User blogs

ibnujameel

සුජූද් කිරීම

රුකූඋ වල සිට නගිට රබ්බනා ලකල් හම්ද් කීමෙන් පසු අල්ලාහු අක්බර් කියා සජදා කළ යුතුවේ. සජදාවට යන විට දනහිස් දෙක පොළොවේ තැබීමට පෙර පළමුවෙන් අත් දෙක බිම තැබිය යුතුයි. “ඔබලා අතුරින් කෙනෙකු සජදා කරන විට තම අත් දෙක තැබීමට පෙර දනහිස් දෙක(බිම) නො තබන්නැ”යි නබි (සල්) තුමාණෝ ප‍්‍රකාශ කර ඇත.(සාක්‍ෂි : නාසඊ 1076). අත් දෙක බිම තැබීමෙන් පසු දනහිස් දෙක ද පොළොවේ තැබිය යුතුයි.

 

සජදා කරන විට පොළොවේ ගෑවිය යුතු අවයවයන් :-

  • සජදා කරන විට නළල නාසය හා අල්ල දෙක, දනහිස් දෙක, පාද දෙකේ ඇඟිලි තුඩු යන අවයවයන් බිම ගෑවෙන ආකාරයට තැබිය යුතුය.
  • පාදවල ඇඟිලි නමා කිබ්ලාව දෙසට හරවා තබාගත යුතුයි.
  • කකුල් දෙක එක්කොට තබාගත යුතුයි.
  • ඇඳුම හෝ කොන්ඩය බිම ගෑවිම නොවැළෙක් විය යුතුයි.
  • අත් දෙක කනට කෙළින් හෝ උරහිසට කෙළින් හෝ තබාගත යුතුයි.
  • අත් දෙක කලවා ප‍්‍රදේශයේ නොගෑවෙන පරිද්දෙන් ද වැළමිට බිම නොගෑවෙන පරිදි උස්කර ද තබාගත යුතුයි.
  • කලවා ප‍්‍රදේශය හා උදරය එක්නොවෙන ආකාරයට තබාගත යුතුයි.

සජදාවෙහි පාරායණය කළ යුතු දුආ…... more

ibnujameel

රුකූවලින් නැගිටින විට

රුකූවලින් නැගිටින විට “සමිඅල්ලාහු ලිමන් හමිදා – سمع الله لمن حمده ” (අර්ථය : ප‍්‍රසංශා කරන්නාගේ ප‍්‍රසංශාවට අල්ලාහ් සවන් දෙන්නේ ය.) යනුවෙන් පවසා අත් දෙක උරහිස දක්වා හෝ කන් දෙක දක්වා උස්සා පහත දැමිය යුතුවේ.(සාක්‍ෂි : බුහාරී 789, 735, මුස්ලිම් 642).

සමිඅල්ලාහු ලිමන් හමිදා කියා ප‍්‍රකාශ කිරීමෙන් පසු පහත සඳහන් දුආවලින් එකක් උසුරිය හැකිය.... more

ibnujameel

සලාතය – රුකුඋ කිරීම

සූරතුල් ෆාතිහාව සහ තවත් සූරාවක් පාරායනය කළ පසු අල්ලාහු අක්බර් කියා පවසමින් අත් දෙකම කන් දෙකහි පහළ කොටස දක්වා හෝ උරහිස දක්වා උස්සා රුකූඋ කළ යුතු වේ. නැමී අත් දෙකෙන් දනහිසහ අල්ලා ගැනීම රුකූඋ කිරීම වේ. රුකූඋ කරන විට අත් දෙක ඉන ප‍්‍රදේශයේ නොගෑවෙන ආකාරයට කෙළින් තබා ගත යුතුයි. කොන්ද හා හිස සමානව තබාගත යුතුයි. හිස උස් කර තබාගැනීම හෝ පහත් කර තැබීම නොකළ යුතුයි.(රුකූ කරන ආකාරය විග‍්‍රහ කරන හදීස් වල අංක : බුහාරී 735, මුසලිම් 642,857, තිර්මිදී 241,245 අබූදාවූද් 628,729 නාසඊ 1017, ඉබ්නු මාජා 860, දාරමී 1293, අහ්මද් 11106)... more

Ibnu Saheer

මුස්ලීම් දේවස්ථානයකට ගියත්, ඉස්ලාම් භක්තිකයෙකුගේ නිවසකට ගියත් එහි කිසිදු තැනක අල්ලාහ් (දෙවි)ගේ පිලිමයක් හෝ වෙනයම් පිංතූරයක් දක්නට නොලැබේ. එසේනම්, මේ මුස්ලීම්වරුන් වැඳුම් පිදුම් කරන දෙවියන් මොනවගේද?. මේ මුස්ලීම් නොවන බොහෝ පිරිස් මතු කරන පැනයකි. මෙම ප‍්‍රශ්නයට ඉස්ලාම් දහම අනුව දිය හැකි කෙටිම හා නිවරුදි ම පිලිතුර වන්නේ ද ‘නොදනිමි‘ යන්නයි. මෙසේ මා පැවසීමේදී මෙම ලිපිය කියවන මුස්ලීම් නොවන පිරිසට ගැටළුවක් මතුවිය හැක. එනම්,‘ඉස්ලාම් පරිපුර්ණ වු දහමක් බව පවසාගන්නා මුස්ලීම්වරුන්ට ඇයි මෙම ප‍්‍රශ්නයට පිලිතුරු නැත්තේ?‘ යන්නයි. මෙවැනි පැනයක් ඔවුන් මතුකිරීම සාධාරණය. නමුත් ඉස්ලාම් මෙම කාරණය මිනිස් සමාජයට වසන් කලේ ඇයිද? යන්න වටහා ගතයුත්තේ  ඉස්ලාමීය ඉගෙන්වීමන් තුලින්ම මිස අපගේ ස්වයං උපකල්පනයන් හා අනුමානයන් මතහිඳ නොවේ. ඒ අනුව මේ පිලිබදව ඉස්ලාමීය ඉගෙන්වීම කුමක්ද? යන්න මෙතැන් සිට විමසා බලමු.

  ... more

Ibnu Saheer

වත්මන් ශ්‍රී ලංකාවේ මැලේවරුන්ගේ ආදිතම මුතුන්මිත්තන්ගේ මුල් ආගමනය සිදු වූයේ දහහත්වැනි සියවසේ අගභාගයේදීය. ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල ලන්දේසි පාලන බලය පිහිටුවා ගැනීමෙන් පසු එම පාලන කාලය තුළ ඉන්දුනීසියානු දූපත්වලට අයත් රටවල වැසියන් ශ්‍රී ලංකාවට ගෙන එනු ලැබූ බව පුරාණ ලන්දේසි ලේඛනවල සඳහන්ව තිබේ.
... more

Ibnu Saheer

දේවවාදයට එරෙහිව මත ගෙන එන පිරිසත්, දේවවාදය පිලිගන්නා සමහරක් පිරිසත් මතු කරන ජනප‍්‍රිය පැනයක් වන්නේ ‘මිනිසුන් අතරින් දෙවියන් නොආවේ ඇයි?‘ යන්නයි. මිනිසුන් පාලනය කිරීම සදහා මිනිසෙක්ම අවශ්‍ය යන්න ප‍්‍රායෝගික හෝ බුද්ධිමත් තර්කයක් නොවේ. වාදයකට එය නිවැරදි යයි උපකල්පනය කලේනම්, එය සියල්ල සදහාම සත්‍ය විය යුතුයි. එසේනම් ගොවිපලක සිටින ගවයින්, කුකුලන් වැනි සතුන් පාලනය කිරීම සදහා එම සතුන්ගෙන්ම සතෙක් ඉදිරිපත් කල යුතුවේ. නමුත් එය ප‍්‍රායෝගික නොවන බව මා මෙහි පැහැදිලි කලයුතු නොවේ යයි සිතමි. එපමණක් නොව එම සතුන් පාලනය කිරීම සදහා මිනිසුන් එම සත්ව ස්වරූපය ගැනීමටද අවශ්‍ය නොවේ. වාදයට එසේ කිසියම් ආකාරයකට එම ස්වරූපය ගත්තා යයි උපකල්පනය කලත්, එවිට එම සතුන් පාලනය කිරීම කලනොහැකි වනු ඇත. තවදුරටත් පැහැදිලි කරන්නේනම් අපට එම ස්වරූපය ගතහැකි වුවත් අප එසේ නොකරමු. මන්ද එසේ කලේ නම් මිනිසාට ආවේනික සුවිශේෂි හැකියාවන් ඔහුට අහිමි කරගන්නට සිදුවෙනු ඇත. එපමණක් නොවේ අප ලබාගන්නා සත්වයාට අදාල දුර්වලතාවයන් අප තුල ද ඇතිවීම සිදුවෙනු ඇත. 

... more

Ibnu Saheer

ආදී මිනිසාගේ පටන් මිනිසා සෑම කලකම ප‍්‍රීය කලේ සාමුහිකව ජීවත් වීමටයි. මිනිසාට ජීවත්වීම සදහා අන් අයගේ සහයෝගය ද අවශ්‍ය විය. තනිව ජීවත්වීම ඔහුට දුෂ්කර කාර්‍යයක් විය. එමනිසයි ආදි මානවයාගේ ඉතිහාසය පුරාවට ගෝත්‍ර සංකල්පයන් ශිෂ්ඨාචාරයන් දක්නට ලැබෙන්නේ. මානවයාගේ එම දුර්වලතාවය අවබෝධ කොට සිටින අප  අපට සාපේක්‍ෂව දෙවියන් දෙස බැලීම හේතුවෙන් එකම දෙවියෙක් සියල්ල ඉටුකරන්නේ කෙසේද? යන සැකය අප තුල පැන නැඟේ. එහි ප‍්‍රතිඵලයක් ලෙසයි බහුදේව සංකල්පය මානව සමාජය තුල මෙතරම් ගැඹුරින් කිදාබැස ඇත්තේ. 

... more

Pages: « 1 2 3 4 5 ... » »»