කාලීන ගවේෂණ සහජීවනය සියළු ලිපි හදීස්

ඉස්ලාම් පෙන්වාදෙන "සලාමය" මුස්ලීම්වරුන් සදහා පමණක්ද?

පසුගිය දිනක යහමඟ අඩවියට “මුස්ලීම් නොවන පිරිසට සලාම් (ඉස්ලාමීය ක්‍රමයට සුභ පැතීම) කළ හැකිද?” යනුවෙන් යොමු කොට තිබූ ප්‍රශ්නයක් දැකීමෙන් අනතුරුව එහි දී මතු කරන කාරණය මුල් කරගෙන එම විෂය පිළිබඳව තරමක් ගැඹුරින් මෙහි දී විමසා බැලීමට අදහස් කළෙමි. මෙම විෂය පිළිබඳව තරමක් ගැඹුරින් විමසා බැලීමට ඉහත හේතුවට අමතරව තවත් හේතුවක් ද ඇත. ඒ මුස්ලීම් […]

ඉස්ලාමීය විමසුම් කාලීන මුස්ලීම් අවදානයට සමයාන්තර සියළු ලිපි සුවිශේෂී දින

ජාතික සිරකරු දිනය හා ඉස්ලාමීය නීති

ඉස්ලාම් දහමට එරෙහිව එල්ල කරන විවිධ චෝදනාවන් අතර ඉස්ලාමීය දණ්ඩ නීති වලට ද එල්ල වන්නේ ප්‍රබල චෝදනාවකි. මේ හේතුව නිසාම මෙම විෂය පිළිබඳව කරුණු කිහිපයක් ඔබගේ අවධානයට යොමු කිරීමට අදහස් කරමි. ඒ මෙම විෂය පිළිබඳව කථා කිරීමට සුදුසුම කාල වකවානුව මෙය වන නිසා ය. මන්ද සැප්තැම්බර් 12 දින “ජාතික සිරකරු (සොරුන්, ඝාතකයන් හා ස්ත්‍රී දූෂකයන්… […]

ඉස්ලාමීය විමසුම් කාලීන සංවාද මුස්ලීම් අවදානයට සියළු ලිපි සුවිශේෂී දින

නව වසරක උදාව හා ඉස්ලාමීය දින දර්ශනය

වසරක් ගෙවී ගොස් නව වසරක උදාවෙහි සිටින මේ මොහොතේ, කවදත් කාලීන මාතෘකාවන් කථා කරන යහමග වෙබ් අඩවිය අදත් “ඉස්ලාමීය දින දර්ශනය හා නව වසරක උදාව” යන මාතෘකා ඔස්සේ කරුණු කිහිපයක් ඔබේ අවදානයට ගෙන ඒමට අදහස් කරමි. එහිදී  ‘ඉස්ලාමීය නව වසර යනු කුමක්ද?’ යන්නත්, එහි උදාව සිදු වන්නේ කෙසේ ද? යන්නත්, ඒවා නිර්ණය කරනු ලබන්නේ කුමක් පදනම් […]

ඉස්ලාමීය විමසුම් වක්තෘ හෙවත් නබිවරු සියළු ලිපි හජ්

බක්කාවේ පිහිටා ඇති ලොව ප්‍රථම දෙව් මැදුර

ඉස්ලාම් දහම මුස්ලිම්වරයෙකු හට අනිවාර්ය යුතුකම් 05 ක් අවධාරනය කරයි. ඒ අතුරින් එකක් නම් “හජ්” වන්දනයයි. ඉස්ලාමීය දින දර්ශනයට අනුව “දුල්හජ්” මාසයේ (සම්මත දින දර්ශනය අනුව 2011 වර්ෂයේ එම මාසය ලබන්නේ ඔක්තොම්බර් මස අග භාගයේදී ය.) මෙම හජ් වන්දනය ඇරඹෙන අතර එහි දී සිදු කෙරෙන්නේ ලොව පුරා වෙසෙන මුස්ලිම්වරුන් (ඉස්ලාම් නියම කර ඇති) නියමිත දින […]

ඉස්ලාමීය විමසුම් වක්තෘ හෙවත් නබිවරු වක්තෘවරුන් සියළු ලිපි හජ්

හජ් වන්දනය හා නබි ඉබ්බ්‍රාහීම් (අලෛ) තුමා

මුස්ලීම් සමාජයට වැදගත් වූ මාසයක් ඉදිරි දින කිහිපය තුල උදාවීමට නියමිතය. ඉස්ලාමීය දින දර්ශනයට අනුව “දුල්හජ්” නම් එම මාසය (2011 ඔක්තෝබර් මසයේ) ආරම්භ වීමට නියමිත වන අතර එය ඉස්ලාමීය දින දර්ශනයට අනුව වර්ෂයේ අවසාන මාසය වේ. වර්ෂයක් පාසා මෙම මාසයේ උදාවත් සමඟ එහි මහිමය හා එම මාසයේ මුස්ලීම්වරුන් කෙරෙහි අනිවාර්ය යුතුකමක් වූ හජ් වන්දනය පිළිබඳව […]

ඉස්ලාමීය විමසුම් ශුද්ධ වු කුර්ආන් සමයාන්තර සියළු ලිපි

ශුද්ධ වූ කුර්ආනය සිංහල භාෂා උච්චාරණය

යහමඟ අඩවිය නරඹන බොහෝ (නව මුස්ලීම්) පාඨක පිරිස් කරන ඉල්ලීමක් වන්නේ තමන් හට අරාබි භාෂාව නිසි ලෙස කියවීමට නොහැකි නිසා ශුද්ධ වූ කුර්ආන් පාඨයන් සිංහල භාෂාවෙන් ලබා දෙන ලෙසයි. මෙහිදී පාඨක ප්‍රජාවට මුලින්ම පැවසීමට ඇත්තේ එම ඉල්ලීම 100% නිවැරදි ආකාරයට ඉටුකල නොහැකි එය ප්‍රායෝගික නොවන කාරණයක් බවයි. මන්ද එක් භාෂාවක් තවත් භාෂාවකින් ලිවීමේදී එම භාෂාවට […]

ශුද්ධ වු කුර්ආන් සියළු ලිපි

ඔබ අවදියෙන් ද? අවබෝධයෙන් ද?

දහමක හෝ දර්ශනයක එහි මූලාශ‍්‍රයන් එනම් ඉගෙන්වීමන් ආරම්භයේ සිට ආරක්‍ෂා වීමත් එය මුල් භාෂාවෙන් පැවතීමත් අත්‍යාවශ්‍ය මෙන්ම තීරණාත්මක සාධකයන් වේ. මන්ද පරිවර්තනයන් සිදු කිරීමේ දී පරිවර්තනය කරන පුද්ගලයාගේ මානසික තත්වය, ඔහු ජීවත්වන පරිසරය, ඔහුගේ භාෂා නිපුණතාවය, ඔහු එම විෂය කෙරෙහි දක්වන උනන්දුව, එම විෂය කෙරෙහි ඔහුට තිබෙන දැනුම… යනාදී කාරණයන් මත 100% ක් නිවැරදි පරිවර්තනයක් […]

ඉස්ලාමීය විමසුම් සමයාන්තර සහජීවනය සියළු ලිපි

පිවිතුරු දහමක අවශ්‍යතාවය හා අද පවතින ආගම්

අද ලොව පවතින ආගම් හි වලංගුභාවය හා පාරිශුද්ධභාවය පිළිබඳව එහි අනුගාමිකයන් අතර ඇත්තේ ප්‍රබල උණුසුම් සංවාදයන් හා විවාදයන් ය. මෙම කතිකාව තුල විවිධ ආගම් විවේචනය වීමත්, අපහාසයට ලක් වීමත් අඩු වැඩි වශයෙන් දක්නට ද ඇත. නමුත් මේ සියලු ආගම් හි වලංගුභාවය හා පාරිශුද්ධභාවය පිළිබඳව අතීත විමසුමක් සිදු කළේ නම්, එහි ආරක්ෂා වීම පිළිබඳව අර්බුදකාරී ගැටළු ගණනාවක් […]

ඉස්ලාමීය විමසුම් දෙවියන් දේව පූස්තකයන් දේව විශ්වාසය දේවදුතයන් පෙර නියමයන් වක්තෘ හෙවත් නබිවරු වක්තෘවරුන් විනිශ්චය දිනය ශුද්ධ වු කුර්ආන් සියළු ලිපි

ඉස්ලාමීය ප‍්‍රතිපත්ති විග‍්‍රහය

අසීමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ටමය සියලු ප‍්‍රශංසා ගොඩනැගිල්ලක ශක්තිමත් බව රඳා පවතින්නේ එහි අත්තිවාරම මත ය. ගොඩනැගිල්ල ශක්තිමත් වන්නේ අත්තිවාරම ශක්තිමත් නම් පමණි. අත්තිවාරම හොඳ නැත්නම් එම ගොඩනැගිල්ල කඩා බිඳ වැටෙනු ඇත. ඉස්ලාම්හි අත්තිවාරම එහි ඒක දේව ප‍්‍රතිපත්තියයි. මෙම ඒක දේව ප‍්‍රතිපත්තිය නිවැරදි වුයේ නම් පමණි, අනිකුත් කටයුතු හා නැමදුම් දෙවි විසින් පිළිගනු ලබන්නේ. ඒක […]

ශුද්ධ වු කුර්ආන් සියළු ලිපි

ශුද්ධ වූ ග‍්‍රන්ථ හා එහි වලංගුභාවය

මනුෂ්‍යා අතීතයේ පටන් සාමූහිකත්වය පි‍්‍රය කළත් ඔවුන්ගේ අදහස් උදහස් සිතුම් පැතුම් දැනුම මිනුම විවිධ වූ නිසා ඔවුන් අතර විවිධ වූ මතවාදයන් හා මත ගැටළු නිර්මාණය වන්නට විය. මේ නිසා ඔවුන් සඳහා නීතියක, මාර්ගයක හා මගපෙන්වීමක අවශ්‍යතාවය ද සමාජය තුල ඇති විය. ඒ අනුව විවිධ විශ්වාසයන් හා මතවාදයන් පදනම් කරගත් සමාජ සම්ප‍්‍රදායන්, දේව නියෝගයන්, මිත්‍යාමතයන්, මන:කල්පිතයන්, […]

ශුද්ධ වු කුර්ආන් සියළු ලිපි හදීස්

ඉස්ලාම් දහමේ මූලාශ්‍රයන් කුමක්ද?

මෙම ලිපිය තුලින් කථා කිරීමට අදහස් කරන්නේ “ඉස්ලම් ආගමේ මූලාශ්‍රයන් කුමක්ද?” යන්නයි. මේ කාරණය කෙරෙහි නිසි අවබෝධයක් නොමැති පිරිස් ඉස්ලාම් නමින් විවිධ කරැණු ඉදිරිපත් කරමින් හා මුස්ලීම් සමාජයේ ක්‍රියා කලාපයන් නිරීක්ෂණය කරමින් ඒවා පදනම් කරගෙන ඉස්ලාම් දහම විවේචනය කරන්න පෙළඹි සිටී. මෙයට සරල නිදසුනක් පවසන්නේ නම් 2010.05.20 දින “රන් FM” ගුවන්විදුලි මාධ්‍ය ඔස්සේ එහි නිවේදකයා “ඉස්ලාම් දහමේ ආරම්භයේ පුරුෂයාට විවාහ 07ක් කලහැකි බවට තිබුණු අතර එය පසු කාලීනව 04ක් බවට සංශෝධනය කරන ලදී” යයි පවසන ලදී. මෙම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය එසේම බරපතල වූ ප්‍රකාශයකි. (ඒ පිලිබදව සවිස්ථරව ඉදිරියේ දී කථා කරමි) මෙවැනි ප්‍රකාශනයන් සිදුවීමට ආගමික ඉගෙන්වීමන් මෙන්ම එම ඉගෙන්වීමන් ලබාගත හැකි තැන් පිලිබදව තිබෙන අනවබෝධය ද ප්‍රධාන හේතුවකි. ශ්‍රී ලංකාව බහු ආගමික රටක් ලෙස මේ කෙරෙහි සමාජය දැනුවත් කිරීම මුස්ලීම් ප්‍රජාවගේ කාලීන වගකීමකි. එම වගකීම අවබෝධ කරගත් යහමඟ අප ඉහත කාරණය කෙරෙහි ඔබේ අවධානය යොමු කරමූ.