ibnujameel's blog

දෙවන රකඅතය

දෙවන රකඅතය ද පළමු රකඅතය ඉටුකළ ආකාරයටම ඉටුකළ යුතු නමුත් පළමු රකඅතයේදී සලාතය ආරම්භ කිරීමත් සමග පාරායනය කළ දුආඋල් ඉස්තිෆ්තාහ් නම් දුආව පාරායනය ‍කරන්නේ නැත.

– (599) قَالَ مُسْلِمٌ: وَحُدِّثْتُ عَنْ يَحْيَى بْنِ حَسَّانَ، وَيُونُسَ الْمُؤَدِّبِ، وَغَيْرِهِمَا، قَالُوا: حَدَّثَنَا عَبْدُ الْوَاحِدِ بْنُ زِيَادٍ، قَالَ: حَدَّثَنِي عُمَارَةُ بْنُ الْقَعْقَاعِ، حَدَّثَنَا أَبُو زُرْعَةَ، قَالَ: سَمِعْتُ أَبَا هُرَيْرَةَ، يَقُولُ: «كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا نَهَضَ مِنَ الرَّكْعَةِ الثَّانِيَةِ اسْتَفْتَحَ الْقِرَاءَةَ بِـ الْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ وَلَمْ يَسْكُتْ»

“නබි (සල්) තුමාණෝ දෙවන රකඅතයට නැගිට්ට විට අල්හම්දු ලිල්ලාහි රබ්බිල් ආලමීන් යැයි පාරායනය කිරීම ආර්ම්භ කරන්නොය. නිශ්ශබ්දව සිටින්නේ නැත.”

(සහීහ් මුස්ලිම් 1050)

දෙවන රකඅතයේ ද පළමු රකඅතය මෙන් ෆාතිහා සූරාව පාරායනය කර පසුව තවත් සූරාවක් හෝ සූරාවෙන් කොටසක් පාරායනය කළ යුතුය.

حَدَّثَنَا مُوسَى بْنُ إِسْمَاعِيلَ، قَالَ: حَدَّثَنَا هَمَّامٌ، عَنْ يَحْيَى، عَنْ عَبْدِ اللَّهِ بْنِ أَبِي قَتَادَةَ، عَنْ أَبِيهِ: «أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يَقْرَأُ فِي الظُّهْرِ فِي الأُولَيَيْنِ بِأُمِّ الكِتَابِ، وَسُورَتَيْنِ، وَفِي الرَّكْعَتَيْنِ الأُخْرَيَيْنِ بِأُمِّ الكِتَابِ وَيُسْمِعُنَا الآيَةَ، وَيُطَوِّلُ فِي الرَّكْعَةِ الأُولَى مَا لاَ يُطَوِّلُ فِي الرَّكْعَةِ الثَّانِيَةِ، وَهَكَذَا فِي العَصْرِ وَهَكَذَا فِي الصُّبْحِ»

“නබි (සල්) තුමාණෝ ලුහර් සලාතයේ පළමු රකඅත් දෙකෙහි... more

සුජූද් කිරීම

රුකූඋ වල සිට නගිට රබ්බනා ලකල් හම්ද් කීමෙන් පසු අල්ලාහු අක්බර් කියා සජදා කළ යුතුවේ. සජදාවට යන විට දනහිස් දෙක පොළොවේ තැබීමට පෙර පළමුවෙන් අත් දෙක බිම තැබිය යුතුයි. “ඔබලා අතුරින් කෙනෙකු සජදා කරන විට තම අත් දෙක තැබීමට පෙර දනහිස් දෙක(බිම) නො තබන්නැ”යි නබි (සල්) තුමාණෝ ප‍්‍රකාශ කර ඇත.(සාක්‍ෂි : නාසඊ 1076). අත් දෙක බිම තැබීමෙන් පසු දනහිස් දෙක ද පොළොවේ තැබිය යුතුයි.

 

සජදා කරන විට පොළොවේ ගෑවිය යුතු අවයවයන් :-

  • සජදා කරන විට නළල නාසය හා අල්ල දෙක, දනහිස් දෙක, පාද දෙකේ ඇඟිලි තුඩු යන අවයවයන් බිම ගෑවෙන ආකාරයට තැබිය යුතුය.
  • පාදවල ඇඟිලි නමා කිබ්ලාව දෙසට හරවා තබාගත යුතුයි.
  • කකුල් දෙක එක්කොට තබාගත යුතුයි.
  • ඇඳුම හෝ කොන්ඩය බිම ගෑවිම නොවැළෙක් විය යුතුයි.
  • අත් දෙක කනට කෙළින් හෝ උරහිසට කෙළින් හෝ තබාගත යුතුයි.
  • අත් දෙක කලවා ප‍්‍රදේශයේ නොගෑවෙන පරිද්දෙන් ද වැළමිට බිම නොගෑවෙන පරිදි උස්කර ද තබාගත යුතුයි.
  • කලවා ප‍්‍රදේශය හා උදරය එක්නොවෙන ආකාරයට තබාගත යුතුයි.

සජදාවෙහි පාරායණය කළ යුතු දුආ…... more

රුකූවලින් නැගිටින විට

රුකූවලින් නැගිටින විට “සමිඅල්ලාහු ලිමන් හමිදා – سمع الله لمن حمده ” (අර්ථය : ප‍්‍රසංශා කරන්නාගේ ප‍්‍රසංශාවට අල්ලාහ් සවන් දෙන්නේ ය.) යනුවෙන් පවසා අත් දෙක උරහිස දක්වා හෝ කන් දෙක දක්වා උස්සා පහත දැමිය යුතුවේ.(සාක්‍ෂි : බුහාරී 789, 735, මුස්ලිම් 642).

සමිඅල්ලාහු ලිමන් හමිදා කියා ප‍්‍රකාශ කිරීමෙන් පසු පහත සඳහන් දුආවලින් එකක් උසුරිය හැකිය.... more

සලාතය – රුකුඋ කිරීම

සූරතුල් ෆාතිහාව සහ තවත් සූරාවක් පාරායනය කළ පසු අල්ලාහු අක්බර් කියා පවසමින් අත් දෙකම කන් දෙකහි පහළ කොටස දක්වා හෝ උරහිස දක්වා උස්සා රුකූඋ කළ යුතු වේ. නැමී අත් දෙකෙන් දනහිසහ අල්ලා ගැනීම රුකූඋ කිරීම වේ. රුකූඋ කරන විට අත් දෙක ඉන ප‍්‍රදේශයේ නොගෑවෙන ආකාරයට කෙළින් තබා ගත යුතුයි. කොන්ද හා හිස සමානව තබාගත යුතුයි. හිස උස් කර තබාගැනීම හෝ පහත් කර තැබීම නොකළ යුතුයි.(රුකූ කරන ආකාරය විග‍්‍රහ කරන හදීස් වල අංක : බුහාරී 735, මුසලිම් 642,857, තිර්මිදී 241,245 අබූදාවූද් 628,729 නාසඊ 1017, ඉබ්නු මාජා 860, දාරමී 1293, අහ්මද් 11106)... more

සලාතය තක්බීර් තහ්රීමා

සලාත වෙනුවෙන් නීයත් තියා (සිතින් සිතා) ක:බාව දෙසට හැරී සිට, පළමුවෙන්ම අල්ලාහු අක්බර් කියා කිව යුතු වේ. මෙම පළමු තක්බීරයට (තක්බීර් යනු අල්ලාහු අක්බර් කියා ප‍්‍රකාශ කිරීමයි.) තක්බීර් තහ්රීමා යනුවෙන් කියනු ලැබේ. ඔබ සලාතය වෙනුවෙන් පරිපූර්ණව වුළු කොට, කිබ්ලා දෙසට හැරී අල්ලාහු අක්බර් කියා  කියන්නයැයි නබි (සල්) තුමාණෝ පැවසූහ.(බුහාරී : 6667, මුස්ලිම් : 663)

අල්ලාහු අක්බර් කියා තක්බීර් තහ්රීමා පවසා දෙඅත් උරහස දක්වා(සාක්‍ෂි : බුහාරී 735, මුස්ලිම් 638) හෝ කන්දෙකේ පහළ කොටස දක්වා(සාක්‍ෂි : මුස්ලිම් 642) ඉස්සිය යුතුවේ. මෙසේ උස්සන විට අත් දෙකේ ඇඟීලි හකුලා නො ගත යුතුයි. ඇඟීලි දික් කර තබාගත යුතු වේ.

සලාතයේ ආරම්භක දුආව (දුආවුල් ඉස්තිෆ්තාහ්)

අත් දෙක පපුව මත තබාගත් පසු පහත සඳහන දුආ වලින් එකක් පාරායනය කළ යුතුයි.

أَللَّهُمَّ بَاعِدْ بَيْنِي وَبَيْنَ خََََطََايَايَ كَمَا بَاعَدْتَ بَيْنَ الْمَشْرِقِ وَالْمَغْرِبِ اَللَّهُمَّ نَقَِّنِيْ مِنَ الْخَطَايَا كَمَا يُنَقَّّى الْثَّوْبُ الأَْبْيَض مِنَ الدَّنَسِ اَللَّهُمَّ اغْسِلْ خَطَايَايَ بِالْمَاءِ وَالثَّّلْجِ وَالْبَرَدِ

අල්ලාහුම්ම බාඉද් බයිනී වබයින හතායාය කමා බාඅද්ත බයිනල් මෂ්රිකි වල් මග්රිබ්. අල්ලාහුම්ම නක්කිනී මිනල් හතායා කමා යුනක්කස් සව්බුල් අබ්යලූ මිනද් දනස්. අල්ලාහුම් මග්සිල් හතායාය බිල් මාඉ වස්සල්ජි වල් බරද්.

අර්ථව : දෙවියනී! නැගෙනහිර හා බස්නාහිර අතර ඔබ විශාල දුරක් ඇති කර ඇති ආකාරයට මා හා මාගේ පාපයන් අතර දුරක් ඇති කරනු මැනව! සුදු වස්ත‍්‍රය කිලිටුවලින් පවිත‍්‍ර කරනු ලබන්නාක් මෙන් මාගේ පාපවලින් මාවත් පවිත‍්‍ර කරනු මැනව! දෙවියනී! ජලයෙන් ද පිණි කැට වලින් ද හිම කැට වලින් ද මාගේ පවි සෝදා හරිනු මැනව!(සාක්‍ෂි : බුහාරී 744)... more

නීයත් නැමැති චේතනාව

මුස්ලිම්වරු කුමන නැමැදුම ඉටුකළත් අදාල නැමදුම ඉටුකරන බවට චේතනාව තිබිය යුතුයි. අදාල නැමැදුම ඉටුකරමි යන චේතනාව නොමැතිව නැමදුමේ සියළු අංගයන් ඉටුකළ ද එය නැමදුම ලෙස අල්ලාහ් විසින් පිළිගනු නොලැබේ. සියළු අමල්(නැමදුම්)චේතනාව අනුවයියනුවෙන් නබි මුහම්මද් (සල්) තුමාණෝ ප‍්‍රකාශ කළහ.(සාක්‍ෂි : බුහාරී 1, මුස්ලිම් 3530)

ඇතැමුන් නීයත් යන්න වැරදියට අවබෝධ කරගෙන එක එක් නැමදුම්වලට වෙන වෙනම අරාබි වදන් පෙළක් (උසල්ලී පර්ලල් මග්රිබ්ලෙස)  සකසා ගෙන නැමදුම ඉටුකිරීමට පෙර නීයත් කියා එය කටින් උච්චාරණය කළ යුතු යැයි පවසති. මෙයට අල්කුර්ආනයේ හා නබිතුමානන්ගේ හදීස් වල කිසිඳු සාක්‍ෂියක් නොමැත. නීයත් නැමැති පදයේ තේරුම සිතින් සිතීම යන්නයි.

කටින් උචිචාරණය කිරීම යන තේරුම නැත. වුළු කරන විට හෝ සලාතය ඉටුකරන විට හෝ උපවාසය රකින විට නබි (සල්)තුමාණෝ නීයත් කියා වදනක් කටින් උච්චාරණය කළ බවට කිසිඳු සාක්‍ෂියක් නොමැත. හජ් ඉටුකරන විට පමණක් කටින් ප‍්‍රකාශ කර ඇත.... more

සලාතය ඉටුකරන්නා ලෝකයේ කොතැන සිටියත් ඔහු ක:බාව දෙසට හැරී සලාතය ඉටුකළ යුතු වේ. ක:බාව යනු ලෝකයේ ඉඳි කරන ලද පළමු දේවස්ථානය යි. මෙය සවුදී අරාබියේ මක්කානගරයේ පිහිටා ඇත. ලංකාවේ සිට මෙම ක:බාව පිහිටි දිශාව මෙහි රූප සටහන ආකාරයට වේ. මේ පිලිබදව වැඩි විස්තර  පහසු කරන නවීන උපාංග රුසක් ඇත. අල්කුර්ආනයේ 2:144වැනි වාක්‍යය මගින් කොතන සිටියත් සලාතය ඉටු කරන විට ක:බාව දෙසට මුහුණ හරවන මෙන් අණ කර ඇත. නබි (සල්) තුමාණන් ද සලාතය ඉටු කරන අවස්ථාවේ ක:බාව දෙසට හැරිය යුතු බවට අණ කර ඇත.(සාක්‍ෂි: බුහාරී 6667, මුස්ලිම් 663)

ක:බාවේ දිශාව නොදන්නා අවස්ථාවක :

සමහර අවස්ථාවල ක:බාව පිහිටන දිශාව සොයාගැනීමට නොහැකි අවස්ථා උදා විය හැකිය. එවැනි අවස්ථාවක  ... more

Pages: « 1 2 3 4 5 »