User blogs

Ibnu Saheer

මෑත කාලීනව ශ්‍රී ලාංකීය සමාජය තුල මුස්ලීම්වරුන් සම්බන්ධයෙන් නිතර සංවාදයට බඳුන් වන මාතෘකාවක් බවට ‘තව්හීද්‘ යන්න පත්ව ඇත. මුස්ලීම් නොවන පාර්ශවයන් වත්මන් ශ්‍රී ලාංකීය මුස්ලීම් සමාජය විවේචනය කිරීමේ දී නිතර මෙම වදන භාවිතා කිරීම දක්නට ලැබේ. එපමණක් නොව මුස්ලීම් සමාජයේ ද අතිබහුතරයක් විවිධ සංවිධාන සංගම් සමිති ගොඩනැඟීමේ දී මෙම (**TJ (Tawhid Jamath)යනාදී… ලෙස) නම් භාවිතා කිරීම දක්නට ලැබේ. මෙවන් පසුබිමක ශ්‍රී ලාංකීය මුස්ලීම් සමාජය මෙම වදන පදනම් කරගෙන නිසි අවබෝධයකින් තොරව විවේචන හා ගැරහීම් කරන පිරිසට මේ වදන පිලිබදව නිසි අවබෝධයක් ලබාදීම කලයුතුව ඇත. ඒ අනුව, ප්‍රථමයෙන් මේ වදන් හි අරුත හා එවැනි වදන් මුස්ලීම් සමාජය තුල භාවිතා වීමට මූලික වූ හේතු පිලිබදව සමස්ථ ශ්‍රී ලාංකීය සමාජයට කිසියම් අවබෝධයක් මෙම ලිපිය තුලින් ලබාදීමට අදහස් කරමි. 


... more

Ibnu Saheer

අද දින මෙම ලිපිය තුලින් කථාකිරීමට අදහස් කරන්නේ මිනිසා තම ආයු කාලයෙන් 1/3 ක්ම ගෙවාදමන නින්ද පිලිබදවයි. නින්ද මිනිස් ජීවිතයට කොතරම් අත්‍යඅවශ්‍ය අංගයක් ද යන්නෙහි කිසිවෙකුටත් විවාදයක් පැවතිය නොහැක. එක් දිනයක් එසේත් නැත්නම් දිනෙන් කොටසක් නොනිදා සිටින කෙනෙකු කොතරම් අවුල් සහතගව හා අපහසුව එම දවස ගෙවාදමන්නේ ද යන්න අප අත්දැකීමෙන්ම හොදින් දන්නා කාරණයකි. කායික හා මානසික සුවයට නින්ද කොතරම් දුරකට අත්‍යඅවශ්‍ය කාරණයක් ද යන්න නූතන වෛද්‍ය විද්‍යාව පවා පැහැදිලි කරයි. මෙහිදී නින්ද තරමට ම එම නින්දේ ඉරියව්ව ද ඉතාම වැදගත් යන්න නූතන වෛද්‍ය විද්‍යා වේ පිලිගැනීමයි. නූතන වෛද්‍ය විද්‍යාව මෑතක අනාවර්ණය කොට පවසන මෙම කාරණයන් මීට වසර 1400 කට පෙර ඉස්ලාම් දහම ද අවදාරණය කර තිබීම මෙහිදී බුද්ධිමත් විමසුමකට ලක් කලයුතු කාරණයකි. මේ විමසා බැලීම ඒ පිලිබදවයි.   

... more

ibnujameel

වුඵෑ නැමැති දෝවනය

සලාතය ඉටුකිරීමට  පෙර සමහරක් අවයව සෝදා පවිත‍්‍ර කරගැනීම අනිවාරය වේ. මෙම පවිත‍්‍රතාවය වුඵෑ යනුවෙන් හඳුන්වනු ලැබේ. වුඵෑ නැමැති පවිත‍්‍රතවයෙන් තොරව ඉටුකරනු ලබන සලාතය පිළිගනු නොලැබේ. සලාතය සඳහා වුඵෑ අවශ්‍ය බව අල්කුර්ආනයේ 5:6දේව වැකිය මගින් අණ කර ඇත. සහීහුල් බුහාරී ග‍්‍රන්ථයේ 135හදීසයෙන් ද සලාතය සඳහා වුඵෑ අනිවාර්ය බව අපට වටහාගත හැක.

ජලය

ඇල දොල ගංගා පොකුණු වැවි ආදියෙහි ජලයද වැසි ජලයද වුඵෑ කිරීම සඳහා භාවිතා කළ හැක. එසේම මුහුදු ජලය, වරක් භාවිතා කරන ලද ජලය, කෙනෙක් වුඵෑ කර ඉතිරි වූ ජලය ආදියේද වුඵෑ කිරීමට කුර්ආනයේ හෝ හදීස්වල කිසිඳු තහන්චියක් නැත. නිවසේ ඇති කරන බලළා කුකුලා වැනි සතුන් හා කපුටා බට්ටිච්චා වැනි සතන් පානය කර ඉතිරි වූ ජලයෙන්ද වුඵෑ කිරීමෙහි වරදක් නොමැත.(බල්ලා පානය කළ ජලයෙන් වුඵෑ කිරීමට අවසර නැත. එසේම සූර්ය රශ්නයට උණු වූ ජලයෙන්ද උණුවතුරෙන් වූඵෑ කළ හැකිය.

නිවසේදී වුඵෑ කිරීම

නිවසේදී වුඵෑ කිරීමට හැකි අය එසේ කරගෙන සලාතය සඳහා දේවස්ථානයට පිටත් වීම දේවස්ථානයේදී වුඵෑ කිරීමට වඩා උතුම් වූ ක‍්‍රියාවකි. කෙනෙක් වුඵෑ කරගෙන දේවස්ථානයට යන විට ඔහු ගමන් කිරීම පවා නැමදුමක් වේ.(බුහාරී 477)... more

ibnujameel

සලාතයට ආදර්ශය වන්නේ නබි (සල්) තුමාණන්ය.

 

එකම ගමක එකම දේවස්ථනයක සලාතය ඉටුකරන කිහිපදෙනෙක් ගැන අවධානය කළහොත් කෙනෙකුගේ සලාතයත් තවත් කෙනෙකුගේ සලාතයත් අතර විශාල වෙනසක් දැකිය හැක. නබි (සල්) තුමාණන් පෙන්වා දුන් ආකාරය ගැන නොදැනුවත් කම මෙයට හේතුවයි. බුහාරි ග‍්‍රන්ථයේ 631වන හදීසයේ මෙසේ සඳහන් වේ.

صَلُّوا كَمَا رَأَيْتُمُونِي أُصَلِّي

මම සලාතය ඉටුකිරීම ඔබ දුටුවේ කෙසේද එසේම ඔබත් සලාතය ඉටුකරන්නයැයි නබි (සල්) තුමාණෝ ප‍්‍රකාශ කර ඇත. (http://sunnah.com/bukhari/78/39)... more

Saifullahil Maslool

Narrated Hudhaifa bin Al-Yaman:

The people used to ask Allah's Messenger (ﷺ) about good, but I used to ask him about evil for fear that it might overtake me. Once I said, "O Allah's Messenger (ﷺ)! We were in ignorance and in evil and Allah has bestowed upon us the present good; will there by any evil after this good?" He said, "Yes." I asked, "Will there be good after that evil?" He said, "Yes, but it would be tained with Dakhan (i.e. Little evil)." I asked, "What will its Dakhan be?" He said, "There will be some people who will lead (people) according to principles other than my tradition. You will see their actions and disapprove of them." I said, "Will there by any evil after that good?" He said, "Yes, there will be some ... more

ibnujameel

اللَّهُمَّ لَكَ الْحَمْدُ، أَنْتَ نُورُ السَّمَوَاتِ وَالأَرْضِ وَمَنْ فِيهِنَّ، وَلَكَ الْحَمْدُ أَنْتَ قَيِّمُ السَّمَوَاتِ وَالأَرْضِ وَمَنْ فِيهِنَّ، وَلَكَ الْحَمْدُ، أَنْتَ الْحَقُّ وَوَعْدُكَ حَقٌّ، وَقَوْلُكَ حَقٌّ، وَلِقَاؤُكَ حَقٌّ، وَالْجَنَّةُ حَقٌّ، وَالنَّارُ حَقٌّ، وَالسَّاعَةُ حَقٌّ، وَالنَّبِيُّونَ حَقٌّ، وَمُحَمَّدٌ حَقٌّ، اللَّهُمَّ لَكَ أَسْلَمْتُ وَعَلَيْكَ تَوَكَّلْتُ وَبِكَ آمَنْتُ، وَإِلَيْكَ أَنَبْتُ، وَبِكَ خَاصَمْتُ، وَإِلَيْكَ حَاكَمْتُ، فَاغْفِرْ لِي مَا قَدَّمْتُ وَمَا أَخَّرْتُ، وَمَا أَسْرَرْتُ، وَمَا أَعْلَنْتُ، أَنْتَ الْمُقَدِّمُ وَأَنْتَ الْمُؤَخِّرُ لاَ إِلَهَ إِلاَّ أَنْتَ ـ أَوْ ـ لاَ إِلَهَ غَيْرُكَ ‏”‏‏.‏

උච්චාරණය -තහජ්ජද් අල්ලාහුම්ම ලකල්හම්දු අන්ත නූරුස්සමාවාති වල් අර්දි වර්දි වමන් ෆීහින්න වලකල් හම්දු , අන්ත කයියිමුස්සමාවාති වල් අර්දි වමන් ෆීහින්න වලකල් හම්දු, අන්තල් හක්කු වව:දුකල් හක්කු ව කවුලුකල් හක්කු, වලිකාඋකල් හක්කු වල් ජන්නතු හක්කුන් වන්නාරු හක්කුන් වස්සාඅතු හක්කුන් වන් නබීයූන හක්කුන් ව මුහම්මදුන් හක්කුන් අල්ලාහුම්ම ලක අස්ලම්තු වඅලෛක තවක්කල්තු වබික ආමන්තු වඉලෛක අනබ්තු වබික හාසම්තු වඉලෛක හාකම්තු ෆග්‍ෆිර්ලී මා කද්දම්තු වමා අහ්හර්තු වමා අ:ලන්තු අන්තල් මුකද්දිමු වඅන්තල් මුඅහ්හිරු ලා ඉලාහ ඉල්ලා අන්ත

 ... more

ibnujameel

اللهُمَّ إِنِّي عَبْدُكَ، وَابْنُ عَبْدِكَ، ابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فِيَّ حُكْمُكَ، عَدْلٌ فِيَّ قَضَاؤُكَ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ، سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ أَنْزَلْتَهُ فِي كِتَابِكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ فِي عِلْمِ الْغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ الْقُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجِلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي

උච්චාරණය - අල්ලාහුම්මඉන්නී අබ්දුක වබ්නු අබ්දික ඉබ්නු අමතික නාසියතී බියෙදික මාලින් ෆීය හුක්මුක අද්ලුන් ෆීය කලාඋක අස්අලුක බිකුල්ලිස්මින් හුව ලක සම්මයිත බිහී නෆ්සක අවු අන්ස(z)ල්තහූ ෆී කිතාබික අවු අල්ලම්තහූ අහදන් මින් හල්කික අවිස්ත:සර්ත බිහී ෆී ඉල්මිල් ගයිබි ඉන්දක අන් තජ්අලල් කුර්ආන රබීඅ කල්බී වනූර සද්රී වජලාඅ හුස්(z)නී ව ස(z)හාබ හම්මී.

... more

Pages: «« « ... 2 3 4 5 6 ... » »»

Help

සමාජ සත්කාර සේවා
ඔබේ සදකාවන් ලබාදෙන්න...
යහමග පැරණි අඩවියට
ශ්‍රී-කුර්ආන් ශුද්ධ වූ අඩවිය

Racism

ජාතිවාදී ප්‍රහාර