ibnujameel's blog

අනිවාර්ය ස්නානය

ස්නානය අනිවාර්ය වූ විට, සලාත ඉටුකළ යුත්තේ ස්නානය කිරීමෙන් පසුවයි. ස්නානය අනිවාරය වූ පුද්ගලයා ස්නානය නොකර සලාතය ඉටුකිරීම නොකළ යුතුය. එසේ ස්නානය නොකර සලාතය ඉටුකලොහොත් එය පිළිගනු නොලැබේ. ස්නානය අනිවාරය වන්නේ කෙසේද? ස්නානය අනිවාරය වූ පුද්ගලයා ස්නානය කළ යුත්තේ කෙසේද? යන කරුණු විමසා බලමු.

ස්නානය අනිවාර්ය වන අවස්ථා

1.ධාතු පිටවීම:-

පුරුෂයින්ට හා ස්තරීඅ  න්ට සංසරගය මගින් හෝ සංසර්ගයෙන් තොරව හෝ නින්දේදී නැත්නම් අවධියේදී, ඉබේම නැත්නම්  ඕනෑකමින් ධාතු පිටවුවහොත්  ස්නානය අනිවාර්ය වේ.(සාක්ෂිි : බුහාරී 3328, මුස්ලිම් 523  අහ්මද් 25869).

2. ලිංගික සංසර්ගය:-

ධාතු පිටවුවත් නැතත් සංසර්ගයේ යෙදුනු විට ස්වාමිය හා භාර්යාව යන දෙදෙනාටම ස්නානය අනිවාර්ය වේ.(සාක්ෂිස : බුහාරී 291, මුස්ලිම් 578).

3.මාසික ඔසප් වීම (හෙයිල් ඇති වීම)

කාන්තාවන්ට මාසික ඔසප් වීම ඇති වුවහොත් සලාතය ඉටුකිරීම, උපවාසය රැකීම, සංසර්ගයේ යෙදීම ආදී කරින  යා තහනම් වේ. ඔසප් වීම නැවතුන විට ස්නානය කිරීම අනිවාර්ය වේ. ස්නානය කිරීමෙන් පසු ඔසප් වීමේදී තහනම් වූ ඉහත සඳහන් කරිොත යා කළ හැකිය.

4. ස්ත‍්‍රීන්ට දරු ප‍්‍රසූතියේදී ඇති වෙන රුධිර වහනය (නිෆාස්)

කාන්තාවන්ට දරු පර වූසූතියෙන් පසු ගර්භාෂයෙන් රුධිරය පිටවීමට පටන්ගනී. එසේ රුධිරය පිටවන කාන්තාවන් සලාතය ඉටු කිරීම, උපවාසය රැකීම, සංසර්ගයේ යෙදීම ආදී කරි නමයා නොකළ යුතුයි. රුධිර පිටවීම නැවතුන විට ස්නානය කිරීම අනිවාර්ය වේ. මෙසේ දරු පරවගයසූතියේදී ඇති වන රුධිර පිටවීම පිළිබඳව කුර්ආනයේ හෝ හදීස්වල පැහැදිල සාධක කිසිවක් නොලැබුනද, මාසික ඔසප් වීම පිළිබඳ නීතියම මෙයටත් අදාල වේ.... more

Pages: « 1 2