ibnusaheer's blog

මුස්ලීම් සමාජයේ ආගමික බෙදීම් පිලිබදව කථා කරන විට ශියාවරුන් මෙන්ම ලොව ප්‍රධාන තවත් බෙදීමක් වන්නේ අහ්මදියා හෙවත් කාදියානිවරුන්ය.  ඒ අනුව අද දවසේ ‘යහමග’ අඩවිය තුලින් සාකච්චා කිරීමට අදහස් කරන්නේ  ලොවපුරා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින ඉස්ලාම් යයි පවසා ගන්නා තවත් නිකායක් හෙවත් ආගමික කල්ලියක් පිලිබදවයි. ශීයාවරුන් මෙන්ම විටෙක ඊටත් වඩා සංවිධානාත්මක ලෙස හා සූක්ෂම සැලසුම් සහිතව ක්‍රියාත්මක වන මෙම සංවිධානය ‘අහ්මදියා’ හෙවත් ‘කාදියානිවරුන්’ ලෙස හැදින්වේ. ශ්‍රී ලංකාව තුලත් ඉතා ශක්තිමත්ව ක්‍රියාත්මක මෙම සංවිධානය පිලිබදව මුස්ලීම් සමාජයට මොවුන්ගේ මූලික ප්‍රතිපත්ති පිලිබදව නිසි අවබෝධයක් නැත. මේ හේතුව නිසා බොහෝ මුස්ලීම් ප්‍රජාව මෙම නිකාය වටා ඒකරාශි වීමත් ඔවුන්ගේ මතවාද පිලිගැනීමත් දක්නට ඇත. මෙම නිකායට විටෙක රාජ්‍ය අනුග්‍රහයන් පවා හිමිවන අවස්ථාවන් අප රට තුල දක්නට ලැබේ. එමනිසා මේ නිකාය පිලිබදව ශ්‍රී ලාංකීය සමාජය යම් අවබෝධයකින් සිටීම වැදගත්  යැයි සිතේ.  


මේ අහ්මදියාවරුන් කවුද ?, ඔවුන්ගේ ප්‍රතිපත්තිවල  වලංගු අවලංගුභාවය කොතරම්ද?. ඒ පිලිබදව ඉස්ලාමීය ස්ථාවරය කුමක්ද? යන්න පිලිබදව දැන් විමසා බලමු. 

... more

මෙහි මාතෘකාව ලෙස මා යොදා ඇත්තේ යහමඟ අඩවියෙන් විටින් විට කිහිපදෙනෙකු විසින් විමසන ලද, එසේම බොහෝ දෙනෙකුගේ සිත් තුල ඇති පැනයකි. මෙහි ඇති පැන දෙක අතුරින් දෙවන පැනයට ‘ඔව්’ එසේ නැත්නම් ‘නැත’ යනුවෙන් සරලව පිලිතුරු දිය හැකිය. නමුත් එවැනි පිලිතුරක් ලබාදීම තුල පාඨක ඔබට තවත් පැනයන් රාශියක් මෙහි නිර්මාණය විය හැක. එම නිසා මෙහි දෙවන පැනයට සරල පිලිතුරක් ලබාදීම වෙනුවට පලමු පැනය සදහා තරමක් ගැඹූරු විග්‍රහයක් ලබාදීම සුදුසු යයි හැඟේ. මන්ද එම විග්‍රහය තුල දෙවන පැනය සදහා ද පැහැදිලි පිලිතුරක් ඔබට ලැබෙන බැවිණි. එසේ නම් “ශියාවරුන් යනු කවුරුන්ද?” යන්න දැන් තරමක් ගැඹුරින් විමසා බලමු.

“ශියාවරුන්” යයි පැවසූ පමණින් මුස්ලීම්වරුන් බහුතරයකට සිතේ මැවෙන්නේ ඉරානයේ වෙසෙන ජනතාවයි. එසේම ඉරාක “ශියා සහා සුන්නි” මුස්ලීම් ගැටුම ද සිතට නැඟෙනු ඇත. මෙසේ ‘ශියාවරුන්” යයි පැවසූ පමණින් ඉරාන, ඉරාක වැනි රටවල් සිහියට නැ‍ඟෙන්න ප්‍රධාන හේතුවක් ඇත. ඒ එම ප්‍රදේශයන් හි මෙම “ශියාවරුන්” යයි හදුන්වන පිරිස් බහුතරයක් ජීවත් වීමයි. ලොව වැඩිම ශියාවරුන් සංඛ්‍යාවක් ජීවත් වන භූමිය ‘ඉරානය’ වන අතර ‘ඉරාකයේ’ ද සැලකිය යුතු තරම් ශියාවරුන් ජීවිත් වෙති. එසේනම්,

 ශියා යනු කවුරුන්ද ?

ඔවුන් එම නමින් හදුන්වන්නේ ඇයිද?

ඔවුන් අනිකුත් මුස්ලීම් ජනතා‍වගෙන් වෙනස් වන්නේද?

එසේනම් එය කෙසේද?

ඔවුන් අදහන්නේත් ඉස්ලාම් ද? 

... more

මාතෘකාව තුල තරමක ව්‍යාකූල බවක් දක්නට තිබුණ ද අද ‘යහමඟ‘ අඩවිය තුල කථා කරන්නට යන විෂය නම් ව්‍යාකූල විෂයක් නොවේ. අද දින මෙම ලිපිය තුලින් විමසා බලන්නේ ‘මුස්ලීම් යනු කවුරුන්ද?‘ යන්න හා ‘වර්ථමාන මුස්ලීම්වරුන් ඉස්ලාම් පවසන සැබෑ ‘මුස්ලීම්‘ ලෙස පෙනී සිටිනවාද?‘ යන කාරණය පිලිබදවයි. සමහර විට මෙතැනදී පාඨක ඔබ තුල සාධාර්ණ සැකයක් මතු වන්නට ද පුළුවන. ඒ මුස්ලීම්වරුන් ලෙස ඉස්ලාම් දහම පිලිබදව හා ඉස්ලාම් දහමට එරෙහිව රටේ ලෝකේ මතුවෙමින් තිබෙන අභියෝග ගණනාවක් පිලිබදව වර්ථමානයේ කථා කිරීමේ දැඩි අවශ්‍යතාවය සමාජය තුල තිබියදී මෙවැනි මාතෘකාවක් කථා කිරීමේ අවශ්‍යතාවය කුමක්ද? යන්නයි. බැලූ බැල්මට ඉහත තර්කයේ කිසියම් සාධාර්ණ බවක් පෙනුනත්, ඇත්තෙන්ම මේ අද කථා කරන්නට යන විෂය මුස්ලීම් සමාජය තුල බොහෝ දෙනෙකු හිතමතා කථා කිරීම අතපසු කල නමුත් කථා කලයුතු එසේම කාලීන වශයෙන් ඉතා වැදගත් විෂයක් යන්න මේ ලිපිය ඉදිරියට කියවීමේ දී ඔබට ම අවබෝධ වනු ඇත.

... more

‘නව මාසය උදාව ඉස්ලාමීය ක්‍රමයට නිර්ණය කරන්නේ කෙසේද?‘ යන කාරණය මුස්ලීම් සමාජය තුල ගැඹුරින් සාකච්චා වන කාලයක් ලෙස උපවාස මාසය හැදින්විය හැක. මෙහිදී උපවාසය අරඹන්නේ කවදාද?. එය අවසන් කොට අවුරුදු සමරන්නේ කවදාද?. යන ගැටළුව එයට ප්‍රධාන හේතුවයි. මෙය මුස්ලීම් සමාජය නිවැරදිව අවබෝධ කර නොගැනීම තුල පිරිසක් උපවාසය අරඹන විට තවත් පිරිසක් උපවාසය ආරම්භ නොකිරීමත්, පිරිසක් අවුරුදු සමරන විට තවත් පිරිසක් උපවාසයේ නිරතවීමත් වැනි අවාසනාවන්ත තත්වයන් සෑම වර්ෂයකම පාහේ  ශ්‍රී ලාංකීය මුස්ලීම් සමාජය තුල දක්නට ලැබේ. ඒ අනුව මෙම කාරණය පැහැදිලි කරගැනීම සම්බන්ධයෙන් මුස්ලීම් සමාජය තුල කිසියම් මතභේදයක් පවතින බව ප්‍රථමයෙන් පිලිගතයුතු වේ. නමුත් ඒ මතභේදය පවතින්නේ රමලාන් මාසය ආරම්භ කිරීම සම්බන්ධයෙන් හෝ මාසය ආරම්භ කලයුත්තේ හඳ පදනම් කරගෙනද? යන කාරණයසම්බන්ධයෙන් නොවේ. සමස්ථ මුස්ලීම් සමාජයම චන්ද්‍ර මාස ක්‍රමය ඒකමතිකව අනුමත කරයි. ඒ අනුව ඉස්ලාමීය ක්‍රමයට 9 වන මාසය වන ‘රමලාන්‘ (උපවාසය රකින) මාසයත් චන්ද්‍ර මාසය අනුවම නිර්ණය වියයුතු යන්නෙහි විරුද්ධ මතයක් මුස්ලීම් සමාජයේ නැත. මතභේදය ඇත්තේ මෙම චන්ද්‍ර මාසය නිර්ණය කරන්නේ කෙසේද? යන කාරණයේදී පමණි. එනම්,

 ... more

දණ්ඩ නීති සංග්‍රහයේ අංක 346 සාපාරාධී අඩන්තේට්ටම් කිරීම සහ අංක 486 සාපාරාධී බිය ගැන්වීම් චෝදනා යටතේ වරදකරු ලෙස ප්‍රකාශ කර ඇති ගලගොඩඅත්තේ ඥානසාර නැමති සිවුරුදාරියා ට එම දඩුවම නියම කිරීම සදහා ජූනි 14 දක්වා කල්තැබීමට හෝමාගම මහේස්ත්‍රාත්වරයා තීන්දු කළේය. ඒ සදහා ඇත්තේ තවත් දින 5ක් පමණි.

කෙසේ නමුත් වත්මන් ‘යහපාලන’ ආණ්ඩුවට මුක්කු ගසමින් ඇති ඥානසාරට එැවැනි හෝ දඩුවමක් ප්‍රකාශයට පත්කිරීම සදහා තිබූ ධෛර්යට මෙන්ම අධිකරණය පිළිබද ජනතාවට ඇති විශ්වාසය තහවරු කිරීම පිළිබදව හෝමාගම මහේස්ත්‍රාත්වරයාට අප ගෞරව කළ යුතුය.

කෙසේ නමුත් මේ වන විට ඥාණසාර වරදකරු කර ඇත. නමුත් ජූනි 14වනදා එක්කෝ අදාල වරදට අනුව දඩුවම් නියම කිරීම හෝ අත්හිටවූ සිරදඩුවමක් දීමට හැකියාවක් පවතින බව නීති විශාරදයින් පෙන්වා දෙයි. නමුත් එය එසේ වන්නේ මහේස්ත්‍රාත්වරයාගේ අභිමතය මත බවත් ඔවුන් වැඩිදුරටත් පවසයි.

... more

ලොවපුරා මුස්ලීම් බැතිමතුන් උත්තරීතරව සලකන උතුම් වූ මාසයක් උදා වී ඇත. මුස්ලීම්වරුන් උපවාසයේ නිරත වන මේ උතුම් වූ මාසය පිලිබදව ශුද්ධ වූ කුර්ආනයේ ඉගෙන්වීමන් කිහිපයක් යහමග පාඨක ඔබේ බුද්ධිමත් විමසුමට ගෙන ඒමට මෙහි අදහස් කරමි. ඒ මේ ‘රමලාන්’ හෙවත් උපවාස මාසය හා ශුද්ධ වූ කුර්ආනය අතර ඇති බැදීම ඒ තරමට ඉතා සමීප එකක් වන බැවිනි. එය ශුද්ධ වූ කුර්ආනයේ 2-185 වාක්‍යය මඟින් ද අල්ලාහ් (දෙවි) මෙසේ අවදාරනය කරයි. එනම්,


මෙම කුර්ආනය රමලාන් මාසයේ පහල කරන ලදී. එය මිනිසුන් හට මාර්ගෝපදේශයකි, සෘජු මාර්ගය පැහැදිලි කරන්නකි, සත්‍ය අසත්‍ය වෙන්කොට පැහැදිලි කරන්නකි.

... more

පසුගිය මැයි 29 (2018) දින ඕස්ට්‍රේලියාවේ සිදුවූ සහෝදර අලිබෙනාට් ගේ මරණය මුස්ලීම් ලෝකය පමණක් නොව සමස්ථ ලෝකයම කම්පා කරවන්නක් විය. ධනකුවේරයෙකු වූ ඔහු ඔහුට වැලදුනු පිලිකාවක් හේතුවෙන් වයස අවුරුදු 36 ක්ව පැවතිය දී පසුගිය දින මිය යන ලදී. මීට වසර දෙකකට පමණ පෙර ඔහුගේ රෝගය හඳුනාගත් වෛද්‍යවරුන් ඔහු උපරිම මාස 07 ක් පමණ කාලයක් ජීවත්වනු ඇතැයි පැවසුවත් ඔහු වසර දෙකකටත් වැඩි කාලයක් ජීවත් වී පසුගිය දින මියයන්නේ සමස්ථ ලෝකයටම හිතන්න බොහෝ දෑ ඉතිරි කරමිනි.

දෙවියන් මනුෂ්‍ය හට ලබාදී ඇති භාග්‍යයන් අතුරින් උතුම් ම භාග්‍යය වන්නෙ ඔහු මරණය ට සම්මුඛ වන්නේ කොයි මොහොතේ කොයි ආකාරයට යන්න ඔහුගෙන් වසන්කර තැබීමයි. එය මනුෂ්‍ය දැන සිටියානම් ඔහු කිසිදු දිනෙක සිනා නොවනු ඇත. නමුත් සහෝදර අලිබෙනාට් සම්බන්ධයෙන් මෙය තරමක වෙනස් ආකාරයට දෙවියන් තීන්දු කොට තිබුණි. ඔහුගේ මරණ මොහොත ඔහුට වසන් කොට තිබුණත් ඔහුගේ මරණය පෙනි පෙනි ජීවත්වීමට දෙවියන් සැලසුම් කොට තිබුණි. 

... more

Pages: 1 2 »
Share:

Archives

Help

සමාජ සත්කාර සේවා
ඔබේ සදකාවන් ලබාදෙන්න...
යහමග පැරණි අඩවියට
ශ්‍රී-කුර්ආන් ශුද්ධ වූ අඩවිය

Racism

ජාතිවාදී ප්‍රහාර