නිරාහාරව හා පිපාසිතව සිටීම පමණක් උපවාසය නොවේ from Ibnu Saheer's blog

ස්ලාම් දහම ‘උපවාසය‘ කුමන ඉලක්කය පෙරදැරිව අපට ලබාදී ඇත්තේද? යන්නත්, එම ඉලක්ක කරා අප පියමැන ඇත්තේද?, සැබැවින්ම ඒ උත්තරීතර ඉලක්කය අප නිසිලෙස පසක් කරගෙන ඇත්තේද?, යන්නත් ස්වයං විමසුමක් කිරීම කාලීන අවශ්‍යතාවයකි. මේ සම්බන්ධයෙන් බහුතරයක් මුස්ලීම් ප්‍රජාවගේ පිලිතුර ‘නැත‘ යන්න පමණි. ‘ලෝකවාසී මුස්ලීම් ප්‍රජාව රමලාන් මාසයේ උපවාසයේ නිරත වන නිසා අපද උපවාසයේ නිරත වන්නෙමු‘ යන්න බොහෝ මුස්ලීම් ප්‍රජාවගේ අදහසයි. මෙලෙස සිතා උපවාසය රකින බහුතර මුස්ලීම් ප්‍රජාව මාසයක් පුරාවට කුසගිනේ හා පිපාසයේ නිරත වුවාට වඩා කිසිවක් දිනාගෙන නැති බව ප්‍රථමයෙන් ඔවුන් වටහාගතයුතු වේ.

එසේනම් මෙවර උපවාසයත් එවැනි නිශ්පල උපවාසයක් බවට අප පත්කරගන්නවාද? නොඑසේ නම් දෙවියන් බලාපොරොත්තු වන ආකාරයේ නිවරැදි ඉලක්කය දිනාගත් අපගේ ජීවිතවලට යහපත් වූ යමක් එක්කරගත් උපවාසයක් බවට මේ උපවාසය පත්කරගන්නවාද? යන්න තීරණය කිරීමේ කාලය දැන් නැවත එළඹි ඇත. එක් මූමීන්වරයෙකු (එනම් දහම නිසිලෙස අනුගමනය කරන මුස්ලීම්වරයෙකු) තම ජීවිත කාලය පුරාවට ඔහු ගෙවා දමන සෑම විනාඩියක්ම අල්ලාහ් (දෙවියන්)ට බියබැතිව ජීවිත් වියයුතු යන්න ඉස්ලාමීය මඟපෙන්වීමයි. එහිදී (පාපකාරී) වැරදි ක්‍රියාවන්වලින් හා (කුසල් ගෙන නොදෙන) නිශ්පල ක්‍රියාවන්ගෙන් වැලකී සිටිය යුතු යන්න ඉස්ලාම් පෙන්වාදෙන ආදර්ශයයි. එය පහත නබිවදන (හදීස්) මඟින් ද ඔබට පැහැදිලි ලෙස අවබෝධ කරගත හැක වේ.


‘කවුරුන් මුසාවන් පැවසීමත්, නිශ්පල ක්‍රියාවන්ගෙන් වැලකීමත් සිදු නොකරන්නේ ද ඔවුන් කුසගින්නේ සිටිමෙහි හා පිපාසයෙන් නිරතවීමෙහි අල්ලාහ්ට කිසිදු අවශ්‍යතාවයක් නැත. යනුවෙන් මුහම්ම්ද් (සල්) තුමාණන් පවසන ලදී.‘

මූලාශ්‍ර ග්‍රන්ථ - අහ්මද්, තිර්මිදි, අබූදාවූද්


ඉහත ඉගෙන්වීමට අනුව මුසාව, අපවාදය, කේලම, මුලාව හා එවන් වූ අනිකුත් වැරදි ක්‍රියාවන් මුස්ලීම්වරුන් වැලකිය යුතු යන්න ඉස්ලාමීය ඉගෙන්වීමයි. උපවාස සමයේ මේ සියල්ලෙන්ම පූර්ණ වශයෙන් මිදී සිටීම අනිවාර්‍ය බව ඉහත හදීසය අවධාරණය කරන කාරණයයි. ‘මුස්ලීම්වරුන් ලෙස අප එම අවවාදය නිසි ලෙස පිලිනොපදින්නේ නම්, අපගේ උපවාසය මඟින් අප දිනාගත් කිසිවක් නොමැත‘ යන්න ඉස්ලාමීය ඉගෙන්වීමයි. වර්ථමාන මුස්ලීම් සමාජයේ බොහෝ පිරිස් බොහෝ දුෂ්කරතා මධ්‍යයේ උපවාසයේ නිරත වෙයි. නමුත් ඔවුන් දැන හා නොදැන උපවාසය බිඳෙන කරුණූවල ද නිරත වෙමින් සිටිති. එයට ප්‍රධාන හේතුව ඔවුන් උපවාසය අවබෝධ කරගෙන සිටින ආකාරයයි. ‘අළුයම කාලයේ සිට ගොම්මන් කාලය දක්වා ආහාර පානවලින් වැලකී සිටීමයි උපවාසය වන්නේ‘ යයි අවබෝධ කොට සිටීමයි. එවන් වූ උපවාසයන් ඔහුගේ මානසික සතුටටත්, ඔහු අවට සමාජයටත් වලංගු වන්නට පුළුවන නමුත් දෙවියන් හමුවේ ඔහු කුසගින්නේ හා පිපාසිතව සිටියා යන්න මිස ඉන් ඔබ්බට එහි කිසිදු නැති බව දැන්වත් වටහාගත යුතුය. මුස්ලීම්වරුන් වන අපට අල්ලාහ් (දෙවි)ගේ අනපනත් හා ඔහුගේ දූතයාණන් වන මුහම්මද් (සල්) තුමාණන්ගේ ආදර්ශයන් මඟපෙන්වීමක් නොවන්නේද?. අපි මුස්ලීම් වූ පමණින් ඉස්ලාම් නමින් බෝඩ් ලෑල්ල දරාගත් පමණින් කරන මනක්කල්පිත ක්‍රියා සියල්ල කිසිවිටෙක ඉස්ලාම් නොවේ. එවන් ක්‍රියාවන් විටෙක අකුසල පවා ලඟා කරවන ක්‍රියාවන් බවට පත්වෙනවා යන්න ඉස්ලාමීය ඉගෙන්වීමයි. එය ඉහත හදීසය තුලින් ද අවධාරණය කරන සත්‍යයකි. දෙවියන් කෙරෙහි බියබැතියක් නොමැතිව ඉටුකරන කිසිදු කුසල ක්‍රියාවක් දෙවියන් හමුවේ වලංගු නොවනවා යන්න ඉස්ලාමීය ඉගෙන්වීමයි. එසේම ‘ඉටුකරන කුසල ක්‍රියාව ඉතා අල්ප ප්‍රමාණයේ එකක් වුවත්, එය දෙවියන් කෙරෙහි බියබැතියෙන් පරිපූර්ණව ඉටුකලයුතු‘ යන්න ඉස්ලාමීය තවත් වැදගත් ඉගෙන්වීමයි. තවද ‘අල්ලාහ් (දෙවි)ගේ කැමැත්ත, ආදරය හා අශිර්වාදය පමණක් අපේක්ෂාවෙන් ඉටු කලයුතු නැමදුම් ලෝකයාගේ ගරුබුහුමන්, ප්‍රශංසා හා ඇගයීම් අපේකෂාවෙන් ඉටුකොට එම කුසල විනාශ කර නොගතයුතුයි‘ යන්න ඉස්ලාමීය ඉගෙන්වීමයි. මේ ආකාරයට මිනිස් සමාජයට අවවාද නඟන උපවාසයේ අරමුණ පවසන පැහැදිලිව පවසන 2-183 ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයක් ඔබේ බුද්ධීමත් විමසුමට තබමින් මේ ලිපිය අවසන් කරමි.


‘(අල්ලාහ් දෙවියන් කෙරෙහි) විශ්වාසවන්තයණී! නුඹලාට පෙර විසූ පිරිස් කෙරෙහි උපවාසය අනිවාර්‍යය කලාසේ ම නුඹලා කෙරෙහිද (උපවාසය) අනිවාර්‍යය කොට ඇත. ඒ නුඹලා (දෙවියන් කෙරෙහි) බියබැතියන් වනු පිණිසය.‘


ඉබුනු සහීර්



Share:
Previous post     
     Next post
     Blog home

The Wall

No comments
You need to sign in to comment

Post

By Ibnu Saheer
Added May 22

Tags

Rate

Your rate:
Total: (0 rates)

Archives

Help

සමාජ සත්කාර සේවා
ඔබේ සදකාවන් ලබාදෙන්න...
යහමග පැරණි අඩවියට
ශ්‍රී-කුර්ආන් ශුද්ධ වූ අඩවිය

Racism

ජාතිවාදී ප්‍රහාර