සියල්ල එකම දෙවි ඉටුකිරීම ප‍්‍රායෝගිකද? from Ibnu Saheer's blog

මෙවැනි පැනයක් මතුවීමට ප‍්‍රධාන හේතුව දෙවියන් පිලිබදව මිනිසාට තිබෙන අනවබෝධයයි.  එසේම මිනිසාට සාපේක්ෂව දෙවියන් දෙස බැලීමත් මෙවැනි පැනයන් ඇතිවීමට තවත් හේතුවකි. එනම් ‘දෙවියන්ට ද ඇත්තේ මිනිසුන්ට සමාන ශක්තීන් හා හැකියාවන් පමණයි‘ යැයි සිතුවේ නම්, මිනිසාට කුමක් කලහැකිද, එයම පමණයි දෙවියන්ටත් කල හැකි වන්නේ යන තර්කය ගොඩනැඟේ. අප පිලින්නා දෙවි එවැනි දුර්වලයෙකු නම්, එවැනි දෙවියෙකුගේ අවශ්‍යතාවය මිනිසාට ඇති නොවේ. මිනිසා දෙවියන්ගෙන් බලාපොරොත්තු වන්නේ තම ශක්තියෙන් ඉටුකල නොහැකි, තම හැකියාවෙන් පමණක් ලබාගත නොහැකි යම් කාර්‍යයක්, ඉලක්කයක් දෙවි පිහිටෙන් ඉටුකර ගැනීමයි. එසේ එය ඉටුවීමට නම් දෙවියා යනු මිනිස් ශක්තීන්, හැකියාවන් හා බුද්ධීන් ඉක්ම ශක්තියක් වියයුතුය.


නූතන ලෝකයේ සුපිරි මැවීමක් යයි පැවසෙන මිනිසා සැබැවින්ම එක් අන්තයකින් සුපිරි වුවත් තවත් අන්තයකින් දුර්වලයෙකි. ඔහුගේ පෙනීම, ඇසීම… මේ සියල්ල ඇත්තේ සැබැවින්ම දුර්වල මට්ටමකය. මිනිසාගේ පෙනීම දෙස අවධානය යොමු කලේ නම්, ඔහුට වඩාත් දුර මෙන්ම වඩාත් සමීපව ද දැකීමේ හැකියාව නොමැත. නිදසුනකට ඔහුට දුරයන අහස් යානයක් දැකිය නොහැක. එසේම තම ඇස්කන්නාඩියේ ඇති කුණු කන්නාඩිය ගලවා බැලීමෙන් මිස දැකිය නොහැක. එසේ නම් මිනිසාගේ දැකීම සීමා සහිතයි. ඇසීම වුවද එසේමය යම් සංඛ්‍යාතයකට වඩා වැඩි වුවත් අඩුවුවත් ඔහුට ඇසිය නොහැක. එසේම දරුවන් දෙදෙනෙකු එක් ස්ථානයක දබරවේ නම්, එසේත් නැත්නම් කථා කරමින් සිටීනම්, ඒ දෙදෙනාගේ ක‍්‍රියාවන් අප එකවිට අධීක්‍ෂණය කරන්නෙමු. නමුත් ඒ මොහොතේ දුර ප‍්‍රදේශයක සිදුවන සිදුවීමක් අධීක්‍ෂණය කිරීමට හෝ සවන්දීමට අපට නොහැක. නමුත් ඉස්ලාමීය විශ්වාසය අනුව දෙවියන් මේ විශ්වයෙහි සියල්ල එකවිට අධීක්‍ෂණය කිරීමටත් සියලූ දෙනාගේ ප‍්‍රාර්ථනයන් එකවිට සවන්දීමටත් ශක්ති සම්පන්නය.


මෙය ඇසු පමණින් මුස්ලීම් නොවන්නන් හට එය පිලිගැනීමට තරමක් අපහසු වනු ඇත. එයට හේතුව ඉස්ලාම් භක්තිකයින් හැර අන් සියලූම ආගමිකයින් දෙවියන් අවබෝධ කරගෙන සිටින්නේ මිනිසාට සාපේක්‍ෂව වීමයි. එනම් මිනිසා දෙවියන් දකින්නේ ‘මිනිසාට කල නොහැකි දෑ දෙවියන්ටත් කල නොහැක‘ යන පදනමේ හිදයි. මිනිසා, දෙවියන් සම්බන්ධයෙන් ඉහත සදහන් ආකාරයේ  අසමසම ශක්තීන්, බලයන් ඇති බව අවබෝධ කරගන්න මැලිවුවත්, දෛනික කටයුතුවල දී මිනිසා මෙය ප‍්‍රායෝගිකව අවබෝධ කරගෙන සිටී. උදාහර්නයක් ලෙස අෆ්ගනිස්ථානයේ තිබෙන අවිආයුද ඇමරිකාව ‘චන්ද්‍රකා‘ මගින් නිරීක්‍ෂණය කරන බව කිසිවෙක් පැවසුවා නම්. ඒ සැනින් එය අවබෝධ කරගන්නේමු. එසේ අවබෝධ කරගන්නා අපහට මේ සංකීර්ණ වු විශ්වය මවා එහි මෙම චන්ද්‍රිකා පවා නිර්මාණය කල හැකි බුද්ධිමත් වු මිනිසාව මැවු දෙවියන්හට මෙම ශක්තිය නැතැයි සිතීම දෙවියන් පිලිබදව හා දේව ශක්තිය පිලිබදව තිබෙන අනවබෝධය හා කෙසේ හෝ දේව වාදය ප‍්‍රතික්‍ෂ්ප කලයුතුයි යන අන්තවාදීත්වය මිස බුද්ධිමත් වාදයන් නොවන බව නම් පැහැදිලිය.  


මේ විෂය පිලිබදව තවදුරටත් කියවන්න - දේව විශ්වාසය




ඉබුනු සහීර්




Share:
Previous post     
     Next post
     Blog home

The Wall

No comments
You need to sign in to comment

Post

By Ibnu Saheer
Added Jul 14

Tags

Rate

Your rate:
Total: (0 rates)

Archives