ibnusaheer's blog

පසුගිය මැයි 29 (2018) දින ඕස්ට්‍රේලියාවේ සිදුවූ සහෝදර අලිබෙනාට් ගේ මරණය මුස්ලීම් ලෝකය පමණක් නොව සමස්ථ ලෝකයම කම්පා කරවන්නක් විය. ධනකුවේරයෙකු වූ ඔහු ඔහුට වැලදුනු පිලිකාවක් හේතුවෙන් වයස අවුරුදු 36 ක්ව පැවතිය දී පසුගිය දින මිය යන ලදී. මීට වසර දෙකකට පමණ පෙර ඔහුගේ රෝගය හඳුනාගත් වෛද්‍යවරුන් ඔහු උපරිම මාස 07 ක් පමණ කාලයක් ජීවත්වනු ඇතැයි පැවසුවත් ඔහු වසර දෙකකටත් වැඩි කාලයක් ජීවත් වී පසුගිය දින මියයන්නේ සමස්ථ ලෝකයටම හිතන්න බොහෝ දෑ ඉතිරි කරමිනි.

දෙවියන් මනුෂ්‍ය හට ලබාදී ඇති භාග්‍යයන් අතුරින් උතුම් ම භාග්‍යය වන්නෙ ඔහු මරණය ට සම්මුඛ වන්නේ කොයි මොහොතේ කොයි ආකාරයට යන්න ඔහුගෙන් වසන්කර තැබීමයි. එය මනුෂ්‍ය දැන සිටියානම් ඔහු කිසිදු දිනෙක සිනා නොවනු ඇත. නමුත් සහෝදර අලිබෙනාට් සම්බන්ධයෙන් මෙය තරමක වෙනස් ආකාරයට දෙවියන් තීන්දු කොට තිබුණි. ඔහුගේ මරණ මොහොත ඔහුට වසන් කොට තිබුණත් ඔහුගේ මරණය පෙනි පෙනි ජීවත්වීමට දෙවියන් සැලසුම් කොට තිබුණි. 

... more

මුස්ලීම්වරයෙකු රකින උපවාසය නිෂ්පල නොඑසේනම් අවලංගු වී යන කරුණු ගණනාවක් ඉස්ලාම් පවසයි. ඒවා අතර මුසාබස් පැවසීම,පාපකාරී ක්‍රියාවල නියලීම,තවත් කෙනෙකුට හිංසාවන් කිරීම,ඉස්ලාම් අනුමත නොකරන පවුකාර දෑ නැරඹීම... යනාදී කරුණූ අන්තර්ගත වේ. මීට අමතරව උපවාසය නිෂ්පල වන තවත් ප්‍රධාන ආකාර 02ක් ඉස්ලාම් පවසයි. එනම්.

උපවාසය රකින මොහොතේ...

·        > ආහාර පාන අනුභව කිරීම

·        > සංසර්ගයේ යෙදීම

 නමුත් ඉහත කාරණා එකක් හෝ කිහිපයක් තමන් උපවාසයේ නිරත වන බව අමතක වී සිදුකලේ නම්. එයින් උපවාසය නිෂ්පල නොවේ. උදාහර්ණයකට උපවාසය රකිමින් අධීක පිපාසිතව සිටින මොහොතක තමන් උපවාසයේ නිරතව සිටින බව අමතක වී පුරුද්ධකට එකවර ජලය පානය කලේනම්,එයින් උපවාසය නිෂ්පල නොවේ. ඔහුට එතැන් සිට උපවාසයේ අඛණ්ඩව නිරතවිය හැක. නමුත් කිසිවකු සිතා මතා උපවාසයෙන් මිදුණේ නම් එය මහා පාපයක් වන අතර එම අත්හල උපවාසය වෙනත් දිනය රැකිය යුතු අතර පහත කරුණු තුනෙන් එකක් කිරීම ද අනිවාර්‍යයෙන් කලයුතු වේ.

... more

උපවාසය තුලින් අල්ලාහ් (දෙවි) අපේක්ෂා කරන්නේ මිනිස් සමාජය පාපකාරී ක්‍රියාවන්ගෙන් ඈත්ව යහපත් හැදියාවකින් යුතුව දෙවියන්ට අවනතව ජීවත්වීමයි. මෙය ශුද්ධ වූ කුර්ආනයේ 2-183 වාක්‍යයෙන් පැහැදිලිව අවදාරණය කරයි. මේ උපවාසය තුලින් එම යහපත් ගුණාංග මිනිසා තුල වර්ධනය නොවන්නේ නම් එය අවාසනාවන්ත තත්වයකි. උපවාස සමය සත්ක්‍රියාවන් අධිකව කලයුතු අසීමිත ලෙස කුසල් රැස්කරගත හැකි කාල වකවානුවකි. ඒ තුලින් නිසි ප්‍රයෝජනය අප ලඟාකර නොගන්නවා නම් අප තරම් අභාග්‍යවන්තයන් තවත් සිටිය නොහැක. මේ උපවාස සමයේ යහපත් හැදියාවන් අප තුල ප්‍රගුණ වියයුතුයි. අප තුල තැන්පත් බව ප්‍රගුණ කරගත යුතුයි. විශේෂයෙන් ඉවසිලීවන්ත ලෙස කටයුතු කිරීම උපවාස සමයේ ඉස්ලාම් දැඩිව අවදාරණය කරයි. මෙය මුහම්මද් (සල්)තුමාණන් වරක් මෙලෙස ප්‍රකාශ කලේ,

 

... more

ස්ලාම් දහම ‘උපවාසය‘ කුමන ඉලක්කය පෙරදැරිව අපට ලබාදී ඇත්තේද? යන්නත්, එම ඉලක්ක කරා අප පියමැන ඇත්තේද?, සැබැවින්ම ඒ උත්තරීතර ඉලක්කය අප නිසිලෙස පසක් කරගෙන ඇත්තේද?, යන්නත් ස්වයං විමසුමක් කිරීම කාලීන අවශ්‍යතාවයකි. මේ සම්බන්ධයෙන් බහුතරයක් මුස්ලීම් ප්‍රජාවගේ පිලිතුර ‘නැත‘ යන්න පමණි. ‘ලෝකවාසී මුස්ලීම් ප්‍රජාව රමලාන් මාසයේ උපවාසයේ නිරත වන නිසා අපද උපවාසයේ නිරත වන්නෙමු‘ යන්න බොහෝ මුස්ලීම් ප්‍රජාවගේ අදහසයි. මෙලෙස සිතා උපවාසය රකින බහුතර මුස්ලීම් ප්‍රජාව මාසයක් පුරාවට කුසගිනේ හා පිපාසයේ නිරත වුවාට වඩා කිසිවක් දිනාගෙන නැති බව ප්‍රථමයෙන් ඔවුන් වටහාගතයුතු වේ.

එසේනම් මෙවර උපවාසයත් එවැනි නිශ්පල උපවාසයක් බවට අප පත්කරගන්නවාද? නොඑසේ නම් දෙවියන් බලාපොරොත්තු වන ආකාරයේ නිවරැදි ඉලක්කය දිනාගත් අපගේ ජීවිතවලට යහපත් වූ යමක් එක්කරගත් උපවාසයක් බවට මේ උපවාසය පත්කරගන්නවාද? යන්න තීරණය කිරීමේ කාලය දැන් නැවත එළඹි ඇත. එක් මූමීන්වරයෙකු (එනම් දහම නිසිලෙස අනුගමනය කරන මුස්ලීම්වරයෙකු) තම ජීවිත කාලය පුරාවට ඔහු ගෙවා දමන සෑම විනාඩියක්ම අල්ලාහ් (දෙවියන්)ට බියබැතිව ජීවිත් වියයුතු යන්න ඉස්ලාමීය මඟපෙන්වීමයි. එහිදී (පාපකාරී) වැරදි ක්‍රියාවන්වලින් හා (කුසල් ගෙන නොදෙන) නිශ්පල ක්‍රියාවන්ගෙන් වැලකී සිටිය යුතු යන්න ඉස්ලාම් පෙන්වාදෙන ආදර්ශයයි. එය පහත නබිවදන (හදීස්) මඟින් ද ඔබට පැහැදිලි ලෙස අවබෝධ කරගත හැක වේ.

... more

ඉස්ලාමීය දින දර්ශනයට අනුව 09 වන මාසය ‘රමලාන්‘ නම් වේ. මෙම මාසය ලොවපුරා වෙසෙන මුස්ලීම් ජනයා උපවාසයේ නිරත වන මාසය ද වේ. ඉස්ලාමීය ඉගෙන්වීමට අනුව උත්තරීතර මාසයක් ලෙස සැලකෙන මෙම රමලාන් මාසය හේතු ගණනාවක් නිසා මුස්ලීම්වරුන්ට සුවිශේෂි වේ. ‘උපවාස මාසයේ උතුම් වූ වගකීම’ නම් මෙම ලිපිය තුලින් ඒ පිලිබදව කෙටියෙන් අවදානය යොමු කිරීමට අදහස් කරමි.  උපවාස මාසය ලොවපුරා මුස්ලීම්වරුන්ට අසීමිත භාග්‍යයන් පිරි  මාසයකි.‘රමලාන්’ නම් වූ මෙම මාසය හේතූ ගණනාවක් නිසා මුස්ලීම්වරුන්ට වැදගත් වේ. ඒ අතුරින් අල්ලාහ් (දෙවි) ශුද්ධ වූ කුර්ආනයේ 2-183 වාක්‍යයෙන් පවසන කාරණයක් වන්නේ, ‘නුඹලා බියබැතියන් වනු පිණිසය‘ යන්නයි. ශුද්ධ වූ කුර්ආනයේ පවසන උපවාසයේ උත්තරීතර අරමුණූ ‘මුස්ලීම් ලෝකයට දිනාගත හැකි වේද?’ යන අභියෝගය මුස්ලීම් ලෝකය හමුවේ  ඇත.


විශ්වාසවන්තයනි (මුස්ලිම්වරුනි ) !, නුඹලාට පෙර විසූ ජන (සමාජය)ට අනිවාර්ය කලාසේම, නුඹලාටත් උපවාසය රැකීම අනිවාර්ය කර ඇත. ඒ, නුඹලා (අල්ලාහ් (දෙවි)ට) බියබැතියන් වනු පිණිසය.”

... more

හිජාබය නොහොත් මුස්ලිම් කාන්තාවන් පලඳින හිස් ආවරනය පිලිබඳ බොහෝ පිරිස් කතා කරන්නෝය. විවිද වූ පැහඇදිලි කිරීම් කරන්නෝය. විද්‍යානුකූල තර්ක ඉදිරිපත් කරන්නෝය. මේ සියල්ල හිජාබය ජීවිතයේ වැඩිහරියක් භාවිතා කරන මුස්ලිම් කාන්තාවන් වන අපි කතාකරනවා අඩුය. ඉතින් පුන්චි සටහනක් ඒ ගැන තැබිය යුතුයි කියලා හිතුනා.

කාලෙන් කාලෙට එන නන් මාදිලියේ වයිවර්ණ විලාසිතාවන්ට අනුරූපව ඇදුම් පැලදුම් ඇදි මම කාන්තා විලාසිතා පිලිබන්ද හොදාකාරවම දනිමි. කුඩා දා පටන් කලිසම් කොට ඇදි මා පසුව කොට ගවොමටත්, සායටත් හුරුවිමි. වැඩිවියට පත් වූ පසු සාම්ප්‍රදායක ශී ලාන්කීය මුස්ලිම් ගැහැණු දරුවෙකු සේ ඇදුම් අදින්න පුරුදුවිමි. ඒ දෙපා වැහෙන ඕනෑම ඇදමක් හැද දුහුල් සලුවක් කර ඔතාගැනීමය. 90 දශකයේ අද වාගේ වයිවර්ණ විලාසිතාවන්වලට ඔබින ඇදුම් සුලබව කඩසාප්පුවල නොවූ බැවින් හින්දි චිත්‍රපට වල දිස්වෙන සිත්ගන්නා සුළු කාන්තා ඇදුම් අම්මා ලවා මසා ඇදගත් තාරුණ්‍යයක් මට හිමිය. ඉතින් හිජාබය පලදින්න කියා මට තාත්තාවත්, සහොදරයන්වත්, මාමාලාවත් බල කළේ නැත. විවාහයෙන් පසුවත් මගේ ජීවන රටාව වෙනස් වූයේද නැත. තාත්තා තරමටම මා කැමති දේ සිහිබුද්දියෙන් තෝරා ජීවත් වන්නට මගේ සැමියා අදටත් මට ඉඩදී ඇත.

... more

ඉස්ලාම් වතාවත්වලට පමණක් සීමා දහමක් නොවේ. එය දිව්‍යමය මඟපෙන්වීමක් සහිත වූ පරිපූර්ණ ජීවන රටාවකි. එහි මනුෂ්‍යාගේ මුලික අවශ්‍යතාවය වන වස්ත්‍ර පිලිබදව කථා නොකලේ නම්, එය දහමේ අඩුපාඩුවකි. නමුත් දිව්‍යමය මගපෙන්වීමක් පදනම් කරගත් ඉස්ලාම් එලෙස කිසිවක් අංශු මාත්‍රයකින්වත් අතපසු කොට නැති බව සනාථ කරමින් ඇදුම් විලාසය පිලිබදව ද ඉස්ලාම් කථා කරයි. වත්මන් සමාජය තුල කාන්තාවට මෙන්ම පිරිමීන් සදහා ද විවිධ වූ ඇදුම් විලාසිතාවන් දක්නට ඇත. මේවා අතුරින් ඉස්ලාම් පවසන “හිජාබ් හා අබායා” ක්‍රමය කුමක්ද? යන්න පිලිබදව නිසි අවබෝධය ශ්‍රී ලාංකීය මුස්ලීම් නොවන සමාජයට නොමැති නිසා මේ සම්බන්ධයෙන් විවිධ වූ විවේචන හා අපහස කිරීම් නිතර දක්නට ලැබේ. මුස්ලීම් නොවන සමාජයට පමණක් නොව බොහෝ මුස්ලීම්වරුන්ට ද මේ පිලිබදව ඇත්තේ අවම දැනුමකි. එපමණක් නොව මුස්ලීම් සමාජ භාවිතයේ (රූපයේ ඇති ආකාරයේ) විවිධ ආකාරයේ වූ ඇදුම් විලාසයන් විවිධ නම්වලින් ද මුස්ලීම් සමාජය තුල දක්නට ලැබේ. මෙයද මුස්ලීම් නොවන සමාජයට කුතුහලය ගෙනදෙන කාරණයකි. මෙවැනි හේතු කාරණා රාශියක් නිසා මේ කාරණය එනම් “ඇත්තෙන්ම මොකක්ද මේ හිජාබ් හා අබායා ක්‍රමය?” යන්න මෙහිදී පැහැදිලි කිරීමට අදහස් කරමි. 

... more

Pages: «« « ... 2 3 4 5 6 »