උපවාසය නිෂ්පල කිරීම ඕනෑකමින් කලවිට from Ibnu Saheer's blog

මුස්ලීම්වරයෙකු රකින උපවාසය නිෂ්පල නොඑසේනම් අවලංගු වී යන කරුණු ගණනාවක් ඉස්ලාම් පවසයි. ඒවා අතර මුසාබස් පැවසීම,පාපකාරී ක්‍රියාවල නියලීම,තවත් කෙනෙකුට හිංසාවන් කිරීම,ඉස්ලාම් අනුමත නොකරන පවුකාර දෑ නැරඹීම... යනාදී කරුණූ අන්තර්ගත වේ. මීට අමතරව උපවාසය නිෂ්පල වන තවත් ප්‍රධාන ආකාර 02ක් ඉස්ලාම් පවසයි. එනම්.

උපවාසය රකින මොහොතේ...

·        > ආහාර පාන අනුභව කිරීම

·        > සංසර්ගයේ යෙදීම

 නමුත් ඉහත කාරණා එකක් හෝ කිහිපයක් තමන් උපවාසයේ නිරත වන බව අමතක වී සිදුකලේ නම්. එයින් උපවාසය නිෂ්පල නොවේ. උදාහර්ණයකට උපවාසය රකිමින් අධීක පිපාසිතව සිටින මොහොතක තමන් උපවාසයේ නිරතව සිටින බව අමතක වී පුරුද්ධකට එකවර ජලය පානය කලේනම්,එයින් උපවාසය නිෂ්පල නොවේ. ඔහුට එතැන් සිට උපවාසයේ අඛණ්ඩව නිරතවිය හැක. නමුත් කිසිවකු සිතා මතා උපවාසයෙන් මිදුණේ නම් එය මහා පාපයක් වන අතර එම අත්හල උපවාසය වෙනත් දිනය රැකිය යුතු අතර පහත කරුණු තුනෙන් එකක් කිරීම ද අනිවාර්‍යයෙන් කලයුතු වේ.


·         වහලෙකු වහල් භාවයෙන් නිදහස් කිරීම

·         නොකඩවා මාස දෙකක් එකදිගට උපවාසය රැකීම.

·         දුප්පතුන් හැට දෙනෙකුට ආහාර සැපයීම

ඉහත සඳහන් කළ කරුණු තුනෙන් එකක් ඉටුකළ විටයි, ඔහුට එම පාපයෙන් මිදිය හැක්කේ. පළමු කරුණ වන වහලෙකු නිදහස් කිරීම වහල් ව්‍යාපාරය අද නොමැති නිසා ඉටුකළ නොහැකිය. එදා අරාබියේ වහල් වෙළදාම සර්ව සාධාරණ දෙයක් විය. වහල්භාවය නැතිකිරීමට ඉස්ලාම් දහම ගත් එක් පියවරකි, මෙය. දැන් වහල්භාවය සහමුලින්ම තුරන් වී ඇති නිසා ඉතිර කරුණු දෙනෙක් එකක් තෝරාගැනීමට සිදුවේ. මෙයට පහත් සඳහන් හදීසය සාක්ෂි වේ.


“අපි නබි (සල්) තුමාණන් සමග අසුන්ගෙන සිටින විට, එතුමාණන් වෙත මිනිසෙක් පැමිණ ‘අල්ලාහ්ගේ වක්තෘවරයාණෙනී! මම විනාශ වූවෙමි’යි කීය. ඔබට සිදුවූයේ කුමක්ද? යැයි නබි (සල්) තුමාණෝ ඔහුගෙන් ඇසුහ. මම උපවාසය රකිමින් සිටින විට මාගේ භාර්යාව සමග සංසර්ගයේ යෙදුනෙමි’යි ඔහු පැවසුවේ ය. නබි (සල්) තුමාණෝ ඔහුගෙන් ‘නිදහස් කිරීමට ඔබ සතුව වහලෙක් සිටී දැයි විමසුවේ ය. එයට ඔහු නැතැයි කීය. ‘නොකඩවා දෙමසක් උපවාසය රැකීමට ඔබට හැකි දැයි ඇසූහ. නොහැකි යැයි ඔහු කීය. දුප්පතුන් හැටකට ආහාර සැපයීමට හැකියාවක් තිබේ දැයි අසූහ. එයටත් ඔහු නැතයි කීය. එවිට නබි (සල්) තුමාණෝ (මදක් නිශ්ශබ්දව) සිටියහ. අපි මෙසේ සිටින විට රටඉදි සහිත ‘අරක්’(ගෝනියට ආසන්න ප්‍රමාණයක්) එකක් නබි (සල්) තුමාණන් හට ගෙනෙ‍න ලදී. එවිට නබි (සල්) තුමාණෝ ප්‍රශ්ණ ඇසූ පුද්ගලයා කොහිදැයි විමසූහ. එයට ඔහු මම යැයි පිළිතුරු දුන්නේය. “මෙ(ම රට ඉඳි තොග)ය ලබාගෙන සදකා කරන්න( දන්දෙන්න) යැයි පවසූහ. අල්ලාහ්ගේ වක්තෘවරයාණෙනී! මට වඩා දුප්පත් අයටද මම සදකා කළ යුත්තේ? මදීනා නගරයේ (කඵ ගල් පිරුණු) කඳු දෙක අතරෙහි මාගේ නිවැසියන්ට වඩා දුප්පත් වෙන කවුරුත් නැත යැයි පිළිතුරු දුන්නේ ය. එවිට නබි (සල්) තුමාණෝ තම දත් පෙනෙන තරමට සිනාසූහ. පසුව ‘මෙය තම නිවැසියන්ටම අනුභව කරන්නට දෙන්නැයි පැවසූහ.

මූලාශ්‍ර ග්‍රන්ථය බුහාරී - 1936


ඉහත හදීසය උපවාසය රකිමින් සංසර්ගයේ යෙදුනු කෙනෙක් ගැන කතා කළද, උපවාසය රකිමින් ඕනෑකමින්ම අනුභව කළ පුද්ගලයෙකුටත්, පානය කළ පුද්ගලයෙකුටත් නීතිය එයම බව වටහා ගතයුතු වේ.

 


ඉබුනු සහීර්

 


Share:
Previous post     
     Next post
     Blog home

The Wall

No comments
You need to sign in to comment

Post

By Ibnu Saheer
Added Jun 1

Tags

Rate

Your rate:
Total: (0 rates)

Archives

Help

සමාජ සත්කාර සේවා
ඔබේ සදකාවන් ලබාදෙන්න...
යහමග පැරණි අඩවියට
ශ්‍රී-කුර්ආන් ශුද්ධ වූ අඩවිය

Racism

ජාතිවාදී ප්‍රහාර