ibnusaheer's blog

මිනිසාගේ බුද්ධීය දිනෙන් දින දියුණු වෙත්ම වඩ වඩාත් මත බේදයන්ට හා අභියෝගයන්ට තුඩුදෙන කාරණ බවට ‘දේවවාදය‘ පත්වෙමින් ඇත. එක් පසකින් දේව වාදයට පාක්‍ෂිකව පිරිසක් කරුණු ඉදිරිපත් කරද්දී තවත් පසෙකින් එයට විවේචනයන් හා අභියෝගයන් ද ඉදිරිපත් වෙමින් ඇත. මිනිස් බුද්ධියේ වර්ධනයත් සමග දේව විශ්වාසය හා බැදුනු මන:කල්පිතයන් හා පුරාවෘත්තයන් පිලිබදව මිනිසා වඩ වඩාත් බුද්ධිමත්ව සිතන්නට පටන්ගෙන ඇත. එසේ සිතීමේ ප‍්‍රථිපලයක් ලෙස එක් පසකින් එම විශ්වාසයන් ප‍්‍රශ්නාර්ථයක් වන ගමන් එම ආගම් ද ප‍්‍රශ්නාර්ථයක් බවට පත්වෙමින් ඇත. මෙහි අනිසි ප‍්‍රථිපලයක් ලෙස මිනිසා අදේව වාදයට තල්ලූවෙමින් ඇත.  මෙවැනි තත්වයකට මිනිසා තල්ලුවීමට අතීතයේ පැවතී මිත්‍යා විශ්වාසයන් වන හිරු, සඳු, ගස්, ගල්, ගින්දර… ආදී දෑ දේවත්වයෙන් සලකා වන්දනාමාන කිරීමත්, අද පවතින සමහරක් දේව වාදයන් ද බොහෝසේ පිටිවහලක් වී ඇත. උදාහර්ණයක් ලෙස එදා බ‍්‍රාහ්මණ සමාජයේ පැවතී විශ්වාසය වන බ‍්‍රාහ්මයාගේ කටින් මැවු පිරිස බ‍්‍රාහ්මණයෝ, අත්දෙකෙන් මැවු පිරිස ක්ෂත‍්‍රීයෝ, කලවාවලින් මැවු පිරිස වෛශ්‍යයෝ, හා යටිපතුලින් මැවු පිරිස ක්ෂුද්‍රයෝ යන විශ්වාසය ගෙනහැර දැක්විය හැක. මෙවැනි විවිධ ආකාරයේ දේව සංකල්පයන් හමුවේ වල්මත් වී ගිය සමාජය ඉස්ලාම් දහම පවසන දේව විශ්වාසයත් එවැනිම දේව සංකල්පයක් යයි උපකල්පනයේ හිද ඉස්ලාම් හි දේව විශ්වාසය ද විවේචනය කිරීම අවාසනාවන්ත තත්වයකි. මේ හේතුව නිසාම ‘ඉස්ලාම් පවසන දේව විශ්වාසය කුමක්ද? එය අවබෝධ කරගත යුත්තේ කෙසේද?‘ වැනි කරුණු පිලිබදව පුර්ණ අවබෝධයක් ලබාදීමේ අරමුණින් මෙම සාකච්චාව නොඑසේනම්, කරුණු දැක්වීම ආරම්භ කරමි. 

... more

අල්ලාහ් (දෙවි) අහසෙහි ‘අර්ෂ්‘ නම් තැන සිටින බව මීට පෙර ‘අල්ලාහ් (දෙවි) සිටින්නේ කොහිද?‘ නම් ලිපියෙන් සාකච්චා කලෙමු. මේ සමඟම බැඳුනු මීලග පැනය වන්නේ ඔහුට නිශ්චිත ස්වරූපයක් තිබේද?, එසේනම් එය මොනවගේද?. එසේත් නැත්නම් දෙවියන්ගේ ස්වරූපය කුමක්ද? යන්නයි.  මුස්ලිම් නොවන ප්‍රජාවට බොහෝ ආගම්වල කියවෙන ඉගෙන්වෙන දේව රූප පිලිමයන් ලෙසත් පිංතූර ලෙසත් දක්නට ලැබේ. නමුත් ඉස්ලාම් පවසන දෙවියන් පිලිබදව එවැනි කිසිවක් දක්නට නොලැබේ. මේ හේතුව නිසා ඉස්ලාම් දහම සම්බන්ධයෙන් ඔවුනට ඇති ප්‍රබල කුතුහලය ‘හින්දු, බෞද්ධ හා ලොව අනිකුත් ආගම්වල සදහන් දෙවියන්ගේ ස්වරූප පිලිබදව අපට අවබෝධයක් ඇත. නමුත් ඉස්ලාම් පවසන දෙවියන්ගේ ස්වරූපය කුමක්ද?‘ යන්නයි. මේ කාරණය සදහා මෙතැනදී ද සරල  එසේම ඉස්ලාමීය ඉගෙන්වීමන් පදනම් කරගත් විග්‍රහයක් ලබා දෙන්නේ නම්,

... more

ඉස්ලාම් දහම තුල සෑම මුස්ලිම්වරයෙක්ම අනිවාර්‍ය විශ්වාස කලයුතු කරුණූ කිහිපයක් ඇත. ඒ අතුරින් පලමුවැන්න වන්නේ දෙවියන් පිලිබදව වූ විශ්වාසයයි. මෙම විශ්වාසය ‘අල්ලාහ් නම් දෙවියෙක් සිටී, ඔහුයි අපගේ එකම දෙවියා‘ යනුවෙන් වූ සරල විශ්වාසයක් නොවේ. එසේ සරලව ‘දෙවියෙක් සිටී‘ යයි විශ්වාස කිරීම සැබෑ වූ දේව විශ්වාසයක් නොවේ. එවන් වූ විශ්වාසයක් එදා ඉස්ලාම් ප්‍රකාශ වූ මුල් සමාජයේ නොඑසේනම් ‘ජාහිලියා‘ සමාජයේ ද පැවතුණි. එවන් සමාජයකට නැවත මෙම දේව විශ්වාසය ප්‍රකාශ කිරීමේ අවශ්‍යතාවයක් නොපැවතුණි. විටෙක වර්ථමානයට වඩා හොදින් එම විශ්වාසය එදා පැවතුණි. නමුත් එලෙස (අල්ලාහ්) දෙවි පිලිබද විශ්වාසය ඔවුන් අතර තිබූ පමණින් ඔවුන් මුස්ලිම් වුයේ නැත. එය පහත සදහන් ශුද්ධ වූ කුර්ආන් වාක්‍යය මඟින් ඔබට හොදින් අවබෝධ කරගත හැකි වේ. එනම්,

... more

මුළු විශ්වයම මවා පරිපාලනය කරන්න දෙවියෙකු නොඑසේනම් සුවිශේෂි බලයක් ක්‍රියාත්මක බව පවසන විට අදේවවාදීන් හා දෙවියන් පිලිබදව නිසි අවබෝධයක් නොමැති පිරිස් මෙම විශ්වාසය අභියෝගයට ලක්කිරීම නිරන්තරයෙන් දකින්නට ලැබේ. එහිදී ඔවුන් ඉදිරිපත් කරන වාදය හුදෙක්ම තර්කයන් මිස සාක්ෂි මත පදනම් කරුණූ නොවේ.  කෙසේ වෙතත් විඥානය මත පදනම්ව ඔවුන් ඉදිරිපත් කරණ වාදයන් කොතරම් දුරට සාධාර්ණ හා නිවැරදි වාදයන්ද? යන්න මෙතැන් සිට විමසා බලමු. 

... more

විශ්වයේ සම්භවය


පොල් වත්තක ඇවිද යනවිට පොල් ගසක් පාමුල තිබී කාසියක් හමු වේ යයි සිතන්න. මෙම කාසිය දුටුවාම මෙය පොල් ගසින් වැටුණු කාසියක් යයි සිතා පොල් ගස දෙස බලන්නෙමුද?. එසේත් නැත්නම් මෙම කාසිය ඉබේ ඇති වුවක් එනම් ස්වයංව ඇති වුවක් යයි සිතන්නෙමුද? අපගේ බුද්ධි අපට කුමක් පවසයිද?.


හේතුවක් නොමැතිව කාර්‍යයක් නැත


මෙම විශ්වය හා එහි පිලිවෙල හොදින් නිරීක්‍ෂණය කලේනම්, එය මනුෂ්‍යා මවිතයට පත්කරවන්නකි. කොතරම් විශාල තරු සංඛ්‍යාවක් තිබෙනවාද? ඒවා කොතරම් දුරක පිහිටා තිබෙනවාද? ඒවායි සමහරක් පෘථිවියට වඩා කොතරම් විශාලද? ඒවා සියල්ල විශ්වයේ අධික වේගයෙන් ගමන් කලත් එකින් එකට නොගැටී පවතිනවාද?. ... more

'සයන්රී' යන ලතින් වචනයෙන් සයන්ස් යන වචනය බිහිවේ. එහි අරුථ බුද්ධිය යන්නයි. සයන්ස් හෙවත් විද්‍යාව යන්නට දෙන සරලම විග්‍රහය මේ විශ්වය කෙසේ ක්‍රියා කරන්නේද? යන්න පැවසීමයි. එසේත් නැත්නම් විශ්වය පිලිබදව කරන ගවේශණයෙන් ලබාගන්නා දැනුමයි. ඒ අනුව විද්‍යාව ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදේ. එනම්,


> ඔප්පු කරන ලද විද්‍යාව,

> උපකල්පන විද්‍යාව,


... more

මෙම ලිපියේ පලමු කොටස - දේවවාදයට එරෙහි මතවාද


ඈත අතීතයේ පටන් පැවත එන බොහෝ අගම් තුල දකින්නට ඇත්තේ ඇදහිලි වත්පිලිවෙත් නමින් ජනතාව පීඩාවට පත්කිරීමය.  මෙලෙස ආගම් හා දර්ශනයන් නාමයෙන් පීඩාවට පත්කරන ලද මිනිසා, අවිද්‍යාවෙන් මිදෙන බවට වහසි බස් දොඩමින් විද්‍යාවේ සරණ පැතීය. ගින්දර යුගයේ සිට අගහරු යුගයටත් එතැනින් 21 වන සියවසයටත් පා තබන මිනිසා භෞතික වශයෙන් අනේක විධ යෝධ පියවරවල් තබමින් තාක්‍ෂණික ලොවට අවතීරණ විය. භෞතිකමය වශයෙන් දියුණුවේ ඉනිපෙත්තටම ගිය මිනිසා සිය සිත දියුණු කිරීමේලා එවැනි යෝධ පියවරවල් තබන්න අසමත් විය. මිනිස් දියුණුවේ සාර්ථකත්වය පවතින්නේ භෞතික මෙන්ම අධ්‍යාත්මිකව ලබාගන්නාවු දියුණුවේය. නමුත් මිනිසා තමා හා විශ්වය පිලිබදව ලබාගන්නා දැනුම අනුව සැලකීමේදී කිසියම් සීමාවක කොටුවී ඇති බවක් පෙනීයයි. එයට කදිම නිදසුනක් ලෙස 60 දශකයේ එනම්, 1961.04.12 දින ප්‍රථමයෙන් අභ්‍යාවකාෂය තරණයකල යුරි ගගාරින් (ජීවත්වු කාලය 1934-1968) නැවත පෘථිවියට පැමිණි අවස්ථාවේ පැවසු ප්‍රකාශය මෙහි මතක් කලහැක. 

... more

Pages: « 1 2 3 »