User blogs

Ibnu Saheer

ආදී මිනිසාගේ පටන් මිනිසා සෑම කලකම ප‍්‍රීය කලේ සාමුහිකව ජීවත් වීමටයි. මිනිසාට ජීවත්වීම සදහා අන් අයගේ සහයෝගය ද අවශ්‍ය විය. තනිව ජීවත්වීම ඔහුට දුෂ්කර කාර්‍යයක් විය. එමනිසයි ආදි මානවයාගේ ඉතිහාසය පුරාවට ගෝත්‍ර සංකල්පයන් ශිෂ්ඨාචාරයන් දක්නට ලැබෙන්නේ. මානවයාගේ එම දුර්වලතාවය අවබෝධ කොට සිටින අප  අපට සාපේක්‍ෂව දෙවියන් දෙස බැලීම හේතුවෙන් එකම දෙවියෙක් සියල්ල ඉටුකරන්නේ කෙසේද? යන සැකය අප තුල පැන නැඟේ. එහි ප‍්‍රතිඵලයක් ලෙසයි බහුදේව සංකල්පය මානව සමාජය තුල මෙතරම් ගැඹුරින් කිදාබැස ඇත්තේ. 

... more

Ibnu Saheer

මෙවැනි පැනයක් මතුවීමට ප‍්‍රධාන හේතුව දෙවියන් පිලිබදව මිනිසාට තිබෙන අනවබෝධයයි.  එසේම මිනිසාට සාපේක්ෂව දෙවියන් දෙස බැලීමත් මෙවැනි පැනයන් ඇතිවීමට තවත් හේතුවකි. එනම් ‘දෙවියන්ට ද ඇත්තේ මිනිසුන්ට සමාන ශක්තීන් හා හැකියාවන් පමණයි‘ යැයි සිතුවේ නම්, මිනිසාට කුමක් කලහැකිද, එයම පමණයි දෙවියන්ටත් කල හැකි වන්නේ යන තර්කය ගොඩනැඟේ. අප පිලින්නා දෙවි එවැනි දුර්වලයෙකු නම්, එවැනි දෙවියෙකුගේ අවශ්‍යතාවය මිනිසාට ඇති නොවේ. මිනිසා දෙවියන්ගෙන් බලාපොරොත්තු වන්නේ තම ශක්තියෙන් ඉටුකල නොහැකි, තම හැකියාවෙන් පමණක් ලබාගත නොහැකි යම් කාර්‍යයක්, ඉලක්කයක් දෙවි පිහිටෙන් ඉටුකර ගැනීමයි. එසේ එය ඉටුවීමට නම් දෙවියා යනු මිනිස් ශක්තීන්, හැකියාවන් හා බුද්ධීන් ඉක්ම ශක්තියක් වියයුතුය.

... more

Ibnu Saheer

මෙයත් අදේවවාදීන් මෙන්ම බහුදේවවාදය පිලිගන්නා බොහෝ පිරිස් ඉස්ලාම් දහම සම්බන්ධයෙන් මතු කරන ජනප්‍රිය පැනයකි. මෙම ප‍්‍රශ්නයට හේතුව ද මිනිසාට දෙවියන් පිලිබදව තිබෙන අනවබෝධය හා මිනිසා, මිනිසාට සාපේක්‍ෂව දෙවියන් දෙස බැලීමේ දුර්වලතාවයයි. මිනිසාට බිරිදක් පවුල් ජීවිතයක් තිබෙනවාසේ ඇයි දෙවියන්ට නැත්තේ?. යන්න මෙම ප‍්‍රශ්නයේ පසුබිමයි. මුලින්ම මිනිසාට පවුලක් එසේත් නැත්නම්, බිරිදකගේ හා දරුවකුගේ අවශ්‍යතාවය ඇතිවන්නේ ඇයිද?. මෙම පැනයට අවධානය යොමු කලේනම්, ප‍්‍රධාන වශයෙන් මිනිසාට රාගය නැමති දුර්වලතාවයක් ඇත. එවිට එය නැති කරගැනීම පිණිස කාමසේවනයේ යෙදීමට අවශ්‍ය වේ. ඒ සදහා බිරිදකගේ අවශ්‍යතාවය ඇති වේ. මිනිසා තමන් මහලූවියට පත්වන විට තමාව රුකබලා ගැනීම සදහා දරුවකුගේත් එම දරුවා බිහිකිරීම සදහා බිරිදකගේත් අවශ්‍යතාවය ඇති වේ… මේ ආකාරයට අනන්තවු දුර්වලතාවයන් හේතු කොටගෙන ඇතිවු අවශ්‍යතාවයන් සදහා මිනිසාට පවුලකගේ අවශ්‍යතාවය ඇතිවේ. නමුත් ඉස්ලාම් දහමේ විශ්වාසයට අනුව දෙවි යනු සියළු ආකාරයේ දුර්වලතාවයන්ගෙන් බැහැර වුවකි. එමනිසා පවුලකගේ අවශ්‍යතාවය ඉස්ලාම් පවසන දෙවියටන්ට අවශ්‍ය නොවේ.

... more

Ibnu Saheer

මෙය අදේවවාදීන් මතුකරන ජනප‍්‍රිය පැනයකි. ඉස්ලාම් දහමේ උගන්වීමට අනුව දෙවියන්හට ආරම්භයක් මෙන්ම අවසානයක්ද නැති බව මීට පෙර ලිපි මඟින් සාකච්චා කලෙමු. ඔහු සදාකාලිකය. මේ හේතුව නිසා ‘දෙවියන් බිහිවූයේ කෙසේද?‘ යන ප‍්‍රශ්නයටම ඉස්ලාම් දහම තුල ඉඩක් නැත. මෙවැනි ප‍්‍රශ්නයක් මිනිසුන්හට ඇති වීමට ප‍්‍රධාන හේතුවක් ඇත. එනම්, මිනිසා, මිනිසාට සාපේක්‍ෂව දෙවියන් දෙස බැලීම එයට හේතුවයි. නමුත් දෙවියන් යනු සියලූම ආකාරයේ දුර්වලතාවයන්ගෙන් බැහැර වු සුපිරි ශක්තියකි. අද මිනිසුන් බිහිවීමට හේතුවන දෙමව්පියන් සිටිනවාසේ ඇයි දෙවියන්හට දෙමව්පියන් නැත්තේ? යන්න මොවුන්ගේ ප‍්‍රශ්නවල පසුබිමයි. දෙවියන්හට දෙමවපියන්ගේ අවශ්‍යතාවය ඇත යන්න දුර්වලතාවයකි. මන්ද අවශ්‍යතාවයක් ඇත යන්න එහි දුර්වලතාවයක් තිබේ යන්නයි. දුර්වලතාවයක් ඇත්තෙකු දෙවියෙක් විය නොහැක. මේ අනුව දෙවියන් යනු දුර්වලතාවයන් හා අවශ්‍යතාවයන්ගෙන් බැහැර වුවකි. එම නිසයි ශුද්ධවු කුර්ආනයේ මෙලෙස ඔහු ඔහුව හදුන්වා දෙන්නේ,


... more

ibnujameel

සලාතය තක්බීර් තහ්රීමා

සලාත වෙනුවෙන් නීයත් තියා (සිතින් සිතා) ක:බාව දෙසට හැරී සිට, පළමුවෙන්ම අල්ලාහු අක්බර් කියා කිව යුතු වේ. මෙම පළමු තක්බීරයට (තක්බීර් යනු අල්ලාහු අක්බර් කියා ප‍්‍රකාශ කිරීමයි.) තක්බීර් තහ්රීමා යනුවෙන් කියනු ලැබේ. ඔබ සලාතය වෙනුවෙන් පරිපූර්ණව වුළු කොට, කිබ්ලා දෙසට හැරී අල්ලාහු අක්බර් කියා  කියන්නයැයි නබි (සල්) තුමාණෝ පැවසූහ.(බුහාරී : 6667, මුස්ලිම් : 663)

අල්ලාහු අක්බර් කියා තක්බීර් තහ්රීමා පවසා දෙඅත් උරහස දක්වා(සාක්‍ෂි : බුහාරී 735, මුස්ලිම් 638) හෝ කන්දෙකේ පහළ කොටස දක්වා(සාක්‍ෂි : මුස්ලිම් 642) ඉස්සිය යුතුවේ. මෙසේ උස්සන විට අත් දෙකේ ඇඟීලි හකුලා නො ගත යුතුයි. ඇඟීලි දික් කර තබාගත යුතු වේ.

සලාතයේ ආරම්භක දුආව (දුආවුල් ඉස්තිෆ්තාහ්)

අත් දෙක පපුව මත තබාගත් පසු පහත සඳහන දුආ වලින් එකක් පාරායනය කළ යුතුයි.

أَللَّهُمَّ بَاعِدْ بَيْنِي وَبَيْنَ خََََطََايَايَ كَمَا بَاعَدْتَ بَيْنَ الْمَشْرِقِ وَالْمَغْرِبِ اَللَّهُمَّ نَقَِّنِيْ مِنَ الْخَطَايَا كَمَا يُنَقَّّى الْثَّوْبُ الأَْبْيَض مِنَ الدَّنَسِ اَللَّهُمَّ اغْسِلْ خَطَايَايَ بِالْمَاءِ وَالثَّّلْجِ وَالْبَرَدِ

අල්ලාහුම්ම බාඉද් බයිනී වබයින හතායාය කමා බාඅද්ත බයිනල් මෂ්රිකි වල් මග්රිබ්. අල්ලාහුම්ම නක්කිනී මිනල් හතායා කමා යුනක්කස් සව්බුල් අබ්යලූ මිනද් දනස්. අල්ලාහුම් මග්සිල් හතායාය බිල් මාඉ වස්සල්ජි වල් බරද්.

අර්ථව : දෙවියනී! නැගෙනහිර හා බස්නාහිර අතර ඔබ විශාල දුරක් ඇති කර ඇති ආකාරයට මා හා මාගේ පාපයන් අතර දුරක් ඇති කරනු මැනව! සුදු වස්ත‍්‍රය කිලිටුවලින් පවිත‍්‍ර කරනු ලබන්නාක් මෙන් මාගේ පාපවලින් මාවත් පවිත‍්‍ර කරනු මැනව! දෙවියනී! ජලයෙන් ද පිණි කැට වලින් ද හිම කැට වලින් ද මාගේ පවි සෝදා හරිනු මැනව!(සාක්‍ෂි : බුහාරී 744)... more

Ibnu Saheer

මිනිසාගේ බුද්ධීය දිනෙන් දින දියුණු වෙත්ම වඩ වඩාත් මත බේදයන්ට හා අභියෝගයන්ට තුඩුදෙන කාරණ බවට ‘දේවවාදය‘ පත්වෙමින් ඇත. එක් පසකින් දේව වාදයට පාක්‍ෂිකව පිරිසක් කරුණු ඉදිරිපත් කරද්දී තවත් පසෙකින් එයට විවේචනයන් හා අභියෝගයන් ද ඉදිරිපත් වෙමින් ඇත. මිනිස් බුද්ධියේ වර්ධනයත් සමග දේව විශ්වාසය හා බැදුනු මන:කල්පිතයන් හා පුරාවෘත්තයන් පිලිබදව මිනිසා වඩ වඩාත් බුද්ධිමත්ව සිතන්නට පටන්ගෙන ඇත. එසේ සිතීමේ ප‍්‍රථිපලයක් ලෙස එක් පසකින් එම විශ්වාසයන් ප‍්‍රශ්නාර්ථයක් වන ගමන් එම ආගම් ද ප‍්‍රශ්නාර්ථයක් බවට පත්වෙමින් ඇත. මෙහි අනිසි ප‍්‍රථිපලයක් ලෙස මිනිසා අදේව වාදයට තල්ලූවෙමින් ඇත.  මෙවැනි තත්වයකට මිනිසා තල්ලුවීමට අතීතයේ පැවතී මිත්‍යා විශ්වාසයන් වන හිරු, සඳු, ගස්, ගල්, ගින්දර… ආදී දෑ දේවත්වයෙන් සලකා වන්දනාමාන කිරීමත්, අද පවතින සමහරක් දේව වාදයන් ද බොහෝසේ පිටිවහලක් වී ඇත. උදාහර්ණයක් ලෙස එදා බ‍්‍රාහ්මණ සමාජයේ පැවතී විශ්වාසය වන බ‍්‍රාහ්මයාගේ කටින් මැවු පිරිස බ‍්‍රාහ්මණයෝ, අත්දෙකෙන් මැවු පිරිස ක්ෂත‍්‍රීයෝ, කලවාවලින් මැවු පිරිස වෛශ්‍යයෝ, හා යටිපතුලින් මැවු පිරිස ක්ෂුද්‍රයෝ යන විශ්වාසය ගෙනහැර දැක්විය හැක. මෙවැනි විවිධ ආකාරයේ දේව සංකල්පයන් හමුවේ වල්මත් වී ගිය සමාජය ඉස්ලාම් දහම පවසන දේව විශ්වාසයත් එවැනිම දේව සංකල්පයක් යයි උපකල්පනයේ හිද ඉස්ලාම් හි දේව විශ්වාසය ද විවේචනය කිරීම අවාසනාවන්ත තත්වයකි. මේ හේතුව නිසාම ‘ඉස්ලාම් පවසන දේව විශ්වාසය කුමක්ද? එය අවබෝධ කරගත යුත්තේ කෙසේද?‘ වැනි කරුණු පිලිබදව පුර්ණ අවබෝධයක් ලබාදීමේ අරමුණින් මෙම සාකච්චාව නොඑසේනම්, කරුණු දැක්වීම ආරම්භ කරමි. 

... more

ibnujameel

නීයත් නැමැති චේතනාව

මුස්ලිම්වරු කුමන නැමැදුම ඉටුකළත් අදාල නැමදුම ඉටුකරන බවට චේතනාව තිබිය යුතුයි. අදාල නැමැදුම ඉටුකරමි යන චේතනාව නොමැතිව නැමදුමේ සියළු අංගයන් ඉටුකළ ද එය නැමදුම ලෙස අල්ලාහ් විසින් පිළිගනු නොලැබේ. සියළු අමල්(නැමදුම්)චේතනාව අනුවයියනුවෙන් නබි මුහම්මද් (සල්) තුමාණෝ ප‍්‍රකාශ කළහ.(සාක්‍ෂි : බුහාරී 1, මුස්ලිම් 3530)

ඇතැමුන් නීයත් යන්න වැරදියට අවබෝධ කරගෙන එක එක් නැමදුම්වලට වෙන වෙනම අරාබි වදන් පෙළක් (උසල්ලී පර්ලල් මග්රිබ්ලෙස)  සකසා ගෙන නැමදුම ඉටුකිරීමට පෙර නීයත් කියා එය කටින් උච්චාරණය කළ යුතු යැයි පවසති. මෙයට අල්කුර්ආනයේ හා නබිතුමානන්ගේ හදීස් වල කිසිඳු සාක්‍ෂියක් නොමැත. නීයත් නැමැති පදයේ තේරුම සිතින් සිතීම යන්නයි.

කටින් උචිචාරණය කිරීම යන තේරුම නැත. වුළු කරන විට හෝ සලාතය ඉටුකරන විට හෝ උපවාසය රකින විට නබි (සල්)තුමාණෝ නීයත් කියා වදනක් කටින් උච්චාරණය කළ බවට කිසිඳු සාක්‍ෂියක් නොමැත. හජ් ඉටුකරන විට පමණක් කටින් ප‍්‍රකාශ කර ඇත.... more

Pages: 1 2 3 4 5 ... » »»

Help

සමාජ සත්කාර සේවා
ඔබේ සදකාවන් ලබාදෙන්න...
යහමග පැරණි අඩවියට
ශ්‍රී-කුර්ආන් ශුද්ධ වූ අඩවිය

Racism

ජාතිවාදී ප්‍රහාර