ජුම්මා දේශනය හෙවත් ශුද්ධ වූ වේදිකාව අවභාවිතය – සමාජ විමසුමට
ලොවපුරා වෙසෙන මුස්ලීම් සමාජය සිකුරාදා දිනය සලකන්නේ ශුද්ධ වූ දිනයක් ලෙසයි. එය එක්තරා ආකාරයක උත්සව දිනයක් යයි පැවසුවත් එය වරදක් නොවේ. සතියේ අනිකුත් දිනයන්ට වඩා එදින මුස්ලීම්වරුන්ගේ දෛනික කටයුතු තරමක් වෙනස් ආකාරයක් ගනී. එදින මුස්ලීම්වරුන් ස්නානය කොට පිරිසිදු වී අළුත් ඇදුමක් එසේත් නැත්නම් තිබෙන ඇදුම්වලින් හොද ඇදුමක් පැලද සුවඳ විලවුන් තවරාගෙන පල්ලියට යෑම සාමාන්‍ය සිරිතකි. […]