ibnusaheer's blog

ඉස්ලාම් දහම තුල සෑම මුස්ලිම්වරයෙක්ම අනිවාර්‍ය විශ්වාස කලයුතු කරුණූ කිහිපයක් ඇත. ඒ අතුරින් පලමුවැන්න වන්නේ දෙවියන් පිලිබදව වූ විශ්වාසයයි. මෙම විශ්වාසය ‘අල්ලාහ් නම් දෙවියෙක් සිටී, ඔහුයි අපගේ එකම දෙවියා‘ යනුවෙන් වූ සරල විශ්වාසයක් නොවේ. එසේ සරලව ‘දෙවියෙක් සිටී‘ යයි විශ්වාස කිරීම සැබෑ වූ දේව විශ්වාසයක් නොවේ. එවන් වූ විශ්වාසයක් එදා ඉස්ලාම් ප්‍රකාශ වූ මුල් සමාජයේ නොඑසේනම් ‘ජාහිලියා‘ සමාජයේ ද පැවතුණි. එවන් සමාජයකට නැවත මෙම දේව විශ්වාසය ප්‍රකාශ කිරීමේ අවශ්‍යතාවයක් නොපැවතුණි. විටෙක වර්ථමානයට වඩා හොදින් එම විශ්වාසය එදා පැවතුණි. නමුත් එලෙස (අල්ලාහ්) දෙවි පිලිබද විශ්වාසය ඔවුන් අතර තිබූ පමණින් ඔවුන් මුස්ලිම් වුයේ නැත. එය පහත සදහන් ශුද්ධ වූ කුර්ආන් වාක්‍යය මඟින් ඔබට හොදින් අවබෝධ කරගත හැකි වේ. එනම්,

... more

මුළු විශ්වයම මවා පරිපාලනය කරන්න දෙවියෙකු නොඑසේනම් සුවිශේෂි බලයක් ක්‍රියාත්මක බව පවසන විට අදේවවාදීන් හා දෙවියන් පිලිබදව නිසි අවබෝධයක් නොමැති පිරිස් මෙම විශ්වාසය අභියෝගයට ලක්කිරීම නිරන්තරයෙන් දකින්නට ලැබේ. එහිදී ඔවුන් ඉදිරිපත් කරන වාදය හුදෙක්ම තර්කයන් මිස සාක්ෂි මත පදනම් කරුණූ නොවේ.  කෙසේ වෙතත් විඥානය මත පදනම්ව ඔවුන් ඉදිරිපත් කරණ වාදයන් කොතරම් දුරට සාධාර්ණ හා නිවැරදි වාදයන්ද? යන්න මෙතැන් සිට විමසා බලමු. 

... more

විශ්වයේ සම්භවය


පොල් වත්තක ඇවිද යනවිට පොල් ගසක් පාමුල තිබී කාසියක් හමු වේ යයි සිතන්න. මෙම කාසිය දුටුවාම මෙය පොල් ගසින් වැටුණු කාසියක් යයි සිතා පොල් ගස දෙස බලන්නෙමුද?. එසේත් නැත්නම් මෙම කාසිය ඉබේ ඇති වුවක් එනම් ස්වයංව ඇති වුවක් යයි සිතන්නෙමුද? අපගේ බුද්ධි අපට කුමක් පවසයිද?.


හේතුවක් නොමැතිව කාර්‍යයක් නැත


මෙම විශ්වය හා එහි පිලිවෙල හොදින් නිරීක්‍ෂණය කලේනම්, එය මනුෂ්‍යා මවිතයට පත්කරවන්නකි. කොතරම් විශාල තරු සංඛ්‍යාවක් තිබෙනවාද? ඒවා කොතරම් දුරක පිහිටා තිබෙනවාද? ඒවායි සමහරක් පෘථිවියට වඩා කොතරම් විශාලද? ඒවා සියල්ල විශ්වයේ අධික වේගයෙන් ගමන් කලත් එකින් එකට නොගැටී පවතිනවාද?. ... more

'සයන්රී' යන ලතින් වචනයෙන් සයන්ස් යන වචනය බිහිවේ. එහි අරුථ බුද්ධිය යන්නයි. සයන්ස් හෙවත් විද්‍යාව යන්නට දෙන සරලම විග්‍රහය මේ විශ්වය කෙසේ ක්‍රියා කරන්නේද? යන්න පැවසීමයි. එසේත් නැත්නම් විශ්වය පිලිබදව කරන ගවේශණයෙන් ලබාගන්නා දැනුමයි. ඒ අනුව විද්‍යාව ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදේ. එනම්,


> ඔප්පු කරන ලද විද්‍යාව,

> උපකල්පන විද්‍යාව,


... more

මෙම ලිපියේ පලමු කොටස - දේවවාදයට එරෙහි මතවාද


ඈත අතීතයේ පටන් පැවත එන බොහෝ අගම් තුල දකින්නට ඇත්තේ ඇදහිලි වත්පිලිවෙත් නමින් ජනතාව පීඩාවට පත්කිරීමය.  මෙලෙස ආගම් හා දර්ශනයන් නාමයෙන් පීඩාවට පත්කරන ලද මිනිසා, අවිද්‍යාවෙන් මිදෙන බවට වහසි බස් දොඩමින් විද්‍යාවේ සරණ පැතීය. ගින්දර යුගයේ සිට අගහරු යුගයටත් එතැනින් 21 වන සියවසයටත් පා තබන මිනිසා භෞතික වශයෙන් අනේක විධ යෝධ පියවරවල් තබමින් තාක්‍ෂණික ලොවට අවතීරණ විය. භෞතිකමය වශයෙන් දියුණුවේ ඉනිපෙත්තටම ගිය මිනිසා සිය සිත දියුණු කිරීමේලා එවැනි යෝධ පියවරවල් තබන්න අසමත් විය. මිනිස් දියුණුවේ සාර්ථකත්වය පවතින්නේ භෞතික මෙන්ම අධ්‍යාත්මිකව ලබාගන්නාවු දියුණුවේය. නමුත් මිනිසා තමා හා විශ්වය පිලිබදව ලබාගන්නා දැනුම අනුව සැලකීමේදී කිසියම් සීමාවක කොටුවී ඇති බවක් පෙනීයයි. එයට කදිම නිදසුනක් ලෙස 60 දශකයේ එනම්, 1961.04.12 දින ප්‍රථමයෙන් අභ්‍යාවකාෂය තරණයකල යුරි ගගාරින් (ජීවත්වු කාලය 1934-1968) නැවත පෘථිවියට පැමිණි අවස්ථාවේ පැවසු ප්‍රකාශය මෙහි මතක් කලහැක. 

... more

ඉස්ලාම් දහම පවසන දේව සංකල්පය හා ලොව අනිකුත් දහමන් දර්ශනයන් ඉදිරිපත් කරන දේව සංකල්පය  සංසන්දනාත්මකව බලන ලිපි මේ යටතේ පෙලගසන්න අදහස් කරමි. එසේම ඉස්ලාමීය දේව සංකල්පයට එරෙහිව ඉදිරිපත් වන වාදයන් හා එහි පදනම කොතරම් දුරකට සාධාර්ණ හා නිවැරදි ද යන්න පිලිබදව විමසා බලන ලිපි ද මේ යටතේ පෙලගසමි. එම පෙලගැස්මට යොමුවීමට ප්‍රථම ඔබේ බුද්ධිමත් අවදානයට ශුද්ධ වූ කුර්අාන් පාඨයක් ෙගන ඒමි.

  

ඔබගේ දෙවි සිතුවේ නම්, භූමියෙහි ඇති සියල්ලන්ම (දෙවියන්) විශ්වාස කර ඇත්තෙහුය. (නමුත් එසේ නොවියයුතු යන්න ඔහුගේ නියමයයි. එබැවින්) මිනිසුන් (සියල්ලන්ම) විශ්වාසවන්තයින් විය යුතුය යයි ඔවුන්ව ඔබට බල කළ හැකිද?

 

ශුද්ධ වූ කුර්ආනය 10-99

 

ඒ අනුව පහත මාතෘකාවන් වෙත අප යොමුවෙමු. 

 ... more

දේව විශ්වාසය ලොව සෑම දහමක ම හා සමහරක් දර්ශනයන් තුල ද දකින්නට තිබෙන පොදු කාරණයකි. එක් එක් ආගම්වල ඉගෙන්වීම අනුව දේව විශ්වාසය විවිධ ස්වරූප ගත්තද සෑම කාලයකම දේව විශ්වාසය නම් සංකල්පය ලොව පැවතුණි. නමුත් මෙම දේව සංකල්පය සෑම කලකම සෑම දහමක දර්ශනයක ම එක සමාන නොවුණි. සමහරක් ආගම් බහුදේව සංකල්පයක් පවසන විට තවත් සමහරක් ආගම් ඒක දේව සංකල්පයන් ඉගෙන්වීම ලොව දක්නට ලැබේ. මේ ආකාරයට එකින් එකට පරස්පර මතවාද ගණනාවක් සමාජය තුල පැවතීම හේතුවෙන් පොදු ජනතාව තුල මේ විෂය හා ආගම් පිලිබදව ඇත්තේ අවුල්සහගත තත්වයකි. මෙවැනි පසුබිමක ඉස්ලාම් දහම පවසන දේව සංකල්පය කුමක්ද?. යන්න සමාජයට පැහැදිලි කිරීමේ වගකීම යහමග අඩවිය ට ඇත. ඒ අනුව ලොව පවතින දේව සංකල්පයන් හා එයට එරෙහිව එල්ලවන වාදයන් මොනවාද? යන්නත්, ඉස්ලාම් පවසන දේව සංකල්පය මේ සියල්ලෙන්ම වෙනස් වන්නේ කෙසේද? යන්නත් විවිධ මාතෘකාවන් ඔස්සේ මෙතැන් සිට මෙම අඩවිය තුල පෙලගසන්න අදහස් කරමි.

... more

Pages: « 1 2 3 4 5 »
Share:

Archives

Help

සමාජ සත්කාර සේවා
ඔබේ සදකාවන් ලබාදෙන්න...
යහමග පැරණි අඩවියට
ශ්‍රී-කුර්ආන් ශුද්ධ වූ අඩවිය

Racism

ජාතිවාදී ප්‍රහාර