දෙවියන් බිහිවුයේ කෙසේද ? from Ibnu Saheer's blog

මෙය අදේවවාදීන් මතුකරන ජනප‍්‍රිය පැනයකි. ඉස්ලාම් දහමේ උගන්වීමට අනුව දෙවියන්හට ආරම්භයක් මෙන්ම අවසානයක්ද නැති බව මීට පෙර ලිපි මඟින් සාකච්චා කලෙමු. ඔහු සදාකාලිකය. මේ හේතුව නිසා ‘දෙවියන් බිහිවූයේ කෙසේද?‘ යන ප‍්‍රශ්නයටම ඉස්ලාම් දහම තුල ඉඩක් නැත. මෙවැනි ප‍්‍රශ්නයක් මිනිසුන්හට ඇති වීමට ප‍්‍රධාන හේතුවක් ඇත. එනම්, මිනිසා, මිනිසාට සාපේක්‍ෂව දෙවියන් දෙස බැලීම එයට හේතුවයි. නමුත් දෙවියන් යනු සියලූම ආකාරයේ දුර්වලතාවයන්ගෙන් බැහැර වු සුපිරි ශක්තියකි. අද මිනිසුන් බිහිවීමට හේතුවන දෙමව්පියන් සිටිනවාසේ ඇයි දෙවියන්හට දෙමව්පියන් නැත්තේ? යන්න මොවුන්ගේ ප‍්‍රශ්නවල පසුබිමයි. දෙවියන්හට දෙමවපියන්ගේ අවශ්‍යතාවය ඇත යන්න දුර්වලතාවයකි. මන්ද අවශ්‍යතාවයක් ඇත යන්න එහි දුර්වලතාවයක් තිබේ යන්නයි. දුර්වලතාවයක් ඇත්තෙකු දෙවියෙක් විය නොහැක. මේ අනුව දෙවියන් යනු දුර්වලතාවයන් හා අවශ්‍යතාවයන්ගෙන් බැහැර වුවකි. එම නිසයි ශුද්ධවු කුර්ආනයේ මෙලෙස ඔහු ඔහුව හදුන්වා දෙන්නේ,


ඔහු ජාතක නොකරන්නේය. ඔහුද ජාතක කරවනු නොලැබීය‍


මෙවැනි ප‍්‍රශ්නයන් සමාජය තුල බුද්ධිමත් තර්කයන් ලෙස මතූකල ද ඉන් පෙනී යන්නේ මිනිසාට දෙවියන් කෙරෙහි තිබෙන අනවබෝධයයි.  අද ලොව පවතින බොහෝ ආගම්වල සදහන් දෙවිවරුන්ට මාපියන්, දරුවන්, බිරිදෑවරුන්... සිටීම පිලිබදව අසන්නට ලැබේ. එම ඉගෙන්වීමන්ට සාපේක්ෂව බලා ඉස්ලාම් දහමේ දේව විශ්වාසය ප්‍රශ්න කිරීම හා අභියෝගයට ලක්කිරීම සාධාර්ණ හෝ නිවැරදි ක්‍රමවේදයක් නොවේ. මන්ද ඉස්ලාම් එම ඉගෙන්වීමන් තරයේ ප්‍රතික්ෂේප කරන බැවිණි. ඉස්ලාම් දහමේ දේව විශ්වාසය ප්‍රශ්න කරන්නන් අතර අතර ශ‍්‍රී ලාංකීය බෞද්ධයිනගෙන් ද සැලකිය යුතු පිරිසක් සිටි. බෞද්ධයින් මතු කරන මෙම ප‍්‍රශ්නය සදහා ඔවුන් පිලිගන්නා දහම තුලම පිලිතුරු ඇත. එනම්, 


බුදුදහමට අනුව ජීවි උපත ආකාර 04කට සිදුවේ. එනම් අණ්ඩජ, ජලාබුජ, සංසේදජ හා ඕපපාතික යන්නයි. මෙහි ඕපපාතික අවස්ථාව යනු දෙමාපියන් නොමැතිව ජීවියකු පහලවන අවස්ථාවයි. බෞද්ධ විශ්වාසයට අනුව මේ ඝනයට දෙවියෝ, භූතයෝ හා බ‍්‍රහ්මයෝ අයත්බව විශ්වාස කෙරේ. ඒ අනුව බුදුදහමේ සදහන් ආකාරයට බැලූවත් දෙවියන් යන්න දෙමාපියන්ගෙන් තොරවූවක් යන්න පැහැදිලිය. මෙතැනදී දැඩිව අවධාරණය කලයුතු කාරණයක් ඇත. එනම්, ඉස්ලාම් දහම, බුදුදහමේ පැවසන ආකාරයේ දෙවියන්ගේ බිහිවීම තරයේ ප‍්‍රතික්ෂේප කරයි. ඉස්ලාමීය විශ්වාසයට අනුව දෙවියන්ට  ආරම්භයක් මෙන්ම අවසානයක් නැත.  ඔහු සදාකාලීනයි.


මෙම විෂය පිලිබදව තවදුරටත් කියවීමට - දේව විශ්වාසය




ඉබුනු සහීර්




Share:
Previous post     
     Next post
     Blog home

The Wall

No comments
You need to sign in to comment

Post

By Ibnu Saheer
Added Jul 14

Tags

Rate

Your rate:
Total: (0 rates)

Archives