User blogs

Ibnu Saheer

මුස්ලීම් සමාජයට සුවිශේෂි වූ මාසයක් ඉදිරි දින කිහිපය තුල උදාවීමට නියමිතය. ඉස්ලාමීය දින දර්ශනයට අනුව ‘දුල්හජ්‘ (හජ්) නම්  වූ එම මාසය ආරම්භ වීමට නියමිත අතර එය ඉස්ලාමීය දින දර්ශනයට අනුව වර්ෂයේ අවසාන මාසය ද වේ. වර්ෂයක් පාසා මෙම මාසයේ උදාවත් සමඟ එම මාසයේ මහිමය හා එම මාසයේ මුස්ලීම්වරුන් කෙරෙහි අනිවාර්‍ය වගකීමක් වූ හජ් වන්දනය පිළිබඳව විවිධ පැති ඔස්සේ සමාජය තුල පුළුල් සංවාදයන් සිදු වේ. නමුත් සාම්ප්‍රදායක එම සංවාදයන්ගෙන් තරමක් බැහැරව යමක් ඔබට ලබා දීමට උත්සාහ කරන අඩවියක් ලෙස මීට පෙර ලිපියෙන් මෙම විෂයට අදාලව  ‘බක්කාව නොහොත් ලොව ප්‍රථම දෙව් මැදුර‘ යන ලිපිය ඉදිරිපත් කරන ලදී. එහි තවත් අදියරක් ලෙස ‘හජ් නැමදුම හා නබි ඉබ්බ්‍රාහීම් තුමා‘ යන මාතෘකාව ඔස්සේ මෙම විෂය පිලිබදව තවත් කරුණු මෙම ලිපිය තුලින් ගෙන එන්න අදහස් කරමි.

... more

Ibnu Saheer
 ඉස්ලාම් දහම මුස්ලිම්වරයෙකු කෙරෙහි අනිවාර්‍ය වගකීම් 05 ක් අවධාරනය කරයි. ඒ අතුරින් එකක් ‘හජ් නැමදුමයි‘. ඉස්ලාමීය දින දර්ශනයට අනුව දුල්හජ් නම් මාසයේ  මෙම හජ් වන්දනය ඇරඹේ. එහි දී සිදු කෙරෙන්නේ ලොව පුරා වෙසෙන මුස්ලිම්වරුන් (ඉස්ලාම් නියම කර ඇති) නියමිත දින කිහිපයේ මක්කා නම් නගරයේ පිහිටි ‘මස්ජිදුල් හරම්‘ (‘හරම්’ නම් දේවස්ථානය) වෙත ගොස් (ඉස්ලාම් පෙන්වාදෙන ආකාරයට) ආගමික කටයුතුවල නිරත වීමයි. මෙය සෑම මුස්ලීම්වරයෙකු කෙරෙහිම අනිවාර්ය වන නමුත් එලෙස අනිවාර්ය වීම සදහා විවිධ කොන්දේසි ද සපුරා තිබිය යුතු බව ඉස්ලාම් පවසයි. (මේ පිළිබඳව ලිපියක් ඉදිරියේ දී ඉදිරිපත් කිරීමට බලාපොරතේතු වෙමි) මෙලෙස හජ් වන්දනයේ නිරතවන හා නිරත වූ එසේම මෙතෙක් එම ස්ථානයට නොගිය සෑම මුස්ලිම්වරයෙකු තුලම මෙන්ම ලොව පුරා සිටින මුස්ලීම් නොවන ප්‍රජාවගේ දැඩි අවධානයට ලක් වන විටෙක කුතුහලයක් පවා උපදවන සුවිශේෂි ස්ථාන කිහිපයක් ඇත. එයින් ද කළු හතරුස් ගොඩනැඟිල්ලක් ප්‍රධාන තැනක් ගනී. ඒ නමින්  ‘ක:බාව‘ (kabah) නම් වූ කළු හතරැස් ගොඩනැඟිල්ලයි. අවාසනාවකට මේ ගොඩනැඟිල්ල පිළිබඳව මුස්ලිම් නොවන සමාජයට පමණක් නොව මුස්ලිම් සමාජයේ බහුතරයකට පවා ඇත්තේ අවම වූ දැනුමකි. මේ හේතුව නිසා එම ගොඩනැඟිල්ල පිළිබඳව යහමග තුලින් පාඨක ඔබට කිසියම් අවබෝධයක් ලබා දීමට අදහස් කරමි. 

 ... more

ibnujameel

සලාතයෙන් පසු පාරායනය කළ යුතු දුආ

 

اللَّهُ أَكْبَرُ

“අල්ලාහු අක්බර්”

842 – حَدَّثَنَا عَلِيُّ بْنُ عَبْدِ اللَّهِ، قَالَ: حَدَّثَنَا سُفْيَانُ، حَدَّثَنَا عَمْرٌو، قَالَ: أَخْبَرَنِي أَبُو مَعْبَدٍ، عَنِ ابْنِ عَبَّاسٍ رَضِيَ اللَّهُ عَنْهُمَا، قَالَ: «كُنْتُ أَعْرِفُ انْقِضَاءَ صَلاَةِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِالتَّكْبِيرِ» قَالَ عَلِيٌّ: حَدَّثَنَا سُفْيَانُ، عَنْ عَمْرٍو، قَالَ: كَانَ أَبُو مَعْبَدٍ أَصْدَقَ مَوَالِي ابْنِ عَبَّاسٍ، قَالَ عَلِيٌّ: وَاسْمُهُ نَافِذٌ

“නබි (සල්) තුමාණන්ගේ සලාතය අවසන් වූ බව මම දැනගන්නේ තක්බීරය (අල්ලාහු අක්බර් යැයි පැවසීම)  මගිනි යැයි ඉබ්නු අබ්බාස් (රළි) තුමා ප්‍රකාශ කළේය.”

 ග්‍රන්ථය – බුහාරී (842) මුස්ලිම් – (1022)

 

أَسْتَغْفِرُ اللهَ

“අස්තග්ෆිරුල්ලාහ්”... more

ibnujameel

අවසාන ඉඳුමෙහි පාරායනය කළ යුතු දුආ

ඉහත පළමු ඉඳුමෙහි සඳහන් කළ අත්තහියාත්  දෙකෙන් එකක් හා සලවාත් හතරෙන් එකක් පාරායනය කිරීමෙන් පසු පහත සඳහන් දුආ පාරායනය කළ යුතු වේ.

-1اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنْ عَذَابِ القَبْرِ، وَأَعُوذُ بِكَ مِنْ فِتْنَةِ المَسِيحِ الدَّجَّالِ، وَأَعُوذُ بِكَ مِنْ فِتْنَةِ المَحْيَا، وَفِتْنَةِ المَمَاتِ، اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنَ المَأْثَمِ وَالمَغْرَمِ

“අල්ලාහුම්ම ඉන්නී අඌදු(z) බික මින් අසා()බිල් කබ්රි ව අඌදු(z) බික මින් ෆිත්නතිල් මසීහිද් දජ්ජාල්, ව අඌදු(z) බික මින් ෆිත්නතිල් මමාත්, අල්ලාහුම්ම ඉන්නී අඌදු(z) බික මිනල් ම:සමි වල් මග්රම්.”

ඉහත සඳහන් දුආව හෝ පහත සඳහන් දුආව පාරායනය කළ යුතු ය.

-اللهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنْ عَذَابِ جَهَنَّمَ، وَمِنْ عَذَابِ الْقَبْرِ، وَمِنْ فِتْنَةِ الْمَحْيَا وَالْمَمَاتِ، وَمِنْ شَرِّ فِتْنَةِ الْمَسِيحِ الدَّجَّالِ

“අල්ලාහුම්ම ඉන්නී අඌදු(z) බික මින් අසා(z)බි ජහන්නම්, වමින් අසා(z)බිල් කබ්රි, වමින් ෆිත්නතිල් මහ්යා වල් මමාති වමින් ෂර්රි ෆිත්නතිල් මසීහිද් දජ්ජාල්.”... more

ibnujameel

තෙවන හා සතර වන රකඅත්

මැද ඉඳුමෙන් පසු දෙවන රකඅතයෙන් තුන්වන රකඅතය සඳහා නැගිටින විට අල්ලාහු අක්බර් යැයි පවසා අත් දෙක උරහිස දක්වා හෝ කන් දෙක දක්වා ඔසවා පසුව පපුව මත තබාගත යුතුය.

739- حَدَّثَنَا عَيَّاشٌ، قَالَ: حَدَّثَنَا عَبْدُ الأَعْلَى، قَالَ: حَدَّثَنَا عُبَيْدُ اللَّهِ، عَنْ نَافِعٍ، أَنَّ ابْنَ عُمَرَ، كَانَ ” إِذَا دَخَلَ فِي الصَّلاَةِ كَبَّرَ وَرَفَعَ يَدَيْهِ، وَإِذَا رَكَعَ رَفَعَ يَدَيْهِ، وَإِذَا قَالَ: سَمِعَ اللَّهُ لِمَنْ حَمِدَهُ، رَفَعَ يَدَيْهِ، وَإِذَا قَامَ مِنَ الرَّكْعَتَيْنِ رَفَعَ يَدَيْهِ “، وَرَفَعَ ذَلِكَ ابْنُ عُمَرَ إِلَى نَبِيِّ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ رَوَاهُ حَمَّادُ بْنُ سَلَمَةَ، عَنْ أَيُّوبَ، عَنْ نَافِعٍ، عَنْ ابْنِ عُمَرَ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ، وَرَوَاهُ ابْنُ طَهْمَانَ، عَنْ أَيُّوبَ، وَمُوسَى بْنِ عُقْبَةَ مُخْتَصَرًا

“ඉබ්නු උමර් (රළි) තුමා සලාතය පටන්ගන්නා විට අල්ලාහු අක්බර් යැයි පවසා තම අත් දෙක (උරහිස දක්වා) ඔසවන්නේ ය. රුකූඋ වලට යට විට ද අත් දෙක ඔසවන්නේ ය.  සමිඅල්ලාහු ලිමන් හමිදා යැයි පවසන විටත් තම අත් දෙක ඔසවන්නේ ය. දෙවන රකඅතයෙන් නැගිටින විටත් තම අත් දෙක ඔසවන්නේ ය.... more

ibnujameel

ඉඳුම හා ප්‍රාර්ථනය

ඉඳුමහි අසුන් ගන්නා ආකාරය

සලාතය අවසන් වන ඉඳුම නම් එම ඉඳුම එක් ක්‍රමයකටත් එම ඉඳුමෙන් පසු සලාතය අවසන් නොවී තවත් රකඅත් ඉටුකළ යුතු නම් තවත් ක්‍රමයකටත් ඉඳුමෙහි අසුන් ගත යුතු වේ.

රකඅත් තුනක් හෝ හතරක් ඉටුකළ යුතු සලාතයකදී දෙවන රකඅතයේ ඉටුකරන පළමු ඉඳුමෙහි වම් පාදය මත වාඩි වී, දකුණු පාදයේ ඇඟිගි ක:බා දිශාවට හරවා නමා පාදය සිටවා තබාගත යුතුය.

සලාතයේ අවසාන ඉඳුමේ දී දකුණු පාදයේ ඇඟිලි ක:බා දිශාවට හරවා ඇඟිලි නමා වම් පාදය දකුණු පාදයට යටින් සිටින සේ තබා දකුණු පාදය සිටවා තබා ගත යුතු වේ.

 

فَإِذَا جَلَسَ فِي الرَّكْعَتَيْنِ جَلَسَ عَلَى رِجْلِهِ اليُسْرَى، وَنَصَبَ اليُمْنَى، وَإِذَا جَلَسَ فِي الرَّكْعَةِ الآخِرَةِ قَدَّمَ رِجْلَهُ اليُسْرَى، وَنَصَبَ الأُخْرَى وَقَعَدَ عَلَى مَقْعَدَتِهِ»

“නබි (සල්) තුමාණෝ දෙවන රකඅතයේ වාඩි වන විට වම් පාදය මත වාඩි වී දකුණු පාදය සිටවා තබා ගත්තොය. අවසාන රකඅතයේ වාඩි වන විට වම් පාදය පිටට ගෙන අනික් පාදය(එනම් දකුණු පාදය) සිටවා තබා ඉඳගන්නා තැන බිමට වඳින ආකාරයට වාඩි වූහ.”

(සහීහුල් බුහාරී – 828)

ඉඳුමෙහි සිටින විට වමත වම් කලව මත හා වම් දණහිස මතත් දකුණත දකුණු කලව මත හා දකුණු දනහිස මත තබා ගත යුතුය. දකුණතේ දඹර ඇඟිල්ල හැර අනික් සියළු ඇඟිලි හකුලා ගත යුතුවේ. දකුණතේ දඹර ඇඟිල්ල දික් කර එමගින් යමෙකුව කැඳවන්නාක් මෙන් තබාගත යුතු ය.... more

ibnujameel

දෙවන රකඅතය

දෙවන රකඅතය ද පළමු රකඅතය ඉටුකළ ආකාරයටම ඉටුකළ යුතු නමුත් පළමු රකඅතයේදී සලාතය ආරම්භ කිරීමත් සමග පාරායනය කළ දුආඋල් ඉස්තිෆ්තාහ් නම් දුආව පාරායනය ‍කරන්නේ නැත.

– (599) قَالَ مُسْلِمٌ: وَحُدِّثْتُ عَنْ يَحْيَى بْنِ حَسَّانَ، وَيُونُسَ الْمُؤَدِّبِ، وَغَيْرِهِمَا، قَالُوا: حَدَّثَنَا عَبْدُ الْوَاحِدِ بْنُ زِيَادٍ، قَالَ: حَدَّثَنِي عُمَارَةُ بْنُ الْقَعْقَاعِ، حَدَّثَنَا أَبُو زُرْعَةَ، قَالَ: سَمِعْتُ أَبَا هُرَيْرَةَ، يَقُولُ: «كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا نَهَضَ مِنَ الرَّكْعَةِ الثَّانِيَةِ اسْتَفْتَحَ الْقِرَاءَةَ بِـ الْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ وَلَمْ يَسْكُتْ»

“නබි (සල්) තුමාණෝ දෙවන රකඅතයට නැගිට්ට විට අල්හම්දු ලිල්ලාහි රබ්බිල් ආලමීන් යැයි පාරායනය කිරීම ආර්ම්භ කරන්නොය. නිශ්ශබ්දව සිටින්නේ නැත.”

(සහීහ් මුස්ලිම් 1050)

දෙවන රකඅතයේ ද පළමු රකඅතය මෙන් ෆාතිහා සූරාව පාරායනය කර පසුව තවත් සූරාවක් හෝ සූරාවෙන් කොටසක් පාරායනය කළ යුතුය.

حَدَّثَنَا مُوسَى بْنُ إِسْمَاعِيلَ، قَالَ: حَدَّثَنَا هَمَّامٌ، عَنْ يَحْيَى، عَنْ عَبْدِ اللَّهِ بْنِ أَبِي قَتَادَةَ، عَنْ أَبِيهِ: «أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يَقْرَأُ فِي الظُّهْرِ فِي الأُولَيَيْنِ بِأُمِّ الكِتَابِ، وَسُورَتَيْنِ، وَفِي الرَّكْعَتَيْنِ الأُخْرَيَيْنِ بِأُمِّ الكِتَابِ وَيُسْمِعُنَا الآيَةَ، وَيُطَوِّلُ فِي الرَّكْعَةِ الأُولَى مَا لاَ يُطَوِّلُ فِي الرَّكْعَةِ الثَّانِيَةِ، وَهَكَذَا فِي العَصْرِ وَهَكَذَا فِي الصُّبْحِ»

“නබි (සල්) තුමාණෝ ලුහර් සලාතයේ පළමු රකඅත් දෙකෙහි... more

Pages: « 1 2 3 4 5 ... » »»