0 rates)

Archives

Help

සමාජ සත්කාර සේවා
ඔබේ සදකාවන් ලබාදෙන්න...
යහමග පැරණි අඩවියට
ශ්‍රී-කුර්ආන් ශුද්ධ වූ අඩවිය

Racism

ජාතිවාදී ප්‍රහාර